Saturday, October 15, 2016

ස්තුති

රත්තරනේ ..
උඹලා... පට්ටයි.. මාරයි...
මං ඉන්නෙ ..දුර
දෙවියන් මට වරයක් දෙනවනම්
මං ඉල්ලන්නෙ
නුවරට ඉගිලෙන්නට මට අත්තටු ..
කොළඹ විශාකා
රත්නපුරේ සීවලී
වගෙ ලොකු ඉස්කෝල එක්ක දුවපු අද උඹලා මූලික වටයෙන් දෙවැනි තැන ට ඇවිත්
හාරසීය හතර සහය තරඟයෙන්...
මම හතරට කෝල් කළා
නුවරට මහ වැස්ස
පහට ගත්තා ..
තාම නෑ කිව්වා..
හයට උඹල දිනුම්...
හෙටත් දිනපල්ලා කෙල්ලනෙ..

ස්තුති දීපු හැම සහයකටම බුකියේ..
මාසයක් පුරා උන්ගෙ හැම අවශ්‍යතාවයක්ම සැපිරුවේ බුකිය.

අවශ්‍ය සියළුම ඇඳුම්
පෞද්ගලික ඇඳුම් පවා සැපයුවේ ඔබ..
කෑම වේලක ගුණ සපිරි
බර පැන දැරුවේ ඔබ..
ක්‍රීඩා උපකරණ දුන්නෙ ඔබ..

ඔබ පැතු හැම සුභ පැතුමක්ම
ආශිර්වාදයක් වී අපේ කෙල්ලන්ට
හේතුවක් වු බව ද ලියමි..

හෙට ෆයිනල්..
එත් අපි දැනටමත් දිනුම්
ෆයිනල් ඇවිත් නැ
කවදාවත් අපේ ඉස්කෝලේ කවදාවත් ..
මේ පාර උඹල ආවා..

ක්‍රීඩා ගුරුවරිය නොවුනත්
ආදරණීය සෙන්ට්‍රල් සෙනෙහස වුන ක්‍රීඩා ගුරුවරිය මගේ හොඳම මිතුරිය වු නිසාම
කිසිම ක්‍රීඩාවකට කැමැති නැති මම
උඹල එක්ක පුළුවන් හැම තැනම ආවා..
ෆැක්ට්‍රීස් කරන්න දන්නෙ නැති වුනත් දුවපල්ලා කියල බැන්නා..
චොක්ලට් එකක් වෙනුවෙන් ඔට්ටු තියලා උඹල එක්කම පුංචි එකෙක් වුනා..
උඹලටත්
ආදරණීය පුහුණුකාරිනිය චම්පා ටීචටත් ස්තුති ..
අවසානයේ අසම සම සතුටක්...
දිනල වරෙල්ලා හෙටත්..
මං තොරණ් ගහනවා උඹලට

10 comments:

  1. දරුවනේ නුඹලාට ජයෙන් ජයම වේවා!!!!!

    ReplyDelete
  2. සුබ පැතුම්!

    දුවපියව් කෙල්ලනේ පණ කඩාගෙන,
    කොටියෙක් එළවං එනව යි කියලා හිතාගෙන.

    ReplyDelete
  3. සුබ පැතුම් !
    දුවපියව් කෙල්ලනේ දුවපියව්.
    හැති කඩාගෙන දුවපියව්...
    ජීවිතේ ජය ගන්න දිනපියව්

    ReplyDelete
  4. ජය වේවා...කකුල් දෙකට කඟවේනකුගේ ජවය ලැබේවා..!

    ReplyDelete
  5. ජයීන් ජයම වීවා - අසංක ප්‍රියමන්ත පීරිස්ගෙන් සුභ පැතුමක් -

    ReplyDelete
  6. නාඳුනන සොයුරියනි.. උඹලාට සුබ පැතුම්..

    ReplyDelete
  7. කලින් මං කිව්වද කියලා මතක නෑ... අක්කේ උඹ අපේ කාලේ දුයිෂෙන් කෙනෙක්

    ReplyDelete
  8. දිනුවත් නැතත් දුවපල්ලා. කවදා හරි උඹලා දිනනවා

    ReplyDelete
  9. සුබ පැතුම්,මේ ආපු දුරේ ඉදිරියටත් දුවපල්ලා තව හොඳට.

    ReplyDelete
  10. එච්චරම අදාල නැතත් ක්‍රීඩිකාවක් ගැන අපේ බුකි මිත්‍රයෙක් ලිව්ව ලිපියක්. කැමති නං කියවන්න. නැත්තං ඒත් කියවන්න. :-)

    Sahan Kaseera Wickramasinghe added 3 new photos.
    නිමාලි සූරියාරච්චි වෙත ලියමි
    ශ්‍රියානි ධම්මිකා මැණිකේ හෝ සුසන්තිකා ජයසිංහ වෙත නොලියමි
    -----------------------------------------------
    යාපනය දොරේඅප්පා ක්‍රීඩාංගනයේ දී පසුගියදා පැවති ජාතික මහා ක්‍රීඩා උළෙලේ දී මීටර 800 කාන්තා තරග ඉසව්ව විනාඩි 2.03.53 ක් ලෙස නිම කරමින් ජාතික වාර්තාව පිහිටවූයේ ඔබය. ඔබ පමණක්ම නොව, ඔබත් සමග සූරියවැව පාසල් විදුහලේ පුහුණුවීම් කරන ගයන්තිකා අබේරත්නද දෙවැනි තැනට පත් වූයේ ජාතික වාර්තාව ඉක්මවමින් බව ඇසීම සතුටට කරුණකි. වසර 24 ට පෙර විනාඩි 02.03.85 ක් ලෙස එම ජාතික වාර්තාව පිහිටුවා තිබුණේ 1992 බාසිලෝනා උළෙලේ මූලික තරගයේදී 6 වැනියා වූ ශ්‍රියානි ධම්මිකා මැණිකේ විසිනි. නමුත් අද වන විට ධම්මිකා මැණිකේ චෝදනා කරන්නේ ඔබ ජය ලැබූ තරගයේ කාලය ගණනය කරන ලද්දේ අතින් ක්‍රියාකරන කාල ගණක යන්ත්‍රයකින් වන බැවින් තම ශ්‍රී ලංකා වාර්තාව බිඳ දැමූ බව පිළිගත නොහැකි බවයි. ඇය ඒ වෙනුවෙන් මළල ක්‍රීඩා සම්මේලනය සහ මාධ්‍ය දැනුවත් කරද්දී සුසන්තිකා ජයසිංහ ද ඇය සමග එක් වෙමින් මෙම නව ශ්‍රී ලංකා වාර්තාව පිළිගත නොහැකියැයි ප්‍රකාශ කරන්නීය. නමුත් ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සම්මේලනය මගින් පැහැදිලි හේතු දක්වමින් ඔවුන්ගේ විරෝධතාව නිෂ්ප්‍රභ කර තිබිණ.
    නිමාලීට 2015 වසර මතක් කර දෙමි ,
    1993 වසරේ පිලිපීනයේ මැනිලා ආසියානු මළල ක්‍රීඩා උළෙලේදී මේ ඉසව්ව වෙනුවෙන්ම විනාඩි 2:04.90 කින් ලෝකඩ පදක්කම දිනුවේ ධම්මිකා මැණිකේ ම ය. ඉන් වසර 22 ට පසු එනම් 2015 වසරේදී චීනයේ හුවෑන් නුවර පැවති ආසියානු මළල ක්‍රීඩා උළෙලේදී 2:03.94 ක් ලෙස ලෝකඩ පදක්කමක් දිනා ගන්නේ ඔබ ය. එතෙක් කලක් එම ඉසව්ව පැවතුණේ නිද්‍රෝපගතවය. 2015 වන විට මළල ක්‍රීඩා සම්මේලනයේ සභාපති වූයේ සුගත් තිලකරත්නය. 1993 ධම්මිකා මැණිකේ ආසියාව ජයගනිද්දී සුගත් යනු මීටර 400 තත්පර 48.50කින් සමස්ත ලංකා පාසල් වාර්තාව බිඳ දැමූ විදුලිපුර මහා විද්‍යාලයේ සිසුවෙක් වූ නමුදු ඔබේ යුගය වන විට ඒ සභාපති සුගත් යනු හිටපු ආසියානු සූරයෙකි. නමුත් ආසියානු පදක්කම තුරුළු කරගෙන ඔබට පුහුණුකරු ද සමග ගමරට වූ හම්බන්තොට සූරියවැවට එන්නට සිදු වන්නේ බසයකිනි. ධම්මිකා මැණිකේ හෝ සුසන්තිකා ජයසිංහ ජ්‍යේෂ්ඨ ක්‍රීඩිකාවන් ලෙස මේ පිළිබඳව මාධ්‍ය වෙත කතා කරනු නොදුටුවෙමු. මළල ක්‍රීඩා සම්මේලනයට පැමිණිලි කළාදැයි නොදනිමු. නමුත් ඔබ එතැනින් නොනැවතී සූරියවැව පාසලේ පුහුණුවෙමින් 2016 දකුණු ආසියානු උළෙලේ රන් පදක්කමද පහසුවෙන්ම දිනා ගන්නීය. ජාතික ක්‍රීඩා උලෙලද ජය ගන්නීය.
    නිමාලීට 2004 වසර මතක් කර දෙමි ,
    2004 වසරේ ඇතැන්ස් ඔලිම්පික් උළෙලට සහභාගී වූ ලංකා කණ්ඩායමේ 8 දෙනාගෙන් 5 දෙනෙක්ම මළල ක්‍රීඩකයින් ය. අනුරාධ ඉන්ද්‍රජිත්, රොහාන් ප්‍රදිප්, මංජුල කුමාර සහ දමයන්ති දර්ශා තරග සඳහා සහභාගී වූ අතර සමාරම්භක උළෙලේ ලංකා ධජය දරූ සුසන්තිකා ජයසිංහ තරග වැදීමෙන් වැළකිණ. එවකට මෙරට අගමැතිවරයා වූ මහින්ද රාජපක්ෂ මැතිඳුන් ද සිඩ්නි නුවර සිටි අතර ඔහු පුද්ගලිකව හමු වී තරග කරන්නැයි කළ ඉල්ලීම පවා සුසන්තිකා ප්‍රතික්ෂේප කරන ලදි. සුසන්තිකා ඔලිම්පික් පදක්කම් ලාභිනියක නිසා ලංකා ධජය දැරීමට ඇයව කැඳවූ බව පවසමින් බලධාරීන් ඇඟ බේරා ගැන්මට තැත් කළහ. එම තර්කයට අනුව නම් 1952 සිට 1996 වසර දක්වාම සෑම ඔලිම්පික් උළෙලකම ලංකා ධජය දැරිය යුත්තේ ඩන්කන් වයිට්ය . සුසන්තිකා ගේ ඔලිම්පික් රිදී පදක්කමේ දීප්තියෙන් වැසීගිය වැදගත් ම කරුණ එය නොවේ.

    ReplyDelete