Tuesday, October 13, 2015

.අපි හරි දුප්පත් ටීච

       
               සතියක්ම නිවාඩු උන්න නිසා වැඩ හුඟක් ගොඩ ගැහිලා...පුංචි පුංචි හැල හැප්පීම් ජිවිතේ නැතුවාම නෙවෙයිනෙ. එත් පොඩි උන් එක්ක ජිවිතේ හරි සැහැල්ලුයි.එක අකුරක් වත් අතපසු වෙයි කියන බයත් එක්ක හැල්මේ දුවන ගමන් මං එක දරුවෙක්ගෙ සටහන් පොත ගත්තේ දීපු වැඩක් කරලද බලන්න. ‍පොත මගෙ අතට දුන්නත් මගෙ මුණ දිහා බලන්නෙ නැතුව ඉන්න ‍පොඩි එකී හරි පරෙස්සම් වුනා.
"කෝ පුතේ වැඩේ කරලා නෑනේ"  මට දැනුණ දේ ඇත්තටම වෙලා තිබුණා. කරගෙන එන්න දීපු අභ්‍යාස වෙනුවට තිබුණෙ හිස් පිටු ටිකක් විතරයි. මට ඇත්තමට කේන්තියි.ඊටත් වඩා දුකයි. වෙන දෙයකට නෙවෙයි. මේ ‍පොත අයිති වුනේ පන්තියෙ දක්ෂතම දරුවට.  මං කෝටුව ගත්තෙ දඩුවමක් දෙන්න ඕනි නිසාමයි.
"අල්ලනවා අත"
මං කෝටුව ගන්නකොටත් පොඩි එකී වැරැද්ද බාරගෙන අත දික් කරලත් ඉවරයි.
එත්  "දරුවෝ සත්තු නෙවී"  කාලෙකට කලින් දීපු දඬුවමක් ගැන කියද්දී මගෙ හිතවතෙක් මට දොස් පවරපු හැටි පපුවේ කොණක ඉඳන් මහ හයියෙන් කෑ ගැහැහුවා.
මම කෝටුව පහතට දැම්මා. දරුවා මගේ ළඟට ගත්තා. ඉණ වටේ අත දාලා මගෙ පපුවට තුරුල් කර ගනිද්දිත් පුංචි එකී ගැහෙනවා.                                                        

   "කියන්න ඇයි කරන්න බැරි වුනේ.... ම්...."
දරුවගේ ඇස්වල කඳුළු.
"අපේ අම්මට සනීප නෑ ටීචර්.... ‍ගෙදර උයන්නෙ මම"
මම හිනා වුනා .
"එක කොච්චර හොඳද පුතේ... මට වත් රසට උයන්ඩ බෑ... ඔයා හරි ෂෝක් නේ... ඉතිං උයලා  ඉවරවෙලා රෑ වෙලා කරන්ඩ තිබ්බනේ" මට ඕනි වුනෙ කෙල්ලගෙ හිත කියවන්න. මටත් හංගන කතාවක් මහ හයියෙන් ගන්න හුස්ම අස්සෙ තියෙනවා කියලා මට දැනුනා.

“පුතා”

පුංචි එකී ඇස් දෙක බිමටම හරවාගෙන උන්නා.‍  ඇස් දෙකෙ කඳුළු නතර වෙලා තිබ්බෙ නෑ.

“අපි මහන්සි වුනොත් නේද විභාගෙ හොඳට පාස් වෙන්න පුළුවන්. කම්මැලි වුනොත් අපි පරාදයි නේද”

කිසිම උත්තරයක් මට දෙන්න පොඩි එකී සුදානම් නෑ. කතාකරන කඳුළු එක්ක විනාඩි කිහිපයක් ගෙවෙන්න ඇති.

"............"
"කමක් නැ මට ගහන්න ටීච"

මං දිහාට කඳුළු පිහදාන ගමන්ම කෙල්ල අත දික්කළා.  වැරැද්දක් වුනත් කෝටුවට බර දෙන්න මගෙ අත ඉස්සුනෙ නෑ. කොහේ හරි මට වැරදුන වග විතරක් හිතට දැනෙන්න ගත්තා. මං කෝටුව පන්තියෙන් එළියට විසිකරලා එළිමහනට ආවේ හිත ටිකක් හිස් කරගන්න හිතාගෙන. පුංචි එකීගෙ අඩි සද්දෙ මගෙ පස්සෙන් එනවා ඇහුණත් මං හැරිලා බැලුවෙ නෑ.
" තාත්තා වැඩ ඉවර වෙලා එද්දී රෑ වුනා ටීචර්..... තාත්තට දවස් 2කින් පඩි දීලා නෑ... ගෙදර ලාම්පු තෙල් ඉවර වෙලා...අපිට කරන්ට් එක නෑ... පාඩම් කරන්න ආසයි.. එත්.. අපි හරි දුප්පත් ටීච"  කාටවත් ඇහෙන්නෙ නැති හුස්මටත් හොරෙන් කෙල්ල කියනවා මං අහගෙන.


පසු සටහන:
මේ දරුවාට විදුලිය ලබා දීමට ගවීන්ද සිල්වා ආදරණීය ෆේස් බුක් හිතවතා අනුග්‍රහය ලබ‍ා දුනි.
ඇයගේ නිවසට විදුලිය ලබා දීමට අපට හැකි විය

29 comments:

  1. ඔබේ ලිපි අගෙයි, දිගටම ලියන්න. අර කෙලී දිනලා ආවද?

    ReplyDelete
    Replies
    1. දිනුවෙ නැ බණ්ඩො ... ස්තුතියි.. කෙලී ඒ තරගෙට යවපු එකත් දිනුමක්
      ඊළග අවුරුද්දේ දිනනවා

      Delete
    2. අපොයි එහෙමද? කමක් නෑ... අනික් පාර දිනාවි.

      Delete
  2. සංවේදී සටහනක්.... අයගේ නිවසට විදුලිය ලැබීම පිළිබදව සතුටුයි.

    ReplyDelete
    Replies
    1. ගවීන් අයියා උදව් කල නිසා මට ඒ දේ කරන්න ලැබුනා

      Delete
  3. ගවින්ද සිල්වාට මාතලන්ගේ උපහාරය.... උඹ එළ කොල්ලෙක් මචෝ...

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම මාතලන්.....
      මම ගුරුවරියකගේ මතක ලියන ඒවා දැකලා එයා උදව් කලා

      Delete
  4. ඒ සහෘදයාට මගේ උපහාරය

    ReplyDelete
    Replies
    1. ගවීන් අයියා.අපුරැ මනුස්සයෙක්

      Delete
    2. ගවීන් අයියා.අපුරැ මනුස්සයෙක්

      Delete
  5. ඔයාගෙ ලිපි මම හරි ආසාවෙන් කියවන්නෙ. ලස්සනට හිතට දැනෙන්න ලියනවා. හදවතින්ම සුභ පතනවා.

    ReplyDelete
  6. අන්න ඒක තමයි නියම මනුෂ්‍යත්වය,
    අපේ උපහාරය

    ReplyDelete
    Replies
    1. ගවින් අයිය ා වෙනුාවන් ස්තුතියි

      Delete
  7. ඔය වගේ දේවල් වෙනවා...
    අර පොර නම් නියමයි මොනවා නැතත්...
    ජය වේවා...!!!

    ReplyDelete
  8. දෙයක් හිතනවාට වඩා සිතිවිල්ලෙන් ඔබ්බට යන අය අඩුයි ඒ අතිං ගාවින්ද කියන්නෙ නියම මනුස්සයෙක්..
    ඔබේ ලිවිල්ල නම් හිතටම දැනෙනව.. ඒ විතරක් නෙවෙයි අපි දැකපු අපි ගරු කරන ටීචල තවත් ඉන්නව කියල හිතෙද්දිත් ඇත්තටම හිතට මාර කික් එකක් ඒක ඇත්තටම හරි වචනෙ නෙවී වෙන්න පුලුවං ඒත් , දන්නවනෙ සමහර විට දැනෙනම වචනෙ..
    ආයෙත් එන්නං
    ලියමු දිගටම
    ජයවේවා

    ReplyDelete
  9. මෙන්න ගුරුවරු.. සහෘදයාටත් ස්තුතිය..

    ReplyDelete
  10. මේවගේ කථා එකක් දවසකට කියවන්න ලැබෙනවනම්

    ReplyDelete
    Replies
    1. මං දවසකට එකක් ලියනවා
      ෆෙස්බුක් පිටුවේ
      බ්ලෝග් එකටත් මං ඒක ගේන්නම්

      Delete
  11. හරිම සංවේදී , ඔක්කම කියවන්නම්.
    සිංහල බ්ලොග්ගල.

    ReplyDelete
  12. සංවේදියි. මේ වගෙ පවුල් ගැන හොයල උපකාර කිරීමේ වැඩසටහනක් අවශ්‍යයි. මේ පවුලට මේ උපකාරය ලැබුනෙ සයිබරය නිසයි. ඒකත් හරිම වටින දෙයක්.

    කලින් පෝස්ට් එකට මම දාපු කොමෙන්ට් ගැන අමනාප වෙන්න එපා. ඒ කොමෙන්ට් දැමීම ගැන මගෙ පසුතැවිල්ලකුත් නෑ. මට ඒ පෝස්ට් එක දැකල හරිම කනස්සල්ලක් ඇතිවුනේ .ඒකයි එහෙම දැම්මෙ.

    ReplyDelete
  13. අනේ නැ
    මං දරුවන්ට පාසල එපා කරවලා නැ
    ඒ දඩුවම වින්ද දරැවා අදත් මට ආදරෙයි
    මේකත් එහෙමයි
    මං සයිබරේ ත් දරුවන්ට ජිවිත හොයනවා

    ReplyDelete