tag:blogger.com,1999:blog-25273656187827112552024-02-19T04:33:03.870-08:00ගුරුවරියකගේ මතකයගුරුවරියකගේ මතකයhttp://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.comBlogger67125tag:blogger.com,1999:blog-2527365618782711255.post-3480445677946900522018-03-22T23:05:00.001-07:002018-03-22T23:05:37.313-07:00අනන්යතාව හෙළි නොකර කතාවක්

සමහර ජිවිත පාවෙනවා ⁣විතරයි. පැවැත්මක් නෑ. මට එහෙම හිතුණෙ හුළංතලා මල් වල කෝළම් දැකල. කාලෙකින් මුණ ගැ⁣හුණ අම්මයි අම්මගෙ ලොකුම අක්කගෙ අම්මා වයසෙම අක්කයි අවුරුදු ගාණක කතාවක් . ඒ කතාවට හවුල් වෙන්න නොදන්නකමත් කම්මැළිකමත් නිසාම මම හුළං රැල්ලට ගහගෙන යන මල් අල්ලන්න ඔට්ටු වුනා.

" ටීචත් පොඩි එකෙක් වගෙ සෙල්ලමට වැටිල.."

මම හැරිල බැලුවෙ මාව ගුරුවරියක් විදිහට නොහඳුනන පළාතක මට ටීච

කීවෙ කව්ද බලන්න . පුරුදු ඇස් දෙකක් නුපුරුදු මූණක මගෙ ඉස්සරහ තිබුණා.

" ඇදින්නෙ නෑ වගෙයි"

"ඇඳුනුවා.. ඒත් මෙච්චර වෙනසක්.. අක්කා "

අපි පුංචි කාලෙ ආශාවෙන් බලා හිටිය ශ්‍රිදේවි වගෙ ඇස් දෙක. ඩික්සිත් ගෙ කොණ්ඩේ විලාසිතාව .. වල ගැහෙන කම්මුල පෙන්වන්නම මවන හිනාව. .. පොඩිකමටත් අපි ඉරිසියා කරපු ඒ රුව රේණු අක්කා . අවුරුදු ගාණකට පස්සෙ හමුවුන තැන හඳුනාගත නොහැකි තරම් රුව දිරා ගිය හැඩ.

" වෙනසක් නෙවෙයි.. දිරල.. වයසට ගිහින් .. මම මේ පහලින් යද්දී දැක්කෙ ඇවිත් ඉන්නවා .. කෝ මහත්තයා.. දකින්න ආසයි..බැන්ද කීවට ආව එකක්යැ මෙහෙ"

" වෙලාව අඩුයි අක්කෙ.. මහත්තයා ආවේ නෑ. එයා ගමේ ගිහින් .මේත් අම්මා බැනල එක්ක ආවේ.. "

රේණු අක්කා ඉස්සර වගෙ ආඩම්බර පෙන්වන ඩ්ම්පල් එක පේන්න හිනාවුනෙ නෑ. තිබුණෙ තොල් අතර ඉරක්.

"ආවේ නැතුවට මොකද නංගි..සතුටින් කොහෙ හරි ඉන්නවා නම්.."

"අම්මා .. අම්මා .."

හොටු පෙත්ත තොලටම ආපු හෙලුවැලි පොඩි එකෙක් රේණු අක්කගෙ ඇගේ එතුණා.

"පලයං බං අහකට..."

රේණු අක්කා ගාව තිබුණ කරුණාව හොරු අරන්. මට හිතුණෙ එහෙම. මම පොඩි එකා එක්ක හිනා වුනා. උත්තර හිනාවත් මට හම්බුනා. අර ඩිම්පල් එකත් එහෙමම තිබුණා.

"මුංගෙන් වදේ නංගි.. ඇඹලයෝ වගේ ඇලිලාමයි.. "

" පොඩ්ඩද මේ"

" තව එකෙක් ඉන්නවා බාල කෙල්ලක්.. මූ මැද එකා. ලොක්කි ඉස්කෝලේ යනවා දැන් "

" අයියා එතකොට "

"ඌ වෙන ගෑණියෙක් අරගෙන අවුරුද්දකටත් වැඩියි. මම යනවා නංගි . මේ එල්ලෙන්නෙ බඩගින්න ට. මම ආවේ නංගි ඔයා ළමයින්ට පොත් දෙනව කියල ආරංචියට. ඉතිරි තියෙනවා නම් මට ලොක්කිට පොත් ටිකක් ඉල්ල ගන්න බලන්න . පින් අයිති වෙනව නංගි. හිඟා කන්න වෙලා මට. මුං ටික නැත්නම් මම මේ කරුමක්කාර ජිවිතේ නැති කරගෙන. "

" පොත් තියෙනවා අක්කෙ .. මම ගෙනත් දෙන්න ම්. මොනවත් හිතන්නෙ නැත්නම් ඇඳුම් ටිකක් තියෙනවා පාවිච්චි කරපු. ඒත් හොඳ. ගෙනත් දෙන්නද.."

මම එහෙම ඇහුවෙ අපේ මිඩ්වයිෆ් ⁣ඉනෝ නෝනා මට දීපු රෙදි තොගය මතක් වෙලා.

රේණු අක්කා හිනාවුනාද ඇඩුවද කියල මට නිච්චි නෑ. ඒත් ඒ බැල්ම මම තේරුම් කළා ඒක කොයිතරම් උදව්වක් ද කියල.

රේණු අක්කා පොඩි එකා කිහිලි ගන්නාගෙන පල්ලම් බැස්සා. මම ආපහු ගේ දිහාවට හැරුණා. එතකො⁣ටවත් අම්මලාගෙ කතාව ඉවර වෙලා නෑ.

" රේණු අක්කා හම්බුනා... පව්"

මම අම්මා ළග පුටුව ඇදල ගත්තා.

" අපෝ අපි නම් කතා කරන්නෙ නෑ..ඔය ගෑණි එච්චර හොඳ නෑ නංගි.. මොන එහෙකට කතාවට වැටුණද"

අක්කා තරවටු හඩෙන් මට කැගැහුවා.

"හේතුව"

" ගමේම බඩුව නේ.. "

ඒ හඩෙ තිබුණෙ සරදමක්.

" රේණු අක්කා ඉස්සරත් එහෙමද.. මං කීවේ මහත්තයා ඉන්න කාලෙත්"

" එහෙම නම් නෑ. නංගි .. මොනා වුනත් ඒ කාලේ ඕකී හොදට හිටියා. දරුවො ටිකට කන්න දෙන්න වෙන්න ඇති. කුලියකට යන්න කියලත් කොහොමද .. කවුරු ගාව දරුවො දාන්නද.."

" ගෑණිම වැරදි නෑ අක්කෙ. අසරණ කළෙත් පිරිමියෙක්. අසරණ කම ප්‍රයෝජනයට ගන්නෙත් පිරිමි. අන්තිමට ගෑණි බඩුව..ගෑණු අපිම තූ කියල කෙළ ගහනවා. ඒත් ඒ අම්මෙක්...අක්කෙ..දරුවන්ගෙ බඩකට නිවන "

(නම් පමණක් මනකල්පිතයි)

ගුරුවරියකගේ මතකයhttp://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.com11tag:blogger.com,1999:blog-2527365618782711255.post-88398828530697511522018-01-26T22:23:00.001-08:002018-01-26T22:23:50.815-08:00ආදරය
ආදරය

ඒ මට දවසටම හිමි නිදහස් කාලජ්ජේදයය. මම දුරකථනය ගෙන තිරය එහාට මෙහාට කරමින් උන්නෙමි. හිරුණි කාමරයට පැමිණි ම සාමාන්‍ය සිද්ධියක් වන්නෙ කාලච්ඡේදය ක් මාරුවෙදී, ඇය හා ඇගේ යෙහෙළිය වසුන්දරා මගේ කාමරයට එබීම පාසල් කාලයේ අනිවාර්යය අංගයක්ව තිබු නිසාය.

" ටීච.. මේ.."

" මොනවද.."

" මොනවත් නෙවෙයි ටීච.. අහන්නකො"

මම හිස එසවුවෙමි. සුපුරුදු කොලොප්පම පටන් ගෙන තිබුණි.

" මොකක්ද "

" ටීච පැනල ගියාම මොකද වෙන්නෙ.."

මගේ ඉවසීමේ රතු ඉර පන්නවාගෙන ගුටියක් , බැනුමක් නොකා නොඅසා දවස ගෙවා ගන්න මොවුන්ට බැරි හැඩය. මම ඒ බව නොපෙන්වා ඉවත බලා ගත්තෙමි.

" ටීච.. කියන්නකො ටීච.."

" ක්ලාස් එකට යනවද .. අදාළ ටීච දැන් හොයනවා ඇති..යනවා ඉතිං.. මට වදයක් නොවී මෝඩ ප්‍රශ්න නාහා"

" ඕකනෙ කියන්නෙ.. ටීචට තේරෙන්නෙ නෑනේ මේ ප්‍රශ්නය මොකක්ද කියල.."

" පැනල ගියාම මොනවද වෙන්නෙ. .. මැරුණ වගෙ තමයි.. මොකෝ බොලාට රස්සාව ක් තියෙනවා ද.. ටික දවසක පැණි රස වගෙ දැනෙයි. පස්සෙ වහ කඳුරු වෙයි.. කාලකණ්ණි වෙනවා..දැන් යනවද.."

පැන යාම පිළිබඳ විටෙන් විට ඇසු සිද්ධි කිහිපයක් නිසා හිරුණි මේ ගැන විමසන බවක් මම සිතුවද ඇය කාමරයෙන් පිටව නොගොස් මා වෙතම රැදි උන්නාය.

" මොකෝ....."

" නෑ.. නෑ ටීච.. මොකුත් නෑ...ටීච ගෙ ෆෝන් එකෙ මොකක්ද එබුණ වගේ.. "

මම මගෙ පාස්වර්ඩ් පැට්නය දුරකථනයෙන් සටහන් කළෙමි. කිසිම වෙනසක් එහි තිබුණෙ නැත. මම හිරුණි දිහා බලන විටද ඇය උන්නෙ දුරකථනයේය.

" මොකද.. මොකුත් නෑනේ.. දැන් යන්න පංතියට.. "

" යන්න ඕන ටීච. . මේ.. යන්න හදන්නෙ මං... මට ගෙදරට කෝල් එකක් ගන්නත් ඕන ටීච..."

" ඒ මොකටද.. පණිවිඩයක් තියෙනවා ද.. මම කියන්න ම්... කියන්න "

" ටීච ට කියල බෑ.. ෆොන් එක දෙනවද.."

" පණිවිඩය මට කියන්න ... බැරි නම් බෑ"

හිරුණිගෙ චර්යාවේ යම් වෙනසක් දුටු මම කෝල් රෙකොඩින් දමා දුරකථනය ඇයට පෙනෙන්නට තබා කාමරයෙන් පිටතට ගියෙමි.

ටික වෙලාවකින් යළි කාමරයට කඩා වැදුනෙමි. මා හිතුවා හරිය. ඇය උන්නෙ ඇමතුමකය. මම දුරකථනය ගෙන රෙකොඩ් වු ඇමතුම ඇසුවෙමි. පැන යන්න ට සුදානම් ව උන්නෙ වසුන්දරාය. හිරුණි එසේ නොකරන ලෙස ඇගෙන් බෑගැපත් වන හඬ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය මතක් කර දෙන තරමට සංවේදි විය.

" මම වසුන්දරා ට කතා කරන්නම් හිරු.. ඔයා දැන් පංතියට යන්න"

" ෂුවර් නෙ ටීච.."

" ඔව් ඔව්"

මම දුරකථනයෙන් වසුන්දරා ගෙ අංකය ට ඇමතුමක් ගතිමි.

" කියපං..."

" මොනවද කියන්න ඕන පුතේ.. මම හිරුණි නෙවෙයි"

"ටීච......"

" ඔව්... ඔක්කොම දන්නවා ... ඔය ගමන යන්න එපා..."

මම බොහෝ කරුණු ඇයට කීවෙමි. ඇය හුමිටි තිබ්බා පමණය.

අවසානයේ " යනවාද.."

මා ඇසු ප්‍රශ්නයට ඇය නෑ කීවා පමණි. දවසේ ඉතිරි කාලය ගතවුවෙත් ඉබි ගමනින් බැවින් උදේ සිද්ධිය අමතක ව තිබුණි. පාසැල නිමවී පිළිකා රෝගයෙන් අසනීප වු ඥාතියකු බැලීමට මමත් , මගේ සැමියාත් , අම්මාත් පිටත් වුයේ පාස් නොමැති නිසාම ශ්‍යාමලී සොයුරිය හරහා උදව්වක් ලබන අටියෙනි. නෙළුව පල්ලම බසින්නට වූයේ නැත. ඇමතුමක් ආ නිසා මම දුරකථනය අතට ගතිමි.

" ටිච... ටීච.. වසුන්දරා ගියා.... දෙ⁣කයි කාලෙ... මම නවත්වන්න හැදුවා... මට බැරිවුනා.. මම ගෙදරම ආව දුවගෙන.... ටීචට ගන්න... අනෙ ටීච නවත්වන්න ... එයාව"

අඩමින්ම හිරුණි කෑ ගැහුවා මට ඇහුනෙ යාන්තමට.

වෙලාව අනුව වසුන්දරා ගිය බස් රථය මේ වන විට නගරයට ආසන්නයේ තිබිය යුතු යැයි මම උපකල්පනය කළෙමි. අප ද සිටියේ ඊට ප්‍රතිවිරුද්ධ ව ඈතය. බස් රථයේ සිටිවි යැයි සිතු ගුරුවරියන් කිහිප දෙනෙකුටම කතා කළද කිසිවෙකුත් පිළිතුරු නොදුන් බැවින් මා උන්නෙ කලබලයෙනි. අවසානයේ එක ගුරුවරියක් සම්බන්ධ කර ගන්නට වාසනාව ලද අතර වසුන්දරා බස් රථයෙ උන් බව සැක හැර දැන ගතිමි. ඇයට යාමට නොදෙන ලෙස මම වසුන්දරා ගේ නිවසට පණිවිඩය දී ඇයව නිවසට රැගෙන එන ලෙස දැන්විමි.

" දරුවට තරවටු කරන්න එපා...." අම්මා ට කිහිප වරක් මම අවවාද කළේ දරුවන් ගේ හිතුවක්කාරකම් හොදටම දන්නා නිසාය.

" නංගි.. අම්මලා දරුවව අරන් ගියා... හැබැයි කෙල්ල හරි දරඳඩුව හිටියේ.. ඔයාට යන්න හේතුව කියන්න ම් කීවා...එච්චරයි ... වෙන කතාවක් නෑ.."

වසුන්දරා රදවා ගත් ගුරුවරිය ඇමතුමක් දෙන විටද මම උන්නෙ රෝහලේය.මම ආපසු නිවස බලා නොගොස් කෙළින්ම වසුන්දරා ගේ නිවසට ගියේ ඊට පසුදා සෙනසුරාදා බැවින් ඇයට මා සමග කතා කල යුතු නම් යළි සඳුදා එනතුරු ඇයට බලා සිටින්නට සිදුවන බව සිතුණ නිසාය. මා යන විටද ඇය කාමරයේ හඬමින් සිටියාය..

" වසුන්දරා .... මට ඇත්ත ඕන..."

" රස්සාවකට ගියේ ටීච... "

" කොහෙද..."

" කොළඹ කිවා"

" මොකක්ද රස්සාව "

" දන්නෙ නෑ.."

" කව්ද දෙන්නෙ"

" ට්‍රිප් එකකදි හම්බ වුන යාළුවෙක්"

" එයාව ඊට පස්සෙ හම්බවුනාද"

" නෑ"

" ඇයි යන්න හේතුව "

" අම්මලා ආදරේ නෑ.... මාව එයාලට වදයක් "

"කව්ද කිවේ"

" කිව්වෙ නෑ... දැනුණා"

මම මහ හඬින් සිනාසුනෙමි. ඇය තුරුල් කර ගතිමි.

" උඹ හරි මෝඩියෙක් බං මං වගේම..... උඹ දන්නවා ද වසුන්දරා මමත් ඒ ලෙවල් කරන කාලෙ ඔහොම හිතුවා. අම්මා තමයි මගෙ හතුරා . මම අම්මා මට බනින වචනයක් ගානෙ දුක පොතක් පිරෙන්න ලිව්වා . ඒක තාම මං ගාව තියෙනවා. ඒත් පුතේ ටික ටික ජිවිතය තේරේන වයසට එනකොට ඒ හැම වචනයකම තිබුණෙ ආදරය විතරයි කියල දැනෙද්දි මට මං ගැනම ලැජ්ජ හිතුණ. පවුලෙ ලොකු දරුව ඉන්නවා නේද..ඔයා මං වගේ. ඒයා තමයි වාසනාවන්තම දරුවා. පවුලේ සුවිශේෂීම දරුවා. ගැහැණියකයෙකුයි පිරිමි⁣යෙකුයි අම්මයි තාත්තයි වෙන්නෙ ඉස්සෙල්ලාම ලොකු දරුවගෙන්.ඊට පස්සෙ කවුරු ආවත්. අපිට වැඩිපුර බනින්නෙ අපට වැඩිපුරම ආදරේ මිනිස්සු."

කෙල්ලගෙ විතරක් නෙවි .අම්මගෙ තාත්තගෙ ඇස්වලත් කදුළු..

පාසල් පද්ධතියට උපදේශන ගුරුවරු අනිවාර්‍ය කරන්න පුළුවන් නම් දරුවො ලක්ෂ ගාණකගේ ජිවිත වලවෙනස්ම කතා ලියැවෙයි. මම එදා දවස නිමා කරන්න ගෙදරට එද්දි සෙනසුරාදා ට එළිවෙලා තිබුණා . සාරි පටියටම කැපුණ පාරවල් වලට වතුර වැටෙද්දි දැණුන වේදනාවට වඩා දරුවෙක්ගෙ ජිවිතය ඉතිරි කළ සතුට හිතේ තිබුණා

ගුරුවරියකගේ මතකයhttp://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.com7tag:blogger.com,1999:blog-2527365618782711255.post-37565445405930282782017-12-23T21:12:00.001-08:002017-12-23T21:12:50.422-08:00අවුරුදු දහයකට එහා කතාවක්

එතකොට මම හිටියෙ ගුරු ජීවිතේ සීමාවාසි අවධියේ..

ඇඹිලිපිටියට ආසන්නයේ පාසලක..

ගෙදරින් එවන රුපියල් තුන්දහෙන් දෙදහස් පන්සීයක් බෝඩිමට ගෙවල ඉතිරි පන්සිය ඉතිරි කර ගන්න හැමදාම ඉස්කෝලේ ට ගියේ පයින් .. බස් යන ප්‍රධාන පාරෙම මම පයින් කිලෝමීටර් හතරක් පයින් යනවා. හවස එනවා.

බෝඩිමේ න් හම්බවුනෙ පොල් සම්⁣බෝලයි රෑ බත් එකයි. .

එකොළහ වෙද්දී ඒ බත් එක නරක් වෙනවා. හැමෝටම හොරෙන් ඒ බත් එක විසි කරන මං දවසම ගෙවන්නෙ බඩගින්නෙ..

ආපහු කෑම ලැබෙන්නෙ රෑට.

ඒ ඉස්කෝලේ හිටිය නියෝජ්‍ය විදුහල්පති ස්වාමීන් වහන්සේ නමක්.

උන්වහන්සේ දවසක් මගේ කාමරයට වැඩම කරනවා.

"නෝනෙ .. මෙහෙ සිරිතක් තියෙනවා හැමෝම එකට කෑම කන. ඔබතුමී විතරයි නොඑන්නෙ.. එහෙම නොවෙන එක හොඳ නෑ. අද ඉඳන් කෑම එක අරන් ස්ටාෆ් රූම් ගියොත් හොදයි ඉන්ටර්වල් එකට."

ඒක අණක්. ඒත් කෑම එක දිග අරින්න ඒ වගෙ තැනක බෑ කියල මම දැනං හිටියා. මම ඒ අණ කඩ කළේ ඒ නිසා.

පහුවෙනිදාත් උන්වහන්සේ පරිගණක කාමරයට වැඩම කළා. අවසරයකින් තොරවම මගේ කෑම එක අතට ගත්තා. මම කිසිත් කර ගත නොහැකිව ඇස් පාත් කරගෙන උන්නා.

සමහරවිට මගේ ඇස්වල කඳුළු තියෙන්නෙ ඇති.

උන්වහන්සේ කෑම එක එහෙමම තියල ආපහු වැඩම කළා. පහුවෙනිදා ඉදන් ඒලේවල් පංතියේ හිටිය ඉරෝෂි අතේ මට හාමුදුරුවෝ කෑම එකක් එවල තිබුණා .

දානෙ බත් එකක් . අම්මා මතක් වෙලා ඇඩුණා. මේ සටහන ලියද්දී ත් ඒ බත් එකෙ සුවඳ , රස, පපුව ඉඹිනවා .

ඒ දවස පටන් සම්පූර්ණ අවුරුද්දම උදේට දවල්ට මට දානෙ බත් එක ලැබුණ . ඒක බෙදා ගන්න මට අපූරු යාළුවෙක් ලැබුණ . ඒ ඉරෝ. එතකොට අපි අතර මහ ලොකු වයස් පරතරයක් තිබුණෙ නෑ. පරිගණක කාමරේට එන ඉරෝ මාත් එක්ක ඒ බත් කට බෙදාගෙන කෑවා. එ වෙද්දී කාත් කවුරුවත් නැති තැනක මගෙ එකම සරණ ඉරෝ . උදේට ඉස්කෝලේ ගිය වෙලාවෙ ඉදන් හැම ඔෆ් වෙලාවකම ඉරෝ මාව බලන්න ආවා. ඒ වෙද්දී යුද්ධයේ දරුණුම කාලේ. ළඟින් හිටිය හමුදා සේවයේ උන් ආදරණීයතමයෙක් ගේ සමුගැනීම සිද්ධ වුනෙත් ඒ කියන දවස්වල. නිවාඩුවක් හෝ ලබා ගැනීමට නොහැකි දවස්වල අවසන් මොහොතටවත් සහභාගි විය නොහැකි අවස්ථාවක පාඩම් අධීක්ෂණයටත් ආව දවසක මට කඳුළු වේලන්න සිද්ධ වුනා. පාඩම බැලුවෙත් උසස්පෙළ පංතියක.

"ටීච අද පාඩම හොඳට කළා.."

ඉරෝ ඉස්කෝලේ ඇරුණ ගමන් දුවගෙන ඇවිත් මාව බදා ගත්තා .

"ටීච උගන්වන පින් එයාට ලැබෙයි"

අම්මා කෙනෙක් වගෙ මගෙ හිත හැදුවෙ ඒ කෙල්ල. ඒ දවස් තාම හීන.

ඉරෝට හිටියෙ තාත්තා විතරයි . අම්මා පොඩි කාලෙම මිය ගිහින්. තාත්තා ත් හිටියෙ නිතරම ලෙඩ ගානේ.. පොත් ටික අතෙ ගෙනාවේ. බෑග් එක ක් ගන්න හයියක් ඇයට තිබුණෙ නෑ . ඇයට පිහිට වෙන්න හයිය මට තිබුණෙත් නෑ.

"ටීචට පත්වීම ලැබුණම ඔක්කොම හරියයි"

"එහෙනම් ඉස්සෙල්ලාම එන්නෙ උඹ බලන්න "

" අපෝ එතකොට අමතක වෙයි.. අනික දුරනෙ.."

"ම් බලමුකෝ'

කාලයක් එක්ක මම අවුරුද්දේ අවසානේ ආවා. පත්වීම හම්බවුනේ ඊළග අවුරුද්දේ අග. ඉරෝ ඉදල හිටල මට ලිව්වා. ටවුමකට ගියොත් පහේ කාසි ටිකක් හොයං මට කතා කළා.

දෙසැම්බරයේ නිවාඩුවට මම ඉරෝ බලන්න යන්නෙ ඉස්කෝලේ ට ඕන හැම දෙයක් ම අරගෙන. ඇයට නොකියාම. උසස්පෙළ විභාගෙට ඉතිරි වෙලා තිබුණෙ මාස කිහිපයක් වුනත් ඇයට ඒ ටික වටියි කියන සතුට මට තිබුණා .

ඉස්සෙල්ලාම ගියෙ පංසලට. අවුරුද්ද ක් තිස්සෙ බඩගින්න නිවපු හාමුදුරුවන් වහන්සෙ මුණ ගැහෙන්න. ඒ වෙද්දී උන්වහන්සේ මළ ගෙදරකට වඩින්න සූදානමින් හිටියෙ.

" නෝනත් ආව එහෙනම් "

"ඔව් හාමුදුරුවනෙ .. මට එහෙම අමතක කරන්න පුළුවන් ද.."

" ඒකත් හැබෑව.. එකටමනෙ උන්නෙ.. හරියට කිරිපැණි වගේ.. යමු .. ඉරෝෂිගෙ ගෙදරට ගිහින්ද මෙහෙ ආවෙ"

" නෑ හාමුදුරුවනෙ .. ඉස්සෙල්ලාම ආවෙ හාමුදුරුවෝ බලන්න .. "

" එහෙනම් යමු.."

" හාමුදුරුවෝ ත් එහාට වඩිනවද"

"මං නැතුව අවමඟුලට නෝනෙ"

"ඒ කියන්නෙ ඉරෝ ගෙ තාත්තා වත් නැති වෙලාද"

හාමුදුරුවෝ මං දිහා බැලුවෙ පුදුමයෙන්.

"ඒ කියන්නෙ නෝනා දන්නෙ නැතිවද ආවේ"

"ඔව්.. මං ආවෙ ඔබ වහන්සෙ යි.. ඉරෝවයි බලල යන්න "

හාමුදුරුවෝ ලොකු හුස්මක් පිට කළා.

"අනිච්චාවත සංඛාරා.. සංසාරේ ම දුකක් නෝනෙ.. ඩෙංගු හැදිල ඉරෝෂි නැතිවුනා ඊයේ.. අද භූමදානේ"

ඒ වචන හීනයක්. මං හිතුවෙ එහෙම. ඒත් කටුමැටි පැළෙ මගෙ පුංචි සුරංගනාවී අවසන් නින්දෙ සැනසිල්ලේ හිටියා.

ඊට සතියකට පස්සෙ මට ලියුමක් ආවා.

"දවස් දෙකක් ම උණ ටීච.. ටීච මතක් වුනා.. බලල යන්න එන්න බෑනේ ..රස්සාවක් කරන කාලෙක මං එන්නම්... "

මං අද හැම දරුවෙක් ගාවම උඹ දකිනවා ඉරෝ...

උඹට ඉරො දෙන්න බැරිවුණ දේ අද උන්ට දෙනවා

උඹෙ ඉරිච්ච බෑග් එක වගෙ බෑග් දෙසීයක කතාව මං මහන්නම්..

කකුල් දෙක දියපට්ට එනකං හිර වුණ ඉරිච්ච සපත්තු දෙක වෙනුවට අළුත් සපත්තු සියයක් හොයන්නම්

ස්තුතියි ජිවිතේ ළඟ හිටියට...

පුළුවන් කෙනෙක් එන්න

උදව්වට

දරුවෙක් ළඟ මතකයක් වෙන්න

සපත්තු ජෝඩුවක්

බෑග් එකක්

අරගෙන

ගුරුවරියකගේ මතකයhttp://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.com10tag:blogger.com,1999:blog-2527365618782711255.post-27904684698232606482017-12-15T05:17:00.001-08:002017-12-15T05:17:09.025-08:00නත්තල් සීයා
නත්තල් සීයා..

නිවාඩුවට කඩේ පැත්තෙ පොඩ්ඩක් යන්න පාරට බැස්සෙ කම්මැළිකමටටම. පොඩි සීතලක් එක්ක අමුතු ම හැඟිමක්. එහෙම දැනෙන්නෙ නත්තල් කාලයට විතරමයි.

පිණිකුඩු වැස්ස ත් එක්ක..

"වොන්ඩබා අයිස්ක්‍රීම් එකක් කකා යන්න තිබුණා නම්"

ඉස්සර ඉස්කෝලේ යන කාලෙ අපි යාළුවෝ හය දෙනා මේ කාලෙට කරන එක පිස්සු වැඩක් මතක් වෙලා මට තනියම හිනා ගියා.

ගැහෙන හීතලේ වැඩිපුර ම වොන්ඩබා කන්න අපිට තිබුණෙ මහා පෙරේතකමක්.

"ටීච..."

මම මගේ මනෝලෝකයෙන් එපිටට ආවේ පුරුදු කටහඬකට.. ඉස්කෝලේ පොඩි එකෙක් හති දාගෙන දුවගෙන එනවා මං දැක්කෙ එතකොට .

"ආ.. මේ කොහෙද යන්නෙ පුතේ"

" කඩේ.. කඩේ..."

"ම්...හති දාගෙනම"

"ටීච අල්ලන්න දුවගෙන අවේ"

"ඒකනේ"

"සීතලයි නේද ටීච..."

"ටිකක් විතර.."

පොඩි එකී මාත් එක්ක එක පෙලට වැටුණා. හරිම නිදහස් හැඟීමක් ඒ ඇස්වල තිබුණේ..

"ටීච.. පෙර පාසලේ කොන්සට් එක හරි ලස්සනයි නේද.."

ටික වෙලාවක් හති ඇරපු කෙල්ල මං දිහාට එබුණා.

"ම්"

" ටීච බඩුවක් අහන්නද.."

ඔය කට කැඩිච්ච කතාවක් අහන්න වෙන්න ඕන හදන්නෙ. කෙල්ල ගෙ කටකාරකම් ගැන මම හොදට දන්න නිසා මම තනි හිතට කියා ගත්තා.

"අහනවා... අහනවා..."

'" නත්තල අැත්තක් ද"

" ඔව්.. ඒක ජේසු කුමාරයා ගේ උපත නේ"

"එදා කොන්සට් එකට ආවෙත් ඇත්ත නත්තල් සීයද.."

"නත්තල් සීයට ඇඳපු කෙනෙක් .... ඇයි මොකද මේ ප්‍රශ්න පත්තරෙ දිග ඇරගෙන"

"මම හිතුවේ ඇත්ත නත්තල් සියා ඉන්නවා කියල ටීච තාම..."

" මොකටද ඔයාට නත්තල් සීයා"

පොඩි එකි පාරේ තිබ්බ ගලකට පයින් ගැහුවේ තරහට වගේ

" නත්තල් සීයා අපි ඉල්ලන දේ දෙනවනේ..."

"ඉතිං"

" තාත්තා මගෙ මැරුණනේ ටීච.. ම..ම නත්තල් සීයගෙන් එක පැයකට තාත්තා ඉල්ලන හිටියේ මං.."

ගුරුවරියකගේ මතකයhttp://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.com3tag:blogger.com,1999:blog-2527365618782711255.post-16946793693283192292017-11-02T00:53:00.001-07:002017-11-02T00:53:22.734-07:00මගෙ කතාව
අම්මගේ අත් දෙක.....

තාත්තගෙ උරහිස

මේ මගේ අම්මාගේ අත් දෙක..

අවුරුදු පහළොවක් වත්තෙ දළු කඩපු අත් දෙක..

⁣ඒත් තාමත් අයින් වෙලා නොගිය තේ කහට පැල්ලම්

කවදාවත් යා නොවෙන්න

හීතලටම පුපුරලා ගිය ඇඟිලි..

ඔව් මං එහෙම ආඩම්බරකාර අම්මෙක්ගෙ දුවෙක්.

එක වේලක්වත් අපිව බඩගින්නෙ නොතියා

ඒත් ඇය බඩගින්නෙ හිටපු..

කාටවත්ම අත නොපා ඒත් අනුන්නටම කඹුරපු

අපට ලස්සනට පිළි⁣වෙළට අන්දලා

වැරහැල්ල ටම සින්න වුනු

බණ්ඩාරවෙල සුපිරිම ඉස්කෝලෙට අපි යවලා

එයා වත්තෙ වැඩට ගිය

අතීතයක් කතා කරන මේ සේයාරුව

මම කැමැතිම

වඩාත්ම කැමැතිම ජායාරූපය...

තාත්තගෙ අත් දෙකත් මෙහෙමම තමයි..

ඒත් තාත්තගෙ රළු වෙලාම තිබුණේ උරහිස..

ඉස්කොලෙ පහේ පංතියට යනකම්ම තුන්දෙනාම

තුන්පාරට

උර උඩ තියාගෙන

පෙරහෙට්ටියෙ කන්ද නැංගේ තාත්තා..

මල්ලිත් පහේ පංතියෙන් ලොකු ඉස්කෝලෙකට යනකොට

මම ආය කවුරු වඩාගෙන මේ කන්ද නගින්නද

ඉකිබින්දේ තාත්තා..

අදත් වැඩ ඇරිල මං එනකං

ඉස්කෝලේ ගේට්ටුව ළඟ ත්‍රීවීල් එක නවත්වන් ඉන්නෙත් තාත්තා..

උදේම ගියාම ආය එළිවෙන පාන්දර වෙනකං තෙත බරිත හෝටු කුරුල්ලෙක් වගෙ

තේ දළු මුට්ට එහාට මෙහාට ඇද්ද තාත්තා..

මං එහෙම ණය නැති තාත්තෙක්ගේ දරුවෙක්..

ඒත් මගෙ අම්මා නූගත් ගෑණියෙක් නෙවෙයි..

පංතියේ හැමදාම පළවෙනියා වුන නිසා වෙලපනියා කියල කාඩ් එක ගහ ගත්ත

ඇස් දෙක පේන්නැති අම්මට බැරි නිසා ජ්‍යෙෂ්ඨෙ ඉස්කෝලේ යන්න රුපියලක් නැතිව

ජිවිතය නතර කරගත්ත ගැහැණියක්....

මගෙ තාත්තා කැම්පස් එකට තේරිලත් ඇදගෙන යන්න කලිසමක් නැතිව

ජිවිතය නතර කර ගත්ත මනුස්සයෙක්...

ඉස්සර අම්මලා කියනවා

කවුරු උඹලට දෙයක් දෙයිද කියල...

මම අද මගේ දරුවන්ගෙන් දකින්නෙ මම...

ඒ දරුවන්ට

අසරණකමට නෙවෙයි

මම ආදරේ නිසා

සපත්තු ජෝඩුවකට

බෑගයකට

පොත් පත් ටිකකට

බර පැන එක්ක

ආදරය දෙමුද....

දවසක රට කරවන අතක්.. මනුස්සකම දත්

මේ දරු අතර නොසිටී යැයි කිව හැකිද

ගුරුවරියකගේ මතකයhttp://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.com3tag:blogger.com,1999:blog-2527365618782711255.post-31566273547831482972017-10-26T03:59:00.001-07:002017-10-26T03:59:45.121-07:00තාත්තා

පොඩි උන්ගෙ කචබචය කන පුරා සිසාරා යයි. උන් ට නම් වැස්සෙ ගාණක් නැත. දූවිලි සුවඳ මිශ්‍ර වු සිහින් පවන් නහයට ගෙන එන්නෙ අමුතුම මිහිරකි.

"තෙමෙන් නැතුව එන්න.. මෙහාට එන්න ළමයි"

මම කෑමොර දුන්නෙමි. නමුත් මම පරාජිතය. මගේ හඬ උන්ගෙ හඬ ඉදිරියේ බාලය.

"ළමයි... පුතේ... ළහිරු... ගයාන්"

මගෙ අවාසනාව උන්ගේ වාසනාව එතැනය. මගෙ හඬට සවන් දෙන්නෙක් නැත. අවසානයේ මම ද වැස්සට එකතු වුනෙමි.

"පුතේ...."

එවර නම් ඔවුන්ට මම ඇසුණී

"අයියෝ ටීච තෙමෙනවානේ"

"ඒක තමයි ... දැන් මං කොච්චර කතා කළාද..."

"වැස්සනේ ටීච....."

"යමු.. යමු.. මේ හා පුරා එන වැස්සට තෙමෙන්න හොඳ නෑ"

"කව්ද කියන්නෙ ටීච.."

"අපේ අම්මා..."

"ටීචගේ අම්මත් අපේ අම්ම වගේම හරි පැහිල"

එක කටකාරයෙක් මගෙ දෑස් වලට ඔච්චම් කළේය. මම ඔරවා බැලුවෙමි.

"දුවන්න කිව්වෙ පංතියට"

තෙත බරියම් හිස් අත්වලින් පිසිමින් කෑ ගසමින් පිට්ටනියේ උස පඩිපෙළ වලට ද ලැජ්ජා හිතෙන තරමට පනිමින් උන් ඉගිළෙයි. මට ඒ තරම් වේගයෙන් යන්නට බැරිය. මම එකින්නෙක පඩි නඟිමින් සිටියෙමි.

"ටීච..ටීච.."

පුංචි එකියක් ගිය සැණෙන් කුඩයක් රැගෙන ආපසු ඇවිත්ය.

"අනේ.. ගුඩ් ගර්ල්.. තැන්ක්ස් පුතේ"

මම සිනහවකින් ඇයට සංග්‍රහ කළෙමි.

"පහුගිය ටිකේ පුතා ඉස්කෝලේ ආවේ නෑ නේද"

ඇය නැහැ කියන්නට හිස වැනුවාය.

"ඇයි ඒ"

"අම්මා එක්ක තාත්තා බලන්න ඉස්පිරිතාලේ ගියා"

"ඇයි තාත්තාට.."

"තාත්තා වැස්සෙ තෙමිල ඇවිත් නාලා ගෙට එනකොටම වැටුණ ටීච.."

"අනේ"

"අද ටීච නාන්න එහෙම එපා.. වැටෙයි.."

"හ්ම්.. දැන් තාත්තට කොහොමද"

"දැන් හොඳයි ටීච.. මැෂින් ගොඩාක් හයි කරල.. ෂෝක් ඇඳක තාත්තා ඉන්නෙ.. තාත්තට දැන් හුස්ම දෙන්නෙ මැෂින් එකෙන්නෙ ටීච..ආ ඒක නෙවේ නෙ ටීච.. තාත්තා ඉන්නෙ ලොකු තැනක .. වාට්ටුවෙ නෙවෙයි "

"කොහෙද"

"මොකක්ද සි යු ද මොකක්ද එකේ"

මම ඇගේ හිස අතගෑවෙමි. පසුව ඇසුණු තොරතුරු වලට අනුව ඔහුගේ ජිවිතය ගැන විශ්වාසය සෘණ මට්ටමක බව මම වෙනත් ගුරුවරියකගෙන් දැන ගතිමි

ගුරුවරියකගේ මතකයhttp://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.com4tag:blogger.com,1999:blog-2527365618782711255.post-67533903001597794812017-09-20T01:15:00.001-07:002017-09-20T01:15:57.663-07:00අපි කොළඹ යනවෝ
ටීච.. ටීච වගේ කෙනෙක්

ලැබෙන්න නේද..

ට්‍රිප් එක යන සතුටට

පොඩි උන්ගෙ හරි බටර් මේ දවස් වල

සතයක වියදමක් නැතිව

ජිවිතේ පළවෙනි වතාවට කොළඹ යන්න

හීන මවන මගේ උන්ට

සතුට ඔබට දෙන්න හයිය වෙන්නෙ

ජිවිතය කණ්ඩායම වුන

Lionel De Silva

Ajith Abeydeera

Palitha Cyril

Lakshan Pandula Athukorala

එක්ක

Chandana Edirisinghe

Irosh Hettige

Aruna Muthumala

Sahan Kodikara

Hiru Minipura

එතකොට

Roshani Silva

Dinels Di

Eranga Harsha Walawearachchi

හවස තේ වේලට මොනවහරි අරන් මාත් එනව කියපු

Nikeshala Tennakoon

දරුවන් එක්ක එදාට පැයක් ගත කරන්න එන්න කීව ගමන් සතුටින් ඒ ආරාධනාව බාර ගත්ත

Samith Sirimanna

Madushan Nanayakkara ට

ගුවන්විදුලි සංස්ථාව ළමා පිටිය එදිනට අපට දෙන්න පොරොන්දු වුන Sudarshana Gunawardana

Indunil Jayawardana දෙපළට

Maduka Thaksala Fernando ට

Manjula Samarasekara ට

මගේ දරුවන් වෙනුවෙන් ස්තුතියි

අමතක වුනා නෙවෙයි Damith Wilegoda

ගුරුවරියකගේ මතකයhttp://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.com6tag:blogger.com,1999:blog-2527365618782711255.post-60111877813870427802017-09-12T05:56:00.001-07:002017-09-12T05:56:18.871-07:00අයිස් පලම
නිවාසාන්තර ක්‍රීඩා උළෙල පටන් ගන්නට තව ටික වෙලාවක් ගත වෙනු ඇත. නිවාස තුනේම දරුවන් ලහි ලහියේ නිවාස සැරසිලි කරන්නෙ සිය ජයග්‍රහණය තහවුරු කර ගන්නටය. එක තැනක කෝචිචියක්ය. තව තැනක රතු ඉන්දියන් නිවසක්ය. තව තැනක හමුදා බංකරයක්ය. එකිනෙකට නොපරදින නිර්මාණ ශක්තීන් විදහ දැක්වෙන මේ අපූරු නිර්මාණ අතරේ මම සක්මන් කරමින් මගේ පාසල් කාලයට ඉගිලෙමින් සිටියෙමි.

"ටීච.. මොන හවුස්ද..."

උසස්පෙළ නිමවා පාසලට සමුදුන් දැලි රැවුල ඝන වෙමින් උන් නාඹරයෙකු වු ධනුෂ්ක මගේ ඉදිරියේය.

"මට මොන හවුස්ද..මාව මධ්‍යස්ථ මණ්ඩළයට දාලා නේ"

"අපරාදේ.. ටීචත් හවුස් එකක හිටිය නම් හොඳ හොඳ වලි ටිකක් බලා ගන්න තිබුණා."

"හ්ම්.."

"ටීචව.. අයින් කරන්න ඇත්තෙත් සර්ට වලි බේරන්න බැරි නිසා වෙන්න ඇති"

මම සිනාසුනෙමි.

"ඔය ළමයා මොකද ඔතැන.. කෝ යුනිෆෝම්.. තාම ඉස්කෝලේ අස්වීම ගත්තෙ නැනේ..එහෙනම් යුනිෆෝම් එනව නම් එනවා.. නැත්නම් යනවා.. ටීචටත් පෙනුනෙ නැද්ද කතා කර කර හිටියේ.."

විදුහල්පතිවරයා ළඟටම ඇවිත්ය.දොස්මුර වරුසාව අහවර වෙනතුරු පෙර ධනුෂ්ක බිම බලාගෙන උන්නා මිස හිස එසවුවේ නැත. විදුහල්පතිවරයා ගිය සැණින් ලැජ්ජාවෙන් හිස ඔසවා සිනාසුනි.

"මං හින්දා ටීචත් බැනුම් ඇහුවා නේද.."

"ඔයාලා ඉස්කෝලෙට එනකොට පිළිවෙලකට එන්න එපැයි දරුවෝ"

"ඉතිං ටීච... ටවුමෙ යන්න ආවේ.. හවුස් හදකවා දකිනකොට පිට්ටනියටම නේ ආවේ.."

"හ්ම්.. හ්ම්.. දැන්වත් යනවා..ආය බැනුම් නොඅහා"

"මම නම් යන්නම්.. හැබැයි ටීච ආයෙම බැනුම් අහනවා.. "

ධනුෂ්ක හිනාවෙමින් පිට්ටනියේ එහා කොණ දෙස බලා උන්නේය.

"ඒ මොකද.."

මම ධනුෂ්ක බලා සිටින දෙස බැලුවෙමි. අයිස්ක්‍රීම් වෙළෙන්දෙකු ළඟ කුඩා දරුවන් දෙදෙනෙකු මාන බලමින් සිටියි.

මම හෙමින් හෙමින් කුඩා දරුවන් දෙදෙනා වෙත ගියේ අතටම අල්ලා ගන්නටය. මම එන බව නොදැන පොඩි උන් දෙදෙනා අයිස් පලම් රස කරමින් සිටි.

"ගේට්ටුවෙන් එළියට ආවේ කාගෙන් අහලද"

පොඩි උන් දෙදෙනා ගැස්සි මා වෙත හැරුණි.

"මොනවද මෙතැන කරන්නෙ"

"මොකුත් නෑ ටිච.."

"එළියට ආවෙ ඇයි"

"නිකං ටීච.."

"එතකොට මොනවද ඔය කලිසම පහළට බහින්නෙ.."

එක් දරුවෙකුගෙ කලිසම් සාක්කුව තෙත් කරමින් යම් දියරයක් ගලමින් තිබේ.

" මොනවද ඒ..."

"ටීච මේ.. මේ"

"මොනවද සාක්කුවේ තියෙන්නෙ"

"ඒක මේ හවසට කළින් ගත්ත පලම තියෙන්නෙ"

ගුරුවරියකගේ මතකයhttp://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.com10tag:blogger.com,1999:blog-2527365618782711255.post-7492808369847747462017-08-26T23:42:00.001-07:002017-08-26T23:42:58.204-07:00මුට්ටි යකා
වතුර බවුසරයක් ගේට්ටුව අරින තුරු මග රැක සිටි. ජලය ජිවිතයෙ කොයි තරම් ඉඩක් වෙන් කරගෙන සිටී දැයි බලන්නට ජලය නැතිවෙන්නටම ඕනිය. ඉස්කෝලේට වතුර එන්නෙ සති දෙකකට සැරයකි. ඒ තුරා බොහෝ දුක් දරුවන් මෙන්ම ගුරුවරුද විදිති. බඩදරු ගුරුවරියකට වැසිකිළි පහසුකමලෙබා දෙන්නට ගෙවල් තුන හතරකට ගොස් වතුර වෙනුවෙන් අතපාන්නට වු දවස් එමටය.

"අද කළින්ම වතුර ඇවිත් වගේ"

ජයන්ත අයියා ගේට්ටුව අරින්නට දුවයි. පොඩි උන් වතුර බවුසරය එනකං පාර දෙපැත්තෙ පොර කන්නෙ බවුසරයෙන් ටැංකියට වතුර දෙන හැටි බලන්නටය.

" උඹ අයින් වෙයන්කො.. ගිය පාරත් ඉස්සරහම හිටියේ.."

"උඹ උඹ ගාන්න එපා බං.. පිටිපස්සෙ ටීච..."

"එහෙනම් උඹ බං බං ගාන්නෙ"

මම දෙදෙනාටම රැවුවෙමි. ඉන්පසු මීක් සද්දයක් වත් නැත. පෙරමුණ ගැනීමේ රණ්ඩුවත් නැත. කරට අත දමාගෙන ගජ මිතුරු වෙසින් පොඩි උන් ඇත. මම මටම සිනාසුනෙමි. මේ ජිවිතය උන්ගේය. අපේ රැවීම් අපටය. වතුර බවුසරය ටැංකිය ළඟට සේන්දු කර වතුර පොම්ප කිරීම අරඹා ඇත. දරුවන් මෙන්ම වැඩිහිටි අපද ඒ වතුර වැටෙන හඬට පෙම් කරනවා වන්නට ඇත. දවසක් දෙකක් අපට යළි ජලය ඇත. උල්පත් වතුර බිවු අපට වතුර බවුසර් එනතුරු ඇඟිලි ගණින්නට සිදුවීමද එක්තරා දෛවපෝගත සිදුවීමකි. ගණ දෙවියන්ද බට කොළ කෑවේ නම් අපි වතුර බවුසර් එනතුරු සිටියාම මොකද..

"ටීච.. ටීච.."

කල්පනා ලොවෙන් මිදුණේ පුංචි එකියෙක් සාරි පොටෙන් ද අැඳි පසුවය.

"අහ්.. ඇයි පුතේ"

"ටීච.. යකෙක්"

"යකෙක්.. කෝ... කොහේද?"

"ඉන්නවා ටීච.. අර දොළහේ පංතිය ගාව"

ඒකත් එකටම දොළහේ කෙල්ලො දෙදෙනා පොඩි උන් බය කරන්නට පටන් ගෙන ඇත. හවස සමිතියට ඉදිරිපත් කරන නාට්‍යයේ යකුන් දෙදෙනා ලෙස රඟපාන්නට නියමිතව උන්නෙ දොළහේ ගැහැණු දරුවන් දෙදෙනාය. ඔවුන් දෙදෙනා කළින්ම වෙස් මාරු කරගෙන ඇත. අද නම් මේ හිතුවක්කාරියන් දෙදෙනාට දඬුවමක් නම් දිය යුතුමය.

"යමු බලන්න ඔයාගේ යකා "

"අනේ.. අම්මො බැ බැ.. ටීච යන්නත් එපා.. ඒ යකා ගැණු ළමයින්ට ලු කරදර කරන්නෙ"

"එහෙනම් බලන්නම වටිනවා පුතේ.."

මම උසස්පෙළ පංති දෙසට හැරුනෙමි. දොළහේ කෙල්ලො දෙදෙනා තවමත් නිලඇඳුම පිටිනි. ඔවුන් ළමුන් බය කරන්නට තියා ඉන්න තැනවත් නිනව් නැතිව කෙටි සටහන් දිග අැරගෙනය. මම කිසිවත් නොවු ගානට යකා කේළම කියු පොඩි එකී වෙත හැරුණෙමි.

"කව්ද පුතේ.. ඔයාට යකෙක් ඉන්නවා කිව්වේ.."

"හයේ කවිමල් අය්යා..."

ආ.. මෙවර වැඩ අල්ලා ඇත්තෙ එහෙනම් ඔහුය. කවිමල් කොහොමත් ඔය වැනි වැඩ වලට ඔට්ටුය. ඔහු මට්ටු කරන්නට නම් වෙනම උගෙන ආ යුතුය.

මම දොළහේ පංතිය දෙසට ගියෙමි. එතැනට යන පාරේ බොගන්විලා පඳුර යට පොඩි එවුන් කිහිප දෙනෙක් වට රවුම් ගැසී ඇත. මම හෙමින් හෙමින් ඒ දෙසට කිට්ටු කළෙමි.

"අම්මෝ ඒ යකා.. බයේ බෑ නේ"

"දැන් මට රුපියල් දහයක් දුන්නෙ නැත්නම් මුට්ටි යකා ගෙදර එයි"

ඒ කවිමල්ය.

"දෙන්නම්..දෙන්නම්..අම්මෝ දෙන්නම්..හෙට එනකොට ගේන්නම්"

"ආ .. කවිමල් මටත් බලන්න ඕන ඔය යකා"

"ටී..ච..."

"ඔව්.. ඔව්.. පෙන්වන්න බලන්න ඔය යකා"

"ටීච.. ඒ මුට්ටි යකෙක්"

හොඳටම බිය වී උන් පුංචි දරුවා ගේ ඇස් කියන්නෙ මට ළං නොවෙනු කියාය.

මම කවිමල් අතේ තිබු මුට්ටිය ගත්තෙමි. එය හොදින් කට වැසෙන සේ රතු රෙදි කඩින් බැඳ තිබුණි. ඇතුළේ යමෙක් දඟලන බවද දැනේ. මම සෙමින් රෙදි කඩ ලිහුවෙමි.

"එපා.. ටීච.. යකා පනියි"

මම පොඩි උන්ගේ හඬ නොඇසුන පරිදි රෙදි කඩ ඉවත් කළෙමි. තඩි ගෙම්බන් දෙදෙනෙකු මුට්ටියේ අමාරුවෙන් එහා මෙහා දඟලමින් නිදහස සොයමින් සිටි.

ගුරුවරියකගේ මතකයhttp://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.com13tag:blogger.com,1999:blog-2527365618782711255.post-26708438884298068762017-08-22T04:45:00.001-07:002017-08-22T04:45:18.503-07:00අත්හැරීම
ඉරට කළින් ඇහැරෙන මිනිස්සු උදේ පාන්දරම කුඹුරු වල වැඩ. අද වෙනදටත් වැඩියෙන් මීදුම බාල තිබුණ දවසක්. වැහි කෝඩයක් ගියාට පස්සෙ කුඩැලි මිනින්දෝරුවෝ වැඩ පටන් ගන්න හින්දා හරි සීරුවට තමයි පාරට පැන්නෙ. උපන්දා ඉඳන් කුඩැල්ලො එක්ක ඔට්ටු වුනාට මොකද තාමත් බයයි කූඩැලි හමුදාවට.

"අද සීතල වැඩි දවසක් නේද ටීච නෝනේ"

බෝංචි සීයා අව්ව තපින්න පාරට ඇවිත්. බෝංචි සීයා ඉස්සරම ඉදන් අපේ ගේ ඉස්සරහ කුඹුරේ වගා කරනවා. හැබැයි බෝංචි විතරමයි. ඒ නිසා කිරිවන්තෙ නම වුනාට අපිට ඔහු බෝංචි සීයා වුනේ ඒ නිසයි.

"ඒකනේ සීයා.. ඊයේ දවසම වැස්සනේ.. අදත් පටන් ගනියි තව ටිකකින්. "

"වහිනකොට ඉවරයක් නෑ චුරු චුරුව.. බෝංචි ටිකට කහ රෝගෙත් ගහල."

"හ්ම්...

මොනව කරන්නද සීයේ..."

"ආං ආං අරු අදත් මොකක් හරි අලුගෙත්තේරු වැඩක් කරලද කොහේද"

මම බෝංචි සීයා පෙන්වු දෙස බැලිමි. පහළ කඩේ නැන්දා පොඩි එකෙකුගෙ කණ මිරිකමින් බැණ වදියි.

"කව්ද බෝංචි සීයේ ඒ.."

"මහතුවාගේ ලොකු කොල්ලනේ නෝනා ඒ"

ඒ සංදේශ්ය. පුංචි දේටත් හඩා වැටෙන හැම තිස්සෙම සාරි පොටේ එතෙන පොඩි එකාය.

"ඇයි සීයේ.. මොනව කරලද ඔය"

"මොකක් හරි වසවර්ති වැඩක් කරන්න ඇතිනේ.."

මම කඩය දෙසට යන විටත් නැන්දා සංදේශ්ගෙ කණ මිරිකාගෙන බැණ වදියි.

"ඇයි නැන්දේ..."

"ටීච ආව එක හොදයි.. පේනවා නේද මු කරන වැඩේ.. දවසක් දෙකක් නම් මොකද.. දැන් හැමදාම පටන් ගෙන.."

නැන්දා බෙරිහන් දෙයි.

"මොකද කළේ"

"හැමදාම කඩෙන් බිස්කට් එකක් ගන්නවාමනේ නෝනේ.."

මම සංදේශ් ළඟට ඇද ගෙනම පැත්තකට කර ගත්තා. කදුළු නම් වෙනදා වගේම ඉස්සරවෙලා.

" මේ කතාව ඇත්තද.."

කතාව අනුමත කරන්නට මෙන් සංදේශ් හිස වනයි.

"ඇයි පුතේ එහෙම කරේ.."

"ඉතිං ටීච .. අම්මා බිස්කට් දෙන්නෙ මල්ලිට විතරනේ.. "

"අම්මාට කිව්වොත් අරන් දෙනවනෙ පුතේ.. හොරකම් හොඳ නෑ.."

"අම්මා මාව අතඇරල ටීච.."

ගුරුවරියකගේ මතකයhttp://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.com12tag:blogger.com,1999:blog-2527365618782711255.post-79531812791921553692017-07-27T08:33:00.001-07:002017-07-27T08:33:38.623-07:00එයා ඉන්නෙ දිව්ය ලෝකේ
කාලච්ජේදය අවසන් වන සීනූව නාද විය.

ඔවා සිප් දීමේන..

ම‍ා හික්මවන ප්‍රේමෙන

ඇඳුරු හද බැතියෙන

වදිමි ගරු සිත පෙරටු කරගෙන

මම පොඩි උන්ට සමුදෙන්නටත් පෙර ඔවුන් මට ආයුබෝවන් කියන්නට කවිය කියයි. වෙනදාට පොල්ලක් අරගෙන වත් එලවන්නට නොහැකි දරුවන් සඳුදා දිනයට මට නොකියාම යන්නට තරම් හදිස්සිකාරයන්ය. ඒ මගේ කාලච්ජේදයට පසුව එන විවේක කාලයට ඔට්ටු වෙන්නටය. කෑම එක කටට දෙකකට ගිලින ඔවුන්ගේ ඊළඟ නවාතැන ගිනිගහන අව්වෙ කාෂ්ඨක පිට්ටනියය. හිස අතගාන තුරුම පාත් වීම සිටින දරුවන්ට අද ඇත්තේ පුදුම කඩිකුලප්පුවක්ය. මම තනියම සිනාසුනෙමි. මම ද ළමයෙක්ව උන්නෙමි. දරුවන්ගේ දඟකම් වලින් හිත තැලෙන හැම විටම මම සිතුවේ එසේය. මගේ එක්ක මගේ කතා ඉවර වෙන තැන එක දරුවෙක්වත් කාමරයේ නැත. උන් ඔක්කොම මා අතැර උන්ගේ ලෝකයේ දිව්‍යමය සුව දැනෙන කාෂ්ඨකෙට පැන හමාරය. මම ද ගුරු විවේකාගාරය දෙසට යාමට කාමරයේ දොරගුළු දැමුවෙමි. මේ වෙලාවට දුම් දමන කහට වැඩි තේ කෝප්පයක් චම්පා ටීච අතින් හැදෙන එක අනිවාර්‍යය. ඌව හයිලන්ඩ්ස් තේ කොළ වලින් හදන තේ එකෙ රස මතක වූ නිසාම මම පය ඉක්මන් කළෙමි. බොහෝ තැන් වල අව්වට හේඩෑරී වි ගිය ගහකොළය. දූවිලි අවුස්සමින් සුළඟ හිටි ගමන් රස්තියාදුවේ යයි. මම සාරි පොට හිසට දමා ගත්තෙ අව්ව රවටන්නටය. උඩ බලාගෙන විකාර සිතුවිල්ලෙ හදිස්සියේ දිවු මම පියවි සිහියට ආවේ කකුල පය ගැසී වැටෙන්නට ගිය තැනය. කවුරුවත් දැක්කා නම් විලි ලැජ්ජාවය. මම හතර අත බැලුවෙමි. කවුරුත් නැත.

"ඇති යන්තම්" මම මටම ස්තුති කර ගත්තෙමි.

"හි..හි .ටීචලාත් වැටෙන්න යනවා"

මම ගල් ගැසුනෙමි. කිසිවෙක් නොසිටි බව මට ඉරහඳ සේ විශ්වාසය. මම උන් තැනම මොහොතක් ගල් ගැසුනෙමි. හඬ ආවේ පරිගණක ශාලාවේ පිටුපසිනි. මම ඒ දෙසට හැරුනෙමි. ඉස්කෝලේම දඟකාරයා කවිෂ්ක එතැනය. ඔහු තාමත් සිනාසෙයි.

" වැටුනම හිනා වෙනවද.. ආ.."

මම ටිකක් සැරට ඇසුවෙමි.

" ඉතිං ටීචලත් වැටෙනවද"

"වැටෙනවා නේන්නම්.. මේ දැන් මම වැටුණේ"

පොඩි එකා ආයේම කොක්හඬලා සිනාසෙයි.

" ඇයි හිනාවෙන්නෙ..."

"ඉතිං ටීච ටීචලා දඟ නෑනේ.. දඟ ළමයිනෙ වැටෙනවා කියල කියන්නෙ"

" කව්ද කිව්වෙ"

" අපේ අම්මා"

මම පොඩි එකාගේ කන් පෙත්ත හිනීයට අල්ලා ගත්තෙමි. ඒ ආදරණීය තරවටුවට දරුවන් කැමැතිය. ඔවුන්ට විශේෂ අවධානයක් ඉන් ලැබෙතැයි පුංචි උන් විශ්වාස කරයි.

"ඉන්නවකො.. මම අම්මට කියන්න පුතණ්ඩියාගේ තරම..."

" අපේ අම්මා ඒක දන්නවා.. ටීච.. ඒකනේ.. මට කිව්වෙ රංගෝලයා මම කියල එයාගේ"

මම සිනාසුනෙමි.

"ඉතිං හොඳයිනේ.... කොච්චර හොඳද එහෙම කියන එක.. රත්තරං ගෝලයා කියලනෙ අම්ම කියන්නෙ"

කොල්ලා ආපහු උඩ පැන පැන සිනාසෙයි. එවර නම් මට කේන්තිය තරමක් දුරට මා සොයා ආවේය.

" පුතේ.. ඔයාට මොකද මේ.. ආ."

"ඉතිං ටීච කරන්නෙ හිනා යන වැඩමනේ"

"මං දැන් මොකක්ද කළේ"

" ඇයි ටීච.. අපේ අම්මා කිව්වෙ රත්තරං ගෝලය කියල නෙවේ.."

"එහෙනම්.."

"රන්ගෝල අනිත් පැත්ත හරවන්නකො.."

"රන්ගෝල.. ගෝල රන්"

පොඩි එකා එවර නම් මට සමච්චල්ම සිනාවක් තෑගි කළේය.

"ටීච නම් ටියුබ් ලයිට්ම තමයි... හයියෝ මන්දා.. ටීච.. රන්ගෝල .. ගොන්රාළ..ටීච.. ගොන්රාළ.."

එවර නම් මම සිනාසුනේ මටමය. පොඩි එකාගේ හිස අතගාමින් මම මටම සිනාසුනෙමි.

" ඉන්නවකො.. අම්මා හම්බුනාම මම කියන්නම් මේ කතා.. අම්මාටත් විහිළු කරනවා කියල"

එවර පොඩි එකා ගැඹුරු හුස්මක් මට පිම්ඹේය.

" ටීචට එයා හම්බ වෙන්න දිව්‍යලෝකේ යන්න වෙයි"

"ඔයාගේ විහිළු තෝර තෝර හිටියොත් පුතේ .. මට අද තේ නැතිවෙයි"

"ටීච යන්න.. ඒක විහිළුවක් නෙවේ.. අම්මා මැරිලනෙ ටීච.. එයා දිව්‍ය ලෝකේ නම් යනවා ෂුවර්"

ගුරුවරියකගේ මතකයhttp://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.com6tag:blogger.com,1999:blog-2527365618782711255.post-82052587431352297422017-07-16T23:12:00.001-07:002017-07-16T23:12:16.340-07:00මට කව්ද ඉන්නෙ ටීච

ගිනියම් හුළඟට බොහෝ දේ අමතක ව නටයි. දූවිලි ද හිතුවක්කාරකමට සුළඟත් එක්ක හරි හරියට රෝන්දෙ යයි. වේලුණ අඹ කොළ ද පදසට මත්ව මහපොළවට ඔට්ටු වෙන අතරේ කිරිස් කිරිස් හඬ එක්ක කවුරුන් හෝ මගෙ අසළට එන බව දැනුන හෙයින් මම හැරී බැලුවෙමි. පොඩි එකී මගේ ළඟමය. කාලෙකට පස්සෙ මගේ එකී මගේ ඉදිරියේ.

" ආ.. කොහොමද.. කාලෙකින් අපිව මතක් වෙලා තියෙන්නෙ.."

"ටීච නම් මතක් වෙනවා.. ඒත් ඉතිං කතා කරන්න විදිහක් නැනේ.. ඇයි ටීච ගේ නහය දන්නෙ නෑ"

මම සිනාසුනෙමි. ඇය කියන පරිදි මගේ නහය දන විට ඇය මා මතක් කරයි. සමහරවිට ඇය දන්නෙ නැතුව ඇත. මට ඇය මගෙ තරමටම දැනෙන බව.

"කොහොමද.. අළුත් ඉස්කෝලේ..."

"හොඳයි.. ඒත් ටීචලා ලඟ නෑ මෙහෙ තරම්"

"හ්ම්.."

"ටීච.. කථීක තරඟේ හෙටනේ"

සමස්ත ලංකා නම ඉස්කෝල ඉතිහාසයේ පළවෙනියටම රුන්ඳුවේ මගෙ ඉදිරිපිට ඉන්න බටු ඇට දෙකෙ උස මගේ ලොකු එකීය.

"ඔව් දිනලම එන්න.. අන්තිම පාරට මේ ඉස්කෝලේ වෙනුවෙන් තරඟ කරන්න හදන්නෙ .. ඒක මතක තියා ගන්න"

" එහෙම කියන කොට මගේ ඇඟේ හිරිගඩුත් පිපෙනවා..මේ බලන්න ටීච... බලන්න මේ.. "

තරඟයට අයඳුම් කරන විට ඇය මගෙ පාසලේ වුවද උසස්පෙළට ඇය නගරයේ සුපිරිතම පාසලට වරම් ලබන්නෙ ඇගේම හැකියාවෙනි.

"මට ඔක්කොම මාතෘකා පුළුවන්.. හැබැයි එකක් නම් මට කතා බැරි වෙයි ටී.ච.."

මම පුදුමයෙන් ඇය දෙස බැලුවෙමි. ඇගේ ඇස් කඳුළු හංගන්නට දුක් විදින හැටි දැක මම මගේ ඇස් සඟවා ගත්තෙමි.

" මොකක් ගැනද ඔයාට බැරි"

"මව්නි පියාණෙනි, ඔබට උවසර මට කරන්න බෑ ටීච.... මම ඉන්නවාද නැද්ද කියල බලන්න අම්ම තාත්තා නැති මම.. එක එක්කෙනාගේ ගෙදර වළං හොඳ හොඳ ඉස්කෝලෙ යන මම..

ඇයගේ ඉකිය.. වේගවත් හැඩුමක්ම අවසානය. මම ඇය තුරුළු කර ගතිමි.

"ටීච දන්නවාද... සෙන්ට්‍රල් එකට යන දවසේ හැමෝම ආවේ අම්ම තාත්තා එක්ක.. එත් ටීච මම .. මම ගියේ තට්ට තනියම ටීච..මට කාත් කවුරුවත්.. නෑ ටීච... "

ඇගේ කඳුළු සීතලද ගින්දරද කියා මට තේරුණේ නැත. නමුත් ඇයට වඩා වේගයෙන් මගේ කඳුළු මට නොකියාම මගේ ඇස් අත් හරිමින් සිටියි.

" සමාවෙයන් පුතේ... ආය උඹ තනි කරන්නෙ නෑ.. උඹට අම්ම.. තාත්තා වෙනුවට... මං ඉන්නවා.. "

ගුරුවරියකගේ මතකයhttp://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.com4tag:blogger.com,1999:blog-2527365618782711255.post-25068419545305176032017-07-06T22:29:00.001-07:002017-07-06T22:29:56.505-07:00කැලෑ පත්තරේ
ගුරුවරියකගේ මතක..

ඒ හතේ පංතියේ රංචුවය. ඉස්කෝලේ දඟම පංතියය. කොච්චර තරවටු කළත් ඒ තරවටුව තඹේකට මායිම් නොකරන දඟකාරයන්ගේ පාරාදීසය හතය. තියෙන පරිගණක දෙකට වෙන රණ්ඩුවීම් කාල ගෝට්ටි කන් දෙකට දැන්නම් හුරුය. ඊට වඩා නාස් හකුලන මේස් ගඳට ඔක්කාරය හැදෙන තරම්ය. ඒත් සියල්ල ඉවසා ගන්න ට දැන් මගෙ පංචෙන්ද්‍රයන් සූදානමින් සිටියි.

" ටීච ටීච බලන්නකො මට සූකිරියා කම්පියුටරෙ ගහන්න දෙන්නෙ නෑ.."

" අඩෝ මම සූකිරියා නෙවෙයි හරි.. ඒ ගෙදරට.. මේ ඉස්කෝලේ ..මට නම කියපං .. මට ඉස්කෝලේ ට නමක් තියෙනවා හොදේ ඉස්කෝලේ ට.."

අවසානයේ ඒ ගැටුමට මට මැදිහත් වන්නට සිදුවන්නෙ ගුටිබැට හුවමාරුවකට ආසන්නයේ පිපිරෙද්දිය.

" කාටවත් ගෙදරට කියන නම් අවශ්‍ය නෑ.. ඔයාලා නම් පොතේ තියෙන නම පාවිච්චි කරන්න ... එච්චරයි ..."

මම කිවේ යම් තරවටුවකින්ය. සූකිරියා යැයි කියු දරුවා ක්ෂණයෙන් නැගි සිටියේය.. මම ඔහු දෙස බැලුවේ ප්‍රශ්නය ඇස් දෙකට ගෙනය

" පංතියට දුවල එන්න ම් ⁣ටීච .'

" ඒ මොකටද..."

"නෑ නෑ ටීච.. සුකිරියගෙ වාසගම හොයාගෙන එන්නම් නාම ලේඛණෙන්"

" ඔන්න ටීච ආයෙත් සූකිරියා කීවා.. මං අද මූට.."

එවර නම් ගුටියක් දෙකක් හුවමාරු විය. මගෙත් ඉවසීමේ අංශුමාත්‍ර ද විසිරෙමින් තිබුණි..

" හරි දෙන්නම කම්පියුටර් එක ළඟින් අයින් වෙන්න.. මාසයක් කම්පියුටර් එක අල්ලන්න තහනම්"

ගුටියට වඩා බර දඬුවම එයය. කැමැති ම දෙයට වාරණයක් දැමීම ගුටි දහකට වඩා රිදෙනු ඇත. ඔවුන් පරිගණකයෙන් ඉවත් කළ මම තව කණ්ඩායමක දරුවන් දෙදෙනෙකුට පරිගණකය බාර දුන්නෙමි. මුහුණු අකුලා ගත් චණ්ඩි දෙදෙනා පසෙකට වී බලා සිටියි. දැන් දෙදෙනාගෙ රණ්ඩු ව නැත . දෙදෙනාම එකතුව කොළයක් පොතෙන් ඉරා මොනවාද කුරුටු ගානු මගේ ඇස් කොණෙන් පෙනේ. සමහරවිට දැන් බැන ගැනීම ලිඛිතව කරනවා වන්නට ඇත. මම අහක බලා ගත්තෙ පොඩි උන්ගෙ රණ්ඩුවල ආයූ කාලය කොයිතරම් කෙටිද යන්න හොඳටෝම දන්නා නිසාය.

පීරීයඩ් එක අවසන් සීනුව නාදය වෙන විට ආයුබෝවන් වෙනුවට ඇහෙන්නෙ අයියෝය. ඒ ඔවුන් කැමැතිම පීරියඩ් එක අවසන් වන දුකටය. කුලී වැඩ කරන ගොවිතැනක් කරන අම්ම තාත්තා ගේ දරුවන් වුන මගේ උන්ට පරිගණක තාමත් මැජික්ය. හිතු හැටියට පරිගණක එක්ක ඔට්ටු වන්නට විනාඩි හතලිහ මදිය. ඒකත් පරිගණක දෙකකට සිමා වු විට එක් දරුවෙකුට හිමිවන්නෙ විනාඩි කීපයක සිමාවය. ඉතිං ආයුබෝවන් වෙනුවට අපේක්ෂා බිදුණ අයියෝ ස්වරය මට දී ඔවුන් නික්ම ගියහ. මම ඊළඟ පංතියේ වැඩ මුරයට සූදානම් වන්නට ගුරු පුටුව දෙසට ආවෙමි. මේසය උඩ හතරට නැමු කොළයකි. කුතුහලය සමඟින් එය දිග හැරුවෙමි.

"කම්පියුටර් ළඟට අලි ආවම කූඹී කවුරු ද බ්‍රෝ

හු කෙයා සේ ලෝකෙයා..

ලබන සතියේ බලමු..

දුක දන්නෙ වෙන කව්ද ටීචම තරම්"

ගුරුවරියකගේ මතකයhttp://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.com1tag:blogger.com,1999:blog-2527365618782711255.post-79244785866913740732017-07-02T23:45:00.001-07:002017-07-02T23:45:50.083-07:00අම්මා
44 වන දිග හැරුම

බස්රථයේ අයිනෙ අසුනක් හිමි වීම සතුටකි. බොහෝ දේ සිතීමට ඇත. බොහෝ දේ මැවීමට ඇත. ඒ සඳහා ගමනාන්තය දක්වා ඇති කාලය ආශිර්වාදයකි. මම අසුනට බරවී හිස තියා ගත්තෙමි. ලග අසුන බර වෙමින් මගෙ ඇගේ වැදුන බෑගය නිසා මගෙ අසුනේම අනෙක් භාගයට අයිතිකරුවෙක් පැමිණ ඇති බව මම දැන ගතිමි. නමුත් ඇස් ඇර ඒ අමුත්තා පිළිගැනීමට මගෙ හිත කැමැති නොවුන බැවින් දිගටම අැස් දෙක තද කරගෙනම මම උන්නෙමි. ටිකට් ගත් නැති අය ටිකට් ගන්න යැයි කොන්දොස්තර තැන පණිවිඩ පිට පණිවිඩ එවයි. මම ටිකට් ගෙන අවසන් නිසා එයද මට වැදගත් නැත . අවශ්‍ය වුයේ සිතුවිලි සමග මගෙ ගමන යන්නටය.

" රුපියල් දෙකක් අඩුයි මහත්තයෝ.."

ඒ ඇසුණේ මගෙ අසුනෙ බාගයක අයිතිකාර හඬය. ඒ ගැහැණු හඬකි.

" හැමදාම ණයට යන්න එපා .. අපටත් වදයක්.. දවසකට දහයක් පහලොවක් අඩුවෙන් දීලා ගියාම අපි කොහොමද ⁣ඒවා ගෙවන්නෙ"

එවර නම් මම දෑස් හැරියෙමි. ළඟ උන්නෙ මැදිවියේ කාන්තාවකි. ඇගේ ඇස් යට පිට නොවු කඳුළු ගුලි එළියට පැන නිදහස් වන්නට මාන බලමින් සිටියි. මම මගේ අතේ ගුලි කරගෙන උන් රුපියල් දහය කොන්දොස්තර වෙත දිගු කළෙමි.

" මේකෙන් ගන්න"

කොන්දොස්තර තැන ටිකට් පත නිකුත් කර බස් රථයේ පසුපසට කිටි කිට්යේ තද වෙමින් රිංගුවේය.

" පින් සිද්ධ වේවා නෝනේ.."

මම සිනාසුනෙමි.

" අමතක කරන්න අම්මා.. අම්මා කොහේට යන ගමන්ද මේ.. "

" වැඩට යනවා නෝනේ.."

" කොහේද"

ඇය කැස්සාය. වියළි කැස්සක් පපුව ගලවා එන්නට හදන සෙයකි. කැස්සෙන්ම ඇය නගරයේ රෙස්ටුරන්ට් එකක නම කීවාය.

" මම එහෙ අතුගානවා නෝනේ.. දවසට දෙසීයයි පඩිය.. පොඩි එකා තාම ඉගෙන ගන්න වයසේ.. සාමාන්‍ය පෙල විතරයි කළේ. ඒත් ඌත් හෝටලේක පිගන් හෝදනවා."

" හ්ම්.. ටිකක් අසනීපයෙන් වගෙ නේද අම්මා.."

"මට හොඳ වෙන එකක් නෑ නෝනේ.. මට වකුගඩු ලෙඩ.. හැම මාසේම නුවර යනවා.. බස් එකට කීයක් හරි හොයා ගන්න මම මේ අතුගාන වැඩේට යන්නෙ.. මට තව ටිකක් කල් ජීවත් වෙන්න ඕන නෝනා.. මගෙ පොඩි එකා ට මම විතරයි.."

බස් නැවතුම් දෙකකින් අදාළ හෝටලය අසළ බස් රථය නැවතුණි. ඇය බැස ගියාය. ඉදිමිණු දෙපා හොඳටම මම දැක්කෙ ඇය පාර මාරුවන්නට ඔට්ටු වෙන අතරතුරය. බසින්නට පෙර ඇයගේ නිවසට යන පාර මම අසා ගත් බැවින් ඇය යළි හමුවන අළුත් බලාපොරොත්තුවක් හිතේ මහා ඕනෑකමකින් පැළපදියම්ව ඇත

ගුරුවරියකගේ මතකයhttp://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.com5tag:blogger.com,1999:blog-2527365618782711255.post-61660624743700037392017-06-21T03:55:00.001-07:002017-06-21T04:00:46.144-07:0043 වන මතක ඇරඹුම

අත ඔසවන්න තහනම්

වෙනදට ඇසළ පෝය ගෙවා දාන කම් තියෙන්නෙ හූ කියන මහ හුළඟ. මේ අවුරුද්ද එක පාරම වෙනස් වෙලා. මොනා හරි හේතුවකට සාරි පොට හුළගෙ යවන ඒ හුළඟට මං ආසයි.

"පී පී පීප්"

ගාල ගෝට්ටිය කඩා ලිහා ගෙන දරුවන් තියෙන එකම කම්පියුටර් එක තමන්ගේ කරගන්න එන මැරතන් එක.

පොඩ්ඩක් එහාට මෙහාට වුනොත් මාවත් පෙරළාගෙන යන තරමටම බලවත් වුන ආසාව.

බනින්න ගහන්න නෙවේ. මෙතැන සාධාරණෙ හොයන්න ත් නෙවෙි. කාමරේ කම්පියුටර් හතරක් තිබුණ ට වැඩ කරන්නේම එකයි නම් ඒක ලැබෙන්නෙත් සතියකට එක පීරියඩ් එකයි නම් මමත් මේ ගොඩේ  ම හිටියානම් මමත් එහෙමයි.

තාම කම්පියුටර් කියන්නෙ අපේ දරුවන් ට මැජික් . බොරු මොකටද..

කම්පියුටර් එකට ඔට්ටු වෙන්න බැරිවුන මගේ ඔටුනු නොපලන් කුමාර කුමාරිකාවෝ ඊට පස්සෙ කැරකෙන පුටුවක් අල්ලගන්න කුරුමානම.

" උඹේ නෙවෙයි ඕක මගේ"

"ඒයි ඒයි උඹ කියන්න එපා බං ටීච අහන් ඉන්නෙ"

"ඇයි උඹත් බං බං කිව්වෙ ඉතිං"

"බං කියන්නෙ නරක වචනයක් නෙවෙනේ.. උඹ කියන්නෙ කුණුහරුප නේ"

උඹ කියපු පොඩි එකා මහා හයියෙන් හිනාවෙනවා. මම හැරිලවත් නොබැලුවෙ හිනාවට හේතුව එයාගෙන්ම අහගන්න හිතාගෙන.

" උඹ කියන්නෙ සිංහල වචනයක්.. ගිහින් අහනවා ටීචගෙන් බොරු නම්.. ඒක හොදයි..දන්න එකකුත් නෑ"

උත්තරය නම් ලැබුණා. ඒත් තව දුරටත් කතාව දිග්ගැස්සෙන්න කලින් මම පාඩම පටන් ගත්තා.

"කවිඳු කව්ද පුතේ පරිගණක විද්‍යාවේ පියා"

මං ඇහුවේ පෙර දවසෙ පාඩම එක්ක සම්බන්ධ වෙන්න හිතාගෙන.

කවිදු එහාට මෙහාට ඇඹරෙන පටන් ගත්තෙ උත්තරය මතක නැතිව වෙන්න ඕන.

ඒත් උඹ කියන වචනෙට සිංහල වියරණ අටූවා ටීකා දීපු මගේ කතන්දරේ නායකයා කට හොලවා හොලවා උත්තර කියනවා.

" උත්තරය දන්නවා නම් අත ඔසවන්න.. කියන්න එපා.. මේ කවිඳුගෙ වාරේ"

පොඩි එකා මගෙ බිම බලා ගත්තා. මම කට හෙලවුන විදිහෙන් උත්තරය හරි කියලත් දන්නවා . එහෙම වෙලාවෙ නිහඬ වෙන්න හේතුවක් අහල පහලක දරුවට තිබුණෙ නැ.

" මොකද පුතේ .. උත්තරය දන්නවා නම් අත ඔසවන්න කිවම අහක බලා ගත්තේ.."

" උත්තරේ නම් දන්නවා .. ඒත් අත ඔස්සන්න තහනම් අද.."

පැහිච්ච කටකාරකම් සීමාව පනින්න ළඟයි. මට හිතුණෙ එහෙම.

" ඇයි මොකක් හරි අසනීපයක්වත්ද"

නෑ කියන්න පොඩි එකා ඔළුව දෙපැත්තට වැනුවා.

" එහෙනම්"

"අම්මා තහනම් කළානේ.. අත ඉස්සුවොත් කමීසේ කිහිල්ල ඉරිලනෙ ..ඒක පේනවනේ. මේ මේ බලන්න "

පුංචි එකා අත ඔස්සලා මට දික් කළා.

ගුරුවරියකගේ මතකයhttp://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.com13tag:blogger.com,1999:blog-2527365618782711255.post-26090929850491216222017-03-30T08:51:00.001-07:002017-03-30T08:52:04.562-07:00සුවඳ
ගුරුවරියකගේ මතක 42

සුවඳ

ඒ කම්මැළිකාරී විභාග දවස්මය. හෝදා පාළුවට යන ජිවිතේ දවස්ය. ඒ දරුවන්ගෙ කෙළි කවට සිනහ අඩු නිසාමය. වෙනදාට කිච් බිචි අඩු නැති ඉස්කෝලේ විභාගය දා ට හැල හොල්මනක් නැති නිසොල්මන් ව තියෙන අපූරුව.

පුංචි සද්දයක්. ප්ලේන් එකක් යනව වගේ මම හැරිල බැලුවා. ඔව්.. ඒ මගේ පුංචි කරදරකාරයා.. මොනා කළත් දඟ වැඩ අත් හරින්න බැරි කරදරකාරයා. මං දැක්ක කියල දැක්ක විතරයි උපාසකයා. ප්ලේන් එකක් වුන කවකටු පෙට්ටිය මේසේ මැදක නතර වුනා.

මම ආයේමත් මගේ වැඩේට ඇස් ගත්තා. විනාඩියක් ගෙවෙන්න පෙර ආයේමත් ඒ සද්දේ. ඒ පාර කඩදාසි රොකට්ටුවකුත් ඇවිත්. ඒ වෙලාවෙත් මම දකින කොටම හොර උපාසක කම. හැබැයි කකුල් දෙක නම් වැඩ. මම ඒ පාර ත් මගේ පාඩුවේ. තුන්වෙනි පාර නම් මම පොඩි එකාගෙ මේසේ ළඟට ගිහිල්ලමයි නතර වුනේ. කවකටු පෙට්ටියයි රොකට් එකයි මගේ අත්අඩංගුවට අරගෙන මගෙ තැනට ආවා. මුළු කවකටු පෙට්ටිය පුරාම එක එක දේවල් අලවලා. කාන්දම් කෑලි තියල. දැක්කම හිනාත් යනවා තමයි. ඒත් මං ඔරවන්ම හිටියා. පෙට්ටියෙ අනිත් පැත්තෙ තිබ්බෙ ස්ටිකර් එකක්. ඒකේ තිබුණේ අපූරු වාක්‍යයක්.

"සුළඟත් සැපයි නුඹෙ උණුසුම ගෙන හමන

ඇවිදින් යන්න එක පාරක් සිප නළල"

හීන් දාඩියක් දානවා මට දැණුනා. මම ආයේම දරුවා ළඟට ගියා.

"කව්රු ගැනද මේ"

පොඩි කමටද සිතුවිලි. තාම හයේ. මං හිතුවා විතරයි.

"ටීච මේ... මේ.."

" ඔව්.. "

"ඔය අම්මා ගැන ටීච..මං අම්ම ඉන්න තැන දන්නෙ නෑ.. එයා කොහේද ගියානේ අපි දාලා.. ඒ නිසා අම්මට කියන්නෙ ටීච.. ආසයි අම්මා එනවට"

ගුරුවරියකගේ මතකයhttp://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.com15tag:blogger.com,1999:blog-2527365618782711255.post-13471613944460192432017-03-25T07:35:00.001-07:002017-03-25T07:35:57.099-07:00ගුරුවරියකගේ මතක 40

මට ඕන රස්සාවක් කරන්න ටීච

පළවෙනි වාර විභාගේ පටන් ගෙන තිබුණා. නිත්‍ය නිරීක්ෂක විදිහට ශාලාව⁣ට එබුනේ කම්මැළිකමෙන්ම තමයි. වෙනදාට කෑ ගහන පොඩි උන් මීයට පිම්බා වගේ නිශ්ශබ්දයි. හැමෝම අළුත් පංතියේ පළවෙනි විභාගේ . පුංචි පංති වල නම් තරඟය පළවෙනියා දෙවැනියා වෙන්න. එයාලා ලියන්නෙත් ෆයිල් එකෙන් මුණත් වහගෙන. ලොකු පන්ති වල දරුවො නම් සාමුහිකව ලියන්න ලොකු උත්සහයක.

මම ගුරු පුටු ව ඇඳගෙන වාඩි වුණා. ඒක හරියට හුස්ම ගණන් කරන්න පුළුවන් තරම් කාලයක්.

"නංගි නම් ටික ලකුණු කරමුද"

නාම ලේඛණ ඔක්කොම ළඟට ම ගෙනත් දිීපු සහෝදර ගුරුවරිය හිනා වෙලා ගියා.

මම නාම ලේඛන එකින් එක පියවමින් දරුවන් ඉන්නවාද බලමින් කම්මැළිකමට දර දිය ඇද්දා. ඔව් ඒ කාලය ටිකක් දිගයි. ඒත් එක පාරම ඇස් දෙක නතර වුනේ බිංදුව සති දෙකක් පුරාම වැටුණ නමක් ළඟ..

මේ දරුවා සති දෙකක්ම ඉස්කෝලේ ඇවිත් නෑ.මම මුළු ශාලාව පුරාම ඒ මූණ හෙව්වා. අදවත් විභාගෙටවත් ඇවිත්ද..

ශාලාවේ එහා කොණක පෑන කටේ ගහගෙන අනන්තයට හුස්ම යවන පොඩි එකී ඉන්නවා මං දැක්කෙ ඒ වෙලාවේ..

මම හෙමින් සැරේ ඒ පැත්තට ඇවිද ගෙන ගියා. ළඟට ගිහින් පේපර් එකට එබුණේ ලියල ඉවරද බලන්න.

එකම එක අකුරක්වත් ඒ කොළවල තිබ්බේ නෑ..

"පුතේ"

පොඩි එකී ගැස්සුණා. එතකොටයි මම දැක්කෙ වේලිලා ගිය කඳුළු පාර වල් කම්මුල දිගේ.

" ලියන්න.. පස්සෙ මාව මුණ ගැහෙන්න..."

මම එහෙම කියල ඔළුව අත ගාගෙනම එතැනින් අයින් වුනා.

මොකක් හරි ලොකු ගැටළුවක කෙල්ල ඉන්නවා කියන හැඟීම පපුව පුරවා දැනෙන්න පටන් ගත්තා.

විනාඩිය පැය ගෙවිල පේපර් එකේ අවසානේ දරුවෝ ටික මිටින් හළ කුරුල්ලන් වගේ විසිරෙන්න පටන් ගත්තා. එකම කාලගෝට්ටිය. පැය දෙක තුනක නිහැඬියාවේ වාඩුව ගන්න වගේ.

ඒත් මගේ කතා නායිකාව අවට ලෝකයේ කිසිම දෙයකට උත්තර නොදී නිහඬ කම රකිමින් එයාගේ තැන උන්නා.

"පුතා....."

"ටීච...."

"වටින් ගොඩ්න් අහන්නෙ නෑ ... ඔයා ඉන්න ප්‍රශ්නෙ මට කියන්න... යාළුවෙක් කියල හිතල..

"ප්‍රශ්නයක් නෑ ටීච"

මම පොඩි එකී ගේ අත අල්ලා ගත්තා. ඒ අත් වල තිබ්බේ ලොකු හීතලක්. ඒ එක්කම කෙල්ල අඬන්න පටන් ගත්තා.

"ඔයා අඬවන්න නෙවේ.. මට ඕනෙ ඔයාට උදව් කරන්න පුතේ"

"මට රස්සාවක් හොයල දෙන්න ටීච"

"ම්..ම්"

"මට විභාගේ ලියන්න ඕන.. ඒත් අම්මා ලෙඩින්. දැන් දළු කඩන්න යන්න බෑ... තාත්තා ට ඇවිදින්නම බෑ ටීච දැන්... මට ඉස්කෝලෙ එන්න හිතෙන්නෙ නෑ ටීච.. කෑම එකවත් මට දෙන්න එයාලට දැන් බෑ.. පංති යන්න කොහොමත් බෑ.. මට රස්සාවක් කරන්න ඕන ටීච... සමහරවිට අපි ඔක්කොම ඉන්න අළුත් අවුරුද්ද මේකද දන්නෑ ටීච.. මට හරි දුකයි.. රස්සාවක් තිබ්බ නම් අම්මටයි තාත්තටයි මම අවුරුද්දක් දෙනවා නේද ටීච"

හුස්ම හිර වෙන පපුව එක්ක මම පොඩි එකී ගාවින් නැගිට්ටා.. එ් මගෙ කඳුළු හංගගන්න

ගුරුවරියකගේ මතකයhttp://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.com16tag:blogger.com,1999:blog-2527365618782711255.post-20274381837631862982016-10-26T22:32:00.001-07:002016-10-26T22:32:13.731-07:00හරිත පාසල දෙසැම්බරයේ

හැමදාම පුංචි පුංචි දේවල් මම මගේ ඉස්කෝලේ ට කළා. ඒ මමත් මේ දරුවන් ගේම කෙනෙක් නිසා. මහාචාර්ය නන්දසේන රත්නපාලයන් මුලකුර ලියැවු මේ අභිමානවත් පාසල තුළ අද ඉන්නෙ ළමයි දෙසීය පනහයි. ඒ දරුවන්ගේ ජිවිත කතා අස්සෙ තියෙන සමහර කතා පපුව පුරවන වේදනාවන් . ඒත් මං මේ පුංචි උන්ට ආදරේ යි. වසර හයක සේවා කාලයක් උන් එක්ක හිටපු මට මේ ඉස්කෝලේ හැම හුස්මක්ම හුරුයි.

මේ පාර ඉස්කෝලේට වැඩක් කරමු කීවේ ලක්සිරි. අම්පාරේ ඉන්න වැලිමඩ උපන්ගම වුන මගෙ හිතවතා. වැඩේට අනික් පැත්තෙන් උදව් දෙන්නෙ බදූර්දීන් කපපු හැම ගහකම ණය ආපහු මේ පොළවට ගෙවන්න වගවුන ෆර්ෂාන් . බෑග් ටික මහන්න ෆර්ෂාන් බාර ගත්තා . එක බෑගයකට රුපියල් පන්සීයයි . සපත්තු වලට වවුචර් එකක් දෙන එක තමයි උචිත. මොකද දරුවන්ට අවශ්‍ය ප්‍රමාණ අපට නිවැරදි ව කියන්න බැරි නිසා. සපත්තු කීවමයි මතක් වුනේ. අදත් උදේ පොඩි උන් දෙන්නෙක් විදුහල්පති ගෙන් බැනුම් ඇහුවා සපත්තු නැතුව ආවට.. හේතුව මේ දවස්වල වැස්සට කැඩිච්ච සපත්තු දෙකත් තෙමිල. ඒ මදිවට තියෙන්නෙ එක මේස් කුට්ටමයි. .. පොත් තනිරූල් පහයි කොටුරෑල් පහයි පෑන් පහයි පැන්සල් දෙකයි මකන දෙකයි තමයි අපේ එක ළමයෙක් ට දෙන ලැයිස්තුව ...

මේ පාසලට මට මුල් අකුරු කියල දුන්න පෙරෙහෙට්ටිය ප්‍රාථමික යේ ඉන්න ළමයි පනස් දෙනත් එකතු කර ගන්නවා. ඒ දරුවන්ගෙ කතා වුනත් මහ හුගක් වෙනස් නෑ. සල්ලි තියෙන මිනිස්සු අමාරුවෙන් හරි තමන්ගෙ දරුවා නගරයට තල්ලු කරනකොට එදා වේල හොයා ගන්න මගේ උන් ගමේ ඉස්කෝලේ ..

ඉතිං මේ වැඩේට ලක්සිරි ට ෆර්ෂාන් ට වගේම උදව් කරන හැමෝටම පින්..

උන්ගේ ටීච විදිහට මට කියන්න පුළුවන් එච්චරයි..

මේ ඉස්කෝලේ හෝ ගාන පොකුණේ ගුරුවරු හුඟක් ඉන්නවා ..

ඒ අයටත් පින්..

හීතල දෙසැම්බරයේ අපි ආදරණීය උණුසුම එක්ක පැල ටිකකුත් ඉස්කෝලේ වත්තෙ හිටවනවා

ඔබ කැමැති නම් පැළයක් හරි අපිට දෙන්න ත් පුළුවන් ..

පළතුරු , ඖෂධපැළ වෙනවා නම් වටිනවා.

ගුරුවරියකගේ මතකයhttp://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.com6tag:blogger.com,1999:blog-2527365618782711255.post-46125608914300518612016-10-18T07:38:00.001-07:002016-10-18T07:38:55.846-07:00බැංකු පොත
දවස් දෙකක අසනීප නිවාඩුව අවසන් කරල ඉස්කෝලේට ගියේ කැමැත්තෙන් ම නෙවේ. තව එක දවසක නිවාඩුව අත්‍යවශ්‍ය වෙලා තිබුණා. ඒත් මම නිවාඩු රැදෙන එක තුළ පීරීයඩ් හතක දවසක අඩුව මකන්න බැරි හින්දා සාරිය ඇඟට දාගෙන ලහි ලහියේ දිව්වෙ ඇඟේ වෙහෙස අතහැරලා.

" ටීච අපි බැංකුවට සල්ලි ගෙනාවා"

මං ගේට්ටුව ළඟට එනකොටම පුංචි උන් පෝලිමක්. පහුගිය දා ඉතුරුම් වලට තෑගී දීපු නිසා ඉතුරුම් නොකරපු අයත් දැන් ඉතුරුම් වලට පෝලීමේ. හොඳ වැඩකට පුංචි අල්ලසක් දෙන එක පව් නෑ කියලා මට හිතුණ නිසා වැඩිපුර කෑම පෙට්ටි ටිකක් මම කාමරයේ තියාගෙන උන්නෙ. බැංකුවෙන් තෑගී විදිහට පොත් දෙකක් ලැබෙන කොට මගේ ගානේ මම කෑම පෙට්ටියක් එකතු කළා. රුපියල් දහයක් පොතට දැම්මත් මම ඒ තෑග්ග දුන්නා.

" ටීච.. මම පේෂලා ටීචට ඊයේ සල්ලි දුන්නා පොතට දාන්න "

" හරි පුතා මම බලන්නම්"

මඟ රැකගෙන හිටපු පුංචි එකා ට පිටට තට්ටුවක් දාන ගමන් මම මගේ කාමරයට අැඳුණා.

" ටීච... මම ඊයේ පේෂලා ටීචට පොතට සල්ලි දුන්නා"

ආයෙමත් පොඩි එකා දොරළඟ. මගේ පස්සෙන්ම ඇවිත්.

" මම ටීච ආවම අහන්නම් පුතා .."

මම උදෑසන වැඩ කටයුතු සුදානම් කරන ගමන්ම උත්තර දුන්නා. දොර දිහාවට ඇස් යොමු කරන්න තරම් වෙලාවක් මට තිබ්බෙ නෑ. සද්දයක් නැති නිසා මම හිතුවේ පොඩි එකා යන්න ඇති කියලා.

" ටීච... මම පේෂලා ටීචට ඊයේ සල්ලි දුන්නා පොතට දාන්න "

මම ගැස්සුනා . මගේ පිළිතුර ට වඩා දෙයක් ඒ දරුවට ඕන වෙලා තිබුණා. මම මේසේ උඩ තිබුණ බැංකු පොත් ටික පෙරළුවා.

චතුරංග .......

දරුවගේ පොත තිබුණා . රුපියල් තිහක් ඒ පොත අස්සෙ තිබුණා ..

" හරි පුතේ පොත තියෙනවා ... මං මේක බැංකුවට දාන්නම්"

ඒත් දරුවා හෙළවුනේවත් නෑ. ඇස් තිබුණේ කෑම පෙට්ටි දිහාවට.

මම මටම හිනාවුනා . පුංචි උන්ගෙ හිත් කියවන්න මම තාම උගත් නෑ. කෑම පෙට්ටියක් දරුවගේ අතට දීලා හිනාවුනා . දරුවගේ හිතේ තව මොනවද තිබුණා කියල දැනුණා. ඒත් ඒක මට කියවගන්න බැරිම වුනා.

තප්පර විනාඩි ගතවෙලා තුන්වෙනි කාලජ්ජේදය එන ඉක්මනින් පොඩි එකා ආපහු කාමරේ ළඟ.

" ඇයි පුතා"

"කියන්න ඇයි"

ගුරු මේසේ ළඟ පොඩි එකා ඇඹරෙනවා.

" ටීච... දැන් තියෙන්නෙ විද්‍යාව"

" ඔව් ඉතිං"

" විද්‍යාව පොත ඉවරයි"

" හ්ම් .. කවද්ද ඉවර වුනේ"

"ඊයේ"

" අම්මට කීවේ නැද්ද "

" කිව්වා.... ඒත් අම්මා ගාව දෙකකට දෙන්න මේ දවස් වල සල්ලි නෑ කිව්වා"

" මොකක්ද දෙක"

"බැංකුවටයි.. පොත ගන්නයි...අම්මා පොත ගන්න දීපු රුපියල් තිහ තමයි බැංකුවට දැම්මේ.. එතකොට ටීච තෑග්ග ට පොත් දෙකයි කෑම පෙට්ටියයි දෙනවනෙ... "

මං හිනාවුනා. ඒත් බැංකුවේ තෑගි ඒ වෙද්දි ඉවර වෙලා. මම කාමරේ හැම තැනම පීරුවා. එකම එක පොතක් .. ඔව් එකම එක පොතක් මගේ වාසනාව ට මට හමුවුනා.

පොත ගත්තු ගමන් ළමයි අතරේ පොඩි එකා හැංගිලා යනවා මං බලාගෙන

ගුරුවරියකගේ මතකයhttp://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.com10tag:blogger.com,1999:blog-2527365618782711255.post-49345013277793670542016-10-15T06:06:00.001-07:002016-10-15T06:06:42.467-07:00ස්තුති
රත්තරනේ ..

උඹලා... පට්ටයි.. මාරයි...

මං ඉන්නෙ ..දුර

දෙවියන් මට වරයක් දෙනවනම්

මං ඉල්ලන්නෙ

නුවරට ඉගිලෙන්නට මට අත්තටු ..

කොළඹ විශාකා

රත්නපුරේ සීවලී

වගෙ ලොකු ඉස්කෝල එක්ක දුවපු අද උඹලා මූලික වටයෙන් දෙවැනි තැන ට ඇවිත්

හාරසීය හතර සහය තරඟයෙන්...

මම හතරට කෝල් කළා

නුවරට මහ වැස්ස

පහට ගත්තා ..

තාම නෑ කිව්වා..

හයට උඹල දිනුම්...

හෙටත් දිනපල්ලා කෙල්ලනෙ..

ස්තුති දීපු හැම සහයකටම බුකියේ..

මාසයක් පුරා උන්ගෙ හැම අවශ්‍යතාවයක්ම සැපිරුවේ බුකිය.

අවශ්‍ය සියළුම ඇඳුම්

පෞද්ගලික ඇඳුම් පවා සැපයුවේ ඔබ..

කෑම වේලක ගුණ සපිරි

බර පැන දැරුවේ ඔබ..

ක්‍රීඩා උපකරණ දුන්නෙ ඔබ..

ඔබ පැතු හැම සුභ පැතුමක්ම

ආශිර්වාදයක් වී අපේ කෙල්ලන්ට

හේතුවක් වු බව ද ලියමි..

හෙට ෆයිනල්..

එත් අපි දැනටමත් දිනුම්

ෆයිනල් ඇවිත් නැ

කවදාවත් අපේ ඉස්කෝලේ කවදාවත් ..

මේ පාර උඹල ආවා..

ක්‍රීඩා ගුරුවරිය නොවුනත්

ආදරණීය සෙන්ට්‍රල් සෙනෙහස වුන ක්‍රීඩා ගුරුවරිය මගේ හොඳම මිතුරිය වු නිසාම

කිසිම ක්‍රීඩාවකට කැමැති නැති මම

උඹල එක්ක පුළුවන් හැම තැනම ආවා..

ෆැක්ට්‍රීස් කරන්න දන්නෙ නැති වුනත් දුවපල්ලා කියල බැන්නා..

චොක්ලට් එකක් වෙනුවෙන් ඔට්ටු තියලා උඹල එක්කම පුංචි එකෙක් වුනා..

උඹලටත්

ආදරණීය පුහුණුකාරිනිය චම්පා ටීචටත් ස්තුති ..

අවසානයේ අසම සම සතුටක්...

දිනල වරෙල්ලා හෙටත්..

මං තොරණ් ගහනවා උඹලට

ගුරුවරියකගේ මතකයhttp://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.com10tag:blogger.com,1999:blog-2527365618782711255.post-60874330821701220212016-10-03T21:50:00.001-07:002016-10-03T21:50:07.821-07:00කොළඹ වටේ
ගේට්ටුව ළඟ කම්බි වැටට එහා පොඩි එකී අතුගානවා. මං අහක බලාගත්තෙ ඇයි කියල මම දන්නෙත් නෑ. පොඩ්ඩක් ආඩම්බර වෙන්න හිතුණා . එච්චරයි .

" ටීච"

"ගුඩ් මෝනීං"

" ගුඩ්මෝනිං පුතේ.... කියන්න "

" කියන්න දෙයක් නෑ.... සහතිකයක් හම්බ වුනානේ"

" ඉතිං ඒක කියන්න දෙයක් නෙවෙයිද"

" නෑ .... ටීච දන්නවා නෙ මං දිනුම් කියලා.... ඒත් ටීච අතින් සහතිකය ගන්න තිබ්බ නම් හොඳයි"

" ඒ මොකද... "

" කවුරු කීවත් නැතත් ටීචනෙ මාව ෆැක්ට්‍රීස් කරන්නෙ"

මං හිනාවුනා.

" මට කාගෙන්වත් ප්‍රශංසා එපා පුතේ"

අම්මා තාත්තා හයිය ජිවිතේට නැති උඹේ මේ දක්ෂතාවය මට වටිනවා මහ හුඟක්

" සමස්ත ලංකා තරඟ අට.. ඒකත් දිනපං..."

" ටීච මාව කොළඹ වටේ එක්ක යනවද එදාට... මම ආසයි කොළඹ බලන්න ... මං කවදාවත් ගිහින් නෑනේ.."

උඹ දන්නෙ නෑ පුතේ පර්ස් එකෙ තියෙන ගාන. ඒත් මම උඹ දිනුවත් නැතත් කොළඹ වටේ රවුමක් එක්ක යනවා. ඇයි දන්නවා ද..

උඹට අම්ම නැති අඩුව තප්පරයෙන් දශමයකවත් තියන්නෙ නෑ

ගුරුවරියකගේ මතකයhttp://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.com3tag:blogger.com,1999:blog-2527365618782711255.post-46226634042207426432016-09-19T03:25:00.001-07:002016-09-19T03:25:19.590-07:00මම දිනුම්

කහත්තෙවෙල පංසල පේන මානේ. ඊට එහා කදු වළල්ල තව ටිකක් පේනවා නම් කොයිතරම් නම් හොඳ ද.. උඩු මහළට ටිකක් හුළඟ සැරේට දැනෙනවා. හිරිගඩු පිපෙන්නෙ ඉඩ නැති වෙයි කියල තරඟෙට වගේ.මං ජනේල් පියන හෙමිහිට වැහුවා. ශාලාවේ ඉස්සරහම හිටපු මම හොරෙන්ම පිටුපස බැලුවා. හැමෝගෙම ඇස් තිබුණේ පේපර් එකෙ. සමහරු ගජරාමෙට ලියනවා. මම විතරක් ලියන්නෙ නැතුව අහසට ඇස් විසි කරනවා. මම වෙලාව බැලුවා. එකොළහට ළඟයි. කෙල්ල දැන් කතා කරල ත් ඇති. දිනුම් ද දන්නෙ නෑ. හිතේ එක එක ප්‍රශ්න. ඇත්තටම මට පේපර් එකට ලියන්න කරුණු නැ. පහුගිය දවස් ටිකේම මේ තරඟයට කෙල්ල පුහුණු කරන්න මහන්සි වුනා මිසක් මට පොතක් බලාගන්න වෙලාව තිබුණෙ නෑ. පෝය දවසෙත් හතර වෙනකම් මම හිටියේ කෙල්ලත් එක්කම. ඒක විවෘත තරඟයක්. උසස්පෙළ දරුවනුත් ඒ තරඟය තුළ හිටියා. ජාතික පාසල්, පවා ඒ තරඟයට ඇවිත් තිබුණා. ඒ නිසාම කෙල්ලට ඕන වුනෙ දිනන්නමයි.

" ටීච මට පළාත් එකෙනුත් පළවෙනියා වෙන්න ඕන.. එතකොට මට පුළුවන් කියන්න පළාතේ හොඳම කථිකයා මම කියල"

දිස්ත්‍රික් තරඟෙ දිනල ඇවිත් කෙල්ල කිව්වෙ එහෙම.

" දිනපං ඉතිං"

එහෙම කියල මම හිනාවුනා විතරයි. වැඩිහිටි දින තේමාව යටතේ තමයි තරඟය. ඒත් වැඩිහිටි පරම්පරාවෙන් වැඩිපුරම බැට කාලා තියෙන මේ කෙල්ල ධනවාදී කතා පූරක සපයයි කියල කොහොම හිතන්න ද. අම්මා ඉස්පිරිතාලෙ ඉදන් ගෙදර එනකම් පුංචි කාලේ බලන් හිටිය පොඩි එකී ලොකු ළමයෙක් වුනදා අම්මා ඉස්පිරිතාලෙ ඉදන් එනවා.

" අපේ අම්මට සනීපයි දැන්"

කෙල්ල එහෙම කිය කිය නටපු අතීතය මට තාම මතකයි.ඒත් ඒ කිට්ටුම දවසක අම්මා නැතිවෙනවා. ඊටපස්සෙ තැනින් තැන. ඉන්න ගෙදර හැම වැඩකම උදව්වෙවි ගෙවුණ ජිවිතය.. අහපු කතාන්දර. තනිකම දුක. ඒ හැමදේම විඳගෙන ගෙවන මේ ජිවිතය .

" තාත්තා අප්‍රේල් වලට ආවට පස්සෙ මම තාම දැක්කෙ නෑ. දැන් ඉන්නෙ පුංචි ළඟ නිසා මට බය නැ. ඒත් මගේම කියල කවුරු හරි මාව බලල යනවා නම් ටීච මම ආසයි."

වෙලාවකට එහෙම කියවන පොඩි එකීට දෙමාපියන් ගැනම කතා කරන්න මාතෘකාව ලැබුණ කියල කෙල්ල එක්කං ගිය ටීච කෙටි පණිවිඩයක් එවල තිබුණා.

මම පේපර් එක මේසෙ උඩ තියල නැගිට්ටා. බොරුවට කාලෙ නාස්ති නොකර කෙල්ල ගෙ තත්ත්වය හොයන්න මං කෝල් එකක් ගත්තෙ තරප්පුපෙළ බහින ගමන්මයි.

"ආ මේ ඔයාද..විශාකා. අපි කෝල් කරන්න ට්‍රයි කළා. ඒත් වැඩ කළේ නෑනේ.."

" කියන්න ටීච..මොකද වුනෙ තරඟෙට"

පුංචි වෙලාවක් ගියා. ආපහු ඇහුනෙ කෙල්ලගෙ හඬ.

" ටීච"

"මොකද වුනෙ පුතා... තරඟෙ රිසාල්ට් කිව්වද"

"ටීච ට හිතෙන්නේ කොහොමද ... රිසාල්ට් ගැන"

මං හිනාවුනා. මං තරම් දන්නෙ වෙන කව්ද කෙල්ල ගැන.

" උඹ පළවෙනියා..... එච්චරයි ..."

" ඔව් ටීච.. මම දිනුම්"

ගුරුවරියකගේ මතකයhttp://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.com9tag:blogger.com,1999:blog-2527365618782711255.post-23107381597390479332016-09-16T04:02:00.001-07:002016-09-16T04:02:11.953-07:00දිනපං
හුගක් අය පංසලේ

තවත් අය ට්‍රිප් එකක

තවත් අය පවුලත් එක්ක

ඒත් මම

උඹ එක්ක

අද නිවාඩුව උගස් කර ඇයට

නිල නොලත් රාජකාරිය

කරන්නෙමි මම..

දිනල වරෙන් හෙට..

මම ඉන්නවා මඟ

පැරදුනත් පැරදීයන්

සටනකින් පසු

මතක හිටින

ගුරුවරියකගේ මතකයhttp://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.com10tag:blogger.com,1999:blog-2527365618782711255.post-58295403016890743162016-09-06T23:12:00.001-07:002016-09-06T23:12:09.002-07:00අම්මා
මේ කවිය ලියන්නෙ දැන්ය. ඇය කතාවට සුදානම්ය. මාතෘකාව වැඩිහිටි හා ළමා දිනයය. එයට සූදානම් වන්නට මා හා ඇය සටනේය. ..

මා වැඩිහිටියා ගෙ දෙමාපියන් ගෙ වැදගත්කම කීවෙමි. අපේ බිළිඳු විය ඇගෙ මනසේ සිත්තම් කළෙමි.

ඇය මහා හඬින් හැඩුවාය...

වරද මගේය...

අම්මා කෙනෙකුගෙ අගය ඇය තරම් දන්නෙ කව්ද..

අම්මා නැති ඇයම මිස

ඇස් අඩවන පාට එක්ක

හිත රිදවන මතක ඕන.

අම්මෙ මට කියාදෙන්න

හුස්ම ගන්න ජිවිතයට....

හරි ලස්සන හීන තියෙන

සමනළීයක් හිටියා

ඒ සමනළ් ජිවිතේ ට

අම්මත් මගෙ හිටියා..

එක දවසක් මහ හයියෙන්

කුණාටු වැහි වැටුණා..

මගෙ අම්මගෙ හුස්ම ගිහින්

නැවතුන තැන නැතුවා...

පපුවෙ මුව උලා උලා

උණුසුම මම වින්ද

අම්මෙ මට එක දවසක්

අතීතයෙන් දෙන්න..

මිහිදන් වුන තැන තියෙනවා

නිදි කුම්බා ගොන්න

මටත් ඕන ඒ අසළම

නුඹෙ ළඟින් ඉන්න..

අප්පච්චිට මතකම නෑ

මල්ලි ත් මගෙ ළගකින් නෑ

පවුලක සුව සෙනෙහස නෑ

ඔබ ගියාට පසුව

මගෙ හුස්ම මම දෙන්නම්

අම්මෙ යළි එන්න...

ගුරුවරියකගේ මතකයhttp://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.com7tag:blogger.com,1999:blog-2527365618782711255.post-69731542932352879962016-09-04T01:42:00.001-07:002016-09-04T01:42:29.566-07:00තාත්තා ගෙ නම

සුන්දර වුවත් ඉතාම ග්‍රාමීය ඒ පාසලට පැමිණෙන බොහෝ දරුවන් ගොවි දරුවන්ය. සමහර බෝග සිටුවන දාට , බෝග එකතු කරනදාට දරුවන්ට පාසල් ඒමක් නම් නැත. එදා දවසට හිස් පුටු ගණන වැඩිය. ගොයම් කපන කාලයට නම් දරුවන් කොහෙත්ම එන්නෙ නැත. පිදුරු ගොඩේ කොන්ඩිත්තන් ගසන්නට , මී ගවයන් පසුපස දුවන්නට මෙන්ම මැඩවුම් බත කන්නට දරුවන් ප්‍රියය. මට එහි අරුමයක් නැත. මගෙ ළමා කාලය ගෙවෙන්නේද එසේමය. ගොවි දරුවෙක්ව ඉපදුණ මම හෙල්මැලි කුඹුරු පහළ ඕනෑතරම් රෝන්ද ගසා අැත්තෙමි. ගොයම් පැළ තවානෙන් ගොයම් පැළය ගැළවෙන විට අතට දැනෙන හා කණට ඇසෙන සියුම් රසවින්ඳනයේ අපූරු බව විඳ ඇත්තෙමි. අනෙකාගෙ ඇඟට මඩ විසිවෙන ලෙස ගොයම් මිටි ලියදී වලට උඩින් පියඹා යවා ඇත්තෙමි. අනෙක් දඟම වැඩේ නම් ඇඳුම යටින් මඩ ඉහී යන යන පරිද්දෙන් උදැල්ලෙන් ලියදී වල ඇති ජලය කැළඹීමේ පුරුද්දය. ගොයම් කපන කාලයටත් එය පොදුය. පිදුරු ගොඩ දිව්‍ය සැපය. කොන්ඩිත්තම් ගසා බෙල්ල උලුක් වන තුරුම නටන්නට අප හපන්ය. මී හරක් පසුපස දිවීම, ඔවුන් ශරීර කෘත්‍යයන් කරන විට පිදුරු ඇල්ලීම මහා වීරකම්ය. ඉතිං මේ දරුවන්ට දැන් ඒ තරම්ම නැතත් ලැබෙන වින්දනයට හෝ ඉඩක් තිබිය යුතු බව මා විශ්වාස කරමි.

කළින් දවසේ පංතියට පැමිණි නැති අයගෙන් නිදහසට කරුණු ඇසුවේ ඔවුන්ට වඩා ඒ කරුණු දැනගෙනමය. පුරුද්දට ඔවුන් විමසීමට මම සිතා උන්නෙමි.

" චන්දන... මොකද ඊයේ ආවෙ නැත්තෙ"

"කුඹුරේ ගියා..ටීච"

" කෝ ලියුම.. ආවෙ නැත්නම් අම්මල ලියල එවනවනෙ"

" අමතක වුනා ටීච.... "

" ඊළඟ දවසේ ගෙන්නනවා මං තාත්තව ඉස්කෝලේට ...

දරුවා කතාවක් නැත. ඒ හිතුවක්කාරකම සමඟ ඇති දඟකාරකමටය. ඕනෑතරම් ඒ මායම් මම දැක ඇත්තෙමි.

" කියන්න මොකක්ද නම තාත්තගෙ"

" කට්ට මහතු"

" මොකක් .. විහිළුවට ගන්න එපා පුතා.. කියනවා තාත්තගෙ නම.. සම්පූර්ණ නම"

" ඒක තමයි ටීච... ආරච්චි මුදියන්සේලාගේ කට්ට මහතුන්..."

සිනාසෙන්නට අවැසි වු නමුත් පිපිරෙන තරමට තරහක් මවා ගත් මම ඔහු දෙස බලා උන්නෙමි.

" ඉතිං ඇත්ත තමයි ටීච.... ගමේ ඔක්කොම උන් අපේ තාත්තාට කියන්නෙ කට්ට මහතුන්"

සඟවා ගත් සිනහව මහා හයියෙන් පිපිරි යනු නොදී මම පංති කාමරයෙන් එළියට ආවෙමි.

ගුරුවරියකගේ මතකයhttp://www.blogger.com/profile/05565655549377676414noreply@blogger.com9