අම්මගේ අත් දෙක.....
තාත්තගෙ උරහිස
*******-****-**------***
මේ මගේ අම්මාගේ අත් දෙක..
අවුරුදු පහළොවක් වත්තෙ දළු කඩපු අත් දෙක..
ඒත් තාමත් අයින් වෙලා නොගිය තේ කහට පැල්ලම්
කවදාවත් යා නොවෙන්න
හීතලටම පුපුරලා ගිය ඇඟිලි..
ඔව් මං එහෙම ආඩම්බරකාර අම්මෙක්ගෙ දුවෙක්.
එක වේලක්වත් අපිව බඩගින්නෙ නොතියා
ඒත් ඇය බඩගින්නෙ හිටපු..
කාටවත්ම අත නොපා ඒත් අනුන්නටම කඹුරපු
අපට ලස්සනට පිළිවෙළට අන්දලා
වැරහැල්ල ටම සින්න වුනු
බණ්ඩාරවෙල සුපිරිම ඉස්කෝලෙට අපි යවලා
එයා වත්තෙ වැඩට ගිය
අතීතයක් කතා කරන මේ සේයාරුව
මම කැමැතිම
වඩාත්ම කැමැතිම ජායාරූපය...
තාත්තගෙ අත් දෙකත් මෙහෙමම තමයි..
ඒත් තාත්තගෙ රළු වෙලාම තිබුණේ උරහිස..
ඉස්කොලෙ පහේ පංතියට යනකම්ම තුන්දෙනාම
තුන්පාරට
උර උඩ තියාගෙන
පෙරහෙට්ටියෙ කන්ද නැංගේ තාත්තා..
මල්ලිත් පහේ පංතියෙන් ලොකු ඉස්කෝලෙකට යනකොට
මම ආය කවුරු වඩාගෙන මේ කන්ද නගින්නද
ඉකිබින්දේ තාත්තා..
අදත් වැඩ ඇරිල මං එනකං
ඉස්කෝලේ ගේට්ටුව ළඟ ත්‍රීවීල් එක නවත්වන් ඉන්නෙත් තාත්තා..
උදේම ගියාම ආය එළිවෙන පාන්දර වෙනකං තෙත බරිත හෝටු කුරුල්ලෙක් වගෙ
තේ දළු මුට්ට එහාට මෙහාට ඇද්ද තාත්තා..
මං එහෙම ණය නැති තාත්තෙක්ගේ දරුවෙක්..
ඒත් මගෙ අම්මා නූගත් ගෑණියෙක් නෙවෙයි..
පංතියේ හැමදාම පළවෙනියා වුන නිසා වෙලපනියා කියල කාඩ් එක ගහ ගත්ත
ඇස් දෙක පේන්නැති අම්මට බැරි නිසා ජ්‍යෙෂ්ඨෙ ඉස්කෝලේ යන්න රුපියලක් නැතිව
ජිවිතය නතර කරගත්ත ගැහැණියක්....
මගෙ තාත්තා කැම්පස් එකට තේරිලත් ඇදගෙන යන්න කලිසමක් නැතිව
ජිවිතය නතර කර ගත්ත මනුස්සයෙක්...
ඉස්සර අම්මලා කියනවා
කවුරු උඹලට දෙයක් දෙයිද කියල...
මම අද මගේ දරුවන්ගෙන් දකින්නෙ මම...
ඒ දරුවන්ට
අසරණකමට නෙවෙයි
මම ආදරේ නිසා
සපත්තු ජෝඩුවකට
බෑගයකට
පොත් පත් ටිකකට
බර පැන එක්ක
ආදරය දෙමුද....
දවසක රට කරවන අතක්.. මනුස්සකම දත්
මේ දරු අතර නොසිටී යැයි කිව හැකිද