Wednesday, October 21, 2015
ටීචට කියන්න දෙයක් තියෙනවා මට
රත්නපුරේට වහින වැස්ස ආදරණීයය. පොළවට එන්නට වැහි බිංඳුවලටත් තරඟයක් ඇති සේය. සීමාවාසි අවුරුද්ද නිමාවෙන්නට තව ඇත්තෙ දින කිහිපයකි. මේ තරම් ආදරේ කළ රත්නපුරය දමා යන්නට දුකය. හැමදාමත් උදේම සිරිපා බිම නෙත ගැටෙන මේ ආදරණීය රත්නපුරය මට මගේ හුස්ම තරම් ළඟය.ජිවිතයේ බොහෝ දේ මතක අතරට එක් වුනේ මේ ආදරණීය අහස යටදීය.
“මිස්”
මගෙ වැස්ස එක්ක තිබු ගණුදෙණුව උසස්පෙළ පංතියක උන් ශ්‍රීමාලීගේ පැමිණීමත් සමඟම අත්හිටුවන්නට මට සිදුවිය.
“කියන්න ශ්‍රීමාලි”
“මිස් ලොකු කල්පනාවක උන්නෙ. මං ඇවිත් හුඟක් වෙලා”
“හ්ම්.... මං වැස්ස දිහා බලන් උන්නා... මං ආසයි රත්නපුරේට වහින හැටි බලන්න”
“තව ටික දවසකින් මිස් යනවනේ... “
මටත් දුකය. එත් මේ නවාතැන එකම එක ඉසිඹුවක් පමණී. යා යුතු ගමනක සොඳුරු ගිමන්හලය.
“ක්ලාස් එකට යමු කෙල්ල... ඉන්න දවස් දෙක තුනේ හරි සිලබස් කවර් කරන්ඩ ඕනි.. නැත්නම් එග්සැම් ආවාම මට දෙහි කපයි”
මම ශ්‍රීමාලි සමඟම පන්තිකාමරයට ගොඩ වුනෙමි. තාමත් මහ වැස්සය. පන්තියෙ උන් එක දරුවෙකු හැරෙන්නට අනික් සියළු දෙනාම මට ආචාර කළහ. මම නැඟි නොසිටි දරුවා දෙස බැලුවෙමි. ඔහු උන්නෙ මා දෙසම බලාගෙනය. ඔහු පාසලට ආවේ ළඟදීය. විනය ගැටළුවක් නිසා ඔහුට මුල් පාසල අහිමි වු බව පාසලම දන්නා රහසකි.
මම පාඩමට එබුනෙමි.සංඛ්‍යා පාද ගැටළු විසදීමට පොඩි උන් ආසය. එය කම්මැළි පාඩමක්ද නොවේ. ඒත් අළුත් සිසුවා මා සමඟ නැත. ඔහු උන්නෙ වෙනම ලෝකයකය. මම ඔහු අසළට ගියේ බැරිම තැනය.
“පුතේ..... මොකක් හරි ප්‍රශ්නයක්ද .... නැත්නම් පාඩම තේරෙන් නැද්ද’
“ තේරේනවා මිස්.. අවුලක් නෑ”
“එහෙනම් මොකද මේ... කියන්න පුතා. ඔයා පාඩමේ නෑනේ”
උත්තර වෙනුවට ඔහු නැවතත් අරමුණකින් තොරව බලා ඉන්නට පටන් ගත්තේය. ලොකු හුස්ම කිහිපයක් ඔහුට උත්තර හොයන්නට උදව් දෙන හඬ මටත් ඇසේ.
“ අපි කතා කරමු පුතා... ප්‍රශ්නයක් නම් පාඩම තේරේන්නෙ නෑ”
“මං මිස්ට වඩා බාල අවුරුදු හතරයි”
“ඔව් ඉතිං”
“මං මිස්ට හරි ආදරෙයි........... ඇත්තටම ආදරෙයි”
පපුව උඩම අකුණු හතක් පුපුරා යන්නට ඇත. ගුරු භූමිකාවේ මේ වැනි අවස්ථාවක් ගැන මා දන්නෙ නැත. පංතියම සිනාසේ.
“ඔව් පුතේ ගුරුවරුන්ට ළමයි හරි ආදරෙයි”
“මං ආදරේ එහෙම නෙවෙයි”
පොඩි එකා මාව බයිට් එකට අරගෙන ඇත. කරන්නට දෙයක් නැත. සිසුන් හැටක් ඉදිරියේ මම අසරණය.
“එහෙනම් කොහොමද”
උත්තරයක් නොවිමසා බැරිම තැන මම ඇසුවෙ හීන් දාඩිය මටත් හොරෙන් බේරේන අතරේය.
“ මිස් මට පුතා කියද්දී මට හිතෙනවා මිස් මට හරි ආදරෙයි කියලා. ඒකට මං ආසයි.... මට කව්රුවත් පුතා කියලා නෑ මිස්... මගේ අම්මා උන්නා නම් එයා මට පුතා කියාවී... මිස් කියනවා වගේ ලස්සනට “
“ කෝ පුතාගේ අම්මා”
“මං ඉස්කොළේ එන්නෙ ළමා නිවාසෙක ඉඳන්නෙ මිස්”
Subscribe to:
Post Comments (Atom)
සිත ඇදගත් කතාවක්!
ReplyDeleteස්තුතියි
ReplyDeleteස්තුතියි... සමහර දේ ගැන ප්‍රශ්න අහන්න හිතුනත් අහන්නෑ
ReplyDeleteඇහුවොත් පිළිතුරක් දෙන්නම්
ReplyDeleteහදවත ගොලුවෙන කතාවක්
ReplyDeleteමමත් ගොළුවුනා
Deleteහිනාවුනු ලමයින්ට ඇඬෙන්නැති නේද ටීච?
ReplyDeleteමට ඇඬුනා
Deleteහරිම සංවේදී කතාවක්.. කලින් පාසලේ ඇතිවෙච්ච විනය ප්‍රශ්නයටත් මේ අම්මා, තාත්තා අහිමිවීම බලපාන්න ඇති කියල හිතෙනවා.
ReplyDeleteඔව් සහෝදරයා
Delete“මං මිස්ට වඩා බාල අවුරුදු හතරයි”
ReplyDeleteඒ කියන්නෙ අවුරුදු 56 ක ලමයෙක්? :)
හා හා එහෙම වෙයි මට හැට වෙද්දි
ReplyDeleteතාම නම් තිහයි
ටීචර් ඔයා රිප්ලයි කරනකොට reply උඩ ක්ලික් කරලා ලියන්න...නැත්නම් රිප්ලයි එකත් කමෙන්ට් එකක් වගේ පේන්නේ...
Deleteටීචර්ට 30නම් අර ලමයාර 26ක්නේ..අද....
අපිටත් ඉස්කෝලෙ යතෑකි ඒ කියන්නේ ඈ...
ඉයන්..යමං මචෝ ආයෙත් ඉස්කෝලෙ..
මේ සිද්ධිය වුනේ 2007
Deleteමට 22
හෑ? මගෙ වයසෙ කොල්ලෙක්.
DeleteThis comment has been removed by the author.
Deleteඅපෝ කසුන් අයියෙ ඔයා සෑහෙන වයසයිනෙ.. :P
Deleteදහ අටක ළමයෙක්
Deleteහෑ? මං එච්චර වයසද?
Deleteඋසස්පෙළ දරුවෙක්
Deleteකසුන්ට පනස් ගානක් දැන්.කොහොමද මගේ වයසේ කෙල්ලෙක් කියන්නේ...
Deleteයකෝ......කඳුළු.......
ReplyDeleteහ්ම්
Deleteවෙනද වගේම සංවේදී කථාවක් ලස්සනට ලියලා.
ReplyDeleteස්තුතියි
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඅපූරුයි.අහක දාන්න එක වචනයක්වත් නෑ.
ReplyDeleteබොහොම ස්තුතියි
Deleteස්තුතියි බොහොම මේ බ්ලොග් එකට එන සහෘද හිත් වලට
ReplyDeleteසුපුරුදු විදිහටම සංවේදි කතාවක්...........
ReplyDeleteබොහොම ස්තුතියි
Deleteහොද පෝස්ටුවක් :-)
ReplyDeleteබොහොම ස්තුතියි
Deleteඅගෙයි, බොහොම ලස්සනට ලියලා තියනවා. ඒ ළමයට ගහන්න එහෙම එපා හරිද?
ReplyDeleteමං නිතරම ගහන්නෙ නෑ
Deleteහැබැයි දඬුවම් දෙන අවස්ථා තියෙනවා ඉතිං..
හැබැයි ගැහුවා කියලා ඒ දරුවො තරහත් නෑ.
මොකද මං ඊළඟ විනාඩියේ ඒ දරුුවාට ආදරෙන් කතා කරනවා.
හොඳම උදාහරණය තමයි මේ ගුරු දිනය.
මං ප්‍රේම සම්බන්ධතාවයක් නිසා ගැහැනු දරුවෙක්ට හොදටම බැන්නා. මොකද මගෙ ඇස් දෙකටම අහුවුනා ස්කුල් කට් කරලා..
මං බැන්නෙ උපරිම නරකෙන්.
හැබැයි තනියෙන්
ගැණු දරුවෙකුට වෙන්න පුළුවන් දේවල් කියලා.
හැබැයි ඉස්කොලෙ වන කලෙ නැ
මං හිතුවේ මං එක්ක ආපහු දරුවා කතා කරන එකක් නැ කියලා.ඒත් ගුරු දින මට පෑනක් ගෙනල්ලා කෙල්ල වදිනවා. ටීච කීවේ ඇත්ත. ටීච බැන්න විදිහට මං කරන වැඩේ වැරදියි කියලා තේරුණාකිව්වා .. එ් කොල්ලා මං කියපු දේවල් වලට බල කරපු හැටි මතක් වුනා කිව්වා..
ඉතිං දඬුවමත් එක එක විදිහට දරුවන්ට බලපානවා
මෙන්න පොල්ලෙන් ගහල
ReplyDeleteෂොක් වුනා
සිරාවටම
ඇත්තටම එදා පිස්සු වගෙ තියෙන්ට ඇති නේ
හි හි .. ඇත්තටම
ReplyDeleteමම අනාථ දරුවෝ තුන්සීයක් වගේ ඉන්න පාසලක ස්වෙච්ඡාවෙන් ඉගැන්නුවා.කොට්ටේ තියෙන ළමා සංවර්ධන මධ්‍යස්ථානයකටයි ඒක අයිති.කවදාවත් අම්මා තාත්තා දැකලා නැති දරුවෝ ඒකේ ඉන්නවා.ඒ දරුවොත් එක්ක ජීවත්වුන කාලේදි ගොඩක් සංවේදි අත්දැකීම් වලට මුහුන දෙන්න වුනා.මට මේ කතාවෙදි ඒක මතක් වුනා....
ReplyDeleteප්‍රින්සිපල් අනෝමා මිස් ද?
Deleteමම සම්බන්ධවෙලා හිටිය පැරනි ආයතන ගැන සමහර තොරතුරු මේ වගේ තැනකදි හෙලිකරන්න මම එච්චර කැමති නෑ.ඒ නිසා ඒ ආයතනය හෝ පාලකයන් ගැන වෙන යමක් නොකියා ඉන්න එක වඩා සුදුසුයි කියලා හිතෙනව.
Deleteමම ඒ අයාතනයට සම්බන්ධ වෙන්නේ විදුහල්පති හරහා නෙවෙයි.එම ආයතනය බාර වෙනත් කෙනෙකුට.මම ඉතා කෙටිකලක් එහි හිටියත් කාලයක්ම නිතර නිතර ගියා.පසුව යන්නම බැරි වුනා.
ඔබ කෝට්ටෙද,සමහර විට ඔබ මොන ප්‍රදේශයේද කීවොත් මට හදුනාගන්න පුලුවන් වෙයි දන්න කෙනෙක් නම්.
ඒක උතුම් ක්‍රියාවක්
ReplyDeleteහොඳ රචනා විලාශයක් වගේම හොඳ කතාවක් . ජය !
ReplyDeleteස්තුතියි බොහොම
DeleteMaathalan suggest karana post mama kiyawanne sunday night. Mokada 7pm indala 7am wenakam mage rassawa peya 12k wadi wela inna. Ithin ee peya 12ma aluth blog ekak sampurnayenma kiyawanawa. Ada iwara karanne miss ge blog eka.
ReplyDeleteබොහොම ස්තුතියි සහොදරයා
Deleteහිතා ගන්න බෑ මොනවා කියන්නද කියලා.
ReplyDeleteහ්ම්
Deleteඅනේ මන්දා....
ReplyDeleteපපුව හෝස් ගාල ගියා...
ඒ සංවේදිකම
Deleteසංවේදීයි, ලස්සනයි එක දිගට පොස්ට් ඔක්කොම කියෙව්ව.
ReplyDeleteගොඩක් ස්කුකියි මීස්...
ස්තුතියි සහෝදරයා
ReplyDeleteමේ බ්ලොග් එක කියවන්න දෙන්න ඕන වරප්‍රසාද ලබන ඉස්කෝලවල දරුවන්ට.. ඒ දරුවන්ට මනුස්සකම උගන්වන්න වෙනම විෂයක් නැති නිසා මේ බ්ලොග් එක ළමයින්ට කියවන්න දිය යුතුයි..
ReplyDeleteඇත්ත කතාවක් අම්බලන්ගොඩ
Deleteeka nam atta
Deleteteacherta mata kiyanna deyak thiyenawa .mama mage kathawa kiyannam . mama me kathawa ekka awurudu ganak jeewath una. thawama jeewath wenawa. demawpiya adaraya ahimi wunu daruwekuta guruwariyakage adarya labenawa. anthimedi ohu guruwariyage sahodaraya bavata pathwenawa. a mage kathawa. meka kata hari kiwwahama mama nikamma gona wenawa, eth mama me kathawath ekka hamadama jewath wenawa. adatath ehemaie. hariyata mega teledrama ekak wage. eth aththatama pudumaie mage katawa lankawe punchi iskoleka habaawatama siddha wela thiyenawa. puthe kiyala katha karana adaraneeya teacherla dan hari aduie. aththamai mama mista aadarei.
ReplyDeletemageth deneth hemuna nodanima
ReplyDelete