මට ඕන රස්සාවක් කරන්න ටීච
*********************************
පළවෙනි වාර විභාගේ පටන් ගෙන තිබුණා. නිත්‍ය නිරීක්ෂක විදිහට ශාලාවට එබුනේ කම්මැළිකමෙන්ම තමයි. වෙනදාට කෑ ගහන පොඩි උන් මීයට පිම්බා වගේ නිශ්ශබ්දයි. හැමෝම අළුත් පංතියේ පළවෙනි විභාගේ . පුංචි පංති වල නම් තරඟය පළවෙනියා දෙවැනියා වෙන්න. එයාලා ලියන්නෙත් ෆයිල් එකෙන් මුණත් වහගෙන. ලොකු පන්ති වල දරුවො නම් සාමුහිකව ලියන්න ලොකු උත්සහයක.
මම ගුරු පුටු ව ඇඳගෙන වාඩි වුණා. ඒක හරියට හුස්ම ගණන් කරන්න පුළුවන් තරම් කාලයක්.
"නංගි නම් ටික ලකුණු කරමුද"
නාම ලේඛණ ඔක්කොම ළඟට ම ගෙනත් දිීපු සහෝදර ගුරුවරිය හිනා වෙලා ගියා.
මම නාම ලේඛන එකින් එක පියවමින් දරුවන් ඉන්නවාද බලමින් කම්මැළිකමට දර දිය ඇද්දා. ඔව් ඒ කාලය ටිකක් දිගයි. ඒත් එක පාරම ඇස් දෙක නතර වුනේ බිංදුව සති දෙකක් පුරාම වැටුණ නමක් ළඟ..
මේ දරුවා සති දෙකක්ම ඉස්කෝලේ ඇවිත් නෑ.මම මුළු ශාලාව පුරාම ඒ මූණ හෙව්වා. අදවත් විභාගෙටවත් ඇවිත්ද..
ශාලාවේ එහා කොණක පෑන කටේ ගහගෙන අනන්තයට හුස්ම යවන පොඩි එකී ඉන්නවා මං දැක්කෙ ඒ වෙලාවේ..
මම හෙමින් සැරේ ඒ පැත්තට ඇවිද ගෙන ගියා. ළඟට ගිහින් පේපර් එකට එබුණේ ලියල ඉවරද බලන්න.
එකම එක අකුරක්වත් ඒ කොළවල තිබ්බේ නෑ..
"පුතේ"
පොඩි එකී ගැස්සුණා. එතකොටයි මම දැක්කෙ වේලිලා ගිය කඳුළු පාර වල් කම්මුල දිගේ.
" ලියන්න.. පස්සෙ මාව මුණ ගැහෙන්න..."
මම එහෙම කියල ඔළුව අත ගාගෙනම එතැනින් අයින් වුනා.
මොකක් හරි ලොකු ගැටළුවක කෙල්ල ඉන්නවා කියන හැඟීම පපුව පුරවා දැනෙන්න පටන් ගත්තා.
විනාඩිය පැය ගෙවිල පේපර් එකේ අවසානේ දරුවෝ ටික මිටින් හළ කුරුල්ලන් වගේ විසිරෙන්න පටන් ගත්තා. එකම කාලගෝට්ටිය. පැය දෙක තුනක නිහැඬියාවේ වාඩුව ගන්න වගේ.
ඒත් මගේ කතා නායිකාව අවට ලෝකයේ කිසිම දෙයකට උත්තර නොදී නිහඬ කම රකිමින් එයාගේ තැන උන්නා.
"පුතා....."
"ටීච...."
"වටින් ගොඩ්න් අහන්නෙ නෑ ... ඔයා ඉන්න ප්‍රශ්නෙ මට කියන්න... යාළුවෙක් කියල හිතල..
'
"ප්‍රශ්නයක් නෑ ටීච"
මම පොඩි එකී ගේ අත අල්ලා ගත්තා. ඒ අත් වල තිබ්බේ ලොකු හීතලක්. ඒ එක්කම කෙල්ල අඬන්න පටන් ගත්තා.
"ඔයා අඬවන්න නෙවේ.. මට ඕනෙ ඔයාට උදව් කරන්න පුතේ"
"මට රස්සාවක් හොයල දෙන්න ටීච"
"ම්..ම්"
"මට විභාගේ ලියන්න ඕන.. ඒත් අම්මා ලෙඩින්. දැන් දළු කඩන්න යන්න බෑ... තාත්තා ට ඇවිදින්නම බෑ ටීච දැන්... මට ඉස්කෝලෙ එන්න හිතෙන්නෙ නෑ ටීච.. කෑම එකවත් මට දෙන්න එයාලට දැන් බෑ.. පංති යන්න කොහොමත් බෑ.. මට රස්සාවක් කරන්න ඕන ටීච... සමහරවිට අපි ඔක්කොම ඉන්න අළුත් අවුරුද්ද මේකද දන්නෑ ටීච.. මට හරි දුකයි.. රස්සාවක් තිබ්බ නම් අම්මටයි තාත්තටයි මම අවුරුද්දක් දෙනවා නේද ටීච"
හුස්ම හිර වෙන පපුව එක්ක මම පොඩි එකී ගාවින් නැගිට්ටා.. එ් මගෙ කඳුළු හංගගන්න
Me aththada...
ReplyDeleteMama heta hari haman comment ekak daannam...
හ්ම්
DeleteMe aththada...
ReplyDeleteMama heta hari haman comment ekak daannam...
ගොඩක් ගුරුවරු අද ලමයින්ව හරියට තේරුම්ගන්නෑ... ඉස්කෝලෙ වැඩ නොකර හිටියම බනින එකම විතරයි... ලෙඩක් හරියට හොද වෙන්න නන් ඒකෙ රෝග නිධානයට එපැයි බෙහෙත් කරන්න ... ඒත් අද ගුරුවරුන් බොහො දෙනෙක්ගෙන් එහෙම වෙනවා අඩුයි...
ReplyDeleteගුරුවරු දැන් හිර කරලා
Deleteඑයාල අධ්‍යාපනය වෙනුවට කොළ පිරවීමක් දැන් කරන්නෙ
අධ්‍යාපනය දැන් දරුවන්ට නෙවෙ පරිපාලනයට ලිඛිත සාක්ෂි පෙන්වන්න
ලෝකය හරි වෙනස්.... මිටි තැන් වලටම තමයි කරදර....
ReplyDeleteස්වභාව ධර්මය
Deleteඔය අපේ රටේ ඇත්තක් ..එත් පෙන්වන්නේ සුළුතරයක ගේ දේවල් තමයි බහුතරේ කියලා
ReplyDeleteඇත්ත
Deleteඑකම කතාව, එක එක ස්වරූප වලින්. කොහොම වෙනස් කරන්නද මේ ජීවිත. කවද තේරුම් ගනීවිද අපේ වග කිව යුත්තන්.
ReplyDeleteහ්ම් සිංදු
Delete"සමහරවිට අපි ඔක්කොම ඉන්න අළුත් අවුරුද්ද මේකද දන්නෑ ටීච.. "
ReplyDeleteමේකට අපිට මුකුත් කරන්න බැරිද ටීච?
පුංචි දෙයක් කරන්න උත්සහ ගන්නවා හැකි විදිහට
ReplyDeleteමිස් නෑති නිසා මම බයත් උනා... දන්නෝ දනිති...... ඔන්න මිස් එහෙනම් අපිත් කියෙව්වා ...
ReplyDelete- ජය බෝලී නාත් ජය මා කාලී ජිනේ දිනේ -
ඒ මොකො බය වුනෙ
Deleteඅපි ඉස්සර ඇහුවේ ගුරු වෘත්තීය ගැන නෙමේ "සේවය" ගැන.දැන් ගුරු "වෘත්තීය"නේ.සේවය කියන ගරු කටයුතු දේ වෘත්තියක් වීම ගැන ගැටළුවක් නැහැ.හැබැයි දැන් ගොඩක් වෘත්තිමය ගුරුවරුන් තුල අර ගුරු සේවය තුල තිබෙන මානුෂිය බව දකින්න නැහැ.තමන් කරන්නේ රස්සාවක් කියන හැඟීම නිසාද වෙනයම් හේතුවක් නිසාද කියන්න දන්නේ නැහැ ළමුන් තරම් ඔවුන් බොහෝ දෙනා ඔබ තරම් සංවේදී නැහැ.දරුවොත් එක්ක ගනුදෙනු කරන්න ඕන විදිය ඔබ හොඳට දන්නවා.
ReplyDelete