වතුර බවුසරයක් ගේට්ටුව අරින තුරු මග රැක සිටි. ජලය ජිවිතයෙ කොයි තරම් ඉඩක් වෙන් කරගෙන සිටී දැයි බලන්නට ජලය නැතිවෙන්නටම ඕනිය. ඉස්කෝලේට වතුර එන්නෙ සති දෙකකට සැරයකි. ඒ තුරා බොහෝ දුක් දරුවන් මෙන්ම ගුරුවරුද විදිති. බඩදරු ගුරුවරියකට වැසිකිළි පහසුකමලෙබා දෙන්නට ගෙවල් තුන හතරකට ගොස් වතුර වෙනුවෙන් අතපාන්නට වු දවස් එමටය.
"අද කළින්ම වතුර ඇවිත් වගේ"
ජයන්ත අයියා ගේට්ටුව අරින්නට දුවයි. පොඩි උන් වතුර බවුසරය එනකං පාර දෙපැත්තෙ පොර කන්නෙ බවුසරයෙන් ටැංකියට වතුර දෙන හැටි බලන්නටය.
" උඹ අයින් වෙයන්කො.. ගිය පාරත් ඉස්සරහම හිටියේ.."
"උඹ උඹ ගාන්න එපා බං.. පිටිපස්සෙ ටීච..."
"එහෙනම් උඹ බං බං ගාන්නෙ"
මම දෙදෙනාටම රැවුවෙමි. ඉන්පසු මීක් සද්දයක් වත් නැත. පෙරමුණ ගැනීමේ රණ්ඩුවත් නැත. කරට අත දමාගෙන ගජ මිතුරු වෙසින් පොඩි උන් ඇත. මම මටම සිනාසුනෙමි. මේ ජිවිතය උන්ගේය. අපේ රැවීම් අපටය. වතුර බවුසරය ටැංකිය ළඟට සේන්දු කර වතුර පොම්ප කිරීම අරඹා ඇත. දරුවන් මෙන්ම වැඩිහිටි අපද ඒ වතුර වැටෙන හඬට පෙම් කරනවා වන්නට ඇත. දවසක් දෙකක් අපට යළි ජලය ඇත. උල්පත් වතුර බිවු අපට වතුර බවුසර් එනතුරු ඇඟිලි ගණින්නට සිදුවීමද එක්තරා දෛවපෝගත සිදුවීමකි. ගණ දෙවියන්ද බට කොළ කෑවේ නම් අපි වතුර බවුසර් එනතුරු සිටියාම මොකද..
"ටීච.. ටීච.."
කල්පනා ලොවෙන් මිදුණේ පුංචි එකියෙක් සාරි පොටෙන් ද අැඳි පසුවය.
"අහ්.. ඇයි පුතේ"
"ටීච.. යකෙක්"
"යකෙක්.. කෝ... කොහේද?"
"ඉන්නවා ටීච.. අර දොළහේ පංතිය ගාව"
ඒකත් එකටම දොළහේ කෙල්ලො දෙදෙනා පොඩි උන් බය කරන්නට පටන් ගෙන ඇත. හවස සමිතියට ඉදිරිපත් කරන නාට්‍යයේ යකුන් දෙදෙනා ලෙස රඟපාන්නට නියමිතව උන්නෙ දොළහේ ගැහැණු දරුවන් දෙදෙනාය. ඔවුන් දෙදෙනා කළින්ම වෙස් මාරු කරගෙන ඇත. අද නම් මේ හිතුවක්කාරියන් දෙදෙනාට දඬුවමක් නම් දිය යුතුමය.
"යමු බලන්න ඔයාගේ යකා "
"අනේ.. අම්මො බැ බැ.. ටීච යන්නත් එපා.. ඒ යකා ගැණු ළමයින්ට ලු කරදර කරන්නෙ"
"එහෙනම් බලන්නම වටිනවා පුතේ.."
මම උසස්පෙළ පංති දෙසට හැරුනෙමි. දොළහේ කෙල්ලො දෙදෙනා තවමත් නිලඇඳුම පිටිනි. ඔවුන් ළමුන් බය කරන්නට තියා ඉන්න තැනවත් නිනව් නැතිව කෙටි සටහන් දිග අැරගෙනය. මම කිසිවත් නොවු ගානට යකා කේළම කියු පොඩි එකී වෙත හැරුණෙමි.
"කව්ද පුතේ.. ඔයාට යකෙක් ඉන්නවා කිව්වේ.."
"හයේ කවිමල් අය්යා..."
ආ.. මෙවර වැඩ අල්ලා ඇත්තෙ එහෙනම් ඔහුය. කවිමල් කොහොමත් ඔය වැනි වැඩ වලට ඔට්ටුය. ඔහු මට්ටු කරන්නට නම් වෙනම උගෙන ආ යුතුය.
මම දොළහේ පංතිය දෙසට ගියෙමි. එතැනට යන පාරේ බොගන්විලා පඳුර යට පොඩි එවුන් කිහිප දෙනෙක් වට රවුම් ගැසී ඇත. මම හෙමින් හෙමින් ඒ දෙසට කිට්ටු කළෙමි.
"අම්මෝ ඒ යකා.. බයේ බෑ නේ"
"දැන් මට රුපියල් දහයක් දුන්නෙ නැත්නම් මුට්ටි යකා ගෙදර එයි"
ඒ කවිමල්ය.
"දෙන්නම්..දෙන්නම්..අම්මෝ දෙන්නම්..හෙට එනකොට ගේන්නම්"
"ආ .. කවිමල් මටත් බලන්න ඕන ඔය යකා"
"ටී..ච..."
"ඔව්.. ඔව්.. පෙන්වන්න බලන්න ඔය යකා"
"ටීච.. ඒ මුට්ටි යකෙක්"
හොඳටම බිය වී උන් පුංචි දරුවා ගේ ඇස් කියන්නෙ මට ළං නොවෙනු කියාය.
මම කවිමල් අතේ තිබු මුට්ටිය ගත්තෙමි. එය හොදින් කට වැසෙන සේ රතු රෙදි කඩින් බැඳ තිබුණි. ඇතුළේ යමෙක් දඟලන බවද දැනේ. මම සෙමින් රෙදි කඩ ලිහුවෙමි.
"එපා.. ටීච.. යකා පනියි"
මම පොඩි උන්ගේ හඬ නොඇසුන පරිදි රෙදි කඩ ඉවත් කළෙමි. තඩි ගෙම්බන් දෙදෙනෙකු මුට්ටියේ අමාරුවෙන් එහා මෙහා දඟලමින් නිදහස සොයමින් සිටි.
පුංචි කාලේ මතක් උනා :) , මම ගියේ බාලිකාවකට නිසා අපිට හිටියේ කපිතාන් හොල්මන්.... :) :) :)
ReplyDeleteහරිම සුන්දරයි ටීච
ReplyDeleteහරිම සුන්දරයි ටීච
ReplyDeleteහරිම සුන්දරයි ටීච ඒ ළමා ලොව
ReplyDeleteහරිම සුන්දරයි ටීච ඒ ළමා ලොව
ReplyDeleteමුට්ටි යක්කු බලන්න අපිත් ලගදිම එන්නම්
ReplyDeleteමාත් ඉස්කෝලේ උඹ බං... ඇති තරං කුනුහරුප වපුරල ගෙදර ආවම කට පරිස්සං කරගන්නේ හද්දා අමාරුවෙන්
ReplyDeleteඅමටක උනා... බටකොළ කෑවෙ විස්නු
ReplyDeleteමම දන්න විදියට කපු මහත්(හොරුන්ගෙ) උපායක් ඕක.
ReplyDeleteඅර බිත්ති වලටම ඇලිල ඉන්න ගෙම්බෙක් ඇතුලට දාපු මුට්ටියක් ගෙනත් සුදු රෙද්දකින් කට බැදල බොරු මන්තර කියන ගමන් වතුර වක්කරනව එතකොට අර ගෙම්බා උඩ පනිනව. ඊට පස්සෙ මුට්ටිය අරන් ගිහින් වැව් පිටියක/කනත්තක වලලනව.
අපේ ගොන් හරක් ගෙවල් දොරවල් උකස් කරගෙන තොවිල් නටනව.
රට වටේටම ගලා යන ගංගා තියනවා කියලා උදම් අනන අපිට වෙච්චි දේ....
ReplyDeleteඔිකනෙ ටිචර් පුංචි මුදලාලිගේ පුංචි බිස්නස් එකට බාද කරලා...
ReplyDeleteසැහ්... හොඳ බිස්නස්මන් කෙනෙක් වෙන්න තිබ්බ කොල්ලෙක්ගෙ අනාගතේ අඳුරු කරල නෙ. :D
ReplyDeleteඅපුරු පොඩි එවුන්. ඇත්තමයි වෙනම ඩිප්ලෝමා කරලා එනන ඕනි දැන් ඉන්න පොඩි එවු්න්ගේ වැඩ තේරුම්ගන්න.
ReplyDelete