Thursday, April 28, 2016

දුකයි ටීච

අප්‍රේල් අවුරුදු නිවාඩුව අහවර ව පාසල ආරම්භ කළ පළමු දවස තරමක් කාර්යබහුලය. පොඩි උන් අත බුලත් හුරුළුය. බුලත් ගෙනෙන්නට අමතක වූවන් බුලත් ගෙනා අය පසුපස ය. සමහරු උස ගිහින්ය. අළුත් ඇඳුම් සමහරුන්ට ඇත. සමහරු නම් පරණ කහට පිපුණ ඇඳුමමය. තෙල් බේරෙන හිස අතගා බුදුසරණයි කියනතුරු සමහරු හිස ඔසවන්නනේද නැත.


" ටීච ව නම් පාට වැටිලා"

දඟකාර හඬක් මතුව නෑසී ගියේය.

"අවුරුදු නේ ඒකයි...පුතේ"

" නෑ... නෑ.. අපිට ආරංචියි"

තේරෙන වයසේ පොඩි උන් ඔච්චමට සිනාසෙන්නෙ අැයිදැයි දන්නා නමුත් ගාණකට නොගෙන මම ඔවුන්ගෙන් ඉවතට ඇදුනෙමි.


පරිගණක ශාලාවේ කෙළවරක ගිය වසරේ සාමාන්‍යපෙළට පෙනී සිටි ගැහැණු දරුවෙකු කණුවට හේත්තු වී උන්නාය. ඇයගෙ දෙනෙත් කෙළින්ම මා වෙත එල්ල වී තිබුණ නමුත් එහි සැගව තිබු කතාව මට ප්‍රේහෙලිකාවක් විය.


" මොකද අනූ .... ඇයි මාව හොල්මනක් වගේද"


" නෑ ටීච හැඩ වෙලා"


" ආ ඒකද... කොහොමත් අපි හැඩයිනෙ..."


ඇයගේ පිටට තට්ටුවක් දමාගෙන මා කාමරයට ඇතුළු වන්නට සූදානම් වු විටම මගේ සාරි පොට කිසිවෙකුගේ ග්‍රහණයට ලක් වු බව දැනී මා පිටු පසට හැරුනෙමි.


ඒ ඇයය. තවමත් ඇයගේ බැල්ම මටය.


" ඇයි පුතේ.. මොකද මේ.. ප්‍රශ්නයක්ද.


නැත්නම් වෙන මොනව හරි දෙයක්ද"


" නෑ ටීච... මහ හරි සතුටුයි.. ඒ වගේම මට හරි දුකයි"


"මොකක්ද කාරණේ"


" ටීච බඳිනවා නේද ළඟදි"


මම සිනාසුනෙමි. කාටවත් දැන් එහි රහසක් නැත.


" ආ ඒකද මේ... හරි දුක මොකටද එතකොට දුක"


ඇය මොහොතක් නොසන්සුන් නිහැඩියාවක උන්නාය.


" අනූ".


" ටීච එතකොට දුරස් වෙයි.. ඒක මහා අමුතු දෙයක් හිතට.. හරියට ටීච හොරු අරන් යන්න වගේ"


මම කිසිත් නොකියා ආදරණීය ටොක්කක් ඇයට දී කාමරයට එබුනෙමි.

21 comments:

  1. ඒ සුබ ආරංචිය කිව්ව විදිහත් අපූරුයි....මගෙත් සුබ පැතුම්!!

    ReplyDelete
  2. අපෙනුත් සුභපැතුම්.

    ReplyDelete
  3. සුභ මංගල්‍යයක් වේවා..!!
    ඊලඟට ඔය දරුවො පොරකන්නෙ ටීචගෙ බබාලා හුරතල් කරන්න.ඔන්න බලන්න නැද්ද කියල හා..
    ජයවේවා..!!

    ReplyDelete
  4. ආව පළවෙනි දවසෙම සුභපතලා යන්න ලැබුනට සතුටයි.
    ආයෙත් සුභ පැතුම්..

    ReplyDelete
  5. Replies
    1. ඒ විවාහයට අපේත් සුබ පැතුම්

      Delete
  6. විවාහයට සුබ පැතුම්..!

    ReplyDelete
  7. සුබම සුබ අනාගතයකට ටීචට මගෙනුත් සුබ පැතුම්. ජය වේවා !!!

    ReplyDelete
  8. සුබ පැතුම් ටීචර්.. ටීචර්ගෙ සමාජ සත්කාරවලටත් එහෙනං ඩබල් වෙලා උදව් හම්බ වෙයිනේ.. සුන්දර අනාගතයකට ආදරෙන් සුබ පතනවා..!!

    ReplyDelete
  9. මේ පැත්තට ගොඩ වුනේ අදයි, ඒ ගමන සුබ පැතුමක් එක් කරන්න ලැබීමත් විශේෂයක්.

    ReplyDelete
  10. ලස්සනට කෙටියෙන් පණිවිඩයක් දීලා.
    මෙන්න මගෙන් තෑග්ගක්

    ReplyDelete
  11. සුභ පැතුම් ආදරයෙන් පිළිගන්නවා.
    ස්තුති ඔබේ ආදරයට

    ReplyDelete
  12. ජයවේවා චීච
    අපේ අම්මිට ඉස්කෝලෙ පොඩිවුං හෙණ ලව්...
    එයා වටේ පොඩිවුන් එකතු වෙන්නෙ චීච චීච කියාගෙන...
    ලොකූ පැමිණිලි අරං අම්මි වටේ වට වෙනවා...

    ReplyDelete
  13. පොල්කිච්චා නං ඉස්කෝලෙ යන කාලෙත් ලස්සන ටීචර්ලට හිතෙන් ලව්. ඒකනෙ පොල්කිච්චිව සහේට ගත්තෙ. මේ කතා කියවද්දි ඒක මතක් වුණා.

    ReplyDelete
  14. සුබ පැතුම් ටීච....

    ReplyDelete
  15. නිම්නිගෙ ඔත්තුවකට ගොඩ වුණෙ. ඉස් ඉස්සරෝම සුබ පැතුම් ඔන්න

    ReplyDelete