Thursday, March 10, 2016

සර්

විවේක කාලය අවසන්වන සීනූව නාද වී විනාඩි ගණනක් ගතව ඇත. නිමුන කහට ටික විසිකර කෝප්පය සෝදා පරිගණක කාමරයට ආවේ දහය වසරට නියමිත කාලජ්ජේද දෙකෙ විනාඩි ගණන අතිශය වටින නිසාය. අද දවස තුළ දෙවන පාඩම අවසන් කිරීම මගේ හීනය විය. මෙවර දරුවන් කොහොමත් දක්ෂය. පෙර වසර වලට වඩා මොවුන් සමඟ වැඩ කිරීම මට පහසුය. ඒ මම ද වසර කිහිපයකින් ගුරු වෘත්තීයේ පරිණතව ඇති බැවිනි.
විෂය කරුණු අවසන්ය. ඇත්තෙ පාඩමේ සාරාංශය ඉදිරිපත් කරවීමය.

"හරි පුතලා මෙහෙමයි.. විනාඩි දහයයි... මට මේ පාඩමේ ප්‍රධාන කොටස් ටික ඔයාලා සාරංශ කරලා කියලා දෙන්න ඕන"

මම පාඩමේ ප්‍රධාන කොටස් ටික ඒකක කර දරුවන් අතර බෙදා දෙමින් කීවෙමි.

" ටීච.. කරුණු වශයෙන්ද... නැත්නම් ඒවා පැහැදිලි කරන්නත් ඕනද"

"ඔව් පැහැදිලි කරන්න ඕන"

"ඒක අමාරුයි නෙ ටීච... කරුණු කියන්නම්.."

" මේකනේ.. මම කරුණු විතරක් කියලා නිකං ඉන්නෙ නෑනේ... මම ඒවා පැහැදිලි ත් කරනවානේ.. දැන් ඔයාලා ටීච... මමයි ස්ටුඩන්ට් ... ඉතිං මට කියලා දෙන්න කරුණු ටික හරියට.. එච්චරයි"
මිනිත්තු කිහිපයක නිහැඬියාවක් ගත විය. ඔවුන් පාඩමට සූදානම් විය. ඒ අතර උන් දඟකාරම දරුවා නැඟි සිටියේය. වගකීම් සහගත බවක් මුහුණෙන් ප්‍රකාශනය වන්නට විය.

" මේ ළමයා කියන්න බලන්න පරිගණකයක ප්‍රධාන ක්‍රියාවලිය..."

ඔහු මවෙත ඇඟිල්ල දිගු කරමින් ප්‍රශ්න කළේය.

10 comments:

  1. හා කියමු බලන්න එහෙනම්.

    ReplyDelete
  2. හැක් නියම කොල්ලෙක් නේ. ගුරුවරයෙකුගේ අත්දැකීම් මම හිතන්නේ වෘත්තීය ජීවිතයක ලබන්න පුළුවන් සොඳුරුම අත්දැකීම් සමූහයක්. ජය වේවා !

    ReplyDelete
  3. ටීචගෙ අත්දැකීම් කියනකොට ආස හිතෙනවා..ඒ ළමයා නියමෙටම නූලෙන් ගේම දුන්නා.රියල් කොල්ලෙක්.
    ජයවේවා..!!

    ReplyDelete
  4. ෂා නියම ගුරුවරයෙක්...

    ReplyDelete
  5. ටීච වගේම තමා ඉතිං ළමයිනුත්

    ReplyDelete
  6. අන්න ළමයි............. නෑ ගුරුවරු.........

    ReplyDelete
  7. ලෝකෙ තියෙන වෙහෙසකර ම.. ඒත් විනෝදබර ම රස්සාව..))

    ReplyDelete
  8. එල කිරි ළමයි..අපේ උන් වගේමයි

    ReplyDelete