ගේට්ටුව ළඟ කම්බි වැටට එහා පොඩි එකී අතුගානවා. මං අහක බලාගත්තෙ ඇයි කියල මම දන්නෙත් නෑ. පොඩ්ඩක් ආඩම්බර වෙන්න හිතුණා . එච්චරයි .
" ටීච"
................
"ගුඩ් මෝනීං"
" ගුඩ්මෝනිං පුතේ.... කියන්න "
" කියන්න දෙයක් නෑ.... සහතිකයක් හම්බ වුනානේ"
" ඉතිං ඒක කියන්න දෙයක් නෙවෙයිද"
" නෑ .... ටීච දන්නවා නෙ මං දිනුම් කියලා.... ඒත් ටීච අතින් සහතිකය ගන්න තිබ්බ නම් හොඳයි"
" ඒ මොකද... "
" කවුරු කීවත් නැතත් ටීචනෙ මාව ෆැක්ට්‍රීස් කරන්නෙ"
මං හිනාවුනා.
" මට කාගෙන්වත් ප්‍රශංසා එපා පුතේ"
අම්මා තාත්තා හයිය ජිවිතේට නැති උඹේ මේ දක්ෂතාවය මට වටිනවා මහ හුඟක්
" සමස්ත ලංකා තරඟ අට.. ඒකත් දිනපං..."
" ටීච මාව කොළඹ වටේ එක්ක යනවද එදාට... මම ආසයි කොළඹ බලන්න ... මං කවදාවත් ගිහින් නෑනේ.."
උඹ දන්නෙ නෑ පුතේ පර්ස් එකෙ තියෙන ගාන. ඒත් මම උඹ දිනුවත් නැතත් කොළඹ වටේ රවුමක් එක්ක යනවා. ඇයි දන්නවා ද..
උඹට අම්ම නැති අඩුව තප්පරයෙන් දශමයකවත් තියන්නෙ නෑ
ආර්ථික අතින් දුප්පත් වුණත් දක්ෂකම්වලින් පොහොසත් දරුවන් කොච්චර මේ රටේ ඉන්නවාද ?
ReplyDeleteජයවේවා!!!
කොළඹ එක්ක එන්න.කෙල්ල දිනාවි.පස්සේ අපිටත් බලන්න කොළඹ ගමන ගැන ලියන්න.
ReplyDeleteලංකාවේ තියෙන තවත් එක විශමතාවක්. ඕක තව කාලයක්ම තියේවි මම හිතන්නේ..
ReplyDelete