Wednesday, December 9, 2015

ටීච ඇත්තටම මට වඳිනවද


හවසට මොර සූරන වැස්සත් එක්ක අපේ ජිවිතත් තෙමෙන්න පටන් අරන්. පහුවෙනිදා ඉස්කොලෙ එනකොට කූඩැල්ලො එක්ක මාරාන්තික සටන් කරන්නත් සිද්ධ වෙලා. මීදුමත් එක්ක වැටෙන පින්න උදේ පාන්දරට හෙම්බිරිස්සාවෙන් අපිව මුසපත් කරන්නෙ හරි ආදරෙන්. ඉස්කොලෙ ගේට්ටුව ළඟ පුංචි එවුන් ට නම් රජ මඟුල්. කඩදාසි බෝට්ටු හදාගෙන පිරුණු වතුර වලවල් වල ඔට්ටු වෙන්න කාගෙන්වත් තහනමක් නෑ.
" ගුඩ් මෝනිං ටීච"
ආදරණීය හිනාවත් එක්ක මහණ වෙන්න පන්සලට ගිය පුංචි පුතා ආපහු ඉස්කොලෙ ඇවිත්.
" අනේ ඔයා... ගුඩ් මෝනිං පුතේ.." පුංචි එකා වෙනදා පුරුද්දට ම සාරි පොට අරන් මගෙ පසු ගමන් එනවා.
" හාමුදුරුවෝ එන්න දුන්නද ඉස්කොලේ"
" ඔව් මහණ කරන්න නැකැත් තියෙන්නෙ පස්සෙ ලු තව.. එතකං මට ඉස්කොලේ එන්න කිව්වා"
මං හිනා වුනා. තාම අවුරුදු හත ගෙවුනෙ නැති පොඩි එකා මට මතක් කළෙ රාහුල හාමුදුරුවන් ව.
"කව්රු ගාවද නිදා ගත්තෙ"
" හාමුදුරුවෝ ගාව මෙට්ටයක් දාලා දුන්නා. තව ෂෝයි පුළුන්ම පුළුන් ෂීට් එකකුත් දුන්නා.. මට පොඩ්ඩක්වත් සීතල නෑ"
" මගෙ පුතාට නින්ද ගියාද"
ආච්චි අම්මාගෙ උණුහුමේ ගුලි වුන පුංචි එක‍ා තනියම නිදාගන්න හුරු නැතිව ඇති.. මට හිතුණා.
" ඔව් ටීච.... උදේ පිරිත් දානකොට තමයි මට ඇහැරෙන්නෙ... එතකොට තමයි මට ඉන්නෙ කොහෙද කියලා මතක් වෙන්නෙ"
ඇත්තටම දරුවා ඒ ජිවිතේ ට හුරු වෙලා හිතාගන්න වත් බැරි ඉක්මනින් . මගෙ හිත පොඩ්ඩක් නිවිලා ගියා. මේ දරුවා වෙනුවෙන් යමක් මට කළ හැකි තැනක නොසිටීම ගැන වේදනාවෙන්.
"පුතා කලාද... මං අත්සන් කරලා එන්නම්.
මගේ කෑම එක දෙන්නම කමු"
පුංචි එකා මගේ බෑග් එක අතට ගත්තා. මං අත්සන් කරලා එනකම්ම කාර්යාලය දොරකඩට වෙලා පුරුදු හිනාවෙන්ම ඔහු මං වෙනුවෙන් පෙරමඟ .
" අද උදේ දානේ ගේනවේ නෑ.. මං එනකංම... "
මං මගෙ බත් එක පොඩි එකාගෙ අතට දීලා මගෙ කාමරේ පැත්තට ගියා.
ඒත් පොඩි එකා මගෙ පස්සෙන් ආයේමත් ඇවිත්.
" ඇයි පුතේ... ඔයාට පන්සලෙ ඉන්න බෑ වගේද"
මට එහෙමත් හිතුණා. වෙනදට නම් කාර්යාලය ගාවින් මගෙන් වෙන්වෙන දරුවා අද තාමත් මගෙ පස්සෙන් එන්නෙ පන්සලෙ ඉන්න බෑ කියන්නද කියලා සැකයක් පපුව පුරා උඩු දිව්වා.
"මං පන්සලේ හිටියෙ නැත්නම් ආච්චි අම්මට කිරිපිටි පැකට් ගිහින් දෙන්නෙ කව්ද..නැත්නම් පුංචි කිරි හදල දෙන්නෙ මල්ලිට විතරයිනේ.. ආච්චි අම්මයි මායි අයියයි හැමදාම බලන් හිටියා විතරයි. හාමුදුරුවෝ කිව්වා ආච්චි අම්මට බෙහෙත් ගේන්ඩ යන්නත් සල්ලි දෙනවා කියලා"

පුංචි එකාගෙ පැහිච්ච කම් කෝටියයි. මම හිනාවෙන්නද අඬන්නද කියලා හිතා ගන්න බැරිව අතරමං වුනා. පොඩි එකා සතුටෙන්. ඒ ඇති හොඳටම මට.
" මං ඉතිං ටීච පස්සෙන් බෑග්  එක අරන් එන්නෙ ටික දවසයිනෙ තව... එකයි දුක.."
" ඔව් ඉතිං ඊට පස්සෙ මං පොඩි හාමුදුරුවෝ න්ට වඳිනවා."
" ඇත්තටම ටීච මට වඳිනවද"
"ඇත්තටම ඔව්"
"ෂොයි ෂොයි"
බත් එකත් උඩ දදා පුංචි එකා දේවදාර ගස් වැට ටත් එහා දුවනවා මං බලාගෙන

21 comments:

  1. මොනව කියන්නද කියල හිතාගන්න බෑ...
    දුප්පත් කම හැම දෙයක්ම යටකරගෙන...

    ReplyDelete
  2. පව් දෙයියනේ...පපුව හොඳ ලොකු හාමුදුරුකෙනෙක් හම්බවුනොත් කොල්ලගෙ වාසනාව....:)

    ReplyDelete
  3. ...//මං පන්සලේ හිටියෙ නැත්නම් ආච්චි අම්මට කිරිපිටි පැකට් ගිහින් දෙන්නෙ කව්ද//...

    මේ වචනේ ඇතුලේ හිතන්න ගොඩක් දේවල් තියනවා.

    ReplyDelete
  4. ada kale samahara guruwarunata teacher kiwwath missta kiyanda ona amma kiyala. me tharam daruwanta sameepa guruwariyak mata munagahila naa.
    ithin a mal kakula dan koheda? (kandulu hanga man oben ahannada)

    ReplyDelete
  5. අපේ පන්සල් වලට බැයිද ඔය කරන දේවල් අල්ලසට නැතුව සත්කාර්යයක් හැටියට කරන්න? මුස්ලිම් සමාජයෙ නම් එහෙමයි. පන්සලෙන් දුප්පත් දායකයින්ට බලන් නැතුව, තමංගෙ අඩිය බිම වදින තැන් ටයිල් කරගන්නයි, අලුතිං වළාකුළු බැම්ම බඳින්නයි, බෝධි ප්‍රාකරයි කොර කොර, තව අපිට කියන්න එනව, සිංහල ජාතිය අනතුරේලු, පුළුවන්තරං දරුවො හදපල්ලලු.

    ReplyDelete
    Replies
    1. පන්සල් වලින් ගත්තමත් ඊළඟට කතන්දරනෙ ඩ්‍රැකී.. පන්සලෙන් කනව කියයි... සාංගික වෙලා කියයි... සිරාවට මහ ජරා කතා කියනව මිනිස්සු.. ඔය අපේ ගෙවල් පැත්තෙ පන්සලේ හාමුදුරැනමක් පන්සල කිට්ටුව පදිංචි වෙලා ඉන්න දුප්පත් ළමයි කට්ටියකට දානෙන් කොටසක් යැව්ව.. ඕක ආරංචි වෙල කට්ටිය දානෙ දෙන එක නවතින තැනටම වැඩ සිද්ධ වෙන්න ගියා.. හාමුදුරුවන්ට ගෑණුත් සෙට් කරල අන්තිමට නැවතුනෙ.. හොද වෙලාවට ටිකක් මොලේ කල්පනා කරන්න පුලුවන් සෙට් එකකුත් ඔය දායකයො ගොඩේ හිටපු නිසා හාමුදුරුවො බේරුනා...

      ( අපේ මිනිස්සු මහ මොට්ටයි බං ගොඩක් වෙලාවට...)

      Delete
    2. පංසලේ දායක සභාවෙදි හාමුදුරුවන්ට පුළුවන් ඔයිට වඩා සංවිධානාත්මකව මේක යෝජනා කරල ක්‍රියාත්මක කරන්න. එතකොට කවුරුවත් කතා හදන්නෑ...

      Delete
    3. @ hiru - pattama kathawa. 100% eththa..

      Delete
  6. සංවේදී සටහනක්...

    ReplyDelete
  7. ඉස්සරනම් හතර කේන්දරේ පාළු අයලු මහන කරේ.

    ReplyDelete
  8. මාාාාරයි!!!
    මේ සිංදුව මතක් වුනේ...

    පොඩි හාමුදුරුවො අද හවසත්
    වෙල් එළියට වැඩියා අම්මේ
    මඩ තවරා ගෙන තරගෙට දිව්වා
    නියර දිගේ එක පිම්මේ
    කරනම් ගැහුවා දිය ඹුං ගැහුවා
    බක්මී ගහ ළග බැම්මේ
    සිවුරත් ඇදගෙන සෙල්ලම් කෙරුවම
    පවු සිදු වෙනවද අම්මේ...

    බුදුගේ ඇතුලෙන් කෑම ජාති රස
    සිවුරෙ ඔතාගෙන එනවා
    පිං කැටයෙන් ගත් කාසි පනම් දී
    සීනි බෝල වළදනවා......

    සෙල්ලම් පිටියෙදී අපටත් වැඩියෙන්
    දගකාරයි කට කාරයි
    මට නම් අම්මේ පොඩි හාමුදුරුවෝ
    හුරතල් ළමයෙක් වාගෙයි.......

    පොඩි හාමුදුරුවො අද හවසත්
    වෙල් එළියට වැඩියා අම්මේ
    මඩ තවරා ගෙන තරගෙට දිව්ව
    නියර දිගේ එක පිම්මේ
    කරනම් ගැහුවා දිය ඹුං ගැහුව
    බක්මී ගහ ළග බැම්ම
    සිවුරත් ඇදගෙන සෙල්ලම් කෙරුවම
    පවු සිදු වෙනවද අම්මේ......//

    ReplyDelete
  9. මගෙ හිතෙත් සූටී කාලේ පැව්දි වෙන්ට ලොකු ආශාවක් තිබුනා ඉතින් ඔවාට කෙන්දරෙ එහෙම බලනවා කියනවානෙ කොහොමහරි පංසලේ ලොකු හමුදුරුවො පැව්දි කරගත්තා මාව නෙවෙයි අපෙ අයියාව එදානන් මට හොදටම ඇඩුනා සහෝදරයා වෙන්වෙනවට නෙවේ මගෙ බලාපොරොත්තුව ඉටුනොවුන එකට...

    ReplyDelete
  10. අනේ මන්දා..... මහා ගැටලු සහගත මාතෘකාවක් තමා.... ඒත් මේ පොඩි ඒකා මොනවා දන්නවාටද නේද????????

    ReplyDelete
  11. මොනවා කියන්නද?
    පව් ඒ ළමයා

    ReplyDelete
  12. වඳින්න ඕන තමයි... සමාව ඉල්ලලා.. වැඩිහිටියො වශයෙන් අපි හැමෝම.
    ජයවේවා..!!

    ReplyDelete
  13. මාතෙගෙ පාරෙං ආවෙ. මධ්‍යස්ථත් මේ බ්ලොග් එක ගැන ලියලා තිබ්බා. අනික්වාත් කියවලා එන්නම් ටීචර්.
    මේ කතාව හරිම හුරතල් වගේම කටු අනිනවා වගේ.

    ReplyDelete
  14. මොනවා කියන්නද හිතාගන්න බෑ.සංවේදී පෝස්ටුවක්..

    ReplyDelete