Thursday, February 11, 2016

අපෙන් පොතක්

පුංචියට මම මේ වැඩේ පටන් ගත්තෙ ගෙදර තිබ්බ පොත් අල්මාරියේ දූවිලි පිහදාන ගමන්. මට හිතුණා. මම ඒ වෙලාවෙම බුකියට දැම්මා. ආදීශිෂ්‍ය සංගමය මේ ව්‍යාපෘතියට පූර්ණ අනුමැතිය දුන්නා. මගේ මහන්සියිය අපේ මහන්සිය කරන්න හැමෝම මට අත දුන්නා. චන්ද්‍රා අයියා, දුනුසිංහ අයියා, මධුර අයියා, මධුරංග අයියා, භාරත අයියා, තිලිණ  මල්ලි, තිලිණ අයියා, චුලා අක්කි , මිහිරි අක්කි තරිඳු මල්ලි කාන්ති අක්කා මුදිත අයියා මේ වගේ හුඟක් අය ...
ඒ අතර චන්දන අයියා කොළඹ ඉදන් කතා කරලා කාසල් රෝහල ළඟ තියෙන එයාගේ ආයතනය කොළඹ පොත් එකතු කරන්න දෙන්නම් කිවා. ඒ වගේම බණ්ඩාරවෙල නගරයේ විෂන් කෙයා ආයතනයේ ඉඩත් අපිට පොත් එකතු කරන්න දුන්නා. ලොකු පොත් ප්‍රමාණයක් තියෙනවා නම් එයා ගිහින්ම ගේන්නත් සුදානම්.
ඒ වගේම අද #art gallery එකේ නියමුවා සජිත් අයියා ගෘප් ඇඩ්මින්ලා එක්ක කතා කරලා අපේ පෝස්ට් එක ෂෙයා කළා. ඒකෙන් කතා කරපු නාලි මහත්මිය අපිට පොත් අඩුම තරමේ පනහක් දෙන්න කැමැත්ත පල කළා.
ගිනි අව්වෙ ඉස්කොලේ ඇරිලා තැන් තැන් වල තියෙන පොත් එකතු කරගෙන හෙම්බත් වෙලා ගෙදර එනකොට පොත් ගෙනියන්න මඟට එන තාත්තයි මහන්සියියට හති අරින මට පවන් ගහන අම්මත් මේ වැඩේට එයාලගෙ සහය දෙනවා.
ඇත්තටම මම බණ්ඩාරවෙල සෙන්ට්‍රල් එකට යන්නෙ 95 .ශිෂ්‍යත්වය ඌව පළාතේ වැඩිම ලකුණු එක්ක. ගේට්ටුවෙන් ඇතුළට යද්දි මෙච්චර ලොකු බිල්ඩින් ඇයි තාත්තෙ ඉස්කොලේකට කියලා මම ඇහුවේ මං ඉගෙන ගත්ත පෙරහෙට්ටිය ඉස්කොලේ තිබ්බෙ එකම එක ගොඩනැගිල්ලක් නිසා.
මට හොදටම මතකයි මම මුදිත අයියව දැක්කා. අම්මෝ මෙච්චර මහත ළමයි. ඇත්තටම මම බය වුනා. මාව බාර දීපු තාත්තා අර තමයි පරිගණක කියන්නෙ කියලා වීදුරු දොරකින් එහා තිබ්බ පරිගණක ටිකක් පෙන්නුවා. ඒ තමයි මං පරිගණකයක් දැක්ක පළවෙනි දවස. මධුර අයියා අමරදේව අයියා දකිද්දි ත් අපි බයයි. මන්දා ඒ බය තාම තියෙනවා. කොච්චියි , ගම්මිරිසුයි එනවා. දුවපියෝ.. අපි හයේදි බය වුනේ එහෙම ඒ දෙන්නට.
මම ඉස්කොලේ වැඩිපුරම ආස කළේ පුස්තකාලයට . ඒත් මගේ පන්තියේ ළමයෙක් මාත් එක්ක තරහට මම පුස්තකාලයෙන් ගත්ත පොතේ කුරුටු ගෑව. මම එදා හරියට ඇඬුවා. මට දඬුවම් ලැබුණා. පුස්තකාල සමාජීකත්වය මට නැති වුනා. එදා මම හිතා ගත්තා දවසක මම මේ පුස්තකාලයට පොත් ගොඩක් හොයලා දෙනවා කියලා. දැන්  අවුරුදු විස්සක් පැනපු ඒ සිද්ධියට ණය ගෙවන්න මේ වැඩේ කොහොම හරි සාර්ථක කර ගන්නවා.
මේක දැකලා සමහරු පේන්නෙ නෑ වගේ යනවා. සමහරැ කතා කරලා උදව් කරනවා.
මොනවා වුනත් මාර්තුවේ දවසක මේ පොත් සේරම අපේ පුස්තකාලයට දෙනවා. කට්ට කාලා ඉගෙන ගන්න මං වගේ දුප්පත් උන් ට පොත් දෙන්න එකතු වුනෙ ආදී ශිෂ්‍යයෝ විතරක්ම නෙවේ . මගේ බුකියේ හිතවත්තු , මං වැඩ කරන පාසලේ හිතවතුන් මේකට සහය දුන්නා.
තව ඉස්සරහටත් කාලය ඉතිරියි.
එකතු වෙන්න අපට

4 comments:

  1. මගේ බිරිඳ ගේ උසස් පෙල පාසල.
    ඒ විතරක් නොවෙයි සිංහල බ්ලොග්කාරයොත් බිහි වෙලා තියෙනවා ඔය පාසලෙන්.

    ReplyDelete
    Replies
    1. බ්ලොග්කාරයෝ විතරක් නෙමෙයි මේ පාර අයිලන්ඩ් ෆස්ට් ඒකකුත් බිහිවුණ හතරදිබ්බාගයේ ම කට්ටිය දරුවා දාගන්න දත කන ඔය පැත්තට ම තියෙන සුපිරිම පාසල...... අපි හරිනේ.....

      අනේ ගුරුතුමියනි, මෙහෙම කියුවාට බින්දුවක්වත් තරහක් අපි ගැන අැති කරගන්න ඒපා. ඒත් මේක කියන්නම හිතෙන නිසයි කියන්නේ.....

      //ඇත්තටම මම බණ්ඩාරවෙල සෙන්ට්‍රල් එකට යන්නෙ 95 .ශිෂ්‍යත්වය ඌව පළාතේ වැඩිම ලකුණු එක්ක. ගේට්ටුවෙන් ඇතුළට යද්දි මෙච්චර ලොකු බිල්ඩින් ඇයි තාත්තෙ ඉස්කොලේකට කියලා මම ඇහුවේ මං ඉගෙන ගත්ත පෙරහෙට්ටිය ඉස්කොලේ තිබ්බෙ එකම එක ගොඩනැගිල්ලක් නිසා.//

      අැයි ඔය පොත්ටික පෙරහෙට්ටිය ඉස්කෝලෙට දෙන්න බැරි......?????

      වරදක් කියනවා නෙමෙයි. තරහා වෙන්නත් ඒපා. මේක අහන්නම කියලා හිත වද දෙනවා.......

      Delete
  2. පෙරහෙට්ටිය ඉස්කොලේ ප්‍රාථමිකයක්.. ගිය අවුරුද්දේ මම ඒ පාසල වෙනුවෙන් සහ එහි ඉගෙන ගත් දරුවන් වෙනුවෙන් මම වැඩසටහනක් ක්‍රියාත්මක කලා පාසල් උපකරණ

    ReplyDelete