Thursday, August 11, 2016

තෑග්ග


ඉස්කෝලේ ගේට්ටුව වැහෙන්න ඔන්න මෙන්න. බණ්ඩාරවෙල වුනාට මේ කාෂ්ටක කාලයක්. හැමදේම වේලිලා යන තරම්. සමහර වෙලාවට අපේ සිතුවිලිත්. කාර්ය බහුලකම මමම පටවාගන්න ඇති. කරපු වැඩකුත් නෑ. ඒත් නිකම්ම ගෙවුණ තප්පරයක් නැති තරම්. ප්‍රින්සිපල් සර් උදෑසන රැස්වීම් සඳහා සහභාගී වීම අනිවාර්යය කරල තිබ්බත් ඉඳළ හිටල හිතුවක්කාරකම් කිරීමේ පුරුද්දත් එක්ක මම ගුරු විවේකාගාරයේම නතර වුනා.
"දින සටහන්... ඊඉඉඉ '
" ඇයි දෙයියනෙ මේ දවස්වල විභාගෙනෙ... ඇයි ඉතිං දින සටහන්.."
මම මටම කියවා ගත්තා. ඒ තවත් තියෙන හිතුවක්කාරකම් සහ කම්මැළිකම්.
එ් අතරේ ගුරු විවේකාගාරයේ ඉදිරිපස පුංචි කලබලයක්. රැස්වීමට ගිය ගුරුවරු කිහිප දෙනෙක් වට වෙලා. කම්මැළිකම පැත්තකට දාලා
මාත්  ඔළුව දාලා බැලුවා . පුංචි එකෙක් වට කරගෙන .
" මොකො මේ..."
" බලන්නකො නංගි කලන්තෙ දාලා වැටුණනේ.."
" උදේට කාලද"
" උදෙත් නෑලු , ,, ඊයේ රෑටත් නෑලු"
මම කෑම නොගේන හින්දා වට පිට බැලුවේ කරන්න දෙයක් නැතිකමටම. අඩු තරමෙ ඉස්කෝලේ කැන්ටිමක්වත් නැ. ඒ අතරෙ එක ගුරුවරියක් තමන්ගෙ බත්පත දරුවා වෙනුවෙන් දිග ඇරල දෙනවා මං බලාගෙන. ඒ බත් එක කටට දෙකට කෑවා නෙවේ. ඇත්තටම ගිල්ලා. ඒක ඇත්තටම හරි පෙරේත කමකින්. බඩපුරා කාපු දරුවා නැගිට්ටෙ උස්මුරුත්තාවත් හැදිලා.
හොටු පෙර පෙරා අඩන කොල්ලට කෑම එක දෙන්න තරම් අපේ ගුරුවරු හරි ආදරෙයි . ආදරණීයයි.
" මෙයා හරි වාදකයා.. මං බලාගෙන සංගීත කාමරයට නිතර ඇවිත් තනියෙන් ඉන්ට්‍රරෑමන්ට් ප්ලේ කරනවා"
මං කිව්වෙ පොඩි එකාගෙ ඔළුව අතගාන ගමන්.
" ඒකනේ ඒත් අදත් ලොකු සර්ගෙන් බැනුම් ඇහුවා"
ගෘහ විද්‍යා ගුරුවරිය කීවේ ගැඹුරු හුස්මක් අරන් .
" ඒ මොකද"
පොඩි එකා නවත්තලා තිබ්බ ඇඬිල්ල ආයෙමත් පටන් ගත්තා.
" වැරැද්දක් කරාද"
"හ්ම්"
"මොකක්ද"
"සපතු දාගෙන ආවේ නෑ"
" ඉතිං පුතේ ඇයි දාගෙන නාවේ. ඉස්කෝලේ යුනිෆෝම් එක හරියට අදින්න එපැයි.. ඇයි කකුලේ තුවාලද'
" නෑ"
"එහෙනම්"
පොඩි එකා උත්තර දෙන්නෙ බයෙන් බයෙන්.
"හරි හරි ගහන්නෙ නෑ. ඇයි කිව්වොත් බනින්නෙත් නෑ"
" සපත්තු කැඩිලා.. ද‍ාං එන්න බෑ.. මහල දෙන්නම් කිව්වා අම්මා නිවාඩුවට"
ගොත ගගහ කියනකොට එතැන හිටපු හැමෝම මුණින් මුණ බලා ගත්තා. එතැන  හිටියේ හුඟාක් ගුරුවරු අම්මලා. හැමෝම කීය කිය හරි එකතු කරල සපත්තු කුට්ටමක් අරන් දෙන්න කතාවෙනව මං අහගෙන.
" සල්ලි එකතු කරන්න එපා අක්කෙ.. අර ගැණු ළමයට සපත්තුයි පොතුයි අරන් දෙන්න එකතු වුණ මුදල් වලින් ඉතිරි ගාණ මං ගාව තියෙනවා . තව සපත්තු කුට්ටම් තුනක් ගන්න ඒ සල්ලි ඇති. දහයේ කිර්තී ටත් එකෙන් සපත්තු අරන් දෙන්න මං පොරොන්දු වෙලා හිටියේ. තව එක ළමයෙක් හොයාගෙන නිවාඩුව ට පස්සෙ දාගෙන එන්න අළුත් සපත්තු දෙමු"
පුංචි එකා මං දිහා බලන් හිටියා. හරියට ස්තුති කියන්න වගේ.
"හැබැයි ඉගෙන ගන්න ඕන. දහතුන් වෙනිදා ඉස්කෝලේ ට එන්න. මං සපත්තු ගෙනත් තියන්නම්."
මං එහෙම කීවේ නිවාඩු කාලයේ පන්ති තියෙන දවසක් බලලා. එතකොට කාටත් හොරෙන් අරගෙන උජාරුවට ඉස්කෝලේ පළවෙනි දාට සපත්තු දෙක දාගෙන එන කොල්ලගෙ හැඩ බලන්න ඕන නිසා.

**********************************
පසු සටහන.
සපත්තු සඳහා සහය
බණ්ඩාරවෙල මධ්‍ය මහා විද්‍යාලයේ ආදී ශිෂ්‍ය සංගමයේ ගරු සම සභාපති චන්ද්‍රා ජයවීර මහතා සහ ගරු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ ආදරණීය සොයුරිය හර්ෂණී ප්‍රනාන්දු ජයවර්ධන මහත්මිය.

තව පුංචි ඉතුරුවක් තියෙනවා.
ඒ මුදලද අවශ්‍ය තැනට අවශ්‍ය වෙලාවට
දරුවෙක් වෙනුවෙන්ම

21 comments:

  1. ඔබගේ බ්ලොගය ගැන සටහනක් ලියුවා බලන්න.
    http://patayakagepituwa.blogspot.com

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන් බලනවා

      Delete
    2. ඒ විචාරයට හිස නමා අචාර කරමි.
      එ් තුළ මා මමම දුටිමි.
      ස්තුති සහෝදරයා ..
      බ්ලොග් ජිවිතේ මා ලද වටිනාම විචාරය

      Delete
  2. අගෙයි..!!
    ජයවේවා..!!

    ReplyDelete
  3. අපොයි මමත් පොඩි කාලේ ඉස්කෝලේ රැස්වීමේ කලන්තේ දාලා වැටිලා තියෙනවා. 10 පන්තියට වෙනකම් ගියේ රබර් සෙරෙප්පු දාගෙන. සමහර වෙලාවට ඒකත් නෑ.

    ReplyDelete
    Replies
    1. මාත් එහෙමයි.
      නැති බැරි කම එක්ක ජිවිත සටනේ.
      මගේ අම්මා මට උගන්නව්වේ වත්තෙ දළු කඩන්න ගිහින්.
      එයා වැඩට යන එක නතර කළේ මට පත්වීම හම්බවුනාට පස්සෙ .
      ජිවිත එහෙමයි

      Delete
    2. මගේ ජීවිතේ තිබුණු ලොකු ආසාවක් තමයි ඈත පලාතක දුප්පත් පාසැලක ගුරුවරයෙක් වෙන්න. ඒ පාසැලේම ක්වාටස් එකක නතර වෙලා ඉන්න. හැබැයි මට ඒ හීනේ හැබෑ කරගන්න බැරි උනා. මම දැන් විශ්වාස කරන දෙයක් තමයි අපි සාර්ථක වෙන්න නම්, සන්තෝෂෙන් ඉන්න නම් කරන්න ඕන අපි කැමතිම දේ. අපි අකමැති දේ කරලා සමාජයට ලොකු මිනිස්සු වගේ පේන්න ජීවත් වීමෙන් වෙන්නේ අපේ ජීවිත විඳින්න අවස්ථාව නැතිවීම.

      Delete
  4. අක්කේ ඔයාගේ ලිපි කියවද්දි ඈත ඉස්කෝලෙකට ගිහින් උගන්වන්න ආස හිතෙනවා.අනික දරුවන්ට අවශ්‍ය විෂය දැනුම විතරක් නෙමේ.මෙහෙම ආදරණීය ව එයාලට මග පෙන්වන එක.හැකි ප්‍රමාණයෙන් උදව් කරන එක.ගොඩක් සතුටුයි අක්කේ.ගොඩක් සතුටුයි.

    ReplyDelete
    Replies
    1. එහෙම හිතෙන සිතුවිල්ලත් උතුම්

      Delete
  5. අක්කේ.. අපි සෙට් එකක් එකතු වෙලා මේ වගේ අපේ උන්ට උදව් කරන්න බලං ඉන්නවා. දැනටමත් ඉස්කෝල ලොකු ගානක පුස්තකාල පොත් බෙදුවා... ශිෂ්‍යත්ව දුන්නා... මෙන්න අපේ ලින්ක් එක අපි මොනවා හරි කරමු

    ReplyDelete
  6. අගෙයි අගෙයි.

    ජයවේවා!!!

    ReplyDelete
  7. දැන් කාලෙ හුඟක් උදවිය දීමට පසුබට වෙන්නෙ නෑ. අපේ කාලෙත් ඒ වගේ උත්තම උත්තමාවියන් උන්නා....ඒ ඔක්කෝටම මගේ තුති.....
    ලස්සනට ලියනවා....සුබ පැතුම්

    ReplyDelete
  8. කනන නැති, මේ වගේ හරියට ඇදුමක් ඇදගන්න නැති ඉගෙණ ගන්න දක්ෂ ළමයි කීයක් ඉන්නවා ඇද්ද?

    අක්කගෙ කාර්ය ගොඩාක් උතුම කාරයක්... ඒ පුංචි හිතට ලොකු සතුටක දැනෙනන ඇති...

    ReplyDelete
  9. අක්කණ්ඩි...මටත් උදව් කරන්න පුළුවන්ද ඔයා එක්ක මේ දරුවන්ට...පොත්පත් ඇඳුම් දානයක් දෙන්න වගේ...

    ReplyDelete