මේ ඉන්නෙ කුරුකුදේ සාරිපුත්ත නම ලෝකයට ගෙනියපු කඟවේනියෝ හතර දෙනා. මුන් ටික දුවනවා කීවම සමහරු බය වෙනවා. ජව සම්පන්න ධාවනයන් ඉදිරියේ පුංචි ශරීර කූඩු එක්ක දුවන මේ දරුවන් දැක්කම ඇස්වලට කඳුළු එනවා සත්තයි. මේ පාර සීය හතර, හාරසීය හතර දුවන්න ගියපාර වගේම සමස්ත ලංකා තරඟවලට යන්න මේ දරුවන් සූදානම්. මතක් කරන්න ඕන. මේ දරුවන්ට ගිය අවුරුද්දේ පළවෙනි ධාවන සපත්තු යුගලයක උරුමය ලැබුනෙත් මගේ ෆේස්බුක් මිතුරන්ගෙ මනුස්සකම සහය නිසා. ඒ වගේම ඔවුන්ගේ ගමනේ සියළු වියදම් සහ පුහුණුව අතර තුර බස් ගාස්තුව පවා. ඒ අතර මට මතක නම් අතර Supun J Wedasinghe, Pubudu Wanigasinhe, hemal matharage හා Anubha Arundathie Wijerathna යුවළ, මගේ ගුරු ජීවිතය තුළ හමුවු පළමු සිසු කණ්ඩායමේ පල්ලෙබැද්ද ඉස්කෝලේ හිටිය Manjula Nuwan Senevirathne, අදත් පාසලේ දරුවන් දෙදෙනෙකුට මසකට දෙදහක ශිෂ්‍යත්ව මුදලක් ලබාදෙන Channa Hettiarachchi තියෙනවා . සමහර නමක් මඟ හැරුණා නම් සමාවෙන්න ..
මේ දරුවන්ට පුහුණුව දෙන්නෙ බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ 98 කණ්ඩායමේ චම්පා නිල්මිණි . ඒ කැපවීම පුදුමයි. කුමන බාධක මැද වුනත් , කිරි දරුවා ඉකි ගගහා අඬද්දී හැමදාම උදේ හයවෙන කොට පිට්ටනියේ මේ දරුවන් එක්ක ඇය දකින්නට පුළුවන් . පිංතූරේ මැද ඉන්නෙ ඇය.දෙවියන් සම ගුරුවරුන්ට ඇය කදිම උදාහරණයක්. ඇය අද උදේ මං ගාවට ආවා
" නංගි උදව්වක් ඕන"
" ම්හ්.. කියන්න අක්කා "
" කරදර කරනවා නෙවේ.. මට ඔක්තෝබර් තරඟ .. මේ කෙල්ලොන්ට කාගෙන් හරි උදව්වක් අරන් දෙන්න.. දන්නවා නෙ දරුවන්ට ලොකු වියදමක් දරා ගන්න බෑ.. සර්ට කරදර කරන්නත් බෑ.. යන්න වාහනේ සර්ගෙන් ඉල්ලන්න ඉන්නෙ.. මට මේ දවස් ටිකේ මුන්ට පෝෂණය පිරුණ ආහාර ටිකක් දෙන්න උදව්වක් හොයල දෙන්න... ලොකු පිනක්"
ගුරුවරියකගේ නොව මවකගේ සංවේදීතාවය ඒ ඇස්වලය.
විශ්වාස කරන්න .. ඔවුන් චීස් කෑල්ලක් කන්න දන්නෙ නැත. කිරි වීදුරුව අරුමයකි. මාංශ සමඟ අහර කලාතුරකින් ලැබෙන දිව්‍ය බොජුන් සරිය. ඇට වර්ග බණ්ඩාරවෙල ට ගිනි ගණන්ය.එක ව්‍යාංජනයක් සහිතව ලැබෙන එකාකාරී අහරක රස ඔවුන්ට අවශ්‍ය ජවය දෙන්නෙ නැත.
සපත්තු දෙකද අවුරුද්දක් පරණය.
දහඩිය ගඳ සමඟින් දිනපතා අඳින්නෙ එකම ට්‍රැක් කිට්ය.
ඔබට හැකිනම් සහය වෙන්නට..
හැකියි ඒ ගුරුවරියගේ හීනය ඉටුකරන්නට