Friday, February 12, 2016

මීටර් සීය හතර

"ටීච අද සෙන්ට්‍රල් මීට් එක බලන්න යනවද"

" නෑ පුතේ... මට උණ"

" අනේ ටීච යන්කෝ"

"ඉතිං චම්පා ටීච යනවානේ.. "

" එහෙම නෙවෙයි ටීච... ටීච ගියා කියන්නෙ අපි දිනුවා තමයි"

" ඇයි මම ද දුවන්නෙ"

" නෑ ..ඒක ටීචට තේරෙන්නෙ නෑ.. ටීච යන හැම දවසකම අපි දිනනවා..අනේ යන්කො ටීච.. "

"දිනනවද..."

"ඔව් එක.. වෙනවා... අපි එක වුනොත් ටීච අපට හෝ ගාන පොකුණ බලන්න එක්ක යන්න ත් ඕන හැබැයි.."

" බදුල්ලෙ .."

කොහොම හරි වදෙන් පොරෙන් මාවත් ඇදගෙන ගියා. උණ එකසිය ගානට. ඒත් අමාරුයි කියන්නත් බෑ.
ආරාධිත පාසල් තරඟ වලට යකඩ කටෙන් කෑ ගහද්දි අපි පිට්ටනියට ආව විතරයි. මොකද පරිපාලනය කැමැත්ත දුන්නෙ නෑ ටිකක් කළින් යනවට..එත් අපි නිත්‍යානුකූල වම පාසල ඇරිලා ගියේ දිනන්න නෙවෙයි සහභාගි වෙන්න.
හිටියේ දඩාර් සයිස් ටීම්. විසි එකෙන් පහළ දහනවයෙන් පහළ. අනික බණ්ඩාරවෙල සුපිරි ම පාසල්..

" මුං එක්ක අපි උන්ට මොන දිවිලිද අක්කා... අපිට තර්ඩ් ප්ලේස් වත් ෂුවර් නෑ"
මං චම්පා අක්කට හෙමිහිට කිව්වෙ කෙල්ලො ටිකට නෑහෙන්න.

" උඹලා දිනලා වරෙල්ලා.. ප්ලේස් එක කීය වුනත් මම ෆිල්ම් එක බලන්න එක්ක යනවා.."
අපේ පඟර නැටි කෙල්ලො කණ්ඩායම් කරද්දි ත් හිටිය පුංචිම කණ්ඩායම පිට්ටනියේ එහා කෙළවරට යනකම් බලන් හිටියෙ පපුව පැලෙයි කියලා මම බයෙන්.
චම්පා ටීච, අමරා ටීච මම හිටියෙ දෙගඩියාවෙන්.
තරගය පටන් ගත්තා. පලවෙනි යෂ්ටි හුවමාරුව වෙනකං අපේ කෙල්ල අන්තිම. ඒත් දෙවැනි තුන්වෙනි යෂ්ටි හුවමාරු වලදි හිතා ගන්න බැරි තරම් පරතරයක් තියාගෙන අපේ කඟවේනියෝ ටික ඉස්සර වෙද්දි පළවෙනි තැනට එද්දි ඇස්වල කඳුළු පිරිලා ගියා.
චම්පා අක්කා අඬනවා. චම්පා කියන්නෙ 98 බැච් එකෙ ධාවන සුපිරි තරුව. උදේ ඉදන හවස්වෙනකං අව්වට පින්නට ඉන්නෙ නැතුව  අපේ දුප්පත් ඉස්කොලේ  ළමයි ටික සමස්ත ලංකා තරඟ වලට අරන් ගියේ චම්පා අක්කා. පේෂල් කරපු මුණ පිච්චෙයි කියලා, දාපු මේකප් එක දියවෙයි කියලා දරුවන් ට ගුරු වෘත්තීය විතරක් දෙන ගුරුවරු අතර මම දැකපු ආදරණීය ගුරුවරියක් චම්පා.
මොනවා වුනත් ඈත පිටිසර ගමක අපේ කෙල්ලො අපි ඉාගන ගත්ත ඉස්කොලේ පිට්ටනියේ වර්ණ පාද්දි ඇඬෙන් නැති ඇස් මොකටද

10 comments:

  1. කියෙව්වම ඇහැ අග කදුළක් එක්ක. අපිට හිතාගන්නවත් බැරිතරමට මේ පොඩි එවුන් ජීවිතය අපිට කියාදෙනවා.
    ගුරුතුමීට මල් මිටක් මේ පොහොට්ටු වලට පිපෙන්න ඉඩ හදනවට

    ReplyDelete
  2. පැරදුණු කණ්ඩායම් බාර ටීචර්ලාත් අඬන්න ඇති නේද ?

    ReplyDelete
  3. බැජ් = badge = පදක්කම
    බැච් = batch = කණ්ඩායම

    ReplyDelete
  4. සමහර වෙලාවට වෙන දේවල් ඇත්තටම හිතාගන්න බැරි තරං තමයි
    මොනා වුණත් පොඩි උංනෙ විස්වාසෙ අපතෙ ගියෙ නෑ
    ටීච හින්ද හරි දින්න හිහි

    ReplyDelete
  5. ජ ය වේ වා !!!

    ReplyDelete
  6. සුභ පතනවා ඔයාගෙ ඉස්කෝලෙ දරුවන්ට...!

    ReplyDelete
  7. ඒ දරුවන්ටත් ඔබටත් සුබපැතුම්!!!

    ReplyDelete
  8. මේන් බණ්ඩාරවෙල ගුරුතුමියක්... ජය වේවා.!!! බදුල් ලේ ට තවත් කෙනෙක්.
    හ්ම්ම්ම් සුවර් එකටම තවම කමි අයියා මේ බොග දැකලා නෑ. ඔබටත් දරුවන්ටත් සුභ පැතුම් !!! ආයෙමත් එන්නම්කෝ.

    ReplyDelete
  9. ස්තුතියි හැම කමෙන්ට් එකකටම.

    කාර්ය බහුලත්වය මගේ අකුරු උකසට අරන්

    ReplyDelete