Wednesday, March 16, 2016

දක්ෂයාට තැන

කාලෙකට පසු දරුවන් ට අළුත් බලාපොරොත්තුවක් ලැබී ඇත. නිවාසාන්තර ක්‍රීඩා උත්සවයක් නොපැවැත්වු බැවින් මෙවර ළමයින්ට අධ්‍යාපන චාරිකාවක් යාමට හැකි බව විදුහල්පතිවරයා දැනුම් දුන් පසු එයට ලක ලැහැස්ති වන දරුවන් ට වැඩ වැඩිය. දින ළං වත්ම නොඉවසිලිමත් ආසාව නිසා පැවරුම් අතපසු වීම්ද ඉතා ඉහළය.
සංඛ්‍යා පාද පාඩමේ ක්‍රියාකාරකම් පැවරුමක් ලෙස කරගෙන එන ලෙස සිසුන් දැනුවත් කළේ පාඩමේ සියළු අහුමුළු ද හාරමින් දරුවන්ට පැහැදිලි නිරවුල් අවබෝධයක් ලබා දීමෙන් අනතුරුවය.

" දීපු වැඩ කරගෙන ආවනෙ"
එක පීරියඩ් එකක් පමණක් වු බැවින් මම ඇසුවේ පාඩමේ අනෙක් කොටසට යාමේ බලාපොරොත්තුවෙනි.
දෙදෙනෙකු හැර අනෙක් දරුවන් පැවරුම කළ බවට සංඥා දුන්නහ.

" ඇයි ඉසුරංග මොකද ප්‍රශ්නේ"

" තේරුන් නෑ ටීච"

" හ්ම් හරි ... එතකොට එල් එස් ඩි , එම් එස් ඩි තේරුන් නැ කියන්නකො. එතකොට අර සංඛ්‍යා පාද ටික...ඒ ටික තේරෙනවානේ"

"..................................."

" එතකොට රශ්මික"

" මුල් ටික හදපු නැති නිසා අනිත් ටිකත් හදන්න බැ හිතුණා ටීච"

" ඒකත් එහෙමද... හරි මම මුල් ගණන් ටික ‍
හදන්නම්කෝ. ඊට පස්සෙ බලමු ඔයාලා හදන හැටි"

මම එකින් එක ගණන තේරුම් කරමින් යළිත් සෑදුවෙමි.
සියලු ගණන් මම ම සාදා ඇති බව මට වැටහුනේ  පසුවය.

" ඔයාලා නම් නියම ළමයි. කොහොමහරි මට කියලම ගණන් ටික හදවා ගත්තා නේද"

" මේකනෙ ටීච.. දක්ෂතාවයට අපි ඉඩ දෙන්න එපැයි"

5 comments:

  1. දක්ෂ දරුවෝ නේ?

    ReplyDelete
  2. මුල්වර ඉගැන්වීම ප්‍රතිඵල රහිත නිසා දෙවන වර උත්සාහ කිරීම කළ යුතු දෙයක්.

    ReplyDelete
    Replies
    1. අපි එහෙමයි. එක්කෙනෙක්ට නොතේරේනවා නම් ඒ පාඩම එතැනින් එහාට යන්නෙ නැ. පුළුවන් වෙනකං මොන ක්‍රමයකින් හරි කරන්න ට්‍රයි කරනවා .
      හැමෝම අරන් යන්න බලනවා.
      බැරිම තැනකදි ඉදිරිය‍ට යනවා මිසක.
      ළමයාට උගෙන ගැනිමට උනන්දුව තියෙනවා නම් ගුරුවරයා හැම තප්පරේකම ළමයා එක්ක

      Delete
  3. මෙදා පාර ළමයි ටික ටීචර්ව අන්දලා....හික් හික්..

    ReplyDelete