Wednesday, October 26, 2016

හරිත පාසල දෙසැම්බරයේ

හැමදාම පුංචි පුංචි දේවල් මම මගේ ඉස්කෝලේ ට කළා. ඒ මමත් මේ දරුවන් ගේම කෙනෙක් නිසා. මහාචාර්ය නන්දසේන රත්නපාලයන් මුලකුර  ලියැවු මේ අභිමානවත් පාසල තුළ අද ඉන්නෙ ළමයි දෙසීය පනහයි. ඒ දරුවන්ගේ ජිවිත කතා අස්සෙ තියෙන සමහර කතා පපුව පුරවන වේදනාවන් . ඒත් මං මේ පුංචි උන්ට ආදරේ යි. වසර හයක සේවා කාලයක් උන් එක්ක හිටපු මට මේ ඉස්කෝලේ හැම හුස්මක්ම හුරුයි.


මේ පාර ඉස්කෝලේට වැඩක් කරමු කීවේ ලක්සිරි. අම්පාරේ ඉන්න වැලිමඩ උපන්ගම වුන මගෙ හිතවතා. වැඩේට අනික් පැත්තෙන් උදව් දෙන්නෙ බදූර්දීන් කපපු හැම ගහකම ණය ආපහු මේ පොළවට ගෙවන්න වගවුන ෆර්ෂාන් . බෑග් ටික මහන්න ෆර්ෂාන් බාර ගත්තා . එක බෑගයකට රුපියල් පන්සීයයි . සපත්තු වලට වවුචර් එකක් දෙන එක තමයි උචිත. මොකද දරුවන්ට අවශ්‍ය ප්‍රමාණ අපට නිවැරදි ව කියන්න බැරි නිසා. සපත්තු  කීවමයි මතක් වුනේ. අදත් උදේ පොඩි උන් දෙන්නෙක් විදුහල්පති ගෙන් බැනුම් ඇහුවා සපත්තු නැතුව ආවට.. හේතුව මේ දවස්වල වැස්සට කැඩිච්ච  සපත්තු දෙකත් තෙමිල. ඒ මදිවට තියෙන්නෙ එක මේස්  කුට්ටමයි. .. පොත් තනිරූල් පහයි කොටුරෑල් පහයි පෑන් පහයි පැන්සල් දෙකයි මකන දෙකයි තමයි අපේ එක ළමයෙක් ට දෙන ලැයිස්තුව ...


මේ පාසලට මට මුල් අකුරු කියල දුන්න පෙරෙහෙට්ටිය ප්‍රාථමික යේ ඉන්න ළමයි පනස් දෙනත් එකතු කර ගන්නවා. ඒ දරුවන්ගෙ කතා වුනත් මහ හුගක් වෙනස් නෑ. සල්ලි තියෙන මිනිස්සු අමාරුවෙන් හරි තමන්ගෙ දරුවා නගරයට තල්ලු කරනකොට එදා වේල හොයා ගන්න මගේ උන් ගමේ ඉස්කෝලේ ..


ඉතිං මේ වැඩේට ලක්සිරි ට ෆර්ෂාන් ට වගේම උදව් කරන හැමෝටම පින්..


උන්ගේ ටීච විදිහට මට කියන්න පුළුවන් එච්චරයි..


මේ ඉස්කෝලේ හෝ ගාන පොකුණේ ගුරුවරු හුඟක් ඉන්නවා ..


ඒ අයටත් පින්..


හීතල දෙසැම්බරයේ අපි ආදරණීය උණුසුම එක්ක පැල ටිකකුත් ඉස්කෝලේ වත්තෙ හිටවනවා


ඔබ කැමැති නම් පැළයක් හරි අපිට දෙන්න ත් පුළුවන් ..


පළතුරු , ඖෂධපැළ වෙනවා නම් වටිනවා.

6 comments:

  1. අවුරුදු දෙක තුනකට කලින් බෑග් මහන ඩීල් එකක් දාන්න ගිහින් බොහෝම සුලු ගානකින් ෆර්ෂාන් පෙනී හිටින තරම්ම ජෙනියින් නෑ කියලා තේරුම් ගත්තා.

    ඒ නිසා ඔහු සමඟ සම්බන්ධ වෙන්න කැමති නෑ

    ඒත් ගුරුතුමී කෙලින්ම සම්බන්ධ වෙනවා නම් යාලුවෝ කීප දෙනෙක් එකතු කරගෙන ළමයි සෑහෙන පිරිසකට සපත්තු කුට්ටමක් පොත් පෑන් පැන්සල් දෙන්න ඇරේන්ජ් කරන්න උත්සාහ කරන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. එහෙම නම් මට සම්බන්ධ වෙන්න..
      සමහර දේවල් එක්ක බොහෝ අය එකඟ නොවෙන්න පුළුවන් ..
      ඒත් මම නම් බලන්නෙ උපරිම දේ දරුවන්ට දෙන්න.
      ninivish@gmail.com හරහා මට සම්බන්ධ වෙන්න

      Delete