නත්තල් සීයා..
****************-**---*******
නිවාඩුවට කඩේ පැත්තෙ පොඩ්ඩක් යන්න පාරට බැස්සෙ කම්මැළිකමටටම. පොඩි සීතලක් එක්ක අමුතු ම හැඟිමක්. එහෙම දැනෙන්නෙ නත්තල් කාලයට විතරමයි.
පිණිකුඩු වැස්ස ත් එක්ක..
"වොන්ඩබා අයිස්ක්‍රීම් එකක් කකා යන්න තිබුණා නම්"
ඉස්සර ඉස්කෝලේ යන කාලෙ අපි යාළුවෝ හය දෙනා මේ කාලෙට කරන එක පිස්සු වැඩක් මතක් වෙලා මට තනියම හිනා ගියා.
ගැහෙන හීතලේ වැඩිපුර ම වොන්ඩබා කන්න අපිට තිබුණෙ මහා පෙරේතකමක්.
"ටීච..."
මම මගේ මනෝලෝකයෙන් එපිටට ආවේ පුරුදු කටහඬකට.. ඉස්කෝලේ පොඩි එකෙක් හති දාගෙන දුවගෙන එනවා මං දැක්කෙ එතකොට .
"ආ.. මේ කොහෙද යන්නෙ පුතේ"
" කඩේ.. කඩේ..."
"ම්...හති දාගෙනම"
"ටීච අල්ලන්න දුවගෙන අවේ"
"ඒකනේ"
"සීතලයි නේද ටීච..."
"ටිකක් විතර.."
පොඩි එකී මාත් එක්ක එක පෙලට වැටුණා. හරිම නිදහස් හැඟීමක් ඒ ඇස්වල තිබුණේ..
"ටීච.. පෙර පාසලේ කොන්සට් එක හරි ලස්සනයි නේද.."
ටික වෙලාවක් හති ඇරපු කෙල්ල මං දිහාට එබුණා.
"ම්"
" ටීච බඩුවක් අහන්නද.."
ඔය කට කැඩිච්ච කතාවක් අහන්න වෙන්න ඕන හදන්නෙ. කෙල්ල ගෙ කටකාරකම් ගැන මම හොදට දන්න නිසා මම තනි හිතට කියා ගත්තා.
"අහනවා... අහනවා..."
'" නත්තල අැත්තක් ද"
" ඔව්.. ඒක ජේසු කුමාරයා ගේ උපත නේ"
"එදා කොන්සට් එකට ආවෙත් ඇත්ත නත්තල් සීයද.."
"නත්තල් සීයට ඇඳපු කෙනෙක් .... ඇයි මොකද මේ ප්‍රශ්න පත්තරෙ දිග ඇරගෙන"
"මම හිතුවේ ඇත්ත නත්තල් සියා ඉන්නවා කියල ටීච තාම..."
" මොකටද ඔයාට නත්තල් සීයා"
පොඩි එකි පාරේ තිබ්බ ගලකට පයින් ගැහුවේ තරහට වගේ
" නත්තල් සීයා අපි ඉල්ලන දේ දෙනවනේ..."
"ඉතිං"
" තාත්තා මගෙ මැරුණනේ ටීච.. ම..ම නත්තල් සීයගෙන් එක පැයකට තාත්තා ඉල්ලන හිටියේ මං.."
########
ReplyDeleteහ්ම්ම්ම්...
ReplyDeleteනත්තල් සීයල නෑ කියල දැම්ම දැනගන්න එක ෙහාදයි එක අතකට.
ReplyDelete