තාම හීතල බණ්ඩාරවෙල ට. පාන්දර නොවුනත් ඉර සැරට පැයුවත් හීතල පුපුරු ගහනවා. හෙමින් ගමන බැරි කකුල නොන්ඩි තිය තියා එල්ලෙ තරඟ ඉවර වෙලා පඩිපෙළ නඟින්න උදව් වෙන්න පුංචි උන් දෙන්නෙක් මගේ ළඟින් ළඟ එනවා.
" ටීචත් කරගන්නෙ හරි වැඩනේ.. "
"ප්‍රශ්නයක් නැ.. ඔයාලා ඉන්නවා නේ මට උදව්වට..."
"අපි ඉතිං ටීචට ගෙදර ගියාම නෑනේ..."
මම හිනාවුනා . ඇත්තටම ගෙදර ගියාම ඉස්කොලේ ගෙවුන කාලය ගැන ලෝබයි. පොඩි උන් එක්ක ජිවිතේ ලේසියි..
වේදනාව හරි අඩුයි. වැරදිමකට හරි ගුරු ජිවිතේට ආවේ පිනකට වෙන්න ඇති.
" පුතාලා යන්න.. අද අම්මලා තාත්තා ලා ඉස්කොලේ එනවනේ...මං යනවා අත්සන් කරන තැනට"
පාසල් සංවර්ධන සමිතියේ වැඩ ආරම්භ වෙන්න ළඟ හින්දා දෙමව්පියෝ පෝලිමට අත්සන් කරන්න එනවා. භාරකාරයෙක් එනකං ළමයින්ට පිටවීම තහනම්. සමහරු ගේට්ටුව දිහා බලාගෙන ඇස් එක්ක ඔට්ටු වෙන්නෙ ගෙදරින් එනකං.
ඒ අතර දහයෙ පන්තියේ දරුවෙක් බෝගන්විලා ගහ යට බංකුවේ ඉඳගෙන බිම සපත්තු නැති කකුලෙන් පහුරු ගහනවා. අම්මලා තාත්තලා රැස්වීමට වාඩි වෙනවා. ඒත් අර කොලු ගැටයා බිම පහුරු ගහනවා විතරයි.
දරුවන් කිහිප දෙනෙක් තාමත් විදුහල් භූමියේ එහා මෙහා නොඉවසිල්ලෙන් දුවන්නෙ තාමත් කවුරුත් ආවේ නැති නිසා කියලා මං දන්නවා.ඒත් විද්‍යාලයේ නිතීය ට අනුව මට එයාලට යන්න කියන්න අයිතියක් නෑ.
" ලතා අක්කෙ ඔය ළමයින්ගෙ අම්මලා ආවම අත්සන් අරන් ෆයිල් ටික ඔෆිස් එකෙන් තියන්න.. හිටගෙන ඉන්න බෑ කකුල රිදෙනවා.
"
මම එහෙම කියලා කාර්යාලයට ඇවිත් වාඩි වුනා. උණුසුම් වාද විවාද කතා බහ එක්ක රැස්වීමට අළුත් පණක් ලැබිලා. විද්‍යාලයේ එහා මෙහා දුවපු පොඩි උන් දැන් නෑ. හැමෝගෙම කව්රු හරි එන්න ඇති. ලතා අක්කත් ෆයිල් ටික අරගෙන කාර්යාලයට ආවා.
" හැමෝම ගියාද අක්කෙ"
" එක ළමයෙක් තාම ඉන්නවා මිස්'
"කව්ද.. කෝ.."
" බෝගන්විලා ගහ යට ඉන්නවා "
මම ආයේම බෝගන්විලා ගහයට.. පොඩි එකා තාම බිම පහුරු ගහනවා..
" ළහිරු..... මොකද.. ඇයි ගෙදර කවුරුත් නැද්ද අද රැස්වීමට එන්න.."
" නෑ ටීච..."
" ඒ මොකද.. ඇයි අම්මා තාත්තා.."
"තාත්තා කොළඹ අත් උදව් වැඩට ගියා.."
" හරි පුතේ අම්මට එන්න කියන්න තිබ්බනේ"
" එයත් නෑ ටීච"
" වැඩට ගිහින්ද"
"නෑ පැනලා ගිහින්.. ඉන්න තැනක් දන්නෑ.. මං මෙතැන කොච්චර බලන් හිටියත් එන්න කවුරුත් නෑ.."
"යන්න පුතා...මම අත්සන් කරන්නම් ඔයාට"
කොල්ලා මල් වත්තක හිනා පුරවගෙන බෑග් එක කරෙන් දාගේන ගේට්ටුව දිහාට දුවනවා මං බලාගෙන. ඒත් පහුරු ගහපු පස් නම් මහ හුඟක් ඉතිරි වෙලා තිබුණා.
දෙමාපියන්ගේ වැරදි වලට දඬුවම් විඳින අහින්සක දරුවො.
ReplyDeleteඅහලා නැත්ද අම්මලා ඇඹුල් කනකොට දරුවන්ගේ දත් හිරි වැටෙනවා කියලා
Deleteදෙමව්පියන්ගේ වැරදිවලට යනුවෙන් පැවසීම වැරදියි. මම හිතන්නේ සමාජයේ තියෙන අඩුපාඩු වලට කියල
Deleteඔබ දෙමාපියන්ගේ වැරදි ලෙස දකින්නට ඇත්තේ
“ අම්මා දරුවාව අතහැර වෙනත් පුද්ගලයකු සමග විවාහ වීම විය හැකිය. වෙනත් කිසිදු කරුණක් පිලිබදව නොදැන එය වරදක් ලෙස දැකිම වැරදි බව මාගේ විශ්වාසයයි “
මෙන්න හිතන්න දේවල්............
ReplyDeleteමගේත් මේ වගේ අත්දැකීමක් ගැන ලියා තියෙනවා
ReplyDeleteදිනක පල කළ යුතුයි සිතුණා
කතාව හොඳයි කියල විතරක් ඉන්න පුලුවන්ද අපට ?
ReplyDeleteටීච කාලෙකින් ඇවිත්,
ReplyDelete//"යන්න පුතා...මම අත්සන් කරන්නම් ඔයාට"//
ඒ ළමයට කොච්චර සතුටක් දැනෙන්ඩ ඇත්ද?
අනේ මංද
ReplyDeleteඇත්තටම කියාගන්න දෙයක් නැතිව හිරවෙන්නෙ මේ වගේවෙලාවට
අර පොඩි එකා මොන අවුලකින් ඉන්න ඇතිද