Tuesday, September 6, 2016

අම්මා

මේ කවිය ලියන්නෙ දැන්ය. ඇය කතාවට සුදානම්ය. මාතෘකාව වැඩිහිටි හා ළමා දිනයය. එයට සූදානම් වන්නට මා හා ඇය සටනේය. ..
මා වැඩිහිටියා ගෙ දෙමාපියන් ගෙ වැදගත්කම කීවෙමි. අපේ බිළිඳු විය ඇගෙ මනසේ සිත්තම් කළෙමි.
ඇය මහා හඬින් හැඩුවාය...
වරද මගේය...
අම්මා කෙනෙකුගෙ අගය ඇය තරම් දන්නෙ කව්ද..
අම්මා නැති ඇයම මිස
ඇස් අඩවන පාට එක්ක
හිත රිදවන මතක  ඕන.
අම්මෙ මට කියාදෙන්න
හුස්ම ගන්න ජිවිතයට....

හරි ලස්සන හීන තියෙන
සමනළීයක් හිටියා
ඒ සමනළ් ජිවිතේ ට
අම්මත් මගෙ හිටියා..
එක දවසක් මහ හයියෙන්
කුණාටු වැහි වැටුණා..
මගෙ අම්මගෙ හුස්ම ගිහින්
නැවතුන තැන නැතුවා...

පපුවෙ මුව උලා උලා
උණුසුම මම වින්ද
අම්මෙ මට එක දවසක්
අතීතයෙන් දෙන්න..
මිහිදන් වුන තැන තියෙනවා
නිදි කුම්බා ගොන්න
මටත් ඕන ඒ අසළම
නුඹෙ ළඟින් ඉන්න..

අප්පච්චිට මතකම නෑ
මල්ලි ත් මගෙ ළගකින් නෑ
පවුලක සුව සෙනෙහස නෑ
ඔබ ගියාට පසුව
මගෙ හුස්ම මම දෙන්නම්
අම්මෙ යළි එන්න...

8 comments:

  1. සංවේදී කවි පෙලක්. දුවෙක් පුතෙක් කියා වෙනසක් නැතිව ලෝබ නැතුව කරුණාව ආදරය වගේම ජීවිතයම කැපකරනා, ඇයයි අම්මා.

    ජයවේවා!!!

    ReplyDelete
  2. අම්මා අහිමි මිතුරියක් මට මේ මොහොතෙ සිහිපත් වුණා.ඇගේ පියා ඈට ගොඩක් ආදරෙයි.ඒත් අම්මා නැති අඩුව කවදාවත් තාත්තෙකුටවත් වෙන කාටවත් පුරවන්නට බැහැ.

    ReplyDelete
  3. හිතට දැනුන කවියක්

    ReplyDelete
  4. හිතට දැනුන වගේම හොඳට වැදුන

    ReplyDelete