Saturday, March 12, 2016

අළුත් ගුරුතුමා

මේ කතාව දරුවෙක් ගැන නෙවෙයි. අපේ කාලයේ දුයිෂෙන් කෙනෙක් ගැන. අල්තානීයිලා ගොඩක් වට කරගෙන ජිවිතේ කියලා දෙන.
ගමේ ඉස්කොලේ දුප්පත්කම හින්දා ටවුමේ ඉස්කොලේට යන්න බැරිව ඉතිරි වුන ළමයි ටික එකතු වෙච්ච අපේ ඉස්කොලේට සමහරවිට තියෙන පහසුකම් හරි අඩුයි. ඒත් නැත්තෙමත් නැ. සංගීත කාමරයක් නැති නිසා ගුරු මණ්ඩලයේ හැමෝම හුණ්ඩු කාමරේකට ගිහින් ගුරු කාමරය සංගීත කාමරයට දුන්නා. ගුරුවරියකුත් හිටියා. හැබැයි ඒ කාමරෙන් පිටට කවමදාවත් සංගීත හඬක්වත් ගීත හඬක්වත් ඇහුනේ නැ. ජාතික ගීය ගයද්දි අපිටම දුක හිතුණා. ඌව ගීතය තමයි ලංකාවේ ලස්සනම පළාත් ගීතය. ඒත් අපේ උන් කියද්දි යකා නගිනවා. ඒත් කරන්න දෙයක් තිබ්බෙ නැ. අපිටත් සංගීතය ගැන ලොකු දැනුමක් තිබ්බෙ නෑ.
පහුගිය දවසක ඉස්කොලේ ට මාරුවීමක් අරන් අළුත් සර් කෙනෙක් ආවා.
වෙනසක් දැනුනෙ නැ. කවුරුත් එනවා.. පොතට කරනවා. එච්චරයි .. දැන් ගුරුවරු හරි අඩුයි. දවසක් පරිගණක ශාලාවේ ඉඳන් ගුරු කාමරයට යන අතරමඟ අපූරු හඬක්. මම යන ගමන නවත්වලා එහෙමම නැවතුනා. මොන තරම් අපූරුද. මේ ඌව ගීතය. ගයන්නෙ අනේ අපේ ළමයිමද .. තාලයට ගයන්න බැරි අපේ උන් මේ තරම් අපූරුවට ගයන්නෙ කොහොමද ..
මම ජනේලයෙන් එබුණා. ගීතයට අත්වැල් දෙන්නෙ අළුත් සර්..
ඇස් වලට ආව කඳුළක් හංගාගෙන මං ආපහු හැරුණා.
ඇත්තමයි හිතුවොත් මොනවද කරන්න බැරි..
එහෙම ගුරුවරු වාසනාවක්.
උඹ මහා මිනිසෙක්  අයියා.
ස්තුතියි ගුරුවරු තාම ඉන්නවා කියලා පෙන්නුවාට..

10 comments:

  1. ගයාපන් සර්.. ගයාපන්....
    හිතේ තියෙන අන්තිම දුක් බිංදුවත් හඬේ දවටලා එලියට යවන්න මේ දරුවන් එක්ක ගයාපන්..
    ජයවේවා..!!

    ReplyDelete
  2. ඌව ගීතය තමයි ලංකාවේ ලස්සනම පළාත් ගීතය

    ඇත්ත

    ReplyDelete
  3. දැන් ඔය විදියට එක එක පළාත්, දිස්ත්‍රික්කවලටත් සින්දු තියෙනවාද?
    එතකොට ඒවා ගායනා කරමින් සීරුවෙන් ඉන්න ඕනෑද?
    මොන මළ විකාරයක් ද ඒ?
    ජාතික ගීය මදිවටද?
    පව් අසරණ ළමයි.

    ReplyDelete
    Replies
    1. ඒක විකාරයක් නෙවේ. ගීයකට විනාඩි තුනකට සතියකට දවසක් සීරුවෙන් උන්නා කියලා ළමයි පව් නැ. එහෙනම් පාසල් ගීතයත් ගයන්නට ඕන නැ නේද..

      Delete
    2. ඇත්තටම මමත් දැනුයි දන්නෙ එහෙම පළාත් ගී තියෙනව කියල... මෙච්චර කල් දැනගෙන හිටියෙ පාසල් ගීයයි, ජාතික ගීයයි, දහම් පාසල් ගීයයි විතරයි...

      තරහ නැත්තං කතාවක් කියන්නං... ඉන්දියාවෙ ප්‍රාන්ත කීපයකම ළමයි එකතු කරල අලුත් හොකී ටීම් එකක් හැදුවලු... පළවෙනි දවසෙ මුන්ව පෝලිමට හිටෝලා කෝච් කියනව තමන්ව හඳුන්වා දෙන්න කියල... එක එකා තමන්ගෙ නමයි තමන්ගෙ ප්‍රාන්තයෙ නමයි කියනව... පහක් හයක් විතර කියාගෙන යද්දි කෝච්ගෙ මුණ නිකං කෝච්චියට අහුවෙච්ච කජු ලෙල්ලක් වගේ වෙලා... ඔන්න යන්තං දැනුං තේරම් තියෙන කෙල්ලෙක් කියනවා (නම මතක නෑ..) ... වර්මා - ඉන්ඩියා ... කියල.. ඔන්න කෝච්ගෙ මූණට හඳ පායනව.... ප්‍රාන්ත ප්‍රාන්ත වෙන් කරගෙන ඉන්දියාව රටක් විදියට කරගත්ත ගොන්කම ළමයිගේ හිත්වලින් මකලා අපි හැමෝම ඉන්දියාවෙ කියල ඔලුවලට දාන්න කෝච් පුදුම ෆයිට් එකක් දෙනව...

      මං මේ කිව්වෙ චක් දේ ඉන්ඩියා (Chak de India ) කියන හින්දි ෆිල්ම් එකේ ප්ලොට් එක....

      Delete
    3. මෙහෙමයි..
      පළාත් ගීය කියන්නෙ පළාතක අභිමානය දනවන ගීයක්. ඒක ගයන්නෙ පළාතේ සුවිශේෂීය අවස්ථාවල. ඒ වෙලාවට දැනෙන හැඟිම හරි හැඟුම්බරයි. ඒක ගායනා කප යුතු යැයි කිසිම නියමයක් නැ. ඒත් විදුහලේ අනන්‍යතාවය මත ගයනවා. පළාත් ගී තිබෙන බවවත් නොදැන ඉන්න පිරිසක් ගොඩනැගෙන්නෙ මේ වගේ දේවල් විදුහලක්තුල නොකෙරෙන නිසා

      Delete
  4. හෝ ගාන පොකුණ මතක් වුණා.. මතකද ඈ පියානෝව වයන හැටි..))

    ReplyDelete
  5. //ස්තුතියි ගුරුවරු තාම ඉන්නවා කියලා පෙන්නුවාට..//....
    ඇත්තටම සමහරු ගුරුවරුද කියල හිතෙනවා.

    ReplyDelete
  6. ගුරුවරියකගේ මතකයේ ගුරුවරයෙකුට ඉඩක් වෙන්වූ අපූරුව

    ReplyDelete