Friday, October 16, 2015
අනේ මන්දා ටීචත් හරි මෝඩයි
ඉරට ආදරේ කරන තණමල්විල අහස යට වී ගෙවෙන දවස් ගණන හරියටම මතක නැත. සීතල හිරිගඩු පිපෙන බණ්ඩාරවෙල අහසට වඩා මේ අහස දඩබ්බරය. හෙවණක් පෙනෙන මානයේ නැත. කොළ පාට වෙනුවට ගහකොළද කහ පා හා දුඹුරු පාටට හුරු වර්ණයකට හැරී ඇත. වැහි වළාකුළක් පෙනෙන අහසක් මා ආවාට පසුවම දැක්කෙද නැත. පොඩි උන් පිට්ටනියට පැන සෙල්ලමේය. උන්ට අව්වෙ වගෙ වගක් නැත. අව්වටම පිච්ච්ණු දුඹුරු පාට මුහුණ දහඩියෙ පෙඟෙමින් සිනාසෙයි. අල්ලන සෙල්ලමේ ටයිම් කණුව මමය. මහන්සි වු තැන දුවවිත් ටයිම් කියා මගෙ සාරි පොට අල්වාගෙන එකෙකු ගිමන් හරී. එවිට ඒ දරුවා අල්ලා ගැනීමට තහනම්ය.
දඩබ්බරයෙක් හරි මහන්සියො කියමින් මගෙ සාරි පොටේ කොනක් අල්ලාගෙන බිම ඉඳගත්තේය.
“ අපිට බැරිද පිට්ටනිය වටේ හෙවණක් හදන්න” අව් කාෂ්ටකේට සාරි පොට දෙන ගමන් මං දරුවන්ගෙන් ඇසුවෙමි.
“ මොනවත් පැල වෙන්නෙ නෑ ටීචර්... අව්ව සැරයිනේ”
ගුරුවරයා මම වුවද පරිසරය ට ආගන්තුක මට පොඩි උන් ගුරුවරු ය..
“ ට්‍රයි කරමුද?”
“ ආය මොනවද ටීච දෙකක් නෑ කරමු... ටීච නේ කියන්නෙ..” මගෙ පන්තියේ උන් දඩබ්බරයා කිවේ ඇඟට පතට නොදැනීය
“ එහෙනම් කොහොඔ පැල ටිකක් පැකට් කරන්න... පිට්ටනිය වටේම දාමු... වතුර තමයි දාන්ඩ මහන්සි වෙන්ඩ වෙන්නෙ”
“ අයියෝ ටීච .... ඕකත් ගේමක්ද ... මම පැල කරලා නිවාඩු කාලෙත් වතුර දාන්නම්කෝ ඇවිත්”
මම සිනාසුනෙමි. පන්තියේ වැඩ වලට ඔහු දුර්වලය. එහෙත් අධිෂ්ඨානය ඔහු ළඟය.
“ ලොකු වුනාම පුතා කව්රු වෙන්නද හිතන් ඉන්නෙ”
“මල් වවනවා ටීච”
මම පුදුම වුනෙමි. මේ තණකොළ වත් ඉතිරි නොවන ගිනි කාෂ්ඨකේ මල් වැවීම සක්කරයාටවත් කළ හැක්කක් නොවේ.
“ මෙහෙ මල් වවන්ඩ බෑනේ පුතා”
“මල් වවන්ඩ මෙහෙ නැත්නම් වෙන තැනක් ලංකාවේ වෙන නෑ ටීච ... අනේ මන්දා ටීචත් හරි මෝඩයි” පොඩි එකා මට ඔලොක්කුවට හිනා විය
“ තළමල්විල මල් පිපුනත් සුවඳ සිදාදියට...... “පොඩි එකා මුමුණන හඬ අදත් මට ඇසේ
නිනි සෙනවිරත්න
Subscribe to:
Post Comments (Atom)
ඕ.... පොඩි එකා කලින්ම රස්සාව තෝරාගෙන.... ටීච තවම පොඩි වැඩියි වගේ......
ReplyDeleteඒ කාලෙ මට තේරුම් ගන්න බැ මල් ගැන
Deleteඔය පැත්තේ ළමයින්ගේ හීනයක් ඕක , ටීචගේ සටහන හරිම සංවේදියි ...
ReplyDeleteස්තුතියි
Deleteමං ඊට පස්සෙ නම් මල් හේන් දැක්කා
ආ ඒ මල්...........
ReplyDeleteහ්ම් ඒ මල්
Deleteමූණු පොතේ මේ කතාව දැක්කත් හරියට තේරුනේ අද තමයි.
ReplyDeleteපොඩි එකෙක්කෙ කටින් පිට නොවිය යුතු යමක් නමුත් යතාර්ථය මෙයයි නේද
ඒ දරුවන් දකින දේ
Deleteතණමල්විල පැත්තේ පාසල් කාලයක් සේවය කරපු මගේ මිතුරෙක් කිවේ ඒ පැත්තේ ළමයි කර්කශයි කියලා.ඒක ඇත්තක්ද ?
ReplyDeleteඇත්තටම නෑ
Deleteඒ දරුවන් සුන්දරයි
ඒකත් අැත්තනේ...................
ReplyDeleteහ්ම්
Deleteහරිම රසවත් කථා, දිගටම ලියන්න.
ReplyDeleteසිංහල බ්ලොග්ගල.
හරිම රසවත් කථා, දිගටම ලියන්න.
ReplyDeleteසිංහල බ්ලොග්ගල.
ස්තුතියි දහිරියට
Deleteබ්ලොග් පෝස්ට් කියන්නේ මේවට... පට්ට රහයි...
ReplyDeleteහ්ම්ම්...ලොකු කතාවක්.....ලෙසටම කෙටියෙන් මචෝ.....
Deleteස්තුතියි බොහොම
DeleteMaathalan - Priyantha Hewage
Deleteඈ බොලේ එතකොට අනික් වා???
ඒවා මොනව ද???
මේ පොඩි එකා ලොකු දුරක් යනවා
ReplyDeleteසුස්තිය...ගංජා...මිටිය ..කියන එක තමා ඉස්සර භාවිතය....මෑත කාලයේ තමා මල් කියන්න ගත්තෙ මම සිතන ලෙසට.....
ReplyDeleteහැබැයි...ඒ පැතිවල කොයි කාලයෙ සිට මල් කියනවාද දන්නෙ නැහැ...80 ගණන්වල ඔය පැත්තෙ වන පෙදෙස් වල ඇවිද්දත් මල් කතාවක් අසා නොමැත....
මං යන්නෙ 2009
Deleteහැට පස් පාරක් ළමයෙක්ට තඩිබාපු කතාව කෝ
Deleteපොඩිඑකා කියනදේ ටීචට තේරෙන්නෙ නෑ.ඇත්ත නේන්නං තණමල්විල මල් වවන්නෙ නැත්නං වෙන කොහෙ වවන්නද?
ReplyDeleteඒකනේ
Deleteඅනේ මන්දා ටීචර්....!
ReplyDeleteඇයි
Deleteඔන්න කරනවානං රස්සා...මාතලන්ගේ ලින්කුවෙන් ආවේ...
ReplyDeleteඒවා හොඳ නෑ
Deleteඉයන්ගේ බ්ලොග් ලිස්ට් එකෙන් ආවේ.
ReplyDeleteටීචර්ට හොඳ අනාගතයක් තියෙන ලමයිටිකක් හම්බෙලා. මේ කීය වසර ද?
මේ අට වසර ඒ කාලෙ
Deleteදැන්නම් උසස්පෙල
අට වසර
Deleteදැන්නම් උසස්පෙල
ස්තුතියි ආවට
Deleteආයෙත් එන්න
ඒ කාලේ අට වසර
මොනවා කරන්නද... තැනේ හැටියට ඇණේ ගහන්න වෙලානේ උන්ටත්
ReplyDeleteඑකත් ඇත්ත
Deleteමමත් ඉස්සර හිටියා වෙහෙරයය පැත්තේ ඉස්කෝලෙක.. බණ්ඩාරවෙල ඉඳලා පොඩි දුරයි වුනාට .. ලොකු වෙනස් කමක් තියෙනවා පොඩි එවුන්ගේ ගණුදෙණු වල .. සැහෙන්න තැලිලා පොඩිවෙලා .. අම්මලා තාත්තලා එක්කම පොලවේ හැප්පෙන පොඩි ඈයෝ ගොඩක් ඉන්නවා මේ පැත්තේ...
ReplyDeleteඇත්තෙන්ම
Deleteදරුවන්ගේ සුන්දරත්වය දකින ඔබ තුමියට මගේ නමස්කාරය. මේ විදිහට සංවේදී වුනා නම් ඇත්තටම ඔබ ගුරුවරියක්. ඔබ අදකාලයේ ඉතාම; ඉතාම කලාතුරකින් හමුවන The teacher කෙනෙක් !
ReplyDeleteබොහොම ස්තුතියි
Deleteපොඩි එකා මල් වවන්න නෙමේ සමාජයට බරක් නැතුව ජිවත් වෙන්න උගන්වමු ටීචර්.
ReplyDeleteඅනිවාර්යෙන්ම
Deleteඇත්තටම කෙටියෙන් හුඟක් දෙ කිව්වා.ගුරුවරියට තවත් ගුරුවරියකගෙන් සුභ පැතුම්
ReplyDeleteස්තුතියි
Deleteදරුවන් ගැන හැබෑවට සංවේදි වියහැකි අය ගුරුවරුන් විය යුතුයි ඔබ කවදා හරි දුයිෂෙන් කෙනෙක් නැතිනම් ටෙිඩි කතාවේ ඉන්න තොම්සන් මහත්මිය විදිහට වන්දනීය චරිතයක් වේවි
ReplyDeleteදුයිෂෙන් මං ආදරය කරන චරිතය
ReplyDeleteමාතලන්ගෙ සින්ඩියෙන් දැකල ආවෙ.බොහොම අපූරුවට ලියලා තියෙනවා.ලියන්න තරම් ඒ සිදුවීම දැනීමයි ගොඩක්ම වැදගත්.බොහොම කැමැත්තෙන් කියවීම් ගොඩට එකතුකරගන්නවා ටීචර් ව.
ReplyDeleteජයවේවා..!!
ස්තුතියි
Deleteටීචර්. මම තමා අර මාතලන් කියල තිබ්බ "බුකි ගිහින් විනාශ වුනු ගුරුතුමිය" මාත් ඉස්සර බ්ලොග් එකක් ලීවා.කොච්චර ලීවද කියනව නම් හැමදාම දවසට එක ගානේ ලීවා. ලියපු ගොඩාක් දේවල් මගේ එදිනෙදා ජිවිතයේ සිද්ධ වුනු දේවල් තවත් දේවල් එක්ක එකතු කරල ලියපුවා. මාතලන් හරි. මම බුකි ගිහින් බුකියේ සටහන් තියන්න පටන් ගත්තා. ඒක දිනපොතක් වගේ වුනා.ඒනිසා ආපහු බ්ලොග් එක ලියන්න ඒ පැත්තට යන්න මං කම්මැලි වුනා...........
ReplyDeleteඔයා ලියන දේවල් ලස්සනයි.කෙටියි.පැහැදිලියි. සංවේදියි........ දිගටම ලියන්න.හැබැයි මං වගේ බුකි ගිහින් විනාශ වෙන්නෙපා ......... මම ඔයාට වඩා ජුනියර් ගුරුවරියක්.........
මේ ගොඩාක් අත්දැකීම් මාගේ අත්දැකිම් වලින් වෙනස් වෙන්නේ පළාතේ සහ සිද්ධියේ පුංචි වෙනස්කම් එක්ක විතරයි. දරුවො කොහෙත් එකයි කියල ආයෙමත් මට හිතුනා....
ඉස්සර ලියපු.දැන් නොලියන
මම
සොඳුරු
කැමැති නම් ගොඩවෙලා යන්න.මේ මගේ හිටපු බ්ලොග් එක www.sodurusitha.blogspot.com
මම නම් බුකියෙනුයි බ්ලොග් ආවේ
Deleteමං එන්නම්
මාතලන්ගෙ සින්ඩියේ පළවුණු ලිපිය දැකලයි මමත් ආවේ. ඉතාම රසවත් ලිපියක්.
ReplyDeleteඊට පස්සෙ ප්‍රාදේශීය සභාවට ..............
ReplyDeletehttp://www.vox.com/2015/10/20/9573497/canada-marijuana-legalization-justin-trudeau
Deleteකොපමණ වටිනා වැඩක්ද දිගටම ලියන්න
ReplyDeleteඔය පලාත්වල ළමයි බොහොම සුන්දරයි, ඒ වගේම අව්‍යාජයි. කතරගම අවුරුදු 5ක් සේවයෙන් ඔය මිනිස්සු එක්ක ගෙවුන සුන්දර ජීවිතේ මතක් වෙනකොට දැන් නම් ලෝබ හිතෙනවා අප්පා මේ මොන දුකක්ද විඳින්නේ කියල.. තණමල්විල හින්ද වෙච්ච අකරතැබ්බයක් මගේ "මනින්නා " පොස්ට් එකෙන් ලිව්වා. මේ පොස්ට් එක කියෙව්වාම මතක් උනා මටත් තණමල්විල මල් ගැන සිද්දියක්.අද හෙටම ලියලා දාන්න ඕන.
ReplyDeleteමාතලන්ගේ ලින්ක් එකෙන් ආවේ... බොහොම අගේ ඇති ලියමනක්... ගුරුවරියකගේ මතකය කිව්වහම අහන්න හිතුනේ, දැන් ගුරුවරියක් නෙමෙයිද? බොහෝ වෙලාවට එහෙම යෙදුමක් පාවිච්චි කරන්නේ අපි දැන් නොකරන, කලින් කරපු දෙයක් ගැන කතා කරනකොට නිසයි එහෙම ඇහුවේ..
ReplyDeleteනියම කතාව ..
ReplyDeleteමල් පිපෙයි දෙනෙත් ඇරෙයි, කතා කියයි හෙමින්
හිරු එබෙයි, එලිය දෙයි, කුරුලු ගී ඇසෙයි
රිදි කලේ, අරන් උදේ, කොහෙද යන්නෙ මේ..
කොහෙ සිටන්ද, එන්නෙ කවුද, මව් පියන් ඔබේ
දොවන්න කිරි කලෙත් අරන්, යන්නෙ විගසිනි
ගොවියෙකුයි පියා මගේ, ඉන්නෙ මේ ගමේ
බදින්නෙ කොම ගොවිදුවක් කුමාරයෙක් නෙ මන්
පිය රජුත් මවත් කෙසේ වෙයි මනාපයක්....
බදින්න ඔනයයි කියා, කවුද ඇහුවෙ දැන්
හිදින්න නැ වෙලාවකුත්, මෙන්න යනවා මන්
පද රචනය :- බන්දුල නානායක්කාරවසම්
සංගීතය :- ආනන්ද ගමගේ
ජය වේ!
ReplyDeleteලස්සන පෝස්ට් එක
ReplyDelete