Sunday, March 20, 2016

ප්‍රතිඵල

ගිය අවුරුද්දේ දවසක බලයත් අධ්‍යාපන බලධාරියෙක් ඉස්කොලේ ට ඇවිත් පොඩි සත්තමක් දැම්මා මුළු ගුරු මණ්ඩළයටම. හේතුව සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අඩු යි කියලා. ඒ අතර මගේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය සුවිශේෂී වුනා. එක දරුවෙක් පමණක් අසමත් වුනත් මාව වියළුව ට දානවා කිවා. මේ ඉස්කොලේ ට මගෙ විෂය ඕන නැ කිව්වා. වැඩ බැරි නම් යන්න කිව්වා. උගත් මෝඩකමට මං හිනාවුනා. ගමේ උන්ට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය අකැපයි හිතන තරමට මෝඩද සම්මාන ප්‍රමාණය ද වටින්නෙ ... අපේ අධ්‍යාපන ක්‍රමයෙ කාණ්ඩ විෂයක් විදිහට එන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය කවද්ද මේ රටේ හැම දරුවාට පොදු විෂයක් බවට පත්වෙන්නෙ. ඒකත් තාම නැ. ඒත් තුන්වන කාණ්ඩයේ ටිකක් සංකීර්ණ මගේ විෂයට කිසිම දරුවෙක් ටියුෂන් ගියේ නැ. උන්ට ගෙවල්වල කම්පියුටර් එකක් වත් නැ. සතියට ලැබෙන පීරියඩ් තුන විතරයි. විභාගෙ ලං වෙලා විදුහල්පතිතුමාත් චෝදනා කලා. මගේ විෂය කෙරිලා නැ කියලා. ඒත් එතුමා හෙව්වද නැද්ද දන්නැ. නිවාඩු ප්‍රමාණය වැඩි නිසා එහෙම කියන්න ඇති. ඒත් සම්‍ප්‍රදායට එරෙහි මගේ ඉගැන්වීම රටාව එක්ක මම සිලබස් කවර් කළේ අවුරුද්දේ මුල. මට යන්න කියපු උන්ට උඹලා හොඳ උත්තරයක් දුන්නෙ. මට ඉංග්‍රීසි ඉගෙන බැ . ඒත් මං IT කරන්න ආසයි ටීච කියපු   අරවින්ද මගේ විෂයට ආවේ බයෙන්. ඒත් මං උඹට කිව්වෙ පුතේ කරන්න බැරි දෙයක් නැ කියලා. අනුරාධා මගේ කෙල්ල ඔව් උඹේ ප්‍රතිඵලය මට කෝටියක් වටිනවා. පංතියේ අන්තිමයාගෙන් දෙවැනියා වුන මලිඳු. උඹේ වගකීම මට දෙනකොට මං හිතුවා උඹව කොහොම හරි ගොඩ දානවා කියලා. සපත්තු දෙකක් නැති උඹට සපත්තු දෙකක් දුන්නෙ Shain C Jayakody. ක්ලාස් යන්න සල්ලි දුන්නෙ Vimukthei Akalanka. පොත් ටික අරන් දෙන්න සල්ලි කිහිප දෙනෙක් දුන්නා. ඒ හැමෝම බලාපොරොත්තු වුනා වගේම උඹ සාමාන්‍ය පෙළ පාස්. ඒක හරි වටිනාකමක් . මොකද උඹ ෆේල් මට්ටමේ හිටියේ. හිටපු ගමන් හොරා පොලිස් සෙල්ලමක් කරන්න වගේ උඹ ගැන මං හොයද්දි බයට හරි පාඩම් කළානේ.
ඔව් මං දැනං මට යන්න කියපු අයට ටටා බායි කියන්න මං ලෑස්තියි .
මට වගකීමක් ගන්න බෑ කියපු ලොකු ලොකු උදවියටත් වගවීම ගැනත් කියලා දීලා මං දැන් යන්න ලෑස්තියි .
මම පරාජය අඳුරන්නෙවත් නෑ.
ඒක ඔප්පු කරන්න මාත් එක්ක වැඩ කරපු මගේ දරුවන්ට ස්තුතියි .

සතුට නම් බොහෝ සංකීර්ණ විෂයයන්වල ප්‍රතිඵල වලට ටියුෂන් ගුරුවරුත් අයිතිවාසිකම කියනවානෙ.ඒත් මගෙ දරුවෝ විශ්වාස කළේ මාව විතරයි. උන්ට ටියුෂන් ඕන වුනෙ නැ.
ඒ වගේම අධ්‍යාපන ඇමැතිතුමාටත් යෝජනා කරන්න ඕනි මේ විෂයය හැම දරුවන්ට ම අනිවාර්ය කරන්න. Harin Fernando අැමැතිතුමා දකින තාක්ෂණයෙන් සන්නද්ධ හෙට දවස වැඩි ඈතක වෙන එකක් නැ එහෙම කළොත්.

11 comments:

  1. සුභ පැතුම්..!
    ජයවේවා..!!

    ReplyDelete
  2. ඔබ කියන දේ ඇත්ත. හැම දරුවෙක්ට ම මේ විෂය අනිවාර්ය කරන්න ඕනේ. දැන් සරසවිවලට මේ විෂය ඒකකයක් අනිවාර්ය කර තිබෙනවා. එය අසාර්තක උත්සාහයක්. පාසලේ පරිගනකයක් දැකලාවත් නැති ලමයි සරසවියේ අනිවාර්ය විෂයක් මාස තුනෙන් ලියන්නේ කොහොමද?

    ReplyDelete
  3. අයි ටී දැං වෙනම තෝරාගන්න ඕන සබ්ජෙක්ට් එකක් කොරලයි.. හෆොයි..
    ඒ මොන වහන්තරාවක්ද ඒ..
    ඔය සබ්ජෙක්ට් එක මුලින්ම ඉස්කෝල වලට අදුන්වල දෙද්දි (ඒ වෙද්දිත් අගනුවර ආශ්‍රිත පාසල් වල තියෙන්න ඇති සමහර විට) අපි ඉස්කෝලෙ යන කාලෙ. අපි හැම කෙනාටම අනිවාර්ය සබ්ජෙක්ට් එකක් වෙලා තිබ්බ. වෙනම පේපර් එක්කුත් ලීව.
    බුහ්... හරි කුජීතයි නෙ දැං...
    ටීචර් හරි හොද ටිචර් ඈ

    ReplyDelete
  4. හරක් ටිකක්ද ආවෙ ඉස්කෝලෙ බලන්න? මේ කාලෙ ළමයින්ට අයිටී ඕන නෑ කියන්නෙ ඒ ජාතියෙ සතුන්. අසමත් වුනේ එක ළමය නම් ප්‍රතිපලය ගැන උපරිම සතුටු වෙන්න පුළුවන්නේ

    ReplyDelete
  5. සුභ පැතුම්........ මේවා පිං...... රස්සාව විතරක් කරන කෙනෙක්ට මේ සතුට නැහැ කවදාවත්...

    ReplyDelete
  6. ටිචට වරදින්නේ නෑ. වංගු ගල්පර නැති ඇලක් දොළක් උනත් ලස්සන නෑ කියනවානේ, ඔය භආදක ගණන් ගන්ඩ එපා.

    ReplyDelete
  7. //එක දරුවෙක් පමණක් අසමත් වුනත් මාව වියළුව ට දානවා කිවා. මේ ඉස්කොලේ ට මගෙ විෂය ඕන නැ කිව්වා.//

    ඒ කියන්නේ අපේ දරුවන් ලබන අද්යාපනයේ මට්ටම තීරනය කරන්නේ අමත්යන්ශේ ඉන්න නිලධාරියෙක්.. ඇයි බන් සෙරෙප්පුවෙන් ගහල එලෙව්වේ නැත්තෙ ඒ බල්ලව.. එතන උන්නේ මමනම් උගේ දිව ඇදෙන්න බෙල්ල මිරිකලා රස්සාව එපා කියල ගෙදර යනවා..

    ReplyDelete
  8. ඊයෙ මේකට කමෙන්ට් එකක් දාන්න හිතල ඒත් ඉස්සර වගේ මාගල් කමෙන්ට් දාන්න කම්මැලි හින්ද හැරිල ගියා.. මොකද කියන්න ආපු එක මාගලකින් මෙහා නතර වෙන්නෙ නැති බව දන්න හින්ද... ඒත් අද හිතුන ඔන්නොහෙ කියල දානව කියල...

    අපිට ඔය අයි ටී කියල විශයක් තිබුනෙ නෑ නේ... මේ සිද්ධිය උනේ මං හිතන්නෙ 1998දි විතර.. අපි 9 වසරෙ... ඇත්තම කියන්න ඉතිං ඒ කාලෙ ඔය ගෙවල් වල කම්පියුටර් තිබ්බෙ නෑ අපේ පන්තියෙ එකෙක්ටවත්... ඉස්කෝලෙට කම්පියුටර් තුනක් හතරක් හම්බුවෙලා තිබ්බ.. මං මේ කියන්න යන්නෙ ඒ කාලෙ මතක සටහනක්...

    ඒසී කරපු රෑම් එකක තමයි කම්පියුටර් ටික තියල තිබ්බෙ... දවසක් ඉතිං අපිව ඕක ඇතුලට එක්කගෙන ගියා.... ඒකත් හරියට අර දේවාලෙට යනව වගේ සපත්තු එහෙම ගලෝලා තමයි... අපේ පන්තියෙ වැඩ්ඩො දෙතුන් දෙනෙක් හිටිය.. පළවෙනිය නිතරඟයෙන්ම සඳරේණු... මාර මොළයක්... ඌටයි මටයි පිස්සු දෙකතුනකුත් තිබ්බ... එක්ස් ෆයිල්ස්, සුපර් මෑන් සහ තව මොනාද මන්ද ඒලියන් කතා සෙට් එකක් මට දැං නම් මතක නෑ... කොහොම හරි ඉතිං චූටි ටීචර් කෙනෙක් තමයි ඕව උගන්නන්න හිටියෙ... අපි ඉතිං දැං බයෙං බයෙන් පස්සට වෙලා බලං ඉන්න අස්සෙ මේං මේ මනුස්සය අහනව කම්පියුටරේ කෑලි ටික දන්නවද කියල... අපේ කටවල් ලොක් වෙලා වගේ තියෙන්න ඇති... ඒත් අපේ සඳරේණුව එහෙම නෑ... මූ මෙන්න අත දික්කරල කියපි මේක මොනිටර් එක, මේක සීපීයු එක, මේක කීබෝඩ් එක කියල... ටීච පොඩ්ඩක් පස්සට විසි උනා... ඊට පස්සෙ ඇහුවා ගෙදර කම්පියුටර් එකක් තියෙනවද කියල... සඳරේණුගේ තාත්තා ප්‍රින්සිපල් කෙනෙක් මට මතක විදියට.. ඉතිං මොන කම්පියුටර්ද... මේකි ටිකක් වටපිට බලලා උත්ත‌රේ දුන්නා... ‘‘ නෑ... මං විදුසර පත්තරේ කම්පියුටර් ගැන කියෝල තියෙනව...‘‘ කියල.... අපි ඔක්කොටම බකස් ගාලා හිනා... හි හි... (සඳරේණු ඒ 10කට වඩා අරගෙන විභාගේ පාස් උනා .. ඊළඟට මොනා උනාද කියල මං දන්නෙ නැත්තෙ ඒලෙවල් වලට වෙන ඉස්කෝලෙකට මාරු වෙච්ච හින්ද..)

    මට මේ සිද්ධිය අමතක වෙන්නෙ නැති හේතුවක් තියෙනව... ඕලෙවල් ඉවර උනාදාට පස්සෙන්ද ඉඳල මං අපේ මාමගේ ‌ග්‍රැෆික් ෂොප් එකේ වැඩ පටං ගත්ත.. එදා තමයි කම්පියුටරයක් හරියට දැක්කෙත්.. අපේ මාම ඔයිට ඉස්සෙල්ල මට උගන්නන්න ගිහින් හොඳට කටු කාලා තියෙන හින්ද මේ පාර කලේ කොරල් ඩ්‍රෝ අර පතාර පොත මගේ අතට දීලා කම්පියුටරේ ඔන් කරල යන්න ගිය එකයි... මං තනියෙන් ඉගෙන ගත්තා... ඊටත් අවුරුදු ගානකට පස්සෙ ඉන්ග්‍රීන් ගිහිල්ල ඇපල් කම්පියුටර් ටික වෙනම කාමරේක දාලා වහලා තියෙනව දැක්කම මට පුදුම හිතුනා... ඊටත් වඩා පුදුම උනා මට ඇපල් කම්පියුටරයක් හම්බුනාම... ඒක දැං පැය 24ම 365 දවසෙම ඔන් කරල සාලෙ මේසයක් උඩ දූවිල්ලයි වෙන වෙන ආපදා වලටයි මුහුණ දීගෙන යහතින් ඉන්නව...

    ඒ කාලෙ අපි කම්පියුටර් නැතුව කම්පියුටර් ඉගෙන ගත්ත.. අද වෙනකොට 10000ට අඩුවෙන් ඇසෙම්බල් කරපු කම්පියුටරයක් හොයා ගන්න පුළුවන්.. එහෙම කාලෙක ළමයෙක්ට ඉගෙන ගන්න තියෙන අයිතියට හරස් කපන්න යන බළධාරීන් තාමත් මේ රටේ ඉන්නවා කියල දැනෙනකොට මේ රට ගැන තියෙන කළකිරීම තවත් වැඩි වෙන එක අහන්න දෙයක්ද....

    ReplyDelete
    Replies
    1. ඇපල් කෙසෙ වෙතත් අපේ උන්ට නම් ලැප් එකත් තාම අරුමයක්

      Delete
  9. ඔබට තවත් ගුරුවරියකගෙන් සුභ පැතුම්

    ReplyDelete
  10. අනේ ටීච ඔය රට හරක් කියන එව්වා ගණන් ගන්න එපා..
    ඔය යක්කු දන්නේ ඉහලින් ඉන්න එකාගේ මොනා හරි ලොවන්න් විතරයි. එකත් උන්ගේ ප්‍රොමෝෂන් ගන්න.
    අපි දන්නවා උන් ගොරවන්නේ ඔයාල වගේ වෙර වීරියෙන් වැඩ කරන අවංක මිනිස්සුන්ට කියලා.
    කොහෙට මාරු කලත් රට වෙනුවෙන් පැවරිලා තියෙන ජොබ් එක හරියට කරන්න. කවදාවත් වරදින්නේ නැහැ. අද වේම එදාටත් මොනා නැතත් හිතේ සතුට හරි තියෙයි.

    ඔබට ජය..

    ReplyDelete