අප්‍රේල් අවුරුදු නිවාඩුව අහවර ව පාසල ආරම්භ කළ පළමු දවස තරමක් කාර්යබහුලය. පොඩි උන් අත බුලත් හුරුළුය. බුලත් ගෙනෙන්නට අමතක වූවන් බුලත් ගෙනා අය පසුපස ය. සමහරු උස ගිහින්ය. අළුත් ඇඳුම් සමහරුන්ට ඇත. සමහරු නම් පරණ කහට පිපුණ ඇඳුමමය. තෙල් බේරෙන හිස අතගා බුදුසරණයි කියනතුරු සමහරු හිස ඔසවන්නනේද නැත.
" ටීච ව නම් පාට වැටිලා"
දඟකාර හඬක් මතුව නෑසී ගියේය.
"අවුරුදු නේ ඒකයි...පුතේ"
" නෑ... නෑ.. අපිට ආරංචියි"
තේරෙන වයසේ පොඩි උන් ඔච්චමට සිනාසෙන්නෙ අැයිදැයි දන්නා නමුත් ගාණකට නොගෙන මම ඔවුන්ගෙන් ඉවතට ඇදුනෙමි.
පරිගණක ශාලාවේ කෙළවරක ගිය වසරේ සාමාන්‍යපෙළට පෙනී සිටි ගැහැණු දරුවෙකු කණුවට හේත්තු වී උන්නාය. ඇයගෙ දෙනෙත් කෙළින්ම මා වෙත එල්ල වී තිබුණ නමුත් එහි සැගව තිබු කතාව මට ප්‍රේහෙලිකාවක් විය.
" මොකද අනූ .... ඇයි මාව හොල්මනක් වගේද"
" නෑ ටීච හැඩ වෙලා"
" ආ ඒකද... කොහොමත් අපි හැඩයිනෙ..."
ඇයගේ පිටට තට්ටුවක් දමාගෙන මා කාමරයට ඇතුළු වන්නට සූදානම් වු විටම මගේ සාරි පොට කිසිවෙකුගේ ග්‍රහණයට ලක් වු බව දැනී මා පිටු පසට හැරුනෙමි.
ඒ ඇයය. තවමත් ඇයගේ බැල්ම මටය.
" ඇයි පුතේ.. මොකද මේ.. ප්‍රශ්නයක්ද.
නැත්නම් වෙන මොනව හරි දෙයක්ද"
" නෑ ටීච... මහ හරි සතුටුයි.. ඒ වගේම මට හරි දුකයි"
"මොකක්ද කාරණේ"
" ටීච බඳිනවා නේද ළඟදි"
මම සිනාසුනෙමි. කාටවත් දැන් එහි රහසක් නැත.
" ආ ඒකද මේ... හරි දුක මොකටද එතකොට දුක"
ඇය මොහොතක් නොසන්සුන් නිහැඩියාවක උන්නාය.
" අනූ".
" ටීච එතකොට දුරස් වෙයි.. ඒක මහා අමුතු දෙයක් හිතට.. හරියට ටීච හොරු අරන් යන්න වගේ"
මම කිසිත් නොකියා ආදරණීය ටොක්කක් ඇයට දී කාමරයට එබුනෙමි.
සුභපැතුම්
ReplyDeleteඒ සුබ ආරංචිය කිව්ව විදිහත් අපූරුයි....මගෙත් සුබ පැතුම්!!
ReplyDeleteඅපෙනුත් සුභපැතුම්.
ReplyDeleteසුභ මංගල්‍යයක් වේවා..!!
ReplyDeleteඊලඟට ඔය දරුවො පොරකන්නෙ ටීචගෙ බබාලා හුරතල් කරන්න.ඔන්න බලන්න නැද්ද කියල හා..
ජයවේවා..!!
ආව පළවෙනි දවසෙම සුභපතලා යන්න ලැබුනට සතුටයි.
ReplyDeleteආයෙත් සුභ පැතුම්..
පුංචි උන් ඔහොම තමයි
ReplyDeleteඒ විවාහයට අපේත් සුබ පැතුම්
Deleteවිවාහයට සුබ පැතුම්..!
ReplyDeleteall the best girly...
ReplyDeleteසුබම සුබ අනාගතයකට ටීචට මගෙනුත් සුබ පැතුම්. ජය වේවා !!!
ReplyDeleteසුබ පැතුම් ටීචර්.. ටීචර්ගෙ සමාජ සත්කාරවලටත් එහෙනං ඩබල් වෙලා උදව් හම්බ වෙයිනේ.. සුන්දර අනාගතයකට ආදරෙන් සුබ පතනවා..!!
ReplyDeleteමේ පැත්තට ගොඩ වුනේ අදයි, ඒ ගමන සුබ පැතුමක් එක් කරන්න ලැබීමත් විශේෂයක්.
ReplyDeleteසුභ පැතුම්...
ReplyDeleteසුබ පැතුම්
ReplyDeleteලස්සනට කෙටියෙන් පණිවිඩයක් දීලා.
ReplyDeleteමෙන්න මගෙන් තෑග්ගක්
සුභ පැතුම් ආදරයෙන් පිළිගන්නවා.
ReplyDeleteස්තුති ඔබේ ආදරයට
ජයවේවා චීච
ReplyDeleteඅපේ අම්මිට ඉස්කෝලෙ පොඩිවුං හෙණ ලව්...
එයා වටේ පොඩිවුන් එකතු වෙන්නෙ චීච චීච කියාගෙන...
ලොකූ පැමිණිලි අරං අම්මි වටේ වට වෙනවා...
පොල්කිච්චා නං ඉස්කෝලෙ යන කාලෙත් ලස්සන ටීචර්ලට හිතෙන් ලව්. ඒකනෙ පොල්කිච්චිව සහේට ගත්තෙ. මේ කතා කියවද්දි ඒක මතක් වුණා.
ReplyDeleteසුබ පැතුම් ටීච....
ReplyDeleteපමා වෙලා හරි ඔබට සුබ පැතුම් එක් කරන ගමන් ඔබේ මේ පොස්ට් එක නිසා මගේ පාසල් මතකය මේ විදිහට මම ලිව්ව, වෙලාවක් තිබ්බොත් කියවලා බලන්න.
ReplyDeleteනිම්නිගෙ ඔත්තුවකට ගොඩ වුණෙ. ඉස් ඉස්සරෝම සුබ පැතුම් ඔන්න
ReplyDelete