කාලෙකට පසු දරුවන් ට අළුත් බලාපොරොත්තුවක් ලැබී ඇත. නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක් නොපැවැත්වු බැවින් මෙවර ළමයින්ට අධ්‍යාපන චාරිකාවක් යාමට හැකි බව විදුහල්පතිවරයා දැනුම් දුන් පසු එයට ලක ලැහැස්ති වන දරුවන් ට වැඩ වැඩිය. දින ළං වත්ම නොඉවසිලිමත් ආසාව නිසා පැවරුම් අතපසු වීම්ද ඉතා ඉහළය.
සංඛ්‍යා පාද පාඩමේ ක්‍රියාකාරකම් පැවරුමක් ලෙස කරගෙන එන ලෙස සිසුන් දැනුවත් කළේ පාඩමේ සියළු අහුමුළු ද හාරමින් දරුවන්ට පැහැදිලි නිරවුල් අවබෝධයක් ලබා දීමෙන් අනතුරුවය.
" දීපු වැඩ කරගෙන ආවනෙ"
එක පීරියඩ් එකක් පමණක් වු බැවින් මම ඇසුවේ පාඩමේ අනෙක් කොටසට යාමේ බලාපොරොත්තුවෙනි.
දෙදෙනෙකු හැර අනෙක් දරුවන් පැවරුම කළ බවට සංඥා දුන්නහ.
" ඇයි ඉසුරංග මොකද ප්‍රශ්නේ"
" තේරුන් නෑ ටීච"
" හ්ම් හරි ... එතකොට එල් එස් ඩි , එම් එස් ඩි තේරුන් නැ කියන්නකො. එතකොට අර සංඛ්‍යා පාද ටික...ඒ ටික තේරෙනවානේ"
"..................................."
" එතකොට රශ්මික"
" මුල් ටික හදපු නැති නිසා අනිත් ටිකත් හදන්න බැ හිතුණා ටීච"
" ඒකත් එහෙමද... හරි මම මුල් ගණන් ටික
හදන්නම්කෝ. ඊට පස්සෙ බලමු ඔයාලා හදන හැටි"
මම එකින් එක ගණන තේරුම් කරමින් යළිත් සෑදුවෙමි.
සියලු ගණන් මම ම සාදා ඇති බව මට වැටහුනේ පසුවය.
" ඔයාලා නම් නියම ළමයි. කොහොමහරි මට කියලම ගණන් ටික හදවා ගත්තා නේද"
" මේකනෙ ටීච.. දක්ෂතාවයට අපි ඉඩ දෙන්න එපැයි"
එල...
ReplyDeleteදක්ෂ දරුවෝ නේ?
ReplyDeleteමුල්වර ඉගැන්වීම ප්‍රතිඵල රහිත නිසා දෙවන වර උත්සාහ කිරීම කළ යුතු දෙයක්.
ReplyDeleteඅපි එහෙමයි. එක්කෙනෙක්ට නොතේරේනවා නම් ඒ පාඩම එතැනින් එහාට යන්නෙ නැ. පුළුවන් වෙනකං මොන ක්‍රමයකින් හරි කරන්න ට්‍රයි කරනවා .
Deleteහැමෝම අරන් යන්න බලනවා.
බැරිම තැනකදි ඉදිරියට යනවා මිසක.
ළමයාට උගෙන ගැනිමට උනන්දුව තියෙනවා නම් ගුරුවරයා හැම තප්පරේකම ළමයා එක්ක
මෙදා පාර ළමයි ටික ටීචර්ව අන්දලා....හික් හික්..
ReplyDelete