Thursday, March 30, 2017

සුවඳ

ගුරුවරියකගේ මතක 42
*************************
සුවඳ
*******-

ඒ කම්මැළිකාරී විභාග දවස්මය. හෝදා පාළුවට යන ජිවිතේ දවස්ය. ඒ දරුවන්ගෙ කෙළි කවට සිනහ අඩු නිසාමය. වෙනදාට කිච් බිචි අඩු නැති ඉස්කෝලේ විභාගය දා ට හැල හොල්මනක් නැති නිසොල්මන් ව තියෙන අපූරුව.
පුංචි සද්දයක්. ප්ලේන් එකක් යනව වගේ මම හැරිල බැලුවා. ඔව්.. ඒ මගේ පුංචි කරදරකාරයා.. මොනා කළත් දඟ වැඩ අත් හරින්න බැරි කරදරකාරයා. මං දැක්ක කියල දැක්ක විතරයි උපාසකයා. ප්ලේන් එකක් වුන කවකටු පෙට්ටිය මේසේ මැදක නතර වුනා.
මම ආයේමත් මගේ වැඩේට ඇස් ගත්තා. විනාඩියක් ගෙවෙන්න පෙර ආයේමත් ඒ සද්දේ. ඒ පාර කඩදාසි රොකට්ටුවකුත් ඇවිත්. ඒ වෙලාවෙත් මම දකින කොටම හොර උපාසක කම. හැබැයි කකුල් දෙක නම් වැඩ.  මම ඒ පාර ත් මගේ පාඩුවේ. තුන්වෙනි පාර නම් මම පොඩි එකාගෙ මේසේ ළඟට ගිහිල්ලමයි නතර වුනේ. කවකටු පෙට්ටියයි රොකට් එකයි මගේ අත්අඩංගුවට අරගෙන මගෙ තැනට ආවා. මුළු කවකටු පෙට්ටිය පුරාම එක එක දේවල් අලවලා. කාන්දම් කෑලි තියල. දැක්කම හිනාත් යනවා තමයි. ඒත් මං ඔරවන්ම හිටියා. පෙට්ටියෙ අනිත් පැත්තෙ තිබ්බෙ ස්ටිකර් එකක්. ඒකේ තිබුණේ අපූරු වාක්‍යයක්.

"සුළඟත් සැපයි නුඹෙ උණුසුම ගෙන හමන
ඇවිදින් යන්න එක පාරක් සිප නළල"

හීන් දාඩියක් දානවා මට දැණුනා. මම ආයේම දරුවා ළඟට ගියා.

"කව්රු ගැනද මේ"

පොඩි කමටද සිතුවිලි. තාම හයේ. මං හිතුවා විතරයි.

"ටීච මේ... මේ.."

" ඔව්.. "

"ඔය අම්මා ගැන ටීච..මං අම්ම ඉන්න තැන දන්නෙ නෑ.. එයා කොහේද ගියානේ අපි දාලා.. ඒ නිසා අම්මට කියන්නෙ ටීච.. ආසයි අම්මා එනවට"

15 comments:

  1. ආ ඒක මිසක්.....

    අපේ විභාගෙ කාලී සිංදු කියන පොරක් ඉන්නවා

    මිස් මේක කියවලා බලන්නකෝ.... http://ranwanmakara.blogspot.com/2017/03/blog-post_29.html

    -ජය බෝලී නාත් -

    ReplyDelete
    Replies
    1. ජය බෝලී නාත්
      ඔව් ඔව්
      මාත් බයවුනා

      Delete
    2. හැක හැක

      - ජෑ මා කාලී -

      Delete
  2. ඒ පොඩි එකා මරු බුලට් එකක් වෙන්න ඇති.
    අම්ම නැති වුණාම කොයිතරම් දැනෙනවද පොඩි හිතකට..

    ReplyDelete
    Replies
    1. මොනා වුනත් ඒ කරදරකාරි හැසිරිම තුල අමුතු චරිතයක් තියෙනවා

      Delete
  3. අපුරු පද පේළි දෙක.ඒ පද පේළි දෙක තරමටම පොඩි එකාගේ ජීවිතෙත් ලස්සන වේවා.

    ReplyDelete
  4. ඒ පද දෙකක, අපුරු අහිමි සුවයක් තියෙනවා

    ReplyDelete
  5. ආවෙමි බොහෝ දුක හිතුනා මේ දරුවා ගැන. මව්වරු අහිමි ලොව කෙසේ මොවුන් හිනැහේද ?

    ReplyDelete
  6. අපි අද මෙි පැත්තට ආවෙි.දැනට ලිපි ටිකක් කියෙවිවා.ඉතිරි ටිකත් කියවනවා.හොද වැඩක් දිගටම ලියන්න...

    ReplyDelete
  7. ටික ටික කියෙවුවා ගුරු මතකය හැමදාම
    එය කියවද්දි මෙගෙ මතකය හැමදාම
    වදදෙන නිසා සිත තුල මෙගෙ හැමදාම
    වදිනෙමි ගුරු උතුමන්ට මා හැමදාම

    ReplyDelete
  8. මාත් අධ්‍යාපනයට සම්බන්ධ ඒවා ලියන්නේ. තවම පටන් ගත්තා විතරයි.පාසැල්වල,
    අධ්‍යාපන කාර්යාලවල, අමාත්‍යංශයේ, විභාග දෙපාර්තමේන්තුව වගේ තැන්වල රාජකාරි කරලා ලැබුණු අත්දැකීම් ටික ටික සටහන් කරනවා. ඔබගේ කතා වගේම අනුවේදනීය ඒවාත් තිබෙනවා. ඉඩ ඇති විටක පිවිසෙන්න මගේ Blog එකටත්
    ඔබට ජයම

    ReplyDelete
  9. මම කැමතයි මේ පාසලේ දරුවන්ට උදවු කරන්න.

    ReplyDelete