Thursday, November 19, 2015

කදුළ


තණමල්විලටත් එහා මං උන් ගමට ධාවනය වන්නෙ බස්රථය දෙකකි. උදේ අටයි තිහ වැරදුනොත් දහවල් දොළහ වෙනතුරු සිටිය යුතුය. නිවසේ සිට යන බොහෝ අවස්ථාවල පාසල වෙත යන්නෙ දහවල් දොළහේ බස් රථයේය. නැතිනම් එන කුමන හෝ වාහනයකට අත දිගුකර ගමනාන්තය පවසා ඒ ගමට යන්නෙ නම් පමණී. ඇඳුනුම්කම් එහිදි අදාළ නැත. ගමනෙ වැඩි හරියක් කැළැ රොද පසුකරමින් ගමන් ගත්තද ඒ ප්‍රදේශයෙ ගුරුවරැ යනු දෙවියන් ලෙස සලකන බැවින් අකටයුතුකම් සිදුනොවන්නේය. ඒ ගමට ගුරුවරු එන්නෙ නැත. ආවත් ඉන්නෙ නැත. ආ දා පටන් යන ගමන ගැන සෝදිසිය. කට්ට කන්නට ආස වුන් කිහිපදෙනෙකු පමණක් රැදී සිටියි.
අද ද බස්රථය මට මඟ හැරුණි. බණ්ඩාරවෙල මාතර බස්රථය රාවණා ඇල්ල කිට්ටුව ආපදාවට ලක් නොවුනා නම් මට අටයි තිහට පෙර එන්නට තිබුණි. අපේක්ෂා ශූන්‍යත්වයෙන් මම බස් නැවතුමේ තනිවි වුනෙමි.  ගමට යන වාහනයක් ද හමු නොවු බැවින් නිවාඩු ඉල්ලා දුරකථන ඇමතුමක් විදුහල්පතිතුමා ට ලබා දී දොළහ වෙනතුරු මම විනාඩි ගණන් කළෙමි. එකොළහයි තිහට පමණ දරුවෙකු තුරුළු කරගත් මවක් බස් නැවතුමට පැමිණියාය. දරුවා සුව නින්දේය. ගිනි ගහන මහ දහවලෙත් රෙදි කැබලි වලින් දරුවා ඔතා ඇත. ඒත් අපහසුවකින් තොරව දරුවා නිදිය. අම්මා ගේ දෑසේ කඳුළුය. ඇය නොනවත්වා හඬන්නීය. මම ඇය සමඟ කතා කරන්න ට ගත් සියලු වෑයම් අසාර්ථක විය. ඇය මා මඟහැර සිටින්නට උත්සහ ගත්තාය. බස්රථය තුළදීද දෙතුන් වරක දරුවා සිප ගනිමින් දරුවාගෙ මුහුණ අතගාමින් සිටින අැය මගෙ අැස් වලට හසුවිය. ඇය අතරමඟින් බැස ගියාය. මම ගුරු නිවස වෙත ආවේද කුහුලනි. සවස් වනතුරු මම දිගු නින්දක උන් බව දැනුනෙ මා සමඟ ගුරු නිවසේ උන් නදිෂා මගෙ මුහුණට එල්ල කළ  ජල බිඳු වලට පින්සිද්ධ වන්නටය.

" ඒයි නැගිටිනවා... මළ ගෙදරක්. එකේ ළමයෙක්ගෙ නංගි කෙනෙක්.. සමන් සර්ගෙ ට්‍රැක්ටරයෙන් යන්ඩ පුළුවන්... නැගිටිනවා"

මම ඩෙස් අැඳෙන් බැස ගත්තෙමි. සුදට හුරු ඇඳුමක් ඇඳ ගත් මම නදීෂා සමඟින් පාරට පැන්නෙමි.

"  මොනවා වෙලාද මැරිලා තියෙන්නෙ"

" නයෙක් ගහලා.. පව් පොඩි එකි.. අවුරුදු එකහමාරයිළු. වැඩේ කියන්නෙ විෂ් අම්මා දරුවා අරන් ඉස්පිරිතාලෙ ගිහින්.. මඟදි ගැණීට තේරීලා දරුවා මැරුණා කියලා... එයා බස් එකෙම දරුවා ආය ගෙනත්.. මෝචරිය‍ට දැන්මොත් ගන්න වියදම් යයි කියලා හිතුණලු.. හැබැයි මිනිස්සු නම් කියන්නෙ පෙට්ටියට දානකොටත් කෙල්ල දරදඬු වෙලා නෑලු. ඒ කියන්නෙ අම්මා ඉස්පිරිතාලෙ ට ගියා නම් දරුවා බේරගන්න තිබිලා."

කටුමැටි ගෙපැලක ළඟ ට්‍රැක්ටරය නතර විය. ඒ අම්මාය. මා මඟ හැරි අම්මාය. දරුවා මා දහවල දුටු පරිදිම සුව නින්දේය.

36 comments:

  1. දුක හිතෙන සිදුවිමක්..
    දුප්පත් කම හැමදේකටම වඩා ඉස්මතු උනු අවස්ථාවක්

    ReplyDelete
  2. ටිචර්..
    කමෙන්ට් වලට උත්තර දෙන්න..නැත්නම් වේවැලක් අරගෙන ගහනවා පුක පැලෙන්න..

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ මෙන්ඩෝ ටීච ගෙදර වැඩ දුන්නට පොත් බලන්නේ නෑ

      Delete
    2. කොමන්ටු වලට රිප්ලයි නොදැමීම පිළිබදව අපගේ බලවත් සංවේගය...

      Delete
    3. අනෙ මගෙ බ්‍රෙන්ඩා සහෝ එපා අෆ්ෆා..
      මං පව්නෙ...
      මේ දවස්වල පේපර් බලනවා

      හිහි මනො වරද පිලිගමි

      ගෙදර වැඩ වැඩියි මේ ටිකෙ

      Delete
  3. Replies
    1. හා හා මෙන්ඩො ඕව අල්ලන්න එපා හිහි

      Delete
    2. ස්කොල කාලෙ -විෂ්
      බුකියේ .නිනි
      ආදරේට මනු
      අම්මාගෙ ලොකු
      නංගිගෙ බබා ලොක්කුට්ට‍ෙ යන සියළු නම් වලින් පෙනී සිටින්නෙ විශාකා මනනන්දනී සෙනවිරත්න වන මමම බව දිවුරා ප්‍රකාශ කරමි.

      Delete
    3. ආලවන්ත නෙත් විදා - මන්දහාස නංවලා
      සඳ කින්නරී සුන්දරී -මුතු පළස මත දිදුලනා
      "මන බන්දිනී නන්දිනී"- මුතු පළස මත හිනැහෙනා

      සඳ කැන් හොරෙන් මුව තවරලා
      මල් මල් ගව්මකින් ගත සරසලා
      ඉඳිකඩ උඩින් තරු නෙත් වසා
      මතකයි තවත් අපි හිනැහුනා
      මතකයි තවත් ඔයා හිනැහුනා

      සිහිලැල් සුළං රැල්ලක එතී
      වනමල් උයන් හැරදා අප සිටී
      මතකෙන් මකා අපි පෙම් කල හැටී
      මතකයි ඔයා මං හැරගිය හැටි
      මතකයි තවත් ඔයා හිටි හැටී……

      --- එල ද බ්‍රා මෙන්ඩා ----

      හුකෑස්

      Delete
    4. පත්තර මල්ලි
      මට නිකන් ලැඡ්ඡයි ලෑඡ්ඡයි වගේ

      Delete
  4. ඇත්තටම කියන්ට දෙයක් හිතා ගන්ට බැරුවා... කාලයක් යද්දි ඔක්කම සාමාන්‍ය වෙන්න ගනී හැබැයි.. මොකද අපිට හුගක් තදට දැනෙන ඕ වගේ දෙවල් ඒ පැත්තෙ අයට සාමාන්‍යයි අන්තිම සාමාන්‍යයි...

    ReplyDelete
  5. ඔබ කතාව කියවනකොට වැටහෙන්නේ දුෂ්කරතා නිසාත් අනවබෝධය නිසාත් බේරාගන්න තිබුන ජීවිතයක් අකාලයේ අහිමී වී ගියා කියලයි...

    ReplyDelete
    Replies
    1. ඔව් මනො..
      වෛද්‍යවරයෙක් වෙත ගියා නම් ඒ දරුවා දැන් අවුරුදු හතක දරුවෙක්

      Delete
  6. සංවේදී කතාවක්. ධුශ්කර ප්‍රෙද්ශවල ජනතාවගේ නොදැනුවත්කම සහ දුප්පත්කම ඉස්මතු වන තවත් අවස්තාවක්.

    ReplyDelete
  7. ටීචැර්ට මාර අත්දැකීම් නෙවැ තියෙන්නේ..

    මට කොයිල් වාගෙ !!!!

    ReplyDelete
    Replies
    1. තණමල්විල ජිවිතේ ගෙවුන අවුරුදු ටික මාරයි..
      අත්දැකිම් සුවිශේෂයි

      Delete
  8. වෙනත් කිසිදු වාහනයක් තිබුණෙත් නැතිද????? මොනවා වුණත් අැය සිද්ධිය ඔබටවත් කිව්වා නම් මොනම හරි විදිහකට උදව් ඉල්ලා ගන්න තිබුණා නේද???? අනේ මන්දා..... කණගාටුදායක සිදුවීමක්....

    ReplyDelete
    Replies
    1. ඇය ඒ අවස්ථාව වන විටත් සිටින්නෙ දරුවා මියගිය බව සිතාගෙන.
      උදේ බස් එකෙ නගරයට යන විට ඇය ට දරුවා මියගිය බව දැනෙනවා .
      ඒ අනුවයි ඇය බස්නැවතුම් පලට නැවත එන්නෙ. මට නොකියන්නෙ මම දරුවා මියගිය බව දැන ගනියි කියන අදහසින්. සාමාන්‍ය පොදු සේවා වල මිනියක් ගෙන යන්නෙ නැහැ.වෙනමම ගෙන යන්න ඒ අම්මාට වියදම් දැරිය නොහැකි නිසා එලෙසම ගෙදර ගෙනත්

      Delete
  9. තණමල්විල කිව්වාම මම හිතුවේ වෙන සීන් එකක්!
    කොච්චර දුප්පත් වුනත් ඒ මිනිස්සුන්ගේ හිත හොදයී!

    ReplyDelete
  10. හරිම සංවේදියි...දුප්පත් මිනිස්සුන්ගේ ජීවිතවල ඇත්ත ඕක තමයි...

    ප්‍රශ්නයක් තියෙනවා ටීචර්ගෙන් කෙලින්ම ඇහුවට අමනාප වෙන්න එපා..

    ළමයින්ට උදව් කරන්න ඉල්ලලා දාපු පොස්ට් එකට මම ටීචර්ට ඊ මේල් එකක් එව්වා.. මට එකට රිප්ලයි තුනක් ආව.. මුල් ඊ මේල් දෙකේ තිබුනේ පරිඝනකය නුහුරු කෙනෙක් ලියපු වැරදි සිංග්ලිෂ් ලියපු උත්තර දෙකක්. ඒ රිප්ලයි වලින් මට දැනුනේ ඊ මේල් වලට රිප්ලයි කරන්නේ මේ ලියන ටීචර් නෙවෙයිද කියන එක. ඉහත තියන කමෙන්ට් දෙකකිනුත් මට ඒ සිතුවිල්ල ඔලුවට ආව..මේ ලිය සංවේදී භාවය කමෙන්ට් වලට දෙන උත්තරවල සහ ඊ මේල් වල නැහැ.. පුලුවනිනම් මේ ගැන පැහැදිලි කිරීමක් කරන්න..

    ReplyDelete
    Replies
    1. මම ම තමයි.
      මම රිප්ලයි කලෙ මගෙ ෆෝන් එකෙන්.
      ඒකෙ ඊමේල් වල පොඩි ගැටළුවක් තියෙනවා.
      මට අළුත් එකක් ආවත් පෙන්වන්නෙ නැ සමහරවිට .
      ඒ ගැන හිතන්න එපා.
      මගෙ අංකයට ඇමතුමක් හෝ වයිබර් මැසේජ් එකක් එවන්න.
      පහුගිය ටිකෙ අධික කාර්යබහුල වීම මත කෙටි රිප්ලයි තබන්නට ඇති

      Delete
    2. අනිත් කාරණෙ මම කෙටි රිප්ලයි වලට කැමැතියි. පුංචි හරි රප්ලයි එකක් ලියන්න මං ආසයි. හොඳම දේ එන්න මගෙ බුකියෙ ගිණුමට.
      ගුරුවරියක් කියන සාම්ප්‍රදායික රාමුව නෑ.
      මම සංවේදීයි.
      ඒක ජිිවිතේ ඕනෑම කාරණාවකදී.
      හැබැයි මම සරළ සැහැල්ලු ටිකක් විතර පිස්සු චරිතයක්.
      කොටින්ම මම අච්චාරුවක්.
      බැරූරැමි විටක ඒ ලෙසත්
      යාළුවන් එක්ක පිස්සුවක් නටන්න මගෙ සැහැල්ලුව ත් යොදා ගන්නවා.
      පරිගණක නුහුරු බව ඇත්තෙ මගෙ දුරකථනයෙ විකාර නිසා.
      ඇත්තටම දුරකථනය මට අළුත්.
      ඒ ගැන සමා වන්න.

      Delete
  11. සීතල වෙලා හිරි ගඩු පිපුණා. ඇත්තමයි

    ReplyDelete
  12. සංවේදී සිදුවීමක්...

    ReplyDelete
  13. සංවේදී සිදුවීමක්...

    ReplyDelete
  14. කාලෙකට පස්සේ හම්බෙන් ඔබේ ලිපියක් කියවන්න ලැබුනා.
    මේ වගේ සිදුවීම් තවදුරටත් වෙනවද කියලා අපිට හිතාගන්න බෑ. කොටින්ම කොළඹ වගේ නගරාසන්නව විතරද සාමාන්‍ය සිවිල් ජීවිත වලට මිනිස්සු සම්බන්ද වෙන්නේ? මට පුදුමයි.එක්කෝ මම ලංකාව කියලා හිතාගෙන ඩ්‍රීම්ලෑන්ඩ් එකක්...
    හිතට මොකක්ද වගේ වුනා. ඒ ඇය ගැනටත් වඩා මම ගැන දුකකින්.
    මේ වගේ දේවල් තවදුරටත් වෙනවා කියලා හිතාගන්න බැරි මෝඩයෙක් වීම ගැන.

    ReplyDelete
    Replies
    1. i have added ur blog to http://ambagaha.blogspot.it/. if anything wrong please let me know. i was looking to mail u sending a notice but couldn't find any.
      Regards.

      Delete
    2. ස්තුතියි එහෙම කළාට.
      රිප්ලයි නොතියව්වෙ අසනීප නිසා.
      බොහොම ස්තුතියි නැවතත්

      Delete