Saturday, November 28, 2015

දරැවන් යනු දරැවන්මය

වර්ෂයේ අවසානය කොහොමත් ගුරුවරුන්ට සම්මන්ත්‍රණ බහුලය. විෂය නිර්දේශ නිර්ණායක කෙසේ වෙතත් සම්මන්ත්‍රණ රැස්වීම් අතහැරීම තහනම්ය. පුරා සතියක් එක දිගට පැවැති සම්මන්ත්‍රණ පෙළ නිමවා පාසල් ආවේ අදය. 
" අද ශාලාධිපති ඔයා"
හුස්මක් ගන්නටත් පෙර ඉහළින් ආ අණකි. මඟ හැරුණු වැඩ බොහො තිබුණත් විභාග ශාලාවට ගියෙ සිතෙ ගතෙ වෙහෙස සඟවා ගනිමිනි.

" පේපර් ටික සාකාච්ඡා කරනකං මට නින්දෙ යන්නෙ නෑ අක්කා.. මමත් වැඩ,  ළමයිනුත් වැඩ, දවසක් නෑ හොයාගන්න .. අද ආවේ ඒක කරන්න හිතාගෙන. දැන් ඉතිං එකහමාර වෙනකං මෙතැනින් හෙල්ලෙන එක බොරුනේ"

හිතේ නොක්කාඩුව මම වචන කළෙමි. 

" කෝකටත් නංගි එක පේපර් එකක් වත් සාකාච්ඡා කරන්න.. හේතුවක් ඇතිව කියන්නෙ"

ඇය කළෙ එක් අනතුරු ඇඟවීමක් බව මට දැනුණි.

"හ්ම්.. අද හවස ළමයි තියා ගන්නවා අක්කා"

විදුහල්පතිවරයා ළඟට පැමිණෙන තුරු මම උන්නෙ හවස පාඩම් සටහන් හිතෙ ඇඳගනිමිනි.

" නිවාඩු නම් බොහොම වැඩියි.."

මම සිනාසුනා පමණී. කරුමක්කාර උණ මා සතියක් විවේක කර තිබූ බැවින් ඒ ගැන තර්ක නැත.

" සිලබස් එක කෙරිලා නෑලු නේද ටීච.. තොරතුරු තාක්ෂණය මදි කියලා දරුවො කියනවා.. පොඩ්ඩක් හිතන්න.. ගන්න පඩියට වත් අපි වැඩ කරන්න ඕනිනෙ නේද"

"කොයි ළමයද  කිව්වෙ සර්... "

"එහෙම ළමයා පාවා දෙන්න බෑ... ඒත් ඊළඟ අවුරුද්දේ කාල සටහන් දෙන එක ගැන මං තව පාරක් හිතනවා. මාත් එක්ක තරහ වෙන්න එපා ටීච"

අද්භූත චෝදනාව මටය. විෂය නිර්දේශය අවසන් වුයේ ජූනි මාසයේය. පසුගිය ප්‍රශ්න පත්‍ර සාකාච්ජා දෙවන වරද අවසන්ය. අන්තර්ජාල බාගත කළ ප්‍රශ්න පත්‍රද අවසන්ය. මේ ගෙනෙන චෝදනාව මට පිළිගත නොහැක.
" ළමයාට කියන්නෙ නෑ. ඒත් නොදන්නා දේවල් මම දැනගන්න එපැයි සර් ආපහු කියලා දෙන්න"

 " ආ එහෙනම් නම නොලියපු කොළයක් ඇති.. ඒක දෙන්නම්. එකෙ ඇති සේරම"

මම විදුහල්පතිවරයා පසුපසින් කාර්යාලයට ගියෙමි. අත් අකුරු මට හුරුය. 

" අපිට ටීච තාර්කික ද්වාර ගැන කියා දී නැත. ඊ රාජ්‍ය ගැන කියා දී නැත."

මම සිනාසුනෙමි . වැරුද්ද මගේය පරිගණකයට හුරු පුරුදු ඉංග්‍රීසි වචන වෙනුවට සිංහල කතා කරන්න ට මම පුරුදු විය යුතුය. දරුවන් යනු දරුවන්මය.

13 comments:

  1. යේක ශරි... නොදන්න හින්ද නොවේනම් ඉක්කෝලෙ එන්නෙ.. සේවාස්ථ සැසි ගිහින් ආපුවාම නිවාඩු ගන්නවා කියලා ප්‍රින්ස් බනින්නැද්ද? එහෙම සීන් එකකුත් තියනව නෙව..
    හෙහ් හෙහ්...
    ජයවේවා..!!

    ReplyDelete
  2. අපේ සිංඩියටත් ගොඩ වෙලාම බලන්න
    http://www.akurasyndiya.tk

    ReplyDelete
  3. ගුරුතුමී ලස්සනට ලියලා. සුබ පතමි .

    ReplyDelete
  4. ගුරුතුමී ලස්සනට ලියලා. සුබ පතමි .

    ReplyDelete
  5. ගුරුතුමිට සුබපැතුම්

    ReplyDelete
  6. එකතරා හේතුවකට දැනට අවුරුදු විස්සකට විතර කලින් මම ගියා අනුරාධපුරේ රාජාංගන යාය 8 කියන අති දුෂ්කර පළාතේ තිබ්බ එකම විදුහලට .... මිදුලේ හිටපු දරුවෙක්ගෙන් ඇහැව්වා කෝකටත් කියලා සුද්ද සිංහලෙන්ම ඔයාලගේ විදුහල්පති කාර්යයාල කොහෙද තියෙන්නේ කියලා .... කොල්ලා ඉන්නවා ඇස්දෙක ලොකුකරගෙන මා දිහා බලාන .... ළඟ හිටපු මාගේ ගමන් සගයා ඇහැව්වා ඔෆිස් එක කොහද තියෙන්නේ කියලා ...කොල්ලා එක පාරටම ඇත දිග හැරලා තියෙන තැන පෙන්නුවේ සිංහලෙන් අහන්න එපැයි කියලා කියන ගමන්

    ReplyDelete
  7. හැබෑව. සිංහලෙං ඉගැන්නුවනං අර ලියුම එන්නෙ "අපිට ලොජික් ගේට් උගන්නා නැත. ඊගවනන්ස් උගන්නා නැත" කියලා. ඉතිං ටීචට තියෙන්නෙ දෙකම කොරන්න...

    ReplyDelete
  8. ලමයි නෙමෙයිනේ ගුරුතුමියනේ වැරද්ද කරලා තියෙන්නේ.

    ReplyDelete
  9. තාර්කික ද්වාර- logic gate ? මල ඉලවු පාරිභාෂිත වචන තමයි අධ්‍යාපනය එපා කරන්නෙ.

    AND, OR, NOR, NAND, EOR... මෙවට මොනවද සිංහලෙන් කියන්නෙ කියන්නෙ ?

    සිංහල පාරිභාෂිත යෙදුම් භාවිතය විරල හින්දා විශය කරුණු භාෂාව හින්දා පැටලෙන්න ඉඩකඩ වැඩියි.

    මේව ඉංග්‍රිසියෙන් බැරි නං බහුලව භාවිතාවෙන අදාල ඉංග්‍රිසි යෙදුම් එක්ක සිංහලන් උගන්න එක තමයි හොද.

    උසස් අධ්‍යාපනය කරනකොට කොහොමත් ඉංග්‍රිසියෙන් කරන්න වෙනවනෙ

    ReplyDelete
  10. ඉතිං පේපර් එකෙ සිංහලෙන් අහන්නෙ..
    විද්‍යුත් සමපර්පක...
    වදන් සැකසුම
    ,,,,,,, , ,

    ReplyDelete
  11. අපි පොඩි කාලෙ තාක්ෂණික විෂයට එක පාරක් ඉගැන්නුව අනුහුරුකුරුව හයි කරන හැටි. ඊ ළඟ පාර තුන් කූරු පේනුව...

    ReplyDelete
  12. අන්න එහම තරහා ගන්නෙ නැතුව ප්‍රශ්න වලට උත්තර දෙන්න

    ReplyDelete
  13. මං හිතාගෙන හිටියේ ලොකෙ තියෙන ලෙසිම රස්සාව ගුරු වෘර්තිය කියලා. බලාන් යද්දි එකත් එහෙම නෑ නෙව.

    ReplyDelete