Friday, October 16, 2015
තීන්දුව
උසාවිය සාක්ෂි කූඩුව මට ආගන්තුකය. ජිවිතේ කිසිදිනෙක අඩිය නොතිබු අධිකරණ භූමියට දැරියකගෙ ආත්ම ගරුත්වය උදෙසා සාක්ෂියක් ලෙසින් පැමිණෙන්නට මට සිදුවුයේ දෛවයෙ සරදමට වන්නට ඇත. බුලත් හුරුල්ලක් දී දෙපා වැඳ ගුරු ජිවිතය අරඹන්නට ආශිර්වාද ගත් විදුහල්පතිවරයාටම විරුද්ධව සාක්ෂි දෙන්නට මට සිදුව ඇත.
“මට බයයි ටීච” පොඩි එකී මගෙ අත් දෙකම කොනිත්තයි. ඇයට වඩා මම බයය.මගෙ පපුව ගැහෙන වේගය මට ගණින්නටත් අමාරුය.
“ටීච මට ලොකු සර් කරන්න බැරි දේවල් කියනවා” තනියම ගුරු විවේකාගාරය තුළ මා රැඳි උන් අතීතයේ දිනෙක කදුළු පිරී ඇස් දෙකෙන් ලොකු කතාවක් කියු පොඩි කෙල්ල තාමත් මට මතකය.
“ මොනවාද පුතේ”
“ඒවා මට කියන්න බෑ... මාව බේරගන්න ටීච” පුංචි එකී වෙනුවෙන් මට කළ හැකි එකම දෙය වුයේ විනය භාර ගුරුවරිය වෙත ඇය යොමු කිරීම පමණය.
“ඔයා ඕවාට මැදිහත් වෙන්න එපා” මා සමඟම උන් ගුරුවරියක් කීවේ අනාගත වාක්‍යයක් වන්නට ඇත. එහෙත් සියල්ල කණපිට පෙරළමින් නීතී මාර්ගයට කව්රු හෝ පෙත්සමක් යවා තිබුණෙ අවසානයෙ පැමිණිලිකරු ලෙස මගෙ නම ඇතුළත් කරමිනි. මුළු විදුහලම විදුහල්පතිවරයා වෙනුවෙන් පෙනී සිටිද්දී පොඩි එකී සහ මම සාධාරණයක් වෙනුවෙන් තනි වී ඇත
“ඔයා සාක්ෂි දෙන්න යනවා එහෙනම්” ලැබුණු සිතාසිය දෙස බලා මගෙ හිතවතිය විමසුවේ තර්ජනාත්මකය.
“ඔව් අක්කෙ... මං යනවා... මං ගැහැණියක් වෙලා ඉපදුණ නිසා යනවා”
ඒ අවසන් තීරණය අනුව පොඩි එකී සහ මම උසාවි බංකුවේ තනි වී ඇත.
“නඩු අංක .............. බාල වයස්කාර දැරියකට ලිංගික ක්‍රියාකාරකම් වලට බල කිරීම............”
තොල්ක තැන පොඩි එකී සාක්ෂි කූඩුවට කැඳවනු ඇසේ.
“බයද .... “
“නෑ ටීච... මං යන්නම්” කෙල්ල උසාවි කූඩුවට නැඟි පසුවත් ආපසු හැරී මා දෙස බලනවා මට පෙනුණි. ඇස් දෙකෙන් වාරුවක් උදුරා ගත් ඇය නීතිඥයා හැරුණි. බොහෝ ප්‍රශ්න අබිමුව ඇය අසරණ වන සැටිත් මම බලා උන්නෙ වේදනාවෙනි.
“ පැමිණිල්ල සාමදාන වෙන්න කැමැතිද” ප්‍රශ්න කිරීම අවසානය තීරණාත්මක විය.
“ ඔව් මං කැමැතියි” පොඩි එකී හොඳ සිහියෙන් සිටී දැයි මට සැකය. ඇය ඉබි ගමනින් මා උන් තැනට ආවාය.
“මොකක්ද ඒ කළේ මෝඩි.. “
“ටීච ගැන බයයි ටීච.. ටීච ට මොනවාහරි කළොත් කියලා මට හිතුණා. සමාවෙන්න ටීච... එත් මං වෙනුවෙන් කතා කරලා ටිච ට කරදරයක් වෙනවා බලන් ඉන්න බෑ.. අපි දෙන්නා විතරනේ ටීච..”
Subscribe to:
Post Comments (Atom)
කතාව ඇත්ත නම් ඕකව එල්ලන්න එපැයි ටීච
ReplyDeleteකතාව ඇත්ත
Deleteඑල්ලන්නත් මම තනි වුනා
පුදුම දුකක් දැනෙන්නෙ. මම දැක්කෙත් දැන්. ලියන්න බැරිවුනත් මාත් හොඳ අත්දැකීම් ලැබුවා. ඔබතුමිය තනි වෙලා නෑ. කරගන්න දෙයක් නැතුව හිතෙන් හඬාවැටෙමින් තව ගොඩක් ඉන්නවා. ඒත් ඔබට තරම් ආත්ම හයියක් නැතිකම තමා ඒ ඉන්න අය විඳවන කරුමය. මං කලකිරීම හින්දම වෙන රැකියාවකට ගියා. පාසල ගොදුරු වෙමින් තියන ඛේදවාචකය හමුවේ නිහඬව සිටින අධ්‍යාපන දාර්ශනිකයන්ට ශාප වේවා කියනවා හැර මොනවා කරන්න ද?
Deleteමේක ඇත්තම කතාවක්ද? කියන්න වචන නෑ ඉතිං......... නොද්දකිං ඔහොම එවුවො..........
ReplyDeleteඇත්ත කතාවක්
Deleteමේ බ්ලොග් එක බොරු කතා නැ
මේ බ්ලොග් එකෙ බොරු කතා නැ
Deleteමේ අඩවියට මුලින්ම ආවේ අදයි. අඩවිය මගේ බ්ලොග් රෝලටත් දාගත්තා. එයට එක හේතුවක් වුණේ මගේ දෙමව්පියන්, මගේ බිරිඳ ගුරුවරු වූ අතර, ඉතා කෙටි කාලයකට මමත් ගුරුවරයකු වූ නිසයි.
ReplyDeleteඑන්න එන්නම ගුරු වෘත්තීය දැඩි අභියෝග වලට මුහුණ දෙනවා. අනාගතයේදී ගුරු වෘත්තීය 99.9% ක් කාන්තාවන් අතට පත්වෙයි කියා සිතනවා. පිරිමින්ට ඕනේ තත්වය නම්බුව පමණක් නොවේ ඉක්මනට සල්ලි ගොඩක් හොයන රැකියා.
පාසල්වල සිදුවන ලිංගික අපචාර දැන් මේ විදිහට එලියට එන්නේ එදා අපේ කාලයේ පණිවිඩ හුවමාරුව මෙතරම් දියුණු නොවීම, දරුවන් තාර්කිකව සිතීම අද තරම් දියුණු තත්වයකට පත්ව නොතිබීම, ජනමාධ්‍ය මගින්ද පාසල් අධ්‍යාපනය තුළින්ද තම අයිතිවාසිකම් ගැන දරුවන්ට අවබෝධයක් තිබීම යන කරුණු නිසයි.
නමුත් අදටත් හෙළි නොවන අපචාර සෑහෙන්න තියනවා.
සමහර පාසල්වල විදුහල්පති/පතිනියගේ එහෙයියන් ප්‍රමාණය වැඩිවූ තරමට අසාධාරණය වැඩි වෙනවා.
ඔව් ඔබ හරි
Deleteක්‍රිමිනල් නඩුවක් සමථයකට පත්කරන්නේ කොහොමද? ලමා ආරක්ෂක අධිකාරියට දැන්වූවාද? සමථයකට පත් වුනත් අර පුද්ගලයා ගුරු වෘත්තියෙන් අයින් නොකලොත් තවත් දරුවන් ඔඩ දෙනෙක් හොර රහසේ විනාශ වෙයි. අධ්‍යාපන දෙපාර්තමේතුවටත් ලියන්න.
ReplyDeleteමට හිතෙන්නෙත් මේ විදියේ නඩු අතරමැද සමාදනයකට යන්න ගියොත් නීතියෙන් වැඩක් නැහැනේ.
Deleteඇත්තෙන්ම ඒ අවධියෙ නිතිය ගැන දැනුමක් මට නැ
Deleteළමා රක්ෂණ අධිකාරියට ත් පැමණිල්ල ගියා
ගුරු වරුන්ටත් නිගා කරන ගුරු හොරුන් ගුරු සේවයටත් සාපයක්. අපරාදෙ ටීච. ඕකව මහවුලුගෙට දාලා නවතින්න තිබුනෙ. කමක්නෑ මුට කවදහරි දඬුවම් ලැබේවි.
ReplyDeleteදඬුවම් ලැබුනා මං දන්න තරමින්
Deleteමේක ඇත්ත කතාවක් නම් මුළු ගුරු මණ්ඩලයම නැති උනත් සමාජයම ඒ ළමයයි ඔබ තුමීයි වෙනුවෙන් පෙනී සිටීවි.
ReplyDeleteළමා හා කාන්තා කාර්යංශයට දැනුම් දීල නැද්ද ?
සමාජෙත් ඇඟිල්ල දික් කලෙ මට සහෝදරයා
Deleteමගෙ මාසෙක කසාඳ ජිවිතෙත් මට මේ සිද්ධිය නිසා නැතිවුනා
ඒත් අවුරුදු ගානකට පස්සෙ මිනිස්සු තේරුම් ගත්තා මම ඇත්තයි කිව්වෙ කියලා.
මට තාම මතකයි.. කුණුහරුප.. ගැරහුම්
ඒ දේවල් මං වින්දා
තැන තැන මට මරණ තර්ජන
අන්තිමේ මං අධ්‍යාපන කාර්යාලයට පැමිණිලි කරලා මාරුවක් හදා ගත්තා
//මගෙ මාසෙක කසාඳ ජිවිතෙත් මට මේ සිද්ධිය නිසා නැතිවුනා//
Deleteකණගාටුයි ඒ සිද්ධියට, ඒත් එවැනි දේකට බිරිද ලග නැති සැමියෙක් ගැන මොන කතාද ?
Ow eka tikak darunui
Deleteඒත් රෙජිස්ට්‍රෙෂන් එකක් පමණක් වු බැවිනුත්
මං අකමැති යොජනාවක් මත සිදුවු දෙයක් බැවින් එයන් සිදු වුයේ යහපතක්
ඔබේ අත්දැකීමක් නොවන බව පෙනුනා.
ReplyDeleteමේක මගෙ දෙමව්පියන් නමින් දිවුරුම් කල හැකි සත්‍ය මගෙ කතාවක්
Deleteමා මුහුණ දුන්
මේක ඇත්ත කතාවක් කියලා ඉහල කමෙන්ට් වල කියලා තියෙන නිසා ආයෙ අහන එක ගොන් ප්‍රශ්ණයක්.
ReplyDeleteඔබයි, ඇයයි දෙන්නම ආත්මාර්ථකාමිත්වයෙන් තොර සුන්දර මිනිසුන්.
සුන්දරත්වයේ පසුපස අසරණකමක්
Deleteදෙයියෝ සාක්කි - මේ බ්ලොග් එක මරේ මරු.
ReplyDeleteගුරුවරියකට / ගුරුවරයෙකුට ලියන්න දේවල්ද නැත්තෙ.
ඒත් කීයෙන් කී දෙනාද ලියන්නෙ බ්ලොග් එකක් පත්තරයක ලිපියක් නැතිනම් පොතක්.
ජය වේවා
ස්තුතියි
Deleteමේ වගේ බඩුවක් සමාදාන වෙන්න පුලුවන්ද ? ළමාරක්ෂක අධිකාරිය හරහා නෙවෙයිද නඩුව මෙහෙයවූවේ
ReplyDeleteදේශපාලන ලෙංගතුකම් ඒ කාලෙ
Deleteමොනවද වුනෙ කියලා අපිටත් හිතා ගන්න බෑ
දරුවා නම් කිව්වෙ අහපු දේවල් ඇහුනෙ නැ හරියට... තේරුණෙ නෑ කියලා
ඒ නිසා ඔව් කිව්වලු
මෙතැනදි මට නම් හිතෙන්නෙ මේ වගෙ දරුවන්ට සම්බන්ධ නඩු වලදී විශේෂ ස්ථානයකදි ප්‍රකාශ ගන්නවා නම් හොඳයි
ReplyDeleteRespect you .... ඒ තිරිසනාට දඬුවමක් ලැබුනද....
ReplyDelete