ගුරුවරියකගේ මතක 38
කෑම වට්ටෝරුව
*********************************************
ගුරු විවේකාගාරයට ඉස්සර වගේ නෙවේ. දැන් යන්න වෙන්නෙ ඉඳහිටලා. ඒ ගියාම කඳුළු පනිනකම් හිනාවෙන්න දේවල් ළමයි ගැන ගුරුවරු අතර තියෙනවා. සමහර දේවල් එක්ක අපි අපේ ඉස්කෝලේට හිතින් යන වාර අනන්තයි.ඒ කතා අහගෙනම ගුරු විවේකාගාරයේම පුටුවකට වාරැ වෙලා එපිටෙන් කැරකෙන දූවිලි වළලු දිහා මං ඔහේ බලාගෙන උන්නා. ඒ දුවිලි වළලු මැද්දෙ පොඩි උන්ට නම් රජ මඟුල්. සමහරුන්ගේ සුදෝසුදු ඇඳුම කහම කහ වෙලා තිබුණේ.
" අනේ මන්දා අප්පා මෙහෙමත් ළමයි"
ගණිත පාඩමකට ගිය රුවන්දි මිස් කෙුන්තියෙන් වගේ කාමරයට ඇතුළ් වෙලා පොත් ටික උඩම ඔළුව තියා ගන්න ගමන් කිව්වා.
" මොකො"
" මේ ළමයිගෙ කපටිකම් තේරුම් ගන්න වෙනම ඩිග්රියක් කරන්න වෙනවා."
මං හිනාවුනා. අද පන්තියේදී ළමයි රුවන්දි මිස්ට ලොකු දඩුවමක් දීලා වගෙයි. ඒත් මේ තරම් කේන්ති ගන්න තරම් ඇය නපුරු නෑ. කුතුහලය එක්ක බැනුම් අහන්න හරි මං ආයේම ඈ දිහාට හැරුණා.
" මොකද වුනේ අක්කෙ"
" මොකද තමා. ෂිට්.. තාම හත වසර.. පැහිල ඒ වුනාට හැටහුට හමාරක්.. "
මමත් ටික ටික බැනුම් අහනවා. ඒ අතරේ හිනාත් යනවා.
" මේක බලලම හිනාවෙන්න "
රුවන්දි අක්කා මං ගාවට කොළයක් විසි කළා. විශේෂයක් නෑ. අල වලින් පැටිස් හදන විදිහ හරි අපූරුවට ඒ කොළේ ලියල තිබ්බා. ගණිතය වෙලාවේ ලියල අහු වෙන්න ඇති. ඒත් ඉතිං දරුවන්ගෙ ආසාවනේ. මට මොකුත් නොතේරෙනම තැන ආයේමත් රුවන්දි අක්කා දිහා බැලුවේ සැකේට.
" කියවං යන්න ඔක්කොම.. "
මං ආයේම කොළේට එබුණා. දෙවියනේ කෑම වට්ටෝරැවේ හරි මැද ඉදන් තිබුණේ පෙම් හසුනක්. ආයේම අවසානෙට කෑම වට්ටෝරුවක්. බැලු බැල්මට ඒක ලියුමක් කියල කාටද හිතාගන්න පුළුවන් . හැබැයි ඒ හතේ දරුවා ගාව ලස්සන ප්‍රේමණීය වචන හරඹයක් නම් තිබ්බා.
පාසල් නිවාඩු කාලේ වගෙයි
ReplyDeleteඔව්
Deleteඒකනෙ එකතවෙුන ලිපි ටික දාන්න හිතුවේ
අපි ඉස්කෝලෙ යන කාලෙත් උන්නා හත වසරටත් කලින් ප්‍රේම කරපු කට්ටිය.මං ඒ කාලෙ දහඅතේ කල්පනා කරනව ආදරේ කියන්නෙ මොකක්ද කියලවත් ඒගොල්ල දැනන් හිටියද කියන එක....
ReplyDeleteසුන්දර මතක තමා ඉතින් කොහොම වුණත්..!!
මෙච්චර බුද්ධිමත් වෙන්ඩ නැතුව ඇති
Deleteහිහි
මේ මොලේ මාරයි
ජෝතිපාල මහත්මයාගෙ සිංදුවක් තියෙන්නේ ප්‍රේෙම් මාගෙ ආහාරෙ කියලා... ඒ සිංදුව මතක් උනා...
ReplyDeleteහරිම සූක්ශම වැඩ කරන ළමයි...
ඉස්කෝලේ නිවාඩුවෙන් උපරිම වැඩ ගන්නවානේද... ඒක හොඳයි... අපිට කියවන්න දෙයක් තියනවානේ...
නියමෙට තියෙන්න ඇති කෑම වට්ටෝරුවයි ලව් ලෙට්ටර් එකයි එකට . . මොනව උනත් ටැලන්ටඩ් ළමේක්
ReplyDeleteඑහෙම දෙයක් වත් ලියපු එක හොඳයි.. එස් එම් එස් නොයවා...
ReplyDeleteඔවුවා අල්ලා ගත්තා කියලා මොනවා කොරන්නද?
ඒ ළමයගේ හැකියාව අඳුර ගත්තොත් හොඳයි. ළමයි කපටි තමයි. :) :)
ReplyDeleteඅපිට 9 වසරේ හිටිය පන්තිභාර ගණිත ගුරුතුමිය ඔය වගේ වෙලාවට තරහ ගන්නේ නැ. ගුරු විවේකාගරයට පෞද්ගලිකව ගෙන්නගෙන හරි ආදරෙන් තේරුන් කරලා දෙනවා විතරක් නෙමේ ඊට පස්සෙත් නිතර හොයලා බලනවා අනිත් අයට නොදැනෙන්න. ඇය ගැන අපිට තිබ්බේ පුදුම විස්වාසයක් ඒ නිසා.
කොහොමද ටිකිරි මොලේ!
ReplyDeleteමොක උනත් ශුර බුද්ධියක් ඇති පොඩි එකෙක්...
ReplyDelete