නිවාසාන්තර ක්‍රීඩා උළෙල පටන් ගන්නට තව ටික වෙලාවක් ගත වෙනු ඇත. නිවාස තුනේම දරුවන් ලහි ලහියේ නිවාස සැරසිලි කරන්නෙ සිය ජයග්‍රහණය තහවුරු කර ගන්නටය. එක තැනක කෝචිචියක්ය. තව තැනක රතු ඉන්දියන් නිවසක්ය. තව තැනක හමුදා බංකරයක්ය. එකිනෙකට නොපරදින නිර්මාණ ශක්තීන් විදහ දැක්වෙන මේ අපූරු නිර්මාණ අතරේ මම සක්මන් කරමින් මගේ පාසල් කාලයට ඉගිලෙමින් සිටියෙමි.
"ටීච.. මොන හවුස්ද..."
උසස්පෙළ නිමවා පාසලට සමුදුන් දැලි රැවුල ඝන වෙමින් උන් නාඹරයෙකු වු ධනුෂ්ක මගේ ඉදිරියේය.
"මට මොන හවුස්ද..මාව මධ්‍යස්ථ මණ්ඩළයට දාලා නේ"
"අපරාදේ.. ටීචත් හවුස් එකක හිටිය නම් හොඳ හොඳ වලි ටිකක් බලා ගන්න තිබුණා."
"හ්ම්.."
"ටීචව.. අයින් කරන්න ඇත්තෙත් සර්ට වලි බේරන්න බැරි නිසා වෙන්න ඇති"
මම සිනාසුනෙමි.
"ඔය ළමයා මොකද ඔතැන.. කෝ යුනිෆෝම්.. තාම ඉස්කෝලේ අස්වීම ගත්තෙ නැනේ..එහෙනම් යුනිෆෝම් එනව නම් එනවා.. නැත්නම් යනවා.. ටීචටත් පෙනුනෙ නැද්ද කතා කර කර හිටියේ.."
විදුහල්පතිවරයා ළඟටම ඇවිත්ය.දොස්මුර වරුසාව අහවර වෙනතුරු පෙර ධනුෂ්ක බිම බලාගෙන උන්නා මිස හිස එසවුවේ නැත. විදුහල්පතිවරයා ගිය සැණින් ලැජ්ජාවෙන් හිස ඔසවා සිනාසුනි.
"මං හින්දා ටීචත් බැනුම් ඇහුවා නේද.."
"ඔයාලා ඉස්කෝලෙට එනකොට පිළිවෙලකට එන්න එපැයි දරුවෝ"
"ඉතිං ටීච... ටවුමෙ යන්න ආවේ.. හවුස් හදකවා දකිනකොට පිට්ටනියටම නේ ආවේ.."
"හ්ම්.. හ්ම්.. දැන්වත් යනවා..ආය බැනුම් නොඅහා"
"මම නම් යන්නම්.. හැබැයි ටීච ආයෙම බැනුම් අහනවා.. "
ධනුෂ්ක හිනාවෙමින් පිට්ටනියේ එහා කොණ දෙස බලා උන්නේය.
"ඒ මොකද.."
මම ධනුෂ්ක බලා සිටින දෙස බැලුවෙමි. අයිස්ක්‍රීම් වෙළෙන්දෙකු ළඟ කුඩා දරුවන් දෙදෙනෙකු මාන බලමින් සිටියි.
මම හෙමින් හෙමින් කුඩා දරුවන් දෙදෙනා වෙත ගියේ අතටම අල්ලා ගන්නටය. මම එන බව නොදැන පොඩි උන් දෙදෙනා අයිස් පලම් රස කරමින් සිටි.
"ගේට්ටුවෙන් එළියට ආවේ කාගෙන් අහලද"
පොඩි උන් දෙදෙනා ගැස්සි මා වෙත හැරුණි.
"මොනවද මෙතැන කරන්නෙ"
"මොකුත් නෑ ටිච.."
"එළියට ආවෙ ඇයි"
"නිකං ටීච.."
"එතකොට මොනවද ඔය කලිසම පහළට බහින්නෙ.."
එක් දරුවෙකුගෙ කලිසම් සාක්කුව තෙත් කරමින් යම් දියරයක් ගලමින් තිබේ.
" මොනවද ඒ..."
"ටීච මේ.. මේ"
"මොනවද සාක්කුවේ තියෙන්නෙ"
"ඒක මේ හවසට කළින් ගත්ත පලම තියෙන්නෙ"
හහහහා හවසට කන්ඩ කලින්ම අරන් තියල
ReplyDeleteකොහොමද ටිකිරි මොලෙ
ReplyDeleteහවසට කන්ඩ
ReplyDeleteඒක මරු
ම්ම්
Deleteහෙහ්.. හෙහ්.. මේ වගේම කතාවක් ලියන්න පුළුවන් මටත් සිසුවෙකුගේ මතක කියල.. හැබැයි සර් කෙනෙක් තමයි එදා සීන් එකට එන්ටර් උනේ.. :)
ReplyDeleteඒ කාලෙ එහෙනම් හොද කතා ඇති
Deleteඅපේ කාලේ අයිස් පලමක් රුපියලයි. හවුස්මීට් දවසට අයිස් ගෙදරින් එන අයට කරදර කරලා කොහොම හරි අයිස් පලමක් කනවා.
ReplyDeleteදැන් දහයටත් නැ
Deleteඅමිමෙි....ඉස්කෝලේ හවුස් හදන කාලෙ කියලම වැඩක් නැ සුපිරි ම තමා.කරන වැඩ..අයෙ එන්නෙ නැ එ් කාලෙ...
ReplyDeleteහ්ම්
Deleteඅපි නම් දකිමින් විදිනවා