Monday, June 20, 2016

ඉන්ටර්වල්

ගුරුවරියකගේ  මතක 34

ඉන්ටර්වල්
***--*****************
ඉන්ටර්වල් එක අවසන් වෙන සීනූව නාද වෙනවා මං අහගෙන. අතට ගත්ත කහට කෝප්පෙ ගිනි වතුර පිටින් කටේ හලාගෙන යන්න බැරිකමට විනාඩි දෙකක් පහු වෙනකං උන්නෙ ඒ පීරියඩ් එක දොළහේ පන්තියට අයිති නිසා. විනාඩි දෙකක ඉවසුමක් ටිකක් තේරේන වයසේ  තියෙන පොඩි උන්ට නැතුවාම නෙවෙයිනේ. වැරදි වුනත් මම මගේ හිත හැදුවේ එහෙම. මොකද දිව කට වේලෙන හුළං කාලේ අපිම හදාගන්න තේ කහට කෝප්පෙ දිව්‍ය අමෘතයක් නිසාම.
" මේ වෙලාවෙ පන්තියක් තියෙනවා නේද.. මෙතැන තවත් කයිය ගගහ  ඉන්නෙ. අනික් ගුරුවරු ගිහින් උගන්වන්නත් පටන් අරන්"
විදුහල්පතිතුමාගේ ගෝරනාඩුවට තේ කහට එක මිදුලට විසි කෙරුණේ විදිල්ලක් වගේ.
" අනික් ගුරුවරු පීරියඩ් අටම වැඩ නෑ නේ සර්.. "
මට එහෙම කියන්න ඕන වුනා.  ඒත් කොහේදෝ නැති සංසුන්කමක් හිත පුරා පැතිරෙද්දි මම පන්ති කාමරයට එන්න ආවා. පොඩි උන් වැඩ. මට තනියම හිනා. කොහොමත් මගේ පීරියඩ් එකක් වෙලාවට වෙන වැඩක් කරනවාට වඩා විෂය ආශ්‍රිතව වැඩක ඉන්න එක අැඟට හොඳයි කියලා මාත් එක්ක ඉඳලම පොඩි උන් දන්නවා. වෙන වැඩක හිටියොත් ගුටියට , බැනුමට වඩා මගෙ දඬුවම් වෙනස්. ඒක හරි සාර්ථකයි මගේ අරමුණ හොයාගන්න.
මම පාඩම පටන් ගත්තා. විනාඩි ගාණක වැඩ අතරේ පන්තියේ හිටපු සුදුමැලිම කෙල්ල ඈනුම් අරිනවා මං බලාගෙන. ඒක දිගටම . ඒ මදිවට නිදිමත බේරෙන ඇස්. මං පාඩම නතර කළා.
"මොකද මධුෂි. වැඩිපුර කෑවම ඔහොම තමා,, නින්ද යනවා .." මං කිව්වෙ පොඩි එකීව නින්දෙන් ඇහැරවන්න හිතාගෙන.
පොඩි එකී ඇහැරුණා නම් තමයි. ඒත් බයාදු හිනාවක් එක්ක.
" නිදිමතද"
" හ්ම්"
" නිදි මැරුවද"
"නෑ"
" මොනවද කෑවේ ඉන්ටවල් එකට"
"එයා කෑවේ නෑ ටීච" ඒ උත්තරය මධුගෙන් නෙවෙ. ළඟ හිටපු නිශානිගෙන්.
ප්‍රශ්නාර්ථයක් එක්ක මං මධුෂි දිහා බැලුවා.

" ඇයි නිශා මධූෂිවත් කෑමට හවුල් කරගන්න තිබ්බනෙ"
මං එහෙම කිව්වෙ මධූෂි කෑම ගේන්න නැතුව ඇති කියලා උපකල්පනය කරලා.

" මං කෑම ගෙනාවා ටීච"
"එහෙනම් නොකෑවේ"

"බඩගිනි නෑ .. උදේ කාලානෙ ආවේ"
" උදේ කාපු එක මේ වෙනකං තියෙනවාද බොල.. දෙනවා මෙහාට කෑම එක.."
බෑග් එක පාදලා පොඩි එකී කෑම එක මගෙ අතේ තිබ්බා.
එනවා මගෙ පස්සෙන්"
තරවටුවට වුනත්  මම දන්නවා බඩගින්නෙ උගන්වලා වැඩක් නෑ කියලා.
පරිගණක කාමරයට ගිහින් මම කෑම එක දිගහරිනවා පොඩි එකී බලාගෙන. ඒ ඇස්වල තිබ්බෙ එපා කියන්න බැරි කමක්. මට ඒක තේරුණේ කෑම එකෙ පිළුණු ගඳට ඇකිළුන මගේ නහය දිහා කෙල්ල දුකෙන් බලන් ඉද්දි.

13 comments:

  1. එහෙනම් ඒකයි මදූශි කාලා නැත්තේ... ඉස්කෝලෙ පන්තිවල මේ වගේ ළමයි කොච්චර ඉන්නවාද??
    මට මතක් උනා මං ඉස්කෝලේ ගිය කාලේ සිද්ධියක්... මගෙ යාලුවෙක් හිටියා... ඒ පවුලේ ගෑනු ළමයිම 5 ක්... ගොඩක් වෙලාවට එයා කෑම ගේන්නෙ නෑ. ඉක්මනින්ම ඒක තේරුනා... පස්සේ මං එයාටත් එක්ක කෑම අරන් ගියා...

    ReplyDelete
  2. දොලහ වසරේ? බෙදාගන නෙමෙයිද කන්නෙ? ගෑණු ළමයි හිංදා වෙන්න ඇති. ඕක පංතියේ ළමයිංගෙ ෆිට් එකේ අවුලක්.
    ජයවේවා..!!

    ReplyDelete
  3. ඕක පොඩි පන්තිටක ළමයෙක්ට උනානම් බොහොම සාධාරණයි. මොකද පොඩි කාලේ ඉතින් ලැජ්ජාවට කියන්නේ නැහැනේ. 12 පන්තිවල කෑම එකක් කී දෙනෙක් එකතු වෙලාද කන්නේ. අපි ඉස්සර කෙල්ලන්ගේ කෑම එකට වැඩේ දිලා පස්සේ කැන්ටිමෙනුත් කනවා.

    ReplyDelete
    Replies
    1. අපේ ඉස්කෝලේ කන්න කැන්ටිමක් නෑ. අනික ගැහැණු ළමයෙක් නිසා ලැජ්ජාව ඇති. අපි ඉස්කෝලේ කෑවෙත් එකට. ඒත් කාට හරි එන්න බෑ කීවොත් බල කරන්න ත් බෑනෙ නේද

      Delete
    2. දිනේෂ් එහෙම කිව්වම මට මතක් උනේ අපේ මල්ලිව...එයා දොළහ වසරේ මාස තුනක් විතර කෑම ගෙනිහින්, අම්මට කියන්න ගත්තා, එයාට බත් එපා කියල දවල්ට...අන්තිමේ දෙතුන් පාරක් අහපුවම තමයි කිව්වේ, බත් එක දිගාරිනකොටම ඒක ඉවරයි කියල... :) මොකද අම්මා පාන්දර 3 ට විතර නැගිටලා උයලා දෙන නිසා අන්තිමේ එයා අම්මාව වෙහෙස නොකර, අනික් අයගෙන්ම කෑවා... :) ඒත් සමහරු ඉන්නවා තව කෙනෙක් කන කෑම එකෙන් කන්න අප්‍රිය අය...

      දරුවන්ට කන්න කැන්ටිමක් නැති එක නම් හිතට දුකයි...

      Delete
  4. දොළහ වසරේ නිසා හිතා ගන්න අමාරුයි බෙදා ගෙන කෑවේ නැත්තේ ඇයි කියල...ඒත් ඔබ කියන්නා වගේ හැමෝම එහෙම නැහැ..තව කෙනෙක්ගේ කෑම එකෙන් කන එක ලැජ්ජාවක්ද දන්නෙත් නැහැනේ ඒ දරුවට...

    ReplyDelete
  5. බෙදාගෙන කන්න එයා එදා ගියානම් එයාගෙ බත් එකත් දිග අරින්න වෙනවනෙ. ඒ නිසා වෙන්න ඇති. මමත් එහෙම කලා විද්‍යාපීඨ සීමාවාසි ඉන්නකොට. ගොඩක් වෙලාවට ඒ බෝඩිමේ ලැබුනෙ රෑ කෑම. රස්නෙ නිසා දවල් වෙද්දි පිළුණු වෙනවා. මම එක නිසා ඉන්ටවල් එකට ස්ටාෆ් රෑම් නොගිහින් ඇරියා. එ විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති හාමුදුරුවෝ නමක්. දවසක් මම කෑම එක විසි කරනවා හාමුදුරුවන්ට අහුවුනා. එදාට පස්සෙ ඉදන් මම එනකං මට උදේ දවල් කෑම පන්සලේ දානේ.
    ඒක මං කියලා ඉල්ලන්නත් බෑනෙ වෙන අයගෙ කෑම. ඒ වගෙ අසරණ කමක් වෙන්න ඇති. නැතුව අප්‍රිය වීමක් යෙන්න බැ

    ReplyDelete
  6. ඉස්කෝලෙදි රොටී කෑව හැටි මතක් උනා. බඩගිනි උනාම ටීචර්ට හොරෙන් රොටී කෑලි කනවා..

    ReplyDelete
  7. දොළහේ හිටියත් කාත් එක්ක වත් තමන්ගේ අඩුපාඩු දුප්පත්කම් කියන්නැති ළමයි ඉන්නවා . . මම ඒක අත්දැකීමෙන් දන්නවා.

    ReplyDelete