Saturday, November 14, 2015

දැන්නම් වැඩක් නෑ


             උසස්පෙළ පන්තියක ඉගැන්වීම සුවිශේෂීය. ගැටවර ලෝකය ත් ළමා ලෝකයත් අතර දෝලනය වන ජීවිත අතර හැසිරීම අපහසුය. එකෙකු රැවුල වවන්නේය. තවකෙක් ෂර්ට් එකෙන් බැගිය දමන්නේය. තව තැනක ආදර කතාය. 
ඉලක්කයක් වෙනුවෙන් සටනක යෙදෙන දරුවන් සමඟ ගුරු ජීවිතයද සමහරවිට අභියෝගාත්මක ය.
නෝට්ස් ගණන් පුරවනවාට වඩා අමතර දැනුම සොයා යාමට දරුවන් යොමු කිරීමට මම සිතා උන්නෙමි. පාසල් පුස්තකාල ය කෙසේවත් ප්‍රමාණවත් නැත. මහජන පුස්තකාලයද නගරයේය.
සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය විෂයය වෙනුවෙන් බැලු අමතර කියවීම් පොත් ලබා ගැනීමට නම් රැපියල් දහසක මුදලකට ආසන්නව වැය වේ. කුලී වැඩ කරන මව්පියන් ට එය දවසක වෙහෙසකි.
එය දරුවන් ට කිව යුතු නමුත් ප්‍රතිචාරය කේසේ වේ දැයි නොදත් මම පුංචි කතාබහක් දරුවන් වෙත යොමු කළෙමි.

" අම්මා තාම වැඩට යනවද වත්තෙ, සම්පත්"

"ඔව් ටීච"

"එතකොට ඉරේෂා කොහොමද ගෙදර තත්වේ"

"තාත්තා තාම ඉස්පිරිතාලෙ ..
මේ පාර නම් ෂුවර් නෑ ටීච"

ඉතිං කිසිත් කියන්නෙ කේසේදැයි මම සිතුවේ ගුරු මේසයෙ එහා මෙහා යන කුඹියෙක් ගෙ ගමනෙ හැඩ බලමිනි.

"ටීච අද පාඩම කරන්නෙ නෑ"

"කරනවා ... ඒත් මේ මං පොඩි දෙයක් කල්පනා කලෙ සම්පත්"

" ටීච .. නිකං අද කොටියගෙ වලිගෙ අල්ලා ගෙන වගෙයි"

කොහොමත් පාඩම් වැඩ අතපසු කරන්නට වෙන මොනවා හො කියවන්නට දරුවන් කැමතිය. 

" නෑ සම්පත් මං මේ යෝජනාවක් කරන්න හැදුවේ සම්පත්"

"අය්යෝ සොරි ටීච .... මට නම් බෑ"

"ඇයි බැරි"

"ඇයි අහන්නෙ .. දැන් ටීච පරක්කු යි.. මං නංගිගෙ කැමැත්ත ගත්තනෙ..."

මුළු පන්තියම මහ හඬින් සිනාසුනේ මට නොාව ජිවිතයටය

30 comments:

  1. මං හිතන්නේ ටීචර් තනමල්විල, හම්බෙගමුව, තෙලුල්ල, වැල්ලවාය, බුත්තල, මොනරාගල, සියඹලාන්ඩුව, මේ වගේ පැති වල ගොඩක් මිනිස්සු ජීවත් වෙන්නේ හේනගොවිතැන් වලින්..
    තවත් සමහර උදවිය මේ හෙන් ගොවිතැන් අතරට.. කංසා හේන් ද ඇතුලත් කර තිබෙනවා. ඔය පලාත් වල උසස් පෙල කරන කොල්ලෙක් කංසා වලින් බේරිලා තිබුනොත් ඒ ගොඩාක් කලාතුරකින්..ඒ වගේම දමයි අවුරුදු දාසයේ දාහතේ අම්මලා වැඩි ප්‍රතිශතයක් ඉන්නෙත් ඔය පලාත් වල.. දෙමවුපියන්ගේ දුප්පත් කම, නූගත්කම, නොදැනුවත් කම, නොසැලකිල්ල සහ සමාජයේ වටපිටාවෙන් එල්ලවන අනුබලදීම් මේකට හේතුව වෙන්න ඇති...
    එවන් දරුවන්ගේ දෑස පාදන්නට වෙරදරන ඔබ වැන්නවුන් ඇත්තටම අගයකල යුතුයි.
    ටීචර් පුුළුවන්නම් කියවන්න...
    පොඩ්ඩිගේ කථාව


    ජ ය වේ වා !!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි
      අනිවාර්යෙන්ම

      Delete
    2. හා පුතා දැන් ගමේ නම කියන්න බලන්න :D

      Delete
    3. //හා පුතා දැන් ගමේ නම කියන්න බලන්න//
      අන්ඩාපුරේ ...හැක්

      Delete
  2. සම්පතා තමයි දසයා.. හෙහ්...
    දුක් විදින මිනිස්සු අඩන්නෑ අනික් අයට අඩවනවා...
    ජයවේවා

    ReplyDelete
    Replies
    1. මට උඹේ පුංචිකාලෙ මතක් උනා...

      Delete
  3. මුළු පන්තියම මහ හඬින් සිනාසී ඇත්තේ ජිවිතයට නොව ඔබටය

    ReplyDelete
  4. පාසල් කාලය මතක් වුණා..... හරිම සුන්දරයි... ඒත් ඒ කාලේ හිතුනේ මාර කරදරයක් හැටියට තමයි..... ඒක තමයි ජීවිතේ....

    ReplyDelete
    Replies
    1. යාංතං හරි හිත හදාගත්තෙ කොන්වන්ට් එක නිසා .. :D

      Delete
  5. සම්පත් එල කොල්ලෙක්නේ.. ඔය වගේ උන් පට්ට හොඳයි කැඳයන්ට වඩා මිස් …

    ReplyDelete
  6. This comment has been removed by the author.

    ReplyDelete
  7. කියන්න ගියෙ වැදගත් දෙයක් නිසා දුකක් එන්න ඇති. ඒත් ගණන් ගන්න එපා. ඔහොම තමයි කොල්ලන්ගෙ හැටි. අපිට වඩා නිනි ඒක දන්නවනෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් සිඳු..

      මමයි නිනි බ්‍රෙන්ඩා

      Delete
  8. සම්පතා ටිචර් එක්ක එහම විහිලුවක් කලේ ටිචැර්ට තියන ආදරයට හිතවත්කමට..ඌ එල කොල්ලෙක්..

    ReplyDelete
  9. විහිළුවක් කරන්න පුළුවන් එකම මිස් කෙනයි හිටියෙ අපේ කාලෙ.

    ReplyDelete
    Replies
    1. ඒ මිස් වෙනසක් කරන්න ඇති ජිව්තේ

      Delete
  10. ගුරුවරියන්ට පමනක් නෙවෙයි ගුරුවරුන්ටත් කොල්ලෝ එක එක දේවල් කියනවා.මම උසස්පෙළ පංතියේදි එකවුන්ට් සර්ට පොඩි විහිළුවක් කරලා සර්ට දුක හිතිලා පංතියෙන් එලියට ගියා.විනාඩි දහයක් විතර ගිහිනුත් ආවේ නෑ.මම සර්ව හොයන්න යනකොට ඔෆිස් එකට වෙලා අප්සට් මූඩ් එකේ ඉදගෙන ඉන්නවා.මම සර් කියලා කතා කලාම ඔහු මගේ දිහා බැලුවා.ඔබ විශ්වාස කරන එකක් නෑ මම කරපු විහිලුවට සර්ගේ හිත මොනතරම් රිදිලද කිව්වොත් ඇස්වල යන්තමින් කදුලු පිරිලා තිබුනා.මම සර්ට වැඳලා සමාව අරගන්නකොට ඒකටකමක් නැ පුතේ කියලා සර් ඔලුව අතගෑවා.මට ඒක මතක් වෙනකොට අදටත් දුක හිතෙනවා.මගේ බිලොග් එකේ පාසල් ජීවිතේ රසවත් මතකයන් ගැන ලියලා තිබෙනවා.ඒ අතරේ මේ වගේ සංවේදි සිදුවීම් කිහිපයකුත් පලකලානම් හොදයිකියලත් හිතෙනාව...

    ReplyDelete
  11. මා ඉගෙනුම ලබද්දිත් හිටිය හොඳ හොඳ කටකාරයො. ටීචර්ට චුට්ටක් හරි වරදිනකං බලා ඉන්නෙ අඬවන්න. . අම්මට අඬනතුරු විහිළු කරන කොල්ලො ඕන තරං ඉන්නවා. ඒත් උන් එහෙම කළේ ගුරුතුමියට තිබ්බ ආදරේ නිසාමයි. ගුරුතුමිය අම්ම විදිහට නැත්නම් අක්ක විදිහට සැලකුව නිසයි. ගුරුතුමියට බොහොම වටිනා අත්දැකීම් තියනවා. ඒවා ඇඟට දැනෙන ලෙස ලියන්නට හැකියාවත් තියනවා.ඒ වාගම මේ අත්දැකීම් අපිවගේ අයට ගොඩක් ප්‍රයෝජනවත්

    ReplyDelete
    Replies
    1. ඇත්තටම කීවොත් ඉස්කොලේ කාලෙ මමත් සම්පත් වගෙ තමයි

      Delete
  12. හැක හැක

    ඒ තුළින් මතු වී පෙනෙන්නේ නංගි ටීචර්ට වඩා ඉස්සරහින් බවය. විද්‍යාපතිරණ මහත්තයාගේ කතාවට මාත් එකඟය. ටීචර්ට සදා ජය !

    ReplyDelete
  13. වැඩියෙම්ම හිනාවෙන්නෙ, වැඩියෙම්ම අඬන මිනිස්සු...

    ReplyDelete