Wednesday, November 4, 2015

කළකිරීම

මේ කළකිරීම මගේ අකුරු ගැනය. මම බ්ලොග් කාරියක් නොවේ. මට කොහොමත් ලියන්නට හැකිය. එහෙත් මා මගෙ ෆේස් බුක් ගිණුමේ යම් යම් දේවල් සටහන් කළෙමි. ඒ මම වින්ද දේවල්ය.මට මුණගැසුණ සමහර ජිවිත කතා මම අකුරු අතර හිර කළෙමි.
මම කොහොමත් අනුන්ගෙ දුකේදී සංවේදීය. එය මට කරදරයක් වු අවස්ථාද ඇත. එහෙත්  මා අසරණ මිනිසුන් පස් දෙනෙකු සොයාගෙන දරුවන් හා එක්ව වෙසක් පෝය දවසේ ඔවුන් නහවා කවා පොවා පංසලට එක්කරගෙන ගොස් අටපිරිකර පූජාවක් කාළ මගෙ පෞද්ගලික ධනය යොදාගෙනය. ඉන් එක් අයෙකු වසර විස්සකින් නිවසින් පිටට ගොස් තිබුණෙ නැති කාත් කවුරුත් නැති කොන්ද කැඩුනු කාන්තාවකි. ඉන් ඇරඹි මගේ ගමන බුකියේ හිතවතුන් එක්ව පාසල් හතරකට හා පෙරපාසල් දෙකකට අවශ්‍ය මේස්,කවකටු පෙට්ටි,පොත් ආදී එක ළමයෙකුට රු දාහක් සරිලන පාර්සලයක් ලබා දෙන්නෙ 2014දීය. ඉන් පසු සපත්තු නැති දරුවන්ට සපත්තු කුට්ටම් විසි පහක් ලබා දෙන්නෙ ද මගෙ මිතුරන් හා එක්වය. මෙවර ද අසරණ සරණ ව්‍යාපෘතිය තවත් පුළුල් කරමින් දහදෙනෙකු තෝරාගෙන රු 10000 ක වියළි ආහාර ද්‍රව්‍ය ඇඳුම් ආදී දේ සැපයුවෙමි. ගරා වැටෙමින් තිබු බෝධීන් වහන්සෙ නමක් නැවත අළුතින් ඉදිකර ගමේ අයට වන්දනාවන්ට ඉඩ සලසා දුන්නෙ බුකියේ මා ලියු අකුරෙනි. විදුලිය අහිමි දරුවෙකුට විදුලිය ලබා දෙන්නෙ මේ වසරේ ජුනි මසය. මේ මැයි මස සිට මෙත් අරණ ශිෂ්‍යත්ව වැඩසටහන අරඹා දුප්පත් දරුවන් පස්දෙනෙකු උදෙසා මසකට රුපියල් දහස බැගින් පාසල් දිවිය නිමවන තුරු ලබා දීමට කටයුතු කළේද මමය.මෙවර සමස්ත ලංකා සහය දිවීමේ තරඟ සඳහා අවශ්‍ය සපත්තු කණ්ඩායම් දෙකක් සඳහා ලබා දෙන්නෙ මගෙ සයිබරේ අකුරු කියවු මිතුරු සමුහයේ පිනටය. ඉන් එක් රු 7000ක මුදලක් ලබාදෙන්නෙ මගෙන් ගුටි හැටපහක් කෑ දරුවාය. පන්ති යන්න සල්ලි නෑ කියු උසස්පෙළ දරුවෙකුට මාස් පතා අදටත් පන්ති ගාස්තු ගෙවන්නෙ මමය. අනාත නිවාසෙක ජීවත් වෙන බණ්ඩාරවෙල ප්‍රසිද්ධ විදුහලක උසස්පෙළ හදාරණ අම්මා තාත්තා දෙදෙනාම මිය ගිය පුතෙකුගෙ නිල නොලත් අම්මා මමය. මෙවර සාමාන්‍ය පෙළ දරුවන් දෙදෙනෙකු ගෙ අධ්‍යාපනය පිළිබඳ පෞද්ගලික අවධානය හා අවශ්‍ය සියළු පේපර් වියදම් මමය.

මම සැරය. දඬුවම් කිරීම  ද මම කරමි. හැබැයි දඩුවමින් පසු දරුවන් ගෙ හිස අතගා රිදුණද පුතේ කියා අසන්නට තරම් මම මැදහත්ය. මම දරැවන් ඉදිරියේ දරුවෙක් ය. මට උන්ගෙ ලෝකය ට යන්නට බැරි මහන්තත්වයක් නැත.
ටිපර් රියකට යටව කකුල මුත්‍රාශය ලඟින්ම කැපු මගෙන් ඉගෙනගත් දරුවෙකුට කෘතිම කකුලක් ගන්නට වෙහෙස වූයේ මමය. ඔහු මේ වන විට කෘතිම කකුල පුහුණුවීම් වල නිරත වේ.

අනෙක් ගුරුවරු මෙන් මම තෑගි ඉල්ලා නැත.
මගෙ කසාඳය  සිදුවනොන්නෙ දියණියක නිසා
විදුහල්පතිවරයා හා නඩු කීමට යාමෙනි. ඉන් මගෙ පෙම්වතාට මා පිළිබඳ වැරදි විදුහල්පතිවරයා කියුවද මා මගෙ පෞද්ගලිකත්වයෙන් කැප කොට දරුවා හා උන්නෙමි.

මේ බ්ලොග් එක ලියුවේ ප්‍රසිද්ධියට නොවේ. මට ප්‍රසිද්ධ වීමේ උණක් නැත. මධ්‍යස්ථ මතධාරියා මට විරුද්ධව බ්ලොග් සටහනක් ලියා ඇති බව මා දැනගත්තෙ ඊයේය. එය කියවු පසු මට දැනුනෙ අප්පිරියාවකි.

1. මා ලිංගික ආශාවන් නිසා ඒ දරුවා ට පහර දුන්නෙ නැත.  ඒ පහරදීම අමානුෂික නැත. ගුටි හැට පහ ගහන්නෙ අනෙක් දරුවන්ට ප්‍රදර්ශනය ය සඳහාය. ඒ තමන් නිසා තමන්ගෙ මිත්‍රයා ගුටි කෑ බව ආත්ම දෝෂාරෝපණය ක් ඔව්න් ඔවුන්ටම හදා ගනි. වේගවත් පහර වෙනුවට ප්‍රදර්ශන දඩුවමක් දුන් බව සදහන් කරමි.

ඉන් මතුවු වැදගත් සංසිද්ධිය වන්නෙ ඉන්පසු කිසිම දිනෙක නායකයාට පන්තියෙ දරුවන් එරෙහි වුයේ නැත. එය ඒ වයසේ දරුවන් ගෙ බැජ් පිට් එකය. මා යොදාගත් සංකල්පය එයය.

අනෙක් කාරණය තණමල්විල වන සතුන් බහුලය. සර්පයන් අලියන් ගහණය. මේ පාසල වනාන්තරයේ ආසන්න ය. ගුරුවරුන්ට ඇස් දහසක් නැත. යමක්සිදුවු පසු හූල්ලන වාට වඩා ඒ දඩුවමින් පසු දරුවන් හිතුමතෙ පාසල් කාලය තුළ පිටට නොයාම වළක්වා ගත හැකි වීම මට සැනසිල්ලක් විය.

තණමල්විල වැනි කර්කශ ජිවිත උරුම වු දරුවන් හිතුවක්කාරය. එවිට දඩුවම අත්‍යවශ්‍ය ය.

මේ දරුවා ත්‍රිරෝද රථ රියදුරකු වු බව මධ්‍යස්ථ මතධාරියා පවසයි. නැත ඔහු ඒ සිද්ධිය වන විට පවුලෙ වාහනය වු ත්‍රිරෝද රිය පැදවුවා පමණි. ඔහු අධ්‍යාපනය කඩාකප්පල් කර ගත්තෙ නැත. අද ඔහු පරිගණක උපාධිය වෙනුවෙන් ඉගෙනුම ලබන දරුවෙකි. ඔහු අමතරව හම්බ කළ මුදලින් මා දැනට වැඩ කරන පාසලෙ දරුවන් ට ධාවන සපත්තු පවා මිලදිගෙන දුන්නෙ ගිය මාසයේය.

මෙහි අතිශයෝක්තියකි . යැයි ඔහු උලුප්පා දක්වයි. නැත කතාවේ යම් යම් සිද්ධීන් අයින් කලා මිසක මේවා අසත්‍ය නැත. ලිවීමේ ප්‍රයෝග පමණක් මා භාවිතා කර ඇත.

මගෙ ෆේස්බුක් ගිණුමේ හා මෙත් අරණ පිටුවේ මා සිදුකළ කාර්යයන් සඳහා සාක්ෂි ජායාරූප සහිතව ඇත.

මේ බ්ලොග් සටහන මා ලියන්නෙ මෙවැනි දරුවන් ද සිටින බව සමාජගත කිරීම පමණි. ඔබ මා විවෙිචනය කර එයට පැමිණෙන පිරිස නවතා දැමීමෙන් කළෙ වීරක්‍රියාවක් නොව සමාජයෙන් වහන් වු දරුවන් ට අසාධාරණය කි

ඔබ දක්වන පරිදි මා අහිංසක කඳුළු පුරවාගත් බොරුව මැවු ගුරුවරියක් ද නොවේ. මා සැරය. අවශ්‍ය විටෙක පහරක් ගසන්නට මා මැලි වන්නෙද නැත.
ඔවුන්ගෙ නිලඇඳුම, මා දුටු විට සැකසේ. කොණ්ඩය සැකසේ. ළමයින්ට මා ගුරුවරියකි. එනමුදු නිදහස් විටෙක මගෙ සාරි පොටේ එල්ලෙන්නට උන්ට තහනමක් නැත. ආදරය ගැන විරහව ගැන තම ප්‍රශ්න ගැන අවශ්‍ය දේ ගැන මා සමඟ කතා කරන්න ට තහනමක් නැත.
ජිවිතය වරදින තැන්වල මගෙ අත්වැල ගෙන ගොඩ එන්නට උන්ට තහනමක් නැත. හඩුගඳ ගහන සිරුරුන් යුතු දරුවන්ට මගෙ අත අල්ලාගෙන යන්නට තහනමක් නැත. හොටු ප‍ෙරන නහයෙ පිස දාන අත්ල වුවද මට දිගු කරන්නට තහනම් නැත.
මා සාන්තුවරියක්ද නොවෙමි. මගෙ අතින්ද වැරදි සිදුවිය හැක. හැබැයි මගෙ ජිවිතයෙ මනුස්සකම ඇත. මා මානසික රෝගියකු,ලිංගික විකෘතියෙකු,අමන ගැහැණියකු ගුරුවරියකට නිගා දුන් අයෙකු ලෙස හංවඩු ගැසුවද තරහක් නැත. මම මගෙ උපරිමය අදත් දරුවන්ට දෙන්නට උත්සහ කරමි. මධ්‍යස්ථ මතධාරියාගෙ යකාගෙ අඩවියට මම සුභ පතමි.
ලංකාවේ හැටි එහෙමය. හොඳ දහසක් මැද සංවාද කරන්නෙ වරද පමණය.

http://yakaageadaviya.blogspot.com/2015/10/blog-post_16.html

107 comments:

  1. මොන දේ කළත් නොසැලීමේ ගුණය ඔබ හට අඩු බව දැනේ.. කෝප විය යුතු නැත. ඔහුගේ පෝස්ටුව මා කියවා නැතත් ඔහු අදහස් කර ඇත්තේ ඔහුගේ නිරික්ෂණ නිගමන විය හැකිය. එයට දොස් කීමෙන් පලක් නැත. ඔබ ඔබම වන්න. ඔබ වැනි අය ලෝකය තුල හිගය.. මේ බ්ලොග් ලෝකය තුල අවලාද දහස් ගණනක් ලද අය නම් වශයෙන් උවමනා නම් කිමටද හැකිය.. ශක්තිමත් වන්න.. අතාරින්ට පුරුදු වන්න.. විවේචනයේදී එය ගැඹුරින් කියවන්න. ගත යුතු දේ ගන්න. නොගත යුතු දේ බැහැර කර අමතක කරන්න. ඔබගේ ගමන ඔබ යා යුතුයි. එය එක් අයෙකුගේ අදහස් දැක්වීමකින් පලුදු වන්නේ නම් ඔබ දුර්වලයෙකි.. ජය වේවා ටීචර්

    ReplyDelete
    Replies
    1. කෝපයක් නෑ.
      ඇත්තෙන්ම පිළිතුරක් ලිව්වේ පැහැදිලි කිරීමකට පමණයි.

      Delete
  2. මා මානසික රෝගියකු,ලිංගික විකෘතියෙකු,අමන ගැහැණියකු ගුරුවරියකට නිගා දුන් අයෙකු ලෙස හංවඩු ගැසු මධ්‍යස්ථ මතධාරියාගෙ යකාගෙ අඩවියට මම සුභ පතමි.//

    මම එවැනි කතාවක් නොකිව්වෙමි.ඒ අදහස් දැක්වූයේ පොදුවේය. කෙසේ හෝ මගෙ බ්ලොග් එකේ ඊලඟ ලිපිය ලෙස මෙම ලිපිය අනිවාර්යයෙන්ම පළ කරමි. එසේම මගේ පසුතැවිල්ලද එහිදී ප්‍රකාශ කරමි. මොන දේ වුනත් මගෙ ලිපියකින් ඔබට දුකක් දැනුනානම් එය ඊට වඩා මට දැනේ.

    ගුටි හැට දැක ඇතිවුනි දුකක් මගෙ හදේ
    ලිපියක් විලසින් ආවේ ඒ දුකයි හොදේ
    කතාබහට හැර පරහක් තුන් සිතක නැතේ
    මගෙ ලිපියට නුඹ ඇඩුවොත් මට දුකයි නගේ




    ReplyDelete
    Replies
    1. මේ දැන් ඔබේ ලිපිය මගේ බ්ලොග් එකේ පළ කළා.
      "ගුරුවරියකගේ මතකය බ්ලොග් එකේ ගුරුතුමිය මගේ ලිපියට දුන් පිළිතුර "

      http://yakaageadaviya.blogspot.com/2015/11/blog-post_4.html

      Delete
    2. ඔබගෙ ලිපියට පිළිතුරු දුන් අය මා හට වක්‍රාකාරව දැනෙවෙන පරිදි ලියා තිබුණා.
      එය ඔබේ අදහසම නොවුනත් ලිපියෙ අදාළව
      ඒගැන කණගාටුව.
      මම හිතන්නෙ දුකත් සමග මා අදහස් කල දේ නිවැරදි ව ලියවෙන්න නැතුව ඇති.

      Delete
    3. අන් ඇස් වලට නැ‍ෙඟෙන කඳුල් ගැන විස්සෝප වනවාට වඩා කරණු සොයා බලා ලියනවානම් හොඳයි නේද? නැතිනම් ඔබත් දිවයාන් පත්තරේ කතුවැකිය ලියනනාත් අතර කිසිම වෙනසක් නැත. ඇත්තටම නම මධ්‍යස්ත වුනාට ඔබ මධ්‍ය්සථ ද?

      Delete
    4. udara jayasingheNovember 4, 2015 at 9:45 PM @
      කරුනු හොයල බලල තමයි ලිව්වෙ. මෙම ගුරුතුමියගෙ ලිපියක තිබුන අසාමාන්‍ය දඩුවමක් පාදක කරගෙන ගුරු වෘත්තිකයන් තුල දක්නට ලැබෙන දුර්වලකමක් ගැන සංවාදයක් ගොඩ නැගුවා. ඒක මධ්‍යස්ථව තමයි කළේ.
      විස්සෝපයක් නෙමෙයි. මට කිසිවෙක් අපහසුතාවයට පත් කරන්න ඕන වුනේ නෑ.නමුත් කිසියම් හේතුවක් නිසා කෙනෙක් අපහසුතවායට පත්වුනා නම් එය සමනය කරන්න ඕන. මොකද අපි කවුරුත් පුද්ගලික තරහකාරයො නෙමෙයිනෙ. ඔබ සංවාද ගැන මත ගැටුම් ගැන අසා නැතිවා වගෙයි.

      Delete
    5. ඒ බව පේනවා.මත ගැටුම් අසා තිබෙනවා. මෙතන ඇත්තේ මත ගැටීමක් නෙමේ අපහාසයක්. එතනයි ගැටළුව.

      Delete
  3. මම එන්න කලින් මධ්‍යස්ථ ඇවිත්නේ...
    මම මධ්‍යස්ථ ගැන නගාට කියන්නයි හැදුවේ මධ්‍යස්ථ ගැන ඒ විදියට වැරදියට හිතන්න එපා කියලා...
    මේක බිලොග් අවකාශයනේ..ලිපි වලදි අපේ මත ගැටීම් තිබෙන්න පුලුවන්..නමුත් බුකියට වඩා අපි අනිත් කෙනාගේ දුකට සංවේදි වෙනවා..ඒ වගේම බිලොග් මිතුරන් අතරේ ලොකු බැදීමක් තිබෙනවා..
    මේවා ලොකුවට ගනන් ගන්න එපා....මධ්‍යස්ථ කලේ තමන්ගේ අදහස ලිපියකින් ඉදිරිපත් කිරිමක් විතරයි...ඒක ලිපියක් මිසක් ඔබ ගැන තරහකින් කල දෙයක් නෙවෙයි...
    මේවා ගැන එච්චර හිතන්න එපා....ඇනෝල හිටපු ගමන් ඇවිත් කියන අමු කුනුහරුප නිසා ලියවිල්ල එපා වෙයි....ඔහොම තමයි ඉතින්

    ReplyDelete
    Replies
    1. මධ්‍යස්ථ ගැන තරහක් නෑ.
      ඇත්තෙන්ම

      Delete
  4. අයියෝ ටිචර් නානවනෙ.....

    නිකමට හිතමු,
    ඔය පෝස්ට් එක බලල ටිචර් නිශ්ශබ්දව තමන් කරගෙන ආපු කාරිය කරගෙන ගිගානං කියල...

    එතකොට ඒ පොස්ට් එකට මෙච්චර ප්‍රසිද්ධියක් ලැබෙන්නෙ නෑ

    කියවන අය කියවල යයි,


    කවුරුවත් බ්ලොග් පෝස්ට් මතක තියාගන්නෙ නෑ.

    ලියපු කෙනා උවමනාවෙන් අපහාසයක් කරන්න උත්සාහයක් කරල තිබ්බනං ඒක ආයාසයක් නැතුවම අසාර්ථක වෙනවා

    එච්චරයි....

    ReplyDelete
  5. අපහාසයක් නම් මං නිහඩ වෙනවා.
    එය සංවාදයක් වු නිසා පිළිතුර තිබ්බා

    ReplyDelete
  6. මතවාදී ගැටීම් සොඳුරු අනාගතයකට මඟ පාදයි.
    විශිෂ්ඨයි..!!
    ජයවේවා..!!

    ReplyDelete
  7. ඉස්සර වෙලාම මට ඉල්ලන්න තියෙන්නේ කමෙන්ට් වලට උත්තර දෙන්න කියලා..

    ReplyDelete
    Replies
    1. උත්තර දෙනවා සහෝදරයා ..
      අද ත් මේ සයිබරේ ඉන්නෙ අසනීපව නිවාඩු දැමු නිසා..
      ස්තුතියි ආවට

      Delete
    2. මෙන්ඩා ඉල්ලීමක් කලොත් අනිවාර්යෙන්ම ඒ ගැන සලකා බලන්න වෙයි ඔන්න...
      ඔය ඉන්නේ මට බිලොග් අවකාශයේදි මුනගැහුන චන්ඩි වගේ පෙනුනට හිත හොදම මිත්‍රයෙක්....

      Delete
  8. මේ ගුටි කාපු ලිපිය මම කියෙව්වෙ ඔබේ බුකි පිටුවෙන්. නමුත් මා එය මේ බ්ලොගයේ තිබෙනවා දුටුවේ නම් නැහැ. මධස්ත මතධාරියාගේ මුල් ලිපිය කියවා ඔබේ බුකියත් බ්ලොගයත් දෙකම බැලුවත් එහි මෙම ලිපිය ඉවත් කරගෙන තිබෙනු දුටුවා. මම අනුමාන කරනවා ඔබ එය ඉවත් කරන්නට ඇත්තේ මීට සමාන චෝදනාවක් නිසාය කියලා. මට දැනුනේ එය ඔබේ දුර්වලකමක් ලෙස. කල යුතුව තිබුනේ ඒ ලිපි ඉවත් කර නොගෙන මෙහි සදහන් ආකරයට එය ප්‍රදර්ශන දඬුවමක් බවත් එයින් පසු ඔබේ උත්සාහය සාර්තක වූ බවත් දැන්වීමයි. එසේ වූවානම් මෙය මෙතරම් දුර දිග ගිය මතවාදයක් නොවනු ඇති.

    කෙසේ වතුදු ඔබේ ලියවිල්ල චමත්කාරය, ඔබේ සත් ක්‍රියාවන් ඊටත් වඩා අලංකාරය. ඔබට ජය.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි වරාමලී ආපහු ආවට..
      මං මේ දේවල් කලෙ කියවන්න නෙවෙයි.
      ඒත් නොකියා බැරි වුනා..

      Delete
  9. යකෝ අපිටත් නොදැනී මේ වගේ ගැටුමකුත් සිදුවෙලා නොවැ. අපිත් ඔබ වාගේම නැති බැරි අයට උදව් කිරීමේ අරමුණින් . ටිකක් විතර වැඩ කරන්න පුළුවන් වුනා .. ඔබේ තරම්ම සාර්ථක වැඩ පිලිවෙලක් වුනේ නෑ තවම...

    ReplyDelete
    Replies
    1. සයිබරෙ හිතවත් කම් තමයි මට ඒ් සඳහා සහය දුන්නෙ

      Delete
    2. අපි ගොඩක් දේවල් කලේ මුහුණු පොත හරහා හැබැයි උදව් කලේ අපේ වත්මන් මිතුරු මිතුරියන් සහ පාසැල් , විශ්ව විද්‍යාල මිතුරු මිතුරියන්... මගේ මුල් පොස්ට් එකේ වචන කීපයක් අඩුවෙන් වැටිලා " අපිත් ඔබ වාගේම නැති බැරි අයට උදව් කිරීමේ අරමුණින් තමයි බ්ලොග් ලියන්න ගත්තේ " ලෙස වෙනස් විය යුතුයි. අපේ වැඩ වලිනුත් ප්‍රයෝජන ලැබෙන්නේ ඌවේ .. බණ්ඩාරවෙල ප්‍රදේශයේ අයටයි.

      Delete
  10. ගුරුතුමියනි,
    පළමුව බ්ලොග් එකක් ලිවීම වැනි, බොහෝ ගුරුවරුන්ට තවමත් ආගන්තුක, අමුතු මානයකට ඔබ පැමිණීම අගය කලයුතුයි.
    එහෙත් ,බ්ලොග් යනු මුළු ලෝකයටම විවර වූ ස්ථානයක් බවත්, ඔබ ලියනා දේ පිළිබඳව විවේචනය කිරීමේ සාධාරණ අයිතියක් එය කියවන ඕනෑම අයෙකුට තිබෙන බවත් තේරුම් ගෙන ලියන්නේ නම් මැනවි.
    පරස්පර දේ ලිවීමෙන්,ඔබ ලියනා දේ පිලිබඳ වූ විශ්වාසනීයත්වය නැතිවන බව තේරුම් ගන්න.

    01. පහර 65 ගැසූ දිනෙන් පසු කිසිදිනක වේවැල පාවිච්චි නොකළ බව කියා ඇතත්, පසු ලිපියක ඔබ තවමත් උසස් පෙළ පන්ති සිසුන්ටත් පහරදෙන බව පවසයි.

    02. "මේ බ්ලොග් එක ලියුවේ ප්‍රසිද්ධියට නොවේ. මට ප්‍රසිද්ධ වීමේ උණක් නැත. මධ්‍යස්ථ මතධාරියා මට විරුද්ධව බ්ලොග් සටහනක් ලියා ඇති බව මා දැනගත්තෙ ඊයේය. එය කියවු පසු මට දැනුනෙ අප්පිරියාවකි." ------
    *මෙයද තනිකර බොරුවකි. ඉහතින් ඔබගේ සියලු "පින් පොත" ලියා ප්‍රසිද්ධ කර ඇත.
    *අනෙක මධ්‍යස්ථ ගේ කොමෙන්ටුව සහ අනෙක් කොමෙන්ටුව කියවූ සැනින් ඔබ ලිපිය ඉවත් කරගත්තේය.
    *"මධ්‍යස්ථ ලියූ දෙය කියවූ පසු මට දැනුනේ අප්පිරියාවකි" යන්නෙන් අදහස් කලේ ඔබ පිළිබඳවම ඔබට අප්පිරියාවක් ඇතිවූ බව යයි සිතමි.

    නැවතත් , ගුරුවරයකු බ්ලොග් ලිවීම අගය කරනා අතර , ඔබ ලියනා දෙයෙහි ඇති නිවැරදි භාවය,විශ්වාසනීයත්වය රැකගැනීම ඔබගේ වගකීමකි. පරස්පර දේ ලිවීමෙන් හානි වන්නේ ඔබටමයි.
    ගුරුවරයකු ලෙස ඔබ දරුවන් ගැන ලියනා දේ සියුම් සංවේදී දෙයක් , ඒ, මේවා කියවන බොහොමයක් දෙනා දරුවන් ඇති මව් පියන් වීම මෙන්ම මේ සියල්ලන්ටම ගුරුවරුන් පිලිබඳ ඉතා සොඳුරු සංවේදී මෙන්ම අප්‍රසන්න අත්දැකීම් ඇති අයවලුන් නිසයි.





    ReplyDelete
    Replies
    1. පින් පොත ක් නැත.
      එය ප්‍රසිද්ධ කිරීමට අවශ්‍ය නැත.
      මා යමක් කරන්නෙ කාටවත් කියන්න ට නොවේ.
      මා මේ බව සඳහන් කලෙ ගුරු ජිවිතේ මතකය.
      මා දඩුවම කරමි. එහෙත් වේවැල පාවිච්චි කරන්නෙ නැත.
      උසස්පෙළ දරුවන් කොහොමත් විප්ලවකාරීය.
      තරුණ මට ඔවුන් පාලනය ට යම් යම් ප්‍රයෝග යෙදිය යුතුය.
      එහි ප්‍රතිඵලය සුවිශේෂීය.
      විදුහල්පතිවරයා ට එරෙහිව සංවිධානය කළ උද්ඝෝෂණ යක් මගෙ එක වචනයනට නවතන්නට තරම් ඔවුන් මට ලෙංගතුය.
      අදත් නගරයෙ රස්තියාදු ගහන දරුවන් උසස්පෙළ පංතිය තුළ නැත.
      මා උන්ගෙ අම්මාය.
      හැබැයි අර තරම් ගුටි ප්‍රමාණයක් ඉන්පසු දරුවන්ට දී නැත.
      මම අධ්‍යාපනික ක්‍රියාවලිය තුළ මා ඉලක්ක සැපිරීමේදී දරුවන්ට දඬුවම් කරමි.
      එබැවින් ගිය වර සාමාන්‍ය පෙළ සියලු විෂයන් අසමත් වු දරුවන් දෙදෙනෙකු මගෙ තොරතුරු තාක්ෂණ විෂයය සමත් වු බව ඔබට දන්වමි.
      ආත්ම වර්ණනාවක් නොව දරුවෙකු කෙරෙ උපන් ආඩම්බරයෙනි.
      මා සංවාද විවේචන කැමැතිය. එසේ වු නිසාම මධ්‍යස්ථ ගෙ ලිපිය ඉවත් කර ගන්නද ඇසු විට මා එපා කිවේ එබැවිනි .
      මා ලිපිය ඉවත් කර ගත්තෙ ලිපිය පල කර දෙවන දිනය.
      නමුදු මේ මධ්‍යස්ථ ගෙ ලිපිය දකින්නෙ ඊයේය.
      එය මගෙ අම්මා තරම් සත්‍යය.
      අප්පිරියාව මා ගැන නොවේ.
      මා එය කළෙ හොඳ හිතිනි.
      පලිගැනිමක් නැත.
      අප්පිරියා ව එහි පලව තිබු සමහර කමෙන්ටු ගැනය

      Delete
    2. Madhyastha ge lipiya sad bawayakin liyuwak bawayi eya kiyawimen mata nam hagi giye.. oba depalama blog awakashayata watina bawa pamanak liya thabami..

      Delete
  11. This comment has been removed by the author.

    ReplyDelete
  12. මධ්‍යස්ථ වැරදි නෑ..... ඒක විවේචනයක් විතරයි... ඒක ගොඩක් හොද විවේචනයක්
    මම ටීචගේ පෝස්ට් බැලුවා සමහර ඒවා හරිම ලස්සනයි...

    ReplyDelete
    Replies
    1. මධ්‍යස්ථ වැරදි බව මා පවසා නෑ

      Delete
  13. ඔබ 100% නිවැරදී, දිගටම ලියන්න අප ඔබ සමග ඉන්නවා.

    ReplyDelete
  14. ඔයාගෙ බ්ලොග් එකේ ලිපියක් හෝ දෙකක් පමණයි කියවල තිබුනෙ. (ඔය ම.ම ලියන්න කරුණු යෙදුන ලිපිය කියවල නෑ). නමුත් දරුවෙකුට වේවැල් පහර 65ක් ගැහුව නං, ඒ ගැන මට ලියන්න සිදුවුනා නං මම ලියන්නෙ ම.ම.ට වැඩිය තදින්. ඇත්තටම එක ළමයෙකුට පහර හැට පහක් ගහන්න හිත හදාගන්න ඔබට පුළුවන් වුනේ කොහොමද කියලයි මම තාම කල්පනා කරන්නෙ.

    මම දැකල තියන ශිෂ්‍යයන්ට අමානුෂික විදියට පහර දෙන ගුරුවරු එහෙම පහර දෙන්නෙ ළමයි යහමඟට ගන්න නෙවේ. (පහර දීම් ප්‍රමාණාත්මකව වැඩිවුනා කියල එයාල කවදාවත් හැදෙන්නෙ නෑ, මම නිකමට කල්පනා කරල බැලුව මාත් එක්ක ඉගනගත් වැඩිපුර ගුටිකාපු එවුන් ගැන, ඔවුන් "හැදිච්ච" බවක් පේන්න නෑ අවුරුදු විස්සකට විතර පස්සෙ අද ඉන්න තැන් බැලුවම). ඔවුන්ගේ කේන්තිය පිටකරගන්න. ඒකයි පහර හැටපහක් ඕන වෙන්නෙ..

    දක්ෂ ගුරුවරයා කියන්නෙ හොඳට තලන එවුන්ට නෙවේ. බ්ලොග් අවකාශයේ ඉන්න යහපත් යයි සිතිය හැකි ගුරුවරු දෙදෙනෙක් තමයි ඩබ්ලියු ත්‍රී ලංකා ලියන අජිත් සහ සොඳුරු සිත ලියන වත්සලා. අහල බලන්න ඔවුන්ගෙන් ළමයි හසුරවන්න පහරදෙනවද කියල.

    ඔබට ආයෙත් මේ වගේ පහරදීමක් කරන්න හිතුනොත් වහාම මානසික ප්‍රතිකාර සඳහා යොමුවෙන්න. මොකද ඒක ඔබේ අනාගතයටයි හොඳ.

    (ම.ම. ලියා ඇත්තේ ඔබේ ලිපියට අදාලව විග්‍රහයක්. ඒකෙ කිසිම වරදක් මට නං පේන්නෙ නෑ)

    ReplyDelete
  15. මධ්‍යස්ථ මතධාරියාගෙ පාරෙන් ආවේ මෙතනට... ඔබතුමිය දඬුවමක් ලබා දෙන්නේ සද් භාවයෙන් බව පේනවා... තමන් නිවැරදි නම් , කරන කියන දේ හදවතට එකඟ නම් කිසිවකුට කිසි විටෙක ප්‍රති උත්තර බැඳිය යුතු නැහැ... හැබැයි මතයා ගේ කතා වලත් ඇත්තක් තියනවා... "හදාගන්න ගහන" මුවාවෙන් පුද්ගලික තරහවන් සහ තම මානසික පීඩනයන් සිසු දරුවන් මතින් මුදාහරින ගුරුවරුන් ඕනෑ තරම් මා දැක තිබෙනවා...

    ReplyDelete
  16. ගුරුතුමී ලස්සනට ලියනව කියවන්න ආසයි, 65 ගහපු කතාව කියවපු ගමන් ඒක අතිශෝක්තියෙන් ලියපු එකක් කියල තේරුණා, අපි ලංකාවෙනේ. ළමයකුට 65 වතාවක් ගහන්න කොච්චර කාලයක් ගතවෙයිද, ඒ මදිවට වැලපෙන ගමන්? දශ ලක්ෂ වාරයක් ජීවම් කිරිල්ල වගේ.
    ඔබ එහෙම නොගැහැව්ව බව අපි දන්නවා, අවුල ළමයින් ට ගහන එක ප්‍රමෝට් කරලා තිබ්බ එකයි.

    ReplyDelete
  17. ගුරුවරු ගුටි දුන් පමණින් ළමුන් යහමඟට යයි සිතනවා නම් එය මුලාවකි. අපි කුඩා කල ගුරුවරුන්ගෙන් පහර කෑ විට ඔවුන්ට සාප කළෙමු.එකල මගේ පාසල් මිතුරන් ඇතැම් ගුරුවරුන් සම්බන්දව සපත කලේ " ලොකු වුනාම මූව මරණවා" යනුවෙනි. ගුරුවරුන්ගෙන් අසාමාන්‍ය ලෙස පහර කෑමට ලක්වෙන දරුවන් පසුකලක සමස්ත ගුරු සංහතියටම ද්වේශ කරන්නන් බවට පත් වෙන බව ඔබ වටහා ගත යුතුය...ඉගෙන නොගන්න එකාට පහර නොදී අතහැර දමන්න.....

    ReplyDelete
  18. එක පහරක් හෝ ගැසීම වරදකි. කවුද ඔබට ඒ අයිතිය දුන්නේ? මොන නීතියෙන්ද බලය ලැබුනේ?

    මගේ දහතුන්වසරක පාසල් දිවිය තුළ පහරක් කා ඇත්තේ එක් වරයි, ඒ හතරේ පන්තියේ දී නිරපාරාදේ. එය මට කවදාකවත් අමතක වෙන්නේ නෑ.

    ඊට පස්සේ හතේ පන්තියේ දී එක ගුරුවරයෙකු මගේ කලිසමෙන් ඇද්දා හේතුවක් නැතුව. එය ද මට කවදාකවත් අමතක වෙන්නේ නෑ.

    ඒ වසරේ දී ම, තවත් එකෙකු මට පුටුව උඩ නගින්න කීවා, ඒත් තේරුමක් නැතුව, ඊට පස්සේ කඩප්පුලි කතාවක් කීවා. එය ද මට කවදාකවත් අමතක වෙන්නේ නෑ.

    ReplyDelete
  19. ඔය කියන ලිපිය මැකුවේ ඇයි? ඒ ගැන කණගාටුවෙනවා නම් එය තියෙන්නට ඉඩ හැරිය යුතු නොවේද?

    ReplyDelete
  20. From Cache

    05.මාව මතකද ටීච

    තණමල්විලට කොහොමත් වැස්ස හිඟය.කොළ පාට කිසිවක් ඉතිරි නොකරන්නට ඉර හරි ආසය. දුවිලි පොළවත් පිච්චෙන අව්වත් දැන් මගෙ මිතුරන් වී හමාරය. ඉස්ඉකොල ජිවිතේට ටික ටික මටත් හොරෙන් මමම හුරු වී හමාරය. මට පත්වීම ලැබුණේ තොරතුරු තාක්ෂණ විෂයය ඉගැන්වීටමය. එත් ඒ පිටිසර දරුවන්ට පරිගණක තිබුණෙ අහස් ඉමටත් වඩා දුරින් බැවින් මම බහුශ්රැමත වුනෙමි. උගන්වන්නට බැරි දෙයක් නැති වෙන තරමට ම බොහෝ විෂයයන් ඉගැන්වීමට මම පුරුඳු වී උන්නෙමි. ඒ ම‍ගෙ දක්ෂතාවය නොව පැවති ගුරු හිඟයත් සමඟ දරුවන්ට උගන්වන්නට තිබු අවශ්ය තාවය විය. ඒ සමඟම අටේ පන්තියේ පන්ති භාරකරත්වයත් මටය.

    “ එක්සුකියුස්මි ටීච”

    මම කරමින් උන් පාඩම අතරට පහළ පන්තියක පුංචි එකෙක් එබිකම් කරයි.

    “ලොකු සර් එන්න කිව්වා”

    “හ්ම්”

    මම පාඩමට අදාළව ප්රකශ්නයක් කළු ලෑල්ලෙ සටහන් කර පන්ති නායකයා ‍කැදෙව්වෙමි.

    “කව්රුවත් පන්තියෙන් එළියට යන්නෙ නෑ....වැ‍ඩේ කරන්න ... හසිත ඔයා නායකයානේ.. පන්තිය බලා ගන්න ඕනි ඔයා... කාටවත් එළියට යන්න දෙන්න එපා... එහෙම ගියොත් ඔයා තමයි ගුටි කන්නෙ”

    “කීයක් ගහනවාද ටීච” පන්තියේ උන් කටකාර කොළුවෙක් ඔච්චමට ඇසුවේය.

    “එක්කෙනාට පහ ගානේ”

    මම වැඩිය නොසිතා පවසාගෙනම කාර්යාලය වෙත ගියෙමි. විදුහල්පතිවරයා මා කැඳවා තිබු රාජකාරිය අවසන් වී විනාඩි දහයකින් පමණ මම නැවත පන්ති කාමරය වෙත යන විට පන්තියේ පිරිමි ළමුන්ගෙන් රැඳි උන්නෙ පන්ති නායක දරුවා පමණ‍ය. අනෙක් පිරිමි ළමුන් දහතුන් දෙනාම පන්තියෙන් බැහැර ව මිදුලේය.

    “ ළමයි මං කිව්ව දේ ඇහුවේ නෑ ටීච... මම ෆේල්”

    මා මැදිවුයේ ගැටළුවකටය. පන්තියෙන් බැහැර වු එක් අයෙකු වෙනුවෙන් පහර පහක් දෙන බව කීවේ එසේ කිරීමට මට අවශ්යළ නොවනු ඇතැයි සිතාය. එහෙත් වුයේ අනිකකි. කිසිවක් නොකියා මම වේවැල අතට ගත්තෙමි. එ සැණින් පන්ති නායකයා මා ඉදිරියට ඇවිත් සිය සුරත ම දිගු කර උන්නෙ මැසිවිලි නැතුවය. පහර හැට පහක් අත් දෙකටම වැදෙන තුරු නොසෙල්වී දෑතම දිගු කරගෙන ඔහු උන්නෙය. එහෙත් ඇස්දෙකම තඩිස්සි වී ඉදිමෙන්නට තරම් පහර දී ඉවර වන විට මම හඬා තිබුණි.

    පසු සටහන‍:-
    මා ‍ස්ථාන මාරුවක් ලබා වසර කිහිපයකට පසු දිනෙක ත්රී.රෝද රියක් මා පසුකර ගෙන ගොස් නැවත හරවා පැමිණ මා ඉදිරියේම නතර විය. කරදඬු උස්වු තරුණයෙක් රියඳුරු අසුනෙන් බැස තාර පාර මැද දණ බිම ඔබා මට වඳින ලදී.

    “ මාව මතකද ටීචර්” මම සිනාසුනෙමි. ඒ ඔහුය.

    “මගෙන් වැඩිපුරම ගුටි කාපු ළමයා”

    ReplyDelete
  21. බොහොම ස්තුතියි ..
    මම බ්ලොග් අඩවි වලින් සමුගනිමි.
    ඔබේ විවේචන සියල්ල සතුටු සිතින් බාරගනිමි.ඔබට ජය
    මේ තරම් කියවමින් මා පීඩනයට පත් කරන්නෙ ඇයි දැයි නොදන්මි.හිත රිදුන වග පමණක් සටහන් කරමි.
    සංවාදය තුළ හා ඝාතනය වු බව හැගෙ

    ReplyDelete
    Replies
    1. එහෙම සමුගැනීමක් කරන්න අවශ්‍ය නෑ.ඔබ වෙනදා වගේම ලියන්න..
      ඔබේ ලිපි කියවන පිරිසක් ඉන්නවනේ...ඒ අය වෙනුවෙන් ලියන්න..
      මධ්‍යස්ථ මේ ගැන කනගාටු වුනානේ..ඒ වගේම ඔහු ඔබ ගැන ලිපියක් පවා පලකලා..මම දැක්කා මාතලන් ඔබ ගැන වෙනම දාලා තිබුනා..එහෙනම් ඔබට අතහිත දෙන පිරිසක් ඉන්නවා නේද ?..

      මෙහෙම දේවල් බිලොග් අවකාශයේදි වෙනවා...

      Delete
    2. මගෙම නංගි කෙනෙකුට අවවාදයක් දෙන විදියට මම අවවාද කරනවා ලියන එක නවත්වන්න එපා කියල. ඔයා ලියන එක නැවැත්තුවොත් ඒක මටත් සදාකාලික පීඩනයක් වෙයි. වරදකාරී හැඟීමක් ලෙස බ්ලොග් ලියන හැම විටකම මගෙ සිතට වද දෙයි. මේ සියල්ලටම හේතුව මගෙ ලිපියක් වීම නිසා මට කවදාවත් ඒ වරදකාරී හැඟීමෙන් මිදෙන්න බැරිව යනවා. ඒ කියන්නෙ මට මේ බ්ලොග් එක කරගෙන යන්න බැරිව යනවා.

      සිදුවෙන හැම දේකින්ම පන්නරයක් ලබන්න. සිත ශක්තිමත් කරගන්න. අපි ඔයාගෙ සහෝදරයො මිස සතුරො නෙමෙයි.
      අඩුම තරමින් මං ගැන හිතලවත් බ්ලොග් අවකාශයෙන් ඉවත් වීමේ තීරනය වෙනස් කරනු ඇතැයි විශ්වාස කරනවා.

      මේ දේවල් නිසා ඔයාගෙ බ්ලොග් එකට හිට්ස් වැඩි වුනා. ඔයා හොඳ බ්ලොග්කාරියෙක් වෙයි. එන්න අපි බ්ලොග් ලොවේ දිගු ගමනක් යමු.

      Delete
    3. ඔබගේ නිහතමානී කම අගයමි.

      Delete
  22. ඒත් මධ්‍යස්ථ මතධාරියා එසේ කලද තව බොහො අය ඉන්පසුවත් මා රිදවයි.
    මම හිත ශක්තිමත් කරගත් පසුවද එසේ වූ බැවින් මම බ්ලොග් හි අසරණ වු බව දැනේ.
    අද දවස තරම් මා හිත රිදුණ දවසක් නැති තරම්.

    ReplyDelete
  23. ඔබ බ්ලොග් වලින් සමුගත්තොත් ඒවායින් අසරණ අයට පිහිට වීමට ලබා ගත් අවස්ථාව නේද මඟ හැරෙන්නේ? අන් අයගේ ක්‍රියාවන් නිසා එම ළමයින්ගෙන් පලිගන්න එපා. ලියනකොට ගැටුම්කාරී දේවල් නොලියා ඉන්න. මම එනවා කියවන්න.

    ReplyDelete
  24. බ්ලොග් වලින්ම අහුලාගත් උදාහරණයක් දක්වනවානම් 'ඇඟිල්ල දික් කර හඳ පෙන්වන විට ඇඟිල්ලේ ඇද හොයන එක' බ්ලොග් වල වෙන සාමාන්‍ය දෙයක්. මම ටික කාලයක සිට ඔබේ බ්ලොග් එක ෆොලෝ කරන කෙනෙක්. හැම ලිපියක්ම වගේ කියවා තියෙනවා. මේ සිද්ධිය නිසා ඔබෙ බ්ලොග් එකට ලොකු ප්‍රසිද්ධියක් ලැබුණා. පාඨක සංඛයාව වැඩිවේවි. එය හොඳ පැත්තට යොදාගන්න. තවත් ඔබගේ අත්දැකීම් බෙදාගන්න. තවත් අසරණ අයට පිහිටවීමට අවස්ථා ඇත්නම් මෙහි පළකරන්න. ගහන ගල් අහුලාගෙන ගෙයක් සාදා අසරණ කෙනෙකුට නිවසක් දෙන්න වගේ දෙයක් මෙම අවස්ථාව ප්‍රයෝජනයට අරගෙන කරන්න. කෙනෙකුගේ ශ්‍රෙශ්ඨත්වය මැනෙන්නේ ප්‍රසංශා වලට මුහුණ දුන් අකාරය මත නොව ගැරහීම් වලට මුහුණ දුන් ආකාරයෙන්. ඔබට නිවැරදි තීරණය ගැනීමට ශක්තිය !!

    ReplyDelete
  25. ම.ම ගේ කලින් ලිපියට මමත් කමෙන්ට් එකක් දැම්මා. ගුරුවරු ගහන එක වැරදියි කියලා. නමුත් ම.ම ගේ මේ දෙවෙනි එක දකිනකම් මම දැනං හිටියේ නෑ ඒ ඔබ ගැනයි කියල තියෙන්නේ කියල. මොකද ඒ කියන ලිපිය මට කියවන්න බැරි උන නිසා. නමුත් මට තේරෙන විදිහට දැන් දෙන්නාම වැඩේ කතාකරලා විසදගත්තා නේද? ඇයි එහෙනම් මේ සමුගන්න කතා කියන්නේ. දිගටම ලියන්න. ඔබේ ලිපි හොදයි. සංවේදියි......... සුබ පැතුම්..!

    ReplyDelete
  26. Replies
    1. මේ සේරටම මුල මමනෙ . මං හින්ද කෙල්ලෙක් මෙහෙම නිස්කාරනේ අඩනව කියනකොට මට කිසිම දෙයක් කරන්න හිත එකලාසයක් නෑ.
      ඔක්කොම අවුල්

      Delete
  27. This comment has been removed by the author.

    ReplyDelete
  28. බ්ලොග් ස්ක්‍රීන් එකේ වම් පැත්තේ උඩම තියෙන කහ පාට බටන් එක ඔබා එන බ්ලොගර් ස්ක්‍රීන් එකෙන් ඔබගේ බ්ලොග් එකේ නම ක්ලික් කර එහි වම් පැත්තේ ඇති comments ක්ලික් කිරීමෙන් මෙහි දා ඇති කමෙන්ට්ස් ලිස්ට් එක ගෙන ඔබට අනවශ්‍ය කමනෙට්ස් ඩිලීට් කල හැකියි. එමෙන්ම කමෙන්ට්ස් පලවීමට පෙර ඔබගේ අනුමැතිය අවශ්‍ය වීමටත් ක්‍රමයක් තිබෙනවා. මෙම බ්ලොග් පිටුව ඔබගේ. ඔබට අනවශ්‍ය විවේචන අයින් කිරීමට ඔබට අයිතියක් සහ හැකියාවක් ඇත.

    ReplyDelete
    Replies
    1. ඉයන් .. ඇත්තටම බ්ලොග් කාරියක් බේරගන්න , සිංහල බ්ලොග් අවකාශයට වෙන අඩුවක් නවත්තන්න දරණ මෙහෙයට මාගේ උපහාරය... මේකෙ ඉන්න සමහර එව්වො වැටුන මිනිහට උඩ පැන පැන නෙළන එවුන්... මධ්‍යස්ත මතධාරියා සාදාරන විවේචනයක් කළා . එකට ආපු ප්‍රති උත්තර තමුන්ගෙ බ්ලොග් එකේ දාන්න තරම් නිහතමානි උනා.. අපි හැමෝටම විවේචන තියනවා. සංවාද ඇති වෙන්න ඕන මේක ඇතුලෙ. හැබැයි ඒ සංවාද විවේචන දරාගන්න බැරි යට උනත් පාඩුවේ ලියන්න අවකාශය තියෙන්න ඕන. මෙතන සමහර එවුන් හිතන විදියට විවේචන දරාගන්න බැරි උදවිය බ්ලොග් ලියන්න හොඳ නෑ...

      Delete
    2. මා මධ්‍යස්ථ සමග ඝට්ටනයක් නැත.
      ඔහු ට මගෙ සුහදත්වය ප්‍රකාශ කර අවසන්ය.
      අනෙක් අයද මට හොද නරක පැහැදුවේය.
      ගැටළුව එක්තරා පුද්ගලයෙකු නැවත ත් ඒ කතාව උඩට ගැනීමය.
      මා නැවතත් අසරණ කිරිමය.
      කැෂ් මෙමරිය පවා මෙහි කොපි පේස්ට්කර නැවත කතාවේ මුලට යෑමය.
      මෙය සර්කල් එකක්ය. එහි බිඳිමක් ඇති නොකර මේ සර්කල් එක කැඩිය නොහැක.
      මම මම කියන සාධකය බිඳ මෙය නැවත නැවත සිදුවීම අතහරමි.

      Delete
    3. ස්තූතියි මචං සජ්ජා, බ්ලොග් කාරියන්ට සහ කරුවන්ට එකම සැලකීම. මේ බ්ලොග් කාරිය මගේ දියණියට වඩා වසර කීපයක් පමණක් වැඩි කෙනෙක් බව මගේ හැඟීම.

      Delete
    4. @ sajja - machan mehema ekakuth thiyenawa. Mata me dennagen kisima peththak aran katha karanne ne. MA. MA ta thibbe ekko ara teacher ge post ekata comment ekak dala ethana katha karanta. Eth mamath 5 years blog kiyawanawa. Ekko MAATHALAN wage support ekak denna thiyena wele mu kale muuta hits gannai loku minihek wennai anunge post ekak thamange blog eke dagena pora wenna hadana acene ekak. Uba kelinma kale ube lokukama blog eke pennana eka. Den ubath hit una. Heta aniddata thawa post ekak dapan 100,000 hits lebuna kiyala. Ekak amathaka karanne nethuwa edata warahan ethule daapan ubata hita lebune teacher nisa kiyala...

      Delete
  29. ඔබ බ්ලොග් ලිවීම අතහැරීම විසඳුම නම් එය කරන්න. සමාජය යනු විවිධ අදහස් ඇති බොහෝ දෙනෙකුගේ සංකලනයක් මිස එක් කෙනෙක් තමන් හරි යයි හිතන දේ අනුන් වෙත බලෙන් පැටවීමට අයිතියක් ඇති තැනක් නොවන බව සමහර දෙනෙකුට නොතේරේ. මගේ බ්ලොග් අඩවියේ යමක් ඉවත් කිරීමට මට අයිතියක් ඇත. එසේ ඉවත් කිරීම විවෙචනය කිරීමට අයිතියක් අන් අයකුට ඇතිමුත් එම පෝස්ට් වල කැශෙ සොයා මගේම බ්ලොග් අඩවියේ යමෙක් පෝස්ට් කලොත් එම කමෙන්ට්ස් මම ඩිලීට් කර දමමි. බ්ලොග් අඩවිය ඔබගේ නිවසට සමානය. එයට කවුරුන් හෝ කුණු දැමුවහොත් එම කුණු ඉවත්කර එහි වාසය කරනවා විනා ගෙය හැර යාම නිවට කමකි. අනවශ්‍ය කමෙන්ට් අහක් කරන ආකාරය ඔබට කියා දුන් පසුවද එය නොකර කුඩා ලමයෙකු මෙන් හැසිරීම නම් මට පුදුමයක් ගෙන දෙයි.

    ReplyDelete
    Replies
    1. ඉයන්
      +++++++++++++

      අපේ ගුරුතුමිය ටිකක් සංවේදි වැඩියි කියලා තෙරේනවා. ඒනිසා ඔබට මේක තදින් දැනෙනවා ඇති..ඒත් මෙහෙම දෙයක් තියනවා..
      ඔබට ගල් වැදුනම ඒවා නිකරුනේ විසි කරන්න එපා...
      ඒ ගල්ම පාවිච්චි කරලා තව ටිකක් උඩට නගින්න පඩියක් හදාගන්න...

      Delete
  30. බ්ලොග් කලාව තුල විවේචන,මතවාද ඇතිවන තරමට හොඳය,සැබවින්ම දැන් එවැනි වාද විවාද දකින්නට නැති තරම්ය.ඔබ දිගටම ලියනවා නම් වඩාත් හොඳය.

    ReplyDelete
  31. මේ දැන් මදැයි නේද ඕක? මේ ගුරු මහත්මිය ඒ ගැන කනගාටු වෙනවයි කිව්ව. එතකොට මධ්‍යස්ථත් ඔව්ව අපි අමතක කරල දාමු කිව්වනෙ. එතකොට ප්‍රශ්නෙට අදාල දෙන්නම වැඩේ අමතක කරල දාන්න සූදානම් නම් තවත් මොකෝ මේ අර තැලෙන යකඩෙට උඩ පැන පැන තලනව වගෙ කරන විකාරෙ? කරුණා කරල මේක මෙතනින් නැවත්තුවොත් හොඳ නැද්ද?

    අනික තමන්ට එපා හින්ද මකල දාපු බ්ලොග් පෝස්ට් එකක් ආයම පබ්ලිශ් කරන එක කැත වැඩක් කියල හිතෙන්නෙම නැද්ද?

    ReplyDelete
    Replies
    1. රවී මචං උඹ ඉතිං ටීචර්ලට කොහොමත් සපෝට් නෙ, හික්ස්. උඹ හරියට හරි. පරපීඩා කාමුකත්වය ගැන කථා කරන සමහරු හිතන්නේ ඒක කායිකව කරන දෙයක් විතරයි කියල. වැටෙන අයට මානසිකව ගහන අයත් මානසික පරපීඩා කිරීමක් හෝ එවන් මානසිකත්වයක් නිසා එසේ කරනවා විය හැකි කියල සමහර විට ඒගොල්ලන්ට තේරුම් යයි.

      Delete
  32. ඔව් මේ ප්‍රශ්නෙඅතහරිමු
    මම ආපහු ලියන්නම්
    අනිවාර්යෙන්ම
    ඉයන්
    මනො
    අනෙ හැමෝටම ස්තුතියි

    ReplyDelete
  33. දින කිහිපයක සිට සියළු දේ බලා සිට මෙසේ ලියමි....ගුරැවරියගේ ලිපියේ 65 වතාවක් වේවැල් පාර කාපු ළමයා ගැන ඇය ඇත්තම ලියු නිසාවෙන් ඇයට ඇගිල්ල දිගු කල සියළු දෙනාටම අමතක වු යමක් ඇත...ඒ ඇගේ නිහතමානිකම ....ඇය එම ලිපියේ "අනේ මම ඒ ළමයට ගැහැව්වේ නෑ..අනිත් 13න් දෙනාට 5ගානේ ගැහැව්වා...මට දුකයි එදා දවසම...අනේ ඉතින් කාලෙකට පස්සේ ලස්සන බෙන්ස් එකකින් ඇවිත් කොල්ලෙක් ශේක් හැන්ඩ් කලා පස්සේ මම දැන ගත්තේ ඒ අර මම 65ස් වතාවක් ගහන්න හිටිය ළමයා" ඔන්න ඔහොම ලිව්වානම් ෂා ඒ ගුරුතුමී හරි ෂෝයි කියන අය ඕන තරම් ඉදී...ප්‍රවීනයෝ එක ලිපියකට වඩා නොකියාවා යයි......ම.ම.ගේ ලියවිල්ල හා කමන්ට් ටික ගැන නම් මටත් මුලින් ඇති වුයේ අප්‍රසාදයක් ඒ ගැන ගිරුතුමි එක්ක මම පෞද්ගලිකව කතා කරා ඒ අනුව ඇට කල යෝජනාවක් අනුව ඇය ම.ම.ට විග්‍රහයක් කලා...ඒ හැම දේම නිරාකරනය වන විට ම.ම. දැමු පෝස්ටුව සමග සියල්ල නිරාකරණය වීම ගැන මගේ ප්‍රසාදය...හා උත්තමාචාරය!
    අක්කණ්ඩි මේවා අත්දැකීම..... මේ හැමෝම මුනවත් නොදැක හිතවත් වෙන්නේ හුස්ම ගන්න අකුරු නිසා ඒ අතරින් පතර "දඹුලු ගිහින් තලගොයි මරණ " අයත් ඉන්නවා...ඒ නිසා ලියන එක නම් මම කොහොමත් නවත්වන්න දෙන්නේ නෑ....අපි ලියමු.....දරුවෝ වෙනුවෙන්...ගුරුවරු වෙනුවෙන්......වැටුනම නැගිටින්න කවුරු නැතත් සහෘද පිරිසක් ඉන්නවා.... ජය!

    ReplyDelete
  34. බ්ලොග් අවකාශය තුල සිත්තැවුල් ඇති වෙන එක සමාන්‍ය දෙයක්. ඒත් ඒක ඒ තරම් දුර දිග අරන් යන්න නරකයි. බ්ලොග් එක නවත්තන්න ගත්ත තීරණය වෙනස් කරනවනම් හොදයි. ඒකෙන් ඔබ ඔබ තුලම තවත් වරදකාරියක් වෙන එක විතරයි වෙන්නේ..

    ReplyDelete
  35. මකා දැමූ ලිපියක පිටපතක් සොයා නැවත කමෙන්ටුවක් ලෙස මා මෙහි දැම්මේ ඇයි දැයි අසා පාඨකයෙකු මට ඊ-මේලයක් එවා ඇත.

    Rasika,
    I agree with you that students should not be physically punished, even if it is well-intentioned. I hate when someone attempts to socialize that idea. While I disagree with the view point of Nini Senevirathna on this matter (I don't know who she is personally), I think copying the cache version and re-posting her withdrawn article is inappropriate and unethical and also that it hurts your reputation. (I am new to blogspace, but that's what I feel.)
    Thanks!

    මේ මා එයට යැවූ පිළිතුරෙන් අදාල කොටසයි.

    Thanks for the eMail.

    I understand that it was her decision to delete her post which I had not read nor even knew such a post existed untile I read her recent post about Yaka's post. Yaka is not a blog that I usually read. So I had missed his critical analysis of her actions and his general discussion on the subject as well.

    Having read both posts, I very much wanted to read the orignal post by this teacher, Nini Senevirathne. I first searched archive.org and found that her blog is not archived there (it should be there now!). However, as there were direct quotes from her post in Yaka's blog, I could successfully locate the full version in Google cache. Anyone could do that.

    When I read the cached version, I found nothing there that is not either directly quoted or paraphrased in Yaka's post.

    That was going to be it but I then noticed that there are many people in my situation, that is, those who have read these two later posts but not the original by Nini Senevirathne.

    That was the reason why I posted the cached version in a few places.

    Now is that ethical to do so?

    I think there is nothing ethically wrong with my action, as I did not reveal anything that is private or anything that is between two or a limited number of people. The text I reposted was just there in Google cache for anyone with the know how to locate.

    Thanks for contacting me.

    අදාල යැයි සිතුනු නිසා මෙහි පළ කළෙමි!

    ReplyDelete
    Replies
    1. රසික කොටදෙනියාවෙ පොලෝසියේ OIC වගේ.

      Delete
    2. Rasika,

      රචකයකු තමන් ලියූ දෙයක් මකා දමන්නේ එය යලි යලි කියවීම මඟින් තමන්ට සිත්වේදනාවක් ගෙන දෙන බැවිනි. එසේම එහි ලියවුනු දෑ මතභේදයට තුඩු දෙන්නක්විය හැකි නිසාද විය හැක.ඒ කෙසේ හෝ තමන් ලියූ දේ මකා දැමීම හෝ එලෙසම පවතින්නට හැරීම රචකයාගේ අයිතියකි. ඔහුගේ/ඇයගේ අනුමැතියකින් තොරව මකා දමූ යමක් යලි පලකිරීම සදාචාර විරෝධීබව මගේ හැඟීමයි. එය මකා දැමුවද අවශ්‍ය අයෙකුට බලාගැනීමට අතන තියෙනවා මෙතන තියෙනවා එනිසා මම එය පලකෙලෙමි යනු කිසිම වලංගු භාවයක් නොමැති කිතුල් ගහට ගිය මිනිහාගේ මොඩලයේ තර්කයන්ය.

      Delete
    3. Ravi,
      සිංහල හොඳට තේරෙන මිනිසෙකු ලෙස, මෙහිදී රසික ක්‍රියාකල ආකාරය ඔබට තේරුම්ගැනීමට නොහැකිවීම කණගාටුවකි.
      ලියන ලද ලිපියකුත් ඊට අදාල ප්‍රති අදහස් දැක්වීමකුත් ඇතිවිට, යලිත් ඒ පිලිබඳව මුල් ලිපිය ලියූ රචකයා පිලිතුරු බඳියි නම් මුල් ලිපිය ඉවත් කිරීම කොතරම් සදාචාරාත්මකද? අන්තර්ජාලයේ යම් ලිපියක් පිළිබඳව විවේචනයක් සිදුකිරීමේදී ඊට සබැඳියක් දීම (ධනාත්මක හෝ සෘනාත්මක විවේචනයකදී වුවත්) සාමාන්‍ය ආචාරධර්මයයි. එහෙත් මෙවන් "අන්තර්ජාලයට අනන්‍ය වූ" රීතීන් පිළිබඳ බොහෝ දෙනෙකුට දැනුමක් නැත

      Delete
    4. රාජ් හරි.. මම හිතන්ෙන් රසික කරපු වැෙඩ් වැරැද්දක් නැහැ. ඒ් විදියට ඔ්න ෙකෙනකුට ගන්න හැකි නං ෙමතන අායි දැම්ම කියල අවුලක් තිෙය්ද??

      ෙකා්ම උනත් රසික අැතුලු සියලු ෙදනාෙග් කාර්යය ෙහ්තුෙවන් ගුරුතුමිය ශක්තිමත් වී ප්‍රශ්න වලදී හැසිරිය යුතු අාකාරය ඉෙගන ගනිවි. ඒ්ක ෙහාද පාඩමක්

      Delete
    5. රාජ්,

      මට සිංහල ඉතා හොඳින් තේරේ. යම් ලිපියක් ගැන සංවාදයක් පවත්වෙද්දී මුල් ලිපිය ඉවත් කිරීම නොකලයුතු බව මම පිළිගන්නෙමි. එහෙත් කෙසේ හෝ මුල් ලිපියේ රචකයා ඒ ලිපිය ඉවත් කරගෙන ඇත. එය එය ඔබ පවසන පරිදි සදාචාරාත්මකව වරදක් විය හැකි වුවත් ඒ ඇගේ කැමැත්තයි. ඊට පටහැනිව යමින් ඇගේ කැමැත්ත රහිතව ඒ ලිපිය යලි පලකිරිමට ඔබට මට හෝ රසිකට ඇති අයිතිය කුමක්ද? රසික මෙහිදී ක්‍රියාකර ඇත්තේ අත්තනෝමතික ලෙස බව ඔබට නොවැටහේද? එසේ රචකයින් ඉවත්කරගත් ලිපි යලි තමන්ගේ කැමැත්ත යලි පරිදි පලකිරීමට ඔහුට ඇති අයිතිය කුමක්ද? එය පැහදිලිවම බලහත්කාරකමක් බව ඔබ පිළිනොගන්නේ ඇයි?

      අන්තර්ජාලයට අනන්‍ය වූ නීති පිළිබඳව මගේ දැනුම අල්ප විය හැක. එහෙත් යමෙකුගේ අකමැත්තෙන් යම් දෙයක් කිරීම බලහත්කාරයක් සහ සදාචාර විරෝධී බව නම් මම හොඳහැටි දනිමි.

      Delete
    6. සංවාදයකට අදාලව මකා දැමූ ලිපියක් කියවීමට ඉඩ සැලැස්වීම, රචකයා විසින් ලිපියක් මකාදමා ඒ ගැන සංවාදයක් ඇතිකිරීමට වඩා උසස් බව මගේ හැඟීමයි.
      මේ අන්තර්ජාල අවකාශයයි. මකාදැමූ ලිපියක් නැවත කියවීමට ඉඩදීම යහපත් ක්‍රියාවකි. මේවා නොමිලයේ දෙන සේවාවන් මිස කාගේවත් පෞද්ගලික බූදල් නොවේ. සුද්දා ඒවා දුන්නාට තව බොහෝ දෑ ලබාදී නොමැති බව පැහැදිලිය.

      [රවී දන්නව නේද (රාජ්‍ය සේවයේ හිටිය කෙනෙක් විදියට) වැරදි හදන්න ටිපෙක්ස් කරන්න එපා කියන කතාව. තනි ඉරකින් කපල තමයි නිවැරදි කරන්නෙ :-) ]

      Delete
    7. රාජ්,

      / සංවාදයකට අදාලව මකා දැමූ ලිපියක් කියවීමට ඉඩ සැලැස්වීම, රචකයා විසින් ලිපියක් මකාදමා ඒ ගැන සංවාදයක් ඇතිකිරීමට වඩා උසස් බව මගේ හැඟීමයි./

      1 අදාල ලිපිය ඉවත්කරගත්තේ පලවී දින දෙකකට පසු බව රචිකාවිය පවසයි.එවිට මේ පිළිබඳව සංවාදයක් ගොඩ නැඟී නොතිබිණි.

      2. සංවාදයක් ගොඩ නැඟෙනුයේ ඒ ලිපිය විවේචනය කරමින් මධ්‍යස්ථ පලකල ලිපිය රචිකාවිය දුටු පසුව ඇය එයට පිළිතුරු ලිපියක් ලිවීමෙන් පසුවය. එහිදීද ඇය මේ පිළිබඳව සංවාද කලයුතු නැති බවක් පවසයි.

      3. සරලව පැවසුවහොත් ඇය ඒ පිළිබඳව කථා කිරීමට හෝ කැමති නැත. ඔබේ ජීවිතයේ යමෙකු මතක් කරනවාට හෝ අකමැති යම් යම් සිද්ධීන් තිබෙනවාදයි මම නොදනිමි.එහෙත් මගේ ජීවිතයේ එවන් සිද්ධීන් කිහිපයක් ඇත. එවන් සිද්ධීන් හදිසියේ මතකයට ඒම පවා සිතට වේදනා ගෙන දෙන්නකි.

      4. මේ ලිපිය පළවීම හා ඒ හේතුකොටගෙන ඇය ලැබූ ගැරහුම් අනුව මේ පරිච්ඡේදය වසා දමා ඉදිරියට යාමට ඇය සිතා සිටියා විය යුතුය.

      5. ඇයගේ කිසිදු කැමැත්තකින් තොරව ඇය ඉවත් කල ලිපිය යලි පලවන්නේ මේ අතරය.

      / මේ අන්තර්ජාල අවකාශයයි. මකාදැමූ ලිපියක් නැවත කියවීමට ඉඩදීම යහපත් ක්‍රියාවකි. /

      රාජ්, මට පුදුමයි මේ අර පෞද්ගලික නිදහස, ප්‍රජා අයිතීන් ගැන නිතරම කතා කරන රාජ්මද කියල..ඔබ කියන්නෙ ලිපිය ලියපු පුද්ගලයා ලිපිය ඉවත් කරගෙන මෙතනින් එහාට මේ ගැන කතා කරන්න ඕන නෑ කිව්වත් ඒ ලිපිය කොහෙ හරි තියන තැනකින් හොයාගෙන ආයෙ පලකරල උඹට ඕන දේවල් මෙතන කරන්න බෑ. මෙතන කෙරෙන්න ඕන අපිට ඕන දේවල්. උඹ එපාය කිව්වත් අපි ඒ ගැන කතා කරනවා. කියල දිගටම වැඩේ ගෙනියන්න ඕන..එහෙමද?

      / මේවා නොමිලයේ දෙන සේවාවන් මිස කාගේවත් පෞද්ගලික බූදල් නොවේ. සුද්දා ඒවා දුන්නාට තව බොහෝ දෑ ලබාදී නොමැති බව පැහැදිලිය. /

      100 % එකඟයි රාජ්. සුද්ද අපිට බ්ලොග්ස් නොමිලේ දුන්නට ඒ එක්කම බ්ලොග් පොලිසියක් හදල දීල නෑනෙ. අන්න ඒක ලොකු පාඩුවක්. ඒ හින්ද එක අතකට මේ වැඩේ වරදකුත් නෑ.

      මොකද කියන්නෙ මල්ලි? කොමිසමක් පිහිටවමුද? රචකයින් මැකූ බ්ලොග් ලිපි සොයා පාඨකයින්ගේ පහන් සංවේගය උදෙසා නැවත පලකිරීමේ කොමිෂන් සභාව කොහොමද ඒ නම? ( ර. මැ. බො. ලි.සො.පා.ප.සං.උ.නැ. ප. කි. කො. )

      / රවී දන්නව නේද (රාජ්‍ය සේවයේ හිටිය කෙනෙක් විදියට) වැරදි හදන්න ටිපෙක්ස් කරන්න එපා කියන කතාව. තනි ඉරකින් කපල තමයි නිවැරදි කරන්නෙ :-) /

      ඒක එහෙම වෙන්නැති ඒත් රාජ් එහෙම තනි ඉරකින් හරි කපල නිවැරදි කරන්නෙ ලිපිය ලියපු පුද්ගලය. නැත්නම් වෙනත් උසස් නිලධාරියෙක්. බ්ලොග්ස් වල උසස් නිලධාරීන් කියල ජාතියක් නැති නිසා ( Actually I am not so sure about that now ..heh,heh ) ලිපිය ලියපු කෙනාම තමයි වරද නිවැරදි කරන්න ඕන. එතකොට එයා සමහරවිට ටිපෙක්ස් පාවිච්චි කරයි. රාජ්ගෙ අදහස අනුව එහෙම කරන එක වැරදි වෙන්නත් පුලුවන්. ඒත් රාජ් කරන්න දෙයක් නෑ. මේක රජයේ කාර්යාලයක් නෙවෙයිනෙ. මේක නිදහස් බ්ලොග් අවකාශය. මෙතන ඔය රෙගුලාසි, ස්ථාවර නියෝග, එෆ්. ආර්. එව්ව මොකවත් නෑ. යම් ක්‍රියාවක් පිළිගත් සදාචාරයට එකඟද කියල විතරයි බලන්න ඕන. මම කලිනුත් කිව්ව වගෙ මේ කරල තියෙන්නෙ සදාචාර විරෝධී බලහත්කාරයක්. එච්චරයි.

      Delete
    8. 1.ඔව්. ඒක හරි. බ්ලොග් එකක් පබ්ලිශ් කලපසු සංවාදය ඇතිවන්නේ අසුවල් දිනක යයි අනාවැකි කිව නොහැකිය. පසුව වුවද සංවාදයන් ඇතිවිය හැකිය.

      2.ඔව්. යකා නිසා තමයි මේක කරලියට ආවෙ. දවස් දෙකකට පස්සෙ "ඇනුනම" තමයි මැකුවෙ.

      3.මෙතන ඇත්තේ ඔබ කියන ආකාරයේ "මතක් කිරීමට වත් අකමැති" දෙයක් නොවේ. මතක් කිරීමට පවා අකමැති දේවල් බ්ලොග් අඩවියේ ලියා පබ්ලිශ් කර තිබේද? මා නම් එසේ කර නැත.

      4.මගේ අනුමානද එයයි. නමුත් යකාගේ විවේචනයට පසුව යලිත් මෙය අලුත් කලේ ගුරුවරියයි.

      5.කියවන්නාගේ පැත්තෙන් එය සිදුවිය යුතුය. රසික සිදුකලේ එයයි.

      (රජයේ සේවය සම්බන්ධයෙන් මා දී ඇති උදාහරණය තේරුම් ගැනීමට නොහැකි වීම ගැන කණගාටුව)

      බ්ලොග් පොලිසි ඉල්ලන්නේ අපේ පාර්ශවය නොව ඔබ නියෝජනය කරන පාර්ශවයයි.
      1.සංවාද අතර හිතුමතේ ලිපි මකා දැමීම සහ ඒවා සාධාරණීකරණය.

      2.ගුරුවරියක් නිසාත්, බ්ලොග් ලියන ගුරුවරුන් අඩු නිසාත් විවේචනය නොකර සිටීම.

      3."ඔයාට ඕන නං කමෙන්ට් මොඩරේට් කරන්න, නැත්තං ඇනෝ වහන්න" වගේ උපදෙස් දීම.

      4.විවේචනයක් කලාම "කුහකකම නිසා" නැත්තං "ඉරිසියාවට" වගේ කතන්දර කීම.

      5. "ඔය කිව්වට පාරවල් හැට පහක්ම ගහන්න නැතුවැති" ව‍ෙග් කතා....

      ....කියන්නෙ උඹ ඔය කියන උදවිය තමා. ඒ නිසා උඹලට පොලිසි ඕනවුනාට අපිට ඕන නෑ. අපි අපට හොඳයි කියල හිතෙන මතය වෙනුවෙන් කමෙමන්ට් කරනව. එච්චරයි. ඒක අපේ ඒකීය පුද්ගල නිදහස.

      Delete
    9. ඒ වගේම ගුරුතුමියට ස්තුතියි මේ වාරණ-මොඩරේට්-කැපිලි ම ඉල්ලා සිටින අයියලගෙ අදහස් වලට ඇහුම්කන් නොදී කමෙන්ට් නිදහසේ දමන්න දීම ගැන.

      Delete
    10. කෙනෙකුගේ බ්ලොග් අවකාශය නිකන් ලැබුණත් නැතත් එය පෞද්ගලික අවකාශයක් බව මම විශ්වාස කරමි. බ්ලොග් එකේ මම ලියන්නේ මට ඕන දේය. අන් අයට ඒ ගැන අදහස් දැමීමට අවකාශ තිබුණත් අනවශ්‍ය කමෙන්ට් මකා දැමීමට හැකියාව තිබීමෙන් සහ කමෙන්ට් පෙර අනුමත කිරීමට අවකාශ තිබීමෙන් පෙනෙනෙනේ කෙනෙකුගේ බ්ලොග් අඩවියේ පලවිය යුත්තේ ඔහු කෙලින්ම හෝ ව්‍යංගයෙන් අනුමත කරන කමෙන්ට්ස් පමණි. මෙම සිදුවීමේදී මෙම බ්ලොග් කාරිය පෝස්ට් එකක් ඉවත් කිරීමෙන් එම ලිපිය ඇයගේ බ්ලොග් අවකාශයේ තිබීමට අකමැත්ත පෙන්වා ඇත. එම පෝස්ටුව ගැන තිබූ විවේචනය නිසා හෝ වෙනයම් කාරණයක් නිසා එය ඉවත්කිරීමට ඇයට සම්පූර්ණ අයිතිය ඇති බව පිළිගත යුතුය. ඊට පසු කුමන හේතු දැක්වීමක් සහිතව හෝ රහිතව එය කමෙන්ට් එකක් ලෙස පළකිරීම කිසිසේත් පිලිගත නොහැක. ආක්‍රමණකාරී ලෙස ප්‍රතිඋත්තර බැඳීමක් නොකරන අයෙක් ලෙස පෙනෙන සහ කමෙන්ට් ඉවත් කිරීමේ ක්‍රමය නොදන්නා කෙනෙකු ලෙස පෙනෙන අයකුගේ බ්ලොගයේ චන්ඩිකම් පෑම ගැන හුරේ දමන්නන්ද සිටීම පුදුමයකි.

      Delete
    11. රාජ් මහතා මම මේ ලඟකදී දේශපාලන දෙයක් ගැන සර්ච් කිරෙමේදී මට හම්බුවුනේ ඔබගේ බ්ලොග් එක. එය කියවීමෙන් සහ එහි ලින්ක් වලින් ගොස් තමයි මම අනි බ්ලොග් කියෙව්වේ සහ සමහරුව හඳුනගත්තේත්. ඒ නිසා මට ඔබ ගැන ගෞරවයක් තියෙනවා. එමනිස මම ඔබෙන් යමක් අහන්නම් ඒ පිලිබඳව ඔව් / නෑ පිලිතුරක් දෙන්න කියා ඉල්ලා සිටිනවා. ඔබ මොනවා කිව්වත් ඒ පිලිබඳව එතනින් එහාට යමක් කියන්නේ නැහැ. ඒ අපි දෙදෙනාටම එයින් වන ප්‍රයෝජනයක් නැති නිසා. මෙතනට අදාල ප්‍රශ්ණය රසිකලොග්ජි විසින් බ්ලොග්කාරිය ඉවත් කල පෝස්ට් එකක් නැවත කමෙන්ට් එක ලෙස එසේ ඉවත්කල බ්ලොග් කාරියගේම බ්ලොග් එකේ පෝස්ට් කිරීම පමණමයි. මම කිසියම්ම හේතුවක් නිසා ඉවත් කල පෝස්ට් එකක් ඔබ මගේ බ්ලොග් එකේම හේතුව කුමක් වුවත්, කමන්ට් එකක් ලෙස පෝස්ට් කරනවාද?

      Delete
    12. රාජ්,

      / එච්චරයි. ඒක අපේ ඒකීය පුද්ගල නිදහස. /

      අන්න මල්ලි නියම තැනට ආව..මමත් මේ කියන්නෙ ඔන්න ඔය කෙහෙල්මල තියෙන්න ඕන කියල තමයි. හැබැයි මල්ලිලගෙ වැරැද්ද මල්ලි තමන්ට ඒ නිදහස තියෙන්න ඕන කියල පොලවෙ පස් කන අතරෙ අනික් අයගෙ ඒ නිදහස අහිමි කරන එක. කොටින්ම ඔයාල අහිමි කරන්නෙ අර ගුරුතුමීට තමන් ලියපු දෙයක් මකල දාන්ට තියෙන නිදහස...

      / ඒ වගේම ගුරුතුමියට ස්තුතියි මේ වාරණ-මොඩරේට්-කැපිලි ම ඉල්ලා සිටින අයියලගෙ අදහස් වලට ඇහුම්කන් නොදී කමෙන්ට් නිදහසේ දමන්න දීම ගැන. /

      හැබැයි මල්ලි ගුරුතුමිය ඔයාලට දුන්නු නිදහස ඔයාල ගුරුතුමියට දුන්නෙ නෑ..ඒකයි මට කණගාටූ..ඒකයි මට කණගාටූ..එතුමියට තමන්ම ලියපු පෝස්ට් එක මකල දාන්ට ඔයාල ඉඩ දෙන්නෙම නෑනෙ...:)

      Delete
    13. දිගු විවාදයක් සංයමයෙන් යුතුව සිදු වී ඇති බව පෙනේ. ඒ ගැන මගේ ස්තුතිය.

      මට අලුතෙන් කීමට ඇත්තේ මෙපමණයි.

      ලෝකයේ මෙන් ම ලංකාවේ ද ඇති සෑම ප්‍රශ්නයක දී මෙන් ම මෙහි දී ද විවිධ අය විවිධ එකිනෙකට විරුද්ධ අදහස් දරති. පුදුමය එය එසේ නොවේ නම් ය.

      ඒ ලිපියේ මා සොයා ගත් පිටපත මෙහි (සහ යකා ගේ අඩවියේ) අදාල පරිදි පළ කිරීම නොකටයුත්තක් යැයි කෙරෙන තර්කයන් සිත්ගන්නා නමුත් මගේ අවංක අදහස එය කළ යුතුව තිබූ දෙයක් බවයි.

      කාලය, දීපය, දේශය පිළිබඳ වෙනස්කම් නිසා මේ කරුණ ගැන තවත් විස්තරාත්මකව ලිවීමට අපහසුය.

      නැවතත් සියළු දෙනාටම ස්තුති කරමි!

      Delete
    14. රසික,

      හෙට අනිද්ද දුමින්ද සිල්වා මහත්තයත් උසාවියට ඇවිල්ල කියයි " ස්වාමීනී, මවිසින් භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා මරා දැමීම නොකටයුත්තක් යැයි කෙරෙන තර්කයන් සිත්ගන්නා නමුත් මගේ අවංක අදහස එය කළ යුතුව තිබූ දෙයක් බවයි. "

      ඔහෙ වගෙ ජජ් කෙනෙක් හිටියොත් ඒ තර්කය පිළිඅරගෙන දුමින්දව නිදහස් කරන්ඩත් බැරි නෑ...:)

      Delete
    15. ඉයන්,
      මෙතන දාන අන්තිම කමෙන්ට් එක මේ. මෙහෙම දිගටම කමෙන්ට් කලේ කියවන්නන් වෙනුවෙන් මිසක් ප්‍රතිවිරුද්ධ මත දරන පාර්ශවය එකඟ කරගන්න නෙවේ. ඒක කරන්න බැරි වැඩක්. දැන් මේ කමෙන්ට් සීරිස් එක බලපු කෙනෙකුට නිගමනයකට එන්න පුළුවන්.

      යලිත් සැකෙවින්,
      1ගුරුවරිය ලිපියක් ලිව්ව
      2.යකා ඒක විවේචනය කලා
      3.ඒ නිසාම ගුරුවරිය ලිපිය මැකුව
      4.ඇයම යලි ඒ ගැන ලිපියක් දැම්ම.
      5.යකත් ලිපියක් දැම්ම.
      6.අලුතෙන් කියවන්න අහුවුන අය හොල්මන් උනා
      7රසික කෑශ් එකෙන් ලිපිය දාල කාටත් බලාගන්න සැලැස්වුව.

      මට අනුව රසික නිවැරදියි. මොකද මේ වෙලාවෙ මම හිතන්නෙ කියවන්නා ගැන නිසා. ඉයන්ට දෙන්න තියන පිලිතුර "ඔව්" කියන එක.
      මේ අවස්ථාවෙන් එලියට ඇවිල්ල හිතන්න පුළුවන් "ලේඛකයාගේ ජීවිතයට තර්ජනයක් වන" ලෙවෙල් එකේ ලියමනක්. ඉන් මෙහා නං සොරි තමයි.

      Delete
    16. රවි,
      දැනුයි දන්නේ මං ජජ් කියලා, මං මෙච්චර වෙලා හිතාගෙන හිටියේ මං විත්තිකාරයා කියලයි.
      ;-)

      Delete
    17. ඔහේ ජජ් කියල මං කිව්වෙ නෑ, අපේ කරුමෙටවත් ඔහේ වගෙ ජජ් කෙනෙක් හිටියොත් කියලයි මම කිව්වෙ...:)

      Delete
    18. රවි,රාජ්,රසික
      උඹලා මේක තවත් ඇදගෙන යනවනේ බං.මම හිතුවේ දැන් මේක ඉවර ඇති කියලා.එකක් ඉවර වුනාම ආයේ උඹලා ඇවිත් මෙතෙන ගැටෙනවා.හැමෝම තමන්ට හරි කියලා හිතුන දේ කලා.ඒවා හරිත් ඇති වැරදිත් ඇති.ඇයි උඹලගේ හිත් පලුදු කරගන්නේ.මේක මෙතනින් ඉවර කරමු.

      Delete
  36. Found this on the net. Publishing as I feel it is appropiate.

    Mental cruelty, the wish to humiliate and to hurt another person’s feelings, is probably even more widespread than physical sadism. This type of sadistic attack is much safer for the sadist; after all, no physical force but „only“ words have been used. On the other hand, the psychic pain can be as intense or even more so than the physical. (…) Mental sadism may he disguised in many seemingly harmless ways: a question, a smile, a confusing remark. ― (1973a: The Anatomy of Human Destructiveness, New York (Holt, Rinehart and Winston) 1973, pp. 283-285.)

    ReplyDelete
  37. මම හිතන්නේ නිනී ආයෙත් ගුරුවරියකගේ මතකය ලියාවි කියලා...අපි හරිම කාලකන්නි ජාතියක්...මේ රටෙන් පිටවෙලා අවුරුදු ගනන් වෙන පරිසරයක වෙනත් සංස්කෘතියන්ගේ අභාෂයෙන් වත් අපිට අපේ කුහක කම් අතාරින්න බෑ..
    මම තමයි ලොක්කා හෝ ලොක්කී, අපිට ඕන විදියට තමයිය හැම හත්තිලව්වම වෙන්න ඕනි, ඒ කියන්නේ රට පාලනය කිරීම, පාරවල් හැදීම, බ්ලොග් ලිවීම, ලමයින් හැදීම තියා කෙල්ලෙක් හරි කොල්ලෙක් එක්ක හරි නිදාගැනීමත් මේ අය කියන ලියන ආකාරයට තමයි වෙන්න ඕනා කියල හිතාගෙන කෙලින පිස්සු දැක්කාම එපාම වෙනවා.
    නිනිගේ බ්ලොග් පෝස්ට් වල බොරු ලියවෙනවාය, අරකය මේකය කියලා මමත් ඔය සෙට්වෙච්ච වෙලා වල කතා කලා, ඒක එතනින් එහාට ගෙනියන්න තරං කුප්ප කමක් තියෙන්නේ මොකටද කියන එක ලෙඩක්...
    ආපහු, ඉවාන්ලා, අටමලා වගේ අංකූරෝ පෝස්ට් දාන එක නවතින්නේ මේ වගේ ජරා වැඩ වලින්..
    අන්තිමටම කියන්න තියෙන්නේ බ්ලොග් පොලෝසියක් අනවශ්‍යය කියන එකයි....

    ReplyDelete
    Replies
    1. //නිනිගේ බ්ලොග් පෝස්ට් වල බොරු ලියවෙනවාය, අරකය මේකය කියලා මමත් ඔය සෙට්වෙච්ච වෙලා වල කතා කලා, ඒක එතනින් එහාට ගෙනියන්න තරං කුප්ප කමක් තියෙන්නේ මොකටද කියන එක ලෙඩක්...//
      මමත් ටීචර්ගෙ පෝස්ට් මග ඇරල යන්න ගත්ත ටිකක් කෘතිම ගතියක් දැනුන හින්ද.
      මධ්‍යස්ථ ලියපු පෝස්ට් එක ලොකු අවුලක් ගන්න දේයක් නෙමෙයි ,හැබැයි ළමයෙකුට ගහල ලිංගික තෘප්ටියක් ලබනව වගේ අනුමාන දේවල් ප්‍රකාශ කිරීම මගින් ම්ධ්‍යස්ත බවනම් නැතිකරගෙන.
      ඒත් ටීචර් කරා වගේම ළමයට ගහල ඇඩුව වගේම ම.ම ත් මේ ගැන කණගාටු වෙනවනෙ.
      ටීචර් ඔය වගේ විවේචන වලට වගේම කමෙන්ට් වලටත් හිත් නරක් කරගත්තොත් සදා දුකෙන් තමයි ඉන්න වෙන්නෙ.

      Delete
    2. මගේ බිලොග් එකේ මේ වතාවේ දාලා තිබුන පොස්ට් එකට වෙනස් විදියේ මතයක් ඇනෝ කෙනෙක් දාලා තිබුනා.ඒ සංවාදය දිගටම ගියා.ඊයේ හවස ඇනෝ මගේ නම්බර් එක මගේ ප්‍රොෆයිල් එකෙන් හොයාගෙන මට කොල් කලා.අපි දෙන්නා හොද සුහදත්වයෙන් කතා කලා.එතනදි වාද කරන්න ගියේ නෑ.මම කීවා ආයෙත් මගේ පෝස්ට් වලදි ඔබේ අදහසුත් දාන්න එතකොටයි සංවාදයක් මතු වෙන්නේ කියලා.අපි දෙන්නා හොද යාලුවෝ උනා.මරාගත්තේ නෑ..

      මට ඔහුගේ සියලු විස්තර කීවා.නමුත් ඔහු මගේ පෝස්ට්වලට කොමන්ට් කරන්නේ ඇනෝ කෙනෙක් විදියටයි.ඔහු සමහර කරුනු වලදි තදින් පහර දෙන අවස්ථා තිබේව්.නමුත් ඒක අපි දෙන්නගේ මිත්‍රත්වයට බාධාවක් නෙවෙයි.බ්ලොග් ලිපි වලදි අපිටම ආවේණික අදහස් තිබෙන්න පුලුවන්.ඒවා තව කෙනෙකුට ප්‍රෙයා්ජනවත් වෙන්න පුලුවන්.තව කෙනෙකුට වැඩක් නැති වෙන්න පුලුවන්.නමුත් ඒ අදහස්,මතවාද බිලොග් ලිපියට හැරුනම අපි අතර ගැටුමක් ඇතිකරගන්න තරම් දුර ගෙනියන එකනම් සුදුසු නෑ ...

      Delete
  38. ඔබේ මුල් පොස්ටුවට කොමෙන්ට් කල නිසා, ම.ම ගේ සංවාද වලට ක්‍රියාකාරිව සහබාගි වුනු නිසා මෙතැන කිසිවක් නොලිව්වොත් මා කරන්නේ කුහක කමකි.
    අප විසින් ලිපියක් ලියා එය අපේ බ්ලොග් අඩවියේ පලකල පසුව (අපේ බ්ලොග් අඩවිය ඕනෑම කෙනෙකුට බැලීමේ අනුමැතිය ලබා ඩි ඇත්නම්) ඒ ලිපිය අපේ ග්‍රහණයෙන් ගිලිහි යයි. එය වෙනත් බ්ලොගයක වෙනත් බ්ලොග් කරුවෙකුගේ නමින් පලවුනද එතනට ගොස් කොමෙන්ටුවක් දමනවාට වැඩි දෙයක් අපට කරන්නට නොහැක. බ්ලොග් පිළිබඳව තිත්ත ඇත්ත එයයි. ලිපියක් ප්‍රසිද්ද කිරීමට පෙර දෙවරක් නොව කිහිප වරක් හිතන්නට උවමනා ඒ නිසයි.
    ලිපිය කියවන අයගේ ප්‍රතිචාර දරා ගැනීමට අපහසු නම් ඒවා අවහිර කිරීමට හැකියාව පවතියි. ඒ ගැන තීරණය ඔබ සතුයි
    මට හැඟෙන ලෙසට කිසිම කෙනෙක් ඔබට පෞද්ගලිකව පහර ගැසුවේ නැත. ඔබ ලියා තිබූ ලිපියකට පාදක උනු සිද්දියක් විවේචනය කළා පමණයි
    ළමයින්ට ගහනවාට මම දැඩිවම විරුද්දයි. කුඩා කල මා පාසලෙන් ලැබූ අමිහිරි අත්දැකීම් මෙයට හේතුවයි. බයානකම දේ ගුටිකෑම නිසා ළමුන් යම් තාක් දුරකට නිවට වීමයි. බිය වීමයි. විශ්ව විද්‍යාලයේදීත්, රැකියාවේදීත් , සමාජයේදීත් පස්සට යාමට මෙය එක් හේතුවක්
    අනෙක් අතට මෙහෙම දෙයක් තියෙනවා. ඔබ කල ක්‍රියාව නිවැරදි යයි ඔබට දැනුත් හිතෙනවා නම් ඔබට පුළුවනි ඒ සඳහා පෙනී සිටින්නට. ඒ ක්‍රියාව වැරදි යයි මම හිතන නිසා වැරැද්ද වෙනුවෙන් මම පෙනී සිටිනවා. එතනින් එහාට දෙයක් නැහැ.
    කොමෙන්ට් පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා නම් ඒවා අයින් කරන්න. ඒ පුද්ගලයින්ව විවේචනය කරන්න යන්න එපා. අවශ්‍ය නම් කොමෙන්ටුව ඉවත් කිරීමට හේතුව සඳහන් කරන්න. ඒත් ඔබ කැමති නම් පමණයි. මේ ඔබේ බ්ලොග් අඩවියයි. කැමති දෙයක් කිරීම ඔබ සතුයි. කැමති අය බලාවි. නැති අය නෑවිත් ඉඳීවි.
    මෙවැනි දෙයක් නිසා බ්ලොග් ලිවිම නැවත්වීම , අධිකව සංවේදී වීම මට නම් පෙනෙන්නේ පලක් නැති දෙයක් ලෙසයි. බ්ලොග් ලිවිම නැවත්වීම ට ඔබට උවමනා නම් නවත්තන්න. නමුත් මෙවැනි සංවාද එයට හේතුවක් කර ගන්න එපා. ජිවිතයේ අපට මුහුණ දෙන්න වෙන දේවල් එක්ක මේවා නිකං විහිලු කතා වගෙයි.
    ඔබට ජය

    ReplyDelete
  39. වැනි වැනි එන මිනිසෙක් ය.
    ශර්ට් එක එක උරහිසකින් පමණක් දමාගෙනය.
    සරමේ කොනක් අතකින් ඔසවාගෙනය.
    දින ගණනක් නොකැපූ රැවුලේ තැනින් තැන කශියා බින්දු ය.
    ඇසේ කඳුලුය.
    අනෙක් අතේ නිවී ගිය බීඩි කොටයක් ය.
    'අඩෝ....ව්.....!!! ඇයි තොපි කෑ ගහන්නෙ..? තොපි හෙන පොරවල් ය? තොපි අව්වෙ සැර දන්නෙවෙයි? දූවිලි සුවඳ දන්නෙවෙයි? තනියා වගාව පාළු කරලා මරන්න පන්නනකොට කකුල් ගැහි ගැහි දුවල තියනවෙයි? නිදි පැදුර අස්සෙන් මාපිලෝ මතුවෙලා තියනවෙයි? බඩගින්න...?? බඩගින්න දන්නවෙයි..??
    හැත්ත....
    යකෝ.. අපි ළමයි ඉස්කෝලෙට දාන්නෙ ඇස් දෙක පාදන්න.. ගුණයක් උගන්නන්න.. අපි මහපොළොවත් එක්ක හැප්පෙනකොට උන්ට වත් ඒකෙන් ගොඩ යන්න..
    මෙහෙට ටීචලා එන්නෙ නෑ යකෝ.... ඔක්කොම මැරෙන්න බයයි.. එන එකත් යනවා අලියගෙ සද්දෙ ඇහුන ගමන්..
    තොපි දන්නෙ නැද්ද එක එකාට තේරෙන බාසාවල් වෙන වෙනම තියෙනවා කියලා...
    තූ... විතරක්..!!!
    අකුරක් උගන්නන.. ගුණයක් කියල දෙන්න.. වරදක් පෙන්නන්න වේවැල් පාරවල් කන්න බැරි නම් උන්ට කන්න වෙන්නෙ බැටන් පොලු පාරවල් යකෝ.. බැටන් පොලු පාරවල්..!!
    හැත්ත....
    (සරම පාත දමයි. හඬ බාල කරයි.වෙව්ලුම් ස්වරයක් මතුවෙයි.)
    ටීච...!!
    ටීච ගහපු උන්ගෙ තාත්තා මම... පුරුද්දකට ළමයිට ගහන පිස්සු යක්කුන්ට ගමේ හතර මායිමේ ඉන්න දෙන්නෙ නැතිව ගහල පැන්නුවෙත් මම ම තමා. වැරැද්දක් වැරැද්දක් කියලා තේරෙන්න ගහපුවාම මායියට කියලා වයිරපලු වල තෙල් ගෑව ඇරෙන්න ටීචට බනින්න අපි එන්නෙ නෑ..'
    ටීච ලියන්න..

    ReplyDelete
    Replies
    1. ගස් ලබ්බෝ උඹ දැන්මම කිතුල් රා බීලද? ගහල තියෙනවා ඇණේ ඔළුවටම

      Delete
    2. ඈ...ඉයන්.. බොලා රා බොන්න සෙට් වෙලාද?

      Delete
    3. උඹ හෙට එන්නේ නැත්ද?

      Delete
    4. අලේ.... හාංකවිස්සියක්වත් දල්ලෑ... පේන විදිහට එහෙමම උනාවෙ.. හෙහ් හෙහ්..

      Delete
  40. ටීච කලින් පෝස්ට් එකක මම කමෙන්ට් එකක් දැම්මා ... අපේ ටීච කෙනෙක් පන්තියට නොඑනකොට සතුටු වෙන අපි . දවසක් ඒ ටීචට ළමයෙක්ගේ අම්ම කොනෙක් බනින කොට අඩපු හැටි....

    මේකත් ඒ වගේ. මේ පරස්පර අදහස් ලියන කවුරුවත් ටීච යනවට කැමති නැ පොඩ්ඩක් වත් . ඒක තේරුම් ගන්න ටීච .... යන්න හදන්න එපා.

    ReplyDelete
  41. ගුරුවරියට,
    බ්ලොග් ලිවිල්ල නවත්වන්න ගත්ත තීරණය වෙනස් කිරීම ගැන සතුටුයි. ඔයාගෙ ක්‍රියාව ගැන විවේචනය කල මම හෝ රසික බ්ලොග් ලියමන වෙනුවෙන් සහයෝගයක් මිස කකුලෙන් ඇදීමක් කල අය නෙවේ. අපි කලේ ඔබේ ක්‍රියාව විවේචනය කිරීම විතරයි.
    යලිත් බ්ලොග් ලියන්න, අපි ඇවිල්ල කියවල, කියන්න දෙයක් තියනව නං කියල යන්නං. සහයෝගයක් දෙන්න අවශ්‍ය නම් දෙන්නං. කොහොම උනත් ඔබ හොඳ ගුරුවරියක් වීම, හොඳ බ්ලොග්කාරියක් විමට වැඩිය හොඳයි මට අනුව නම්.

    ReplyDelete
  42. ස්ත්‍රී දූශකයෝ බොහෝවිට දූශණය කිරීමට තෝරාගන්නේ ආපසු පහරදිය නොහැකි අහිංසක ගොදුරුය. ලිංගික ප්‍රදේශයට පා පහර දී දූශකයාගෙන් බේරීමට හැකිවූ අයත්, දූශකයාගේ ලිංගේන්ද්‍රිය කපා දමා පලිගත් දූශණයට ලක්වූවන් ගැනත් මම අසා ඇත. ස්ත්‍රී දූශණයට පෙලඹෙන්නේ කසාදයක් බැඳ හෝ කැමැත්තෙන් සංසර්ගයේ යෙදීමට ගැහැණුන් සොයා ගැනීමට බැරි වුන්ම නොවේ. සමහරුන්ට ඇති බලයෙන් හා ශක්තියෙන් අඩු අයකු තලා පෙලා බලයෙන් දුශණය කිරීමෙන් ලබන අසම්මත තෘප්තිය ලබා ගැනීමේ ආශාව නිසාය. බ්ලොග් දූෂකයෝද දූශණය කිරීමට සොයාගන්නේ කුණුහරුප වලඉන් පිලිතුරු දෙන ඇනෝ වරුන් හෝ මා හිත මිත්‍ර අටමා වැනි සිංහල භාෂාවේ 'හොඳම' වචන වලින් ප්‍රතිප්‍රහාර එල්ල කළ හැකි අය නොවේ. ඉන්දියාවේ දේශපාලකයෙකු වරක් කීවේ ස්ත්‍රීන් දූශණය වන්නේ ඔවුන් අඳින ආකාරය නිසා බවය. බ්ලොග් දූෂකයන්ද ඔවුන්ගේ කර්ථව‍යට හේතු සොයා ගැනීමට සමත්ය. සමහරු දූශණය කර ඇත්තේ යකාගේ අඩවියට ගොස් එහි ඇති පෝස්ට් එකත් එයට දී ඇති පිලිතුරත් ගැන වැඩි විස්තර සොයා ගැනීමට නොහැකිවී ලතවෙන අහිංසක බ්ලොග් කියවන්නන්ට උදව්කිරීමේ 'පරම පවිත්‍ර' චේතනාවෙනි. සංසර්ගයේ යෙදීමට කෙනෙකු නැතිවිට ස්වයං වින්ඳනයේ යෙදෙන අහිංසකයින් මෙන් එම පෝස්ට් තමන්ගේ අඩවිවල පල කිරීමට අවකාශ තිබුණත් එසේ නොකර එය කරන්නේ අනුන්ගේ බ්ලොග් අඩවිවල බලෙන්ය. ඔවුන් ස්ත්‍රී දූශකයන්ට සමාන වන්නේ ඒ නිසාය. මතවාදයක් ගැන තමන්ගේ අදහස ප්‍රකාශ කිරීම එකකි. ඒ සඳහා තමන්ගේම බ්ලොග් එක, කරුණ ඉස්මතු කල යකාගේ අඩවිය හෝ අලුත්ම බ්ලොග් පිටුවක් ආරම්භ් කිරීමට ඉඩ ප්‍රස්ථා තිබිණ. එසේ නැත්නම් තමන්ගේ මතවාදය තර්කානුකූලව මෙම බ්ලොග් අඩවියෙඩිඩහ් ගෙන හැර දැක්වීමට තිබිණ. බ්ලොග් අයිතිකරුවාගේ අභිමතය පරිදි ඉවත්කල බ්ලොග් පෝස්ට් එකක් බලෙන්ම කමෙන්ට්ස් වල පෝස්ට් කර කරන බලහත්කාරය දූශණයකි. පර පීඩා කාමුකත්වය ගැනම කියවන අය මානසික පරපීඩා කාමුකත්වය ගැන නොදන්නවා ඇත. වැඩි ප්‍රතිශතයක් පර පීඩා කාමුකයින් කරන්නේ වචන වලින් තමනට පීඩාව පත්කල හැකි යැයි සිතන අනික් අයව පීඩාවට පත්කිරීම බව මානසික විද්‍යාව ගැන ලියන වුන් ලියා ඇත. එහ් එන් ඩී ඒ සිනුට පොලිසියෙන් තැලීම හෝ සිසුවෙකුට ගුරුවරයෙකු දඬුවම් කිරීම සැමදා සිතු නොවන දෙයක් වීමට ඉඩ ඇත. මානසිකව පීඩාවට පත්කිරීමෙන් සතුටක් ලබන අය කිසිම පාලනයට හෝ නීතිවලට අසුවීම අඩුබැවින් ඔවුන්ගේ කර්තව‍ය සැමදාම සිදුකරනවා විය හැක.

    ReplyDelete
    Replies
    1. Mental cruelty, the wish to humiliate and to hurt another person’s feelings, is probably even more widespread than physical sadism. This type of sadistic attack is much safer for the sadist; after all, no physical force but „only“ words have been used. On the other hand, the psychic pain can be as intense or even more so than the physical. (…) Mental sadism may he disguised in many seemingly harmless ways: a question, a smile, a confusing remark. ― (1973a: The Anatomy of Human Destructiveness, New York (Holt, Rinehart and Winston) 1973, pp. 283-285.)

      Delete
    2. එල කිරි ටෝක ඉයන් ...
      ඊලඟ පාර හම්බ උනාම මං ගානෙ අඹ එකක් බොමු ...!!!

      Delete
    3. ඉයන් ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  43. \\.....Ma-Ma ge post eke dapu comment ekama aye methana danawa....//

    Mulinma singlish walin type karanawata sorry. Mama teacher ge okkoma post kiyewwa. Weekend eke peya 48n bagayak karanne blog kiyawana eka. Anika teacher ge me post eka dekke Rasikalogy ta pin sidda wenta. Nethinam agal mulak mata therennneth ne. Teacher, oyage blog ekata minissu awe methana uda dagena pampori gahana teacher ge post ekata kelinna hadana ekek nisawath nemei. Api awe MAATHALAN pennapu nisa. Hithamu me blog eka "guruwarayakugemathakaya.blogspot.co.uk" una kiyala. Ehenam ammee me cyber kathika blog advice mokuth ne. E blog eka hit wenneth ne. Wisheshayenma mama danna dethun denek erenta. (Sabawe hina)

    Ithuru okkoma me teacher ta kathika hadanne geniyek nisa. Mokada cyber eke porawal walata thamange gedara genu wate inna genu wattanta beri unata cyber eke female aya wattanta lehesiy. Eka pirimi kamata madi kamak.

    Mama meka methana okkomallatama nemei kiyanne.

    Samaharak wita me comment ekata kunuharupa Ano reply wetey. Eka mata prashnayak nemei.

    Bob marley ge sinduwakin nawaththannam... "Who the cap fit, let them wear it....."

    Teacher liyanta. Api kiyawanawa....

    ReplyDelete
  44. මං හිතන්නේ මේ අඩවියේත් යකා ගේ අඩවියේත් ඇතිවුණු මේ අදහස් හුවමාරුව ඉතා හොඳයි. එය සිංහල බ්ලොග් අවකාශයට අවශ්‍යව තිබුණු එකක් ලෙස මට හිතෙනවා!

    ReplyDelete
    Replies
    1. රසික ඔබට හැකිනම් ඔබ දමා ඇති පෝස්ට් ටික ඩිලීට් කරන්න. මම මගේ සියළුම පෝස්ට් ඩිලීට් කරන්නම්.

      Delete
    2. Ian
      - නියම උත්ප්‍රාසය!

      Delete
  45. අප්පච්චියේ comment කියවලා කියවලට මහන්සියි. ඔය blog රජවරු ,රැජිනියො කවුරුත් බොමුද සීතල වතුර වීදුරුවක් ?

    මං තාම පොඩි එකා නොවැ. සෑහෙන දැනුමක් ලැබුවා මේ සංවාදෙ කියවලා. හැමදෙනාටම ස්තූතියි .

    ඕන්න ගුරුතුමී මං ඊලඟ post එක කියවන්න මඟබලන් ඉන්නවා .

    ReplyDelete
  46. This comment has been removed by the author.

    ReplyDelete
    Replies
    1. ටීචර්, ගඟ උඩහට පීනන්න හුඟක් අමාරුයි.. එත් උත්සාහය අතාරින්නෙ නැතුව පීනුවොත් ඉහලට අතට පීනගන්න පුළුවනි.. මේ බ්ලොග් ලියන එවුනුත් බහුතරයක් ගඟ උඩහට පීනන්න ට්‍රයි කරන එවුන් තමයි.. විචාර, විවාද සම සිතින් දරාගෙන ඉහලටම පීනන්න.. මේ ලෝකේ යම් වෙනසක් කරන්න පුළුවන් ගඟ උඩහට පීනන එවුන්ට විතරයි..

      Delete