Wednesday, October 21, 2015

ටීචට කියන්න දෙයක් තියෙනවා මට



          රත්නපුරේට වහින වැස්ස ආදරණීයය. පොළවට එන්නට වැහි බිංඳුවලටත් තරඟයක් ඇති සේය. සීමාවාසි අවුරුද්ද නිමාවෙන්නට තව ඇත්තෙ දින කිහිපයකි. මේ තරම් ආදරේ කළ රත්නපුරය දමා යන්නට දුකය. හැමදාමත් උදේම සිරිපා බිම නෙත ගැටෙන මේ ආදරණීය රත්නපුරය මට මගේ හුස්ම තරම් ළඟය.ජිවිත‍යේ බොහෝ දේ මතක අතරට එක් වුනේ මේ ආදරණීය අහස යටදීය.‍
“මිස්”
මගෙ වැස්ස එක්ක තිබු ගණුදෙණුව උසස්පෙළ පංතියක උන් ශ්‍රීමාලීගේ පැමිණීමත් සමඟම අත්හිටුවන්නට මට සිදුවිය.
“කියන්න ශ්‍රීමාලි”
“මිස් ලොකු කල්පනාවක උන්නෙ. මං ඇවිත් හුඟක් වෙලා”
“හ්ම්.... මං වැස්ස දිහා බලන් උන්නා... මං ආසයි රත්නපුරේට වහින හැටි බලන්න”
“තව ටික දවසකින් මිස් යනවනේ... “
මටත් දුකය. එත් මේ නවාතැන එකම එක ඉසිඹුවක් පමණී. යා යුතු ගමනක සොඳුරු ගිමන්හලය.
“ක්ලාස් එකට යමු කෙල්ල... ඉන්න දවස් දෙක තුනේ හරි සිලබස් කවර් කරන්ඩ ඕනි.. නැත්නම් එග්සැම් ආවාම මට දෙහි කපයි”
මම ශ්‍රීමාලි සමඟම පන්තිකාමරයට ගොඩ වුනෙමි. තාමත් මහ වැස්සය. පන්තියෙ උන් එක දරුවෙකු හැරෙන්නට අනික් සියළු දෙනාම මට ආචාර කළහ. මම නැඟි නොසිටි දරුවා දෙස බැලුවෙමි. ඔහු උන්නෙ මා දෙසම බලාගෙනය. ඔහු පාසලට ආවේ ළඟදීය. ‍විනය ගැටළුවක් නිසා ඔහුට මුල් පාසල අහිමි වු බව පාසලම දන්නා රහසකි.
මම පාඩමට එබුනෙමි.සංඛ්‍යා පාද ගැටළු විසදීමට පොඩි උන් ආසය. එය කම්මැළි පාඩමක්ද නොවේ. ඒත් අළුත් සිසුවා මා සමඟ නැත. ඔහු උන්නෙ වෙනම ලෝකයකය. මම ඔහු අසළට ගියේ බැරිම තැනය.
“පුතේ..... මොකක් හරි ප්‍රශ්නයක්ද  .... නැත්නම් පාඩම තේරෙන් නැද්ද’
“ තේරේනවා මිස්.. අවුලක් නෑ”
“එහෙනම් මොකද මේ... කියන්න පුතා. ඔයා පාඩමේ නෑනේ”
උත්තර වෙනුවට ඔහු නැවතත් අරමුණකින් තොරව බලා ඉන්නට පටන් ගත්තේය. ලොකු හුස්ම කිහිපයක් ඔහුට උත්තර හොයන්නට උදව් දෙන හඬ මටත් ඇසේ.
“ අපි කතා කරමු පුතා... ප්‍රශ්නයක් නම් පාඩම තේරේන්නෙ නෑ”
“මං මිස්ට වඩා බාල අවුරුදු ‍හතරයි”
“ඔව් ඉතිං”
“මං මිස්ට හරි ආදරෙයි........... ඇත්තට‍ම ආදරෙයි”
පපුව උඩම අකුණු හතක් පුපුරා යන්නට ඇත. ගුරු භූමිකාවේ මේ වැනි අවස්ථාවක් ගැන මා දන්නෙ නැත. පංතියම සිනාසේ.
“ඔව් පුතේ ගුරුවරුන්ට ළමයි හරි ආදරෙයි”
“මං ආදරේ එහෙම නෙවෙයි”
පොඩි එකා මාව බයිට් එකට අරගෙන ඇත. කරන්නට දෙයක් නැත. සිසුන් හැටක් ඉදිරියේ මම අසරණය.
“එහෙනම් කොහොමද”
උත්තරයක් නොවිමසා බැරිම තැන මම ඇසුවෙ හීන් දාඩිය මටත් හොරෙන් බේරේන අතරේය.
“ මිස් මට පුතා කියද්දී මට හිතෙනවා මිස් මට හරි ආදරෙයි කියලා. ඒකට මං ආසයි.... මට කව්රුවත් පුතා කියලා නෑ මිස්...  මගේ අම්මා උන්නා නම් එයා මට පුතා කියාවී... මිස් කියනවා වගේ ලස්සනට “
“ කෝ පුතාගේ අම්මා”
“මං ඉස්කොළේ එන්නෙ ළමා නිවාසෙක ඉඳන්නෙ මිස්”

54 comments:

  1. ස්තුතියි... සමහර දේ ගැන ප්‍රශ්න අහන්න හිතුනත් අහන්නෑ

    ReplyDelete
  2. ඇහුවොත් පිළිතුරක් දෙන්නම්

    ReplyDelete
  3. හදවත ගොලුවෙන කතාවක්

    ReplyDelete
  4. හිනාවුනු ලමයින්ට ඇඬෙන්නැති නේද ටීච?

    ReplyDelete
  5. හරිම සංවේදී කතාවක්.. කලින් පාසලේ ඇතිවෙච්ච විනය ප්‍රශ්නයටත් මේ අම්මා, තාත්තා අහිමිවීම බලපාන්න ඇති කියල හිතෙනවා.

    ReplyDelete
  6. “මං මිස්ට වඩා බාල අවුරුදු ‍හතරයි”
    ඒ කියන්නෙ අවුරුදු 56 ක ලමයෙක්? :)

    ReplyDelete
  7. හා හා එහෙම වෙයි මට හැට වෙද්දි
    තාම නම් තිහයි

    ReplyDelete
    Replies
    1. ටීචර් ඔයා රිප්ලයි කරනකොට reply උඩ ක්ලික් කරලා ලියන්න...නැත්නම් රිප්ලයි එකත් කමෙන්ට් එකක් වගේ පේන්නේ...
      ටීචර්ට 30නම් අර ලමයාර 26ක්නේ..අද....
      අපිටත් ඉස්කෝලෙ යතෑකි ඒ කියන්නේ ඈ...
      ඉයන්..යමං මචෝ ආයෙත් ඉස්කෝලෙ..

      Delete
    2. මේ සිද්ධිය වුනේ 2007
      මට 22

      Delete
    3. හෑ? මගෙ වයසෙ කොල්ලෙක්.

      Delete
    4. This comment has been removed by the author.

      Delete
    5. අපෝ කසුන් අයියෙ ඔයා සෑහෙන වයසයිනෙ.. :P

      Delete
    6. කසුන්ට පනස් ගානක් දැන්.කොහොමද මගේ වයසේ කෙල්ලෙක් කියන්නේ...

      Delete
  8. වෙනද වගේම සංවේදී කථාවක් ලස්සනට ලියලා.

    ReplyDelete
  9. This comment has been removed by the author.

    ReplyDelete
  10. අපූරුයි.අහක දාන්න එක වචනයක්වත් නෑ.

    ReplyDelete
  11. ස්තුතියි බොහොම මේ බ්ලොග් එකට එන සහෘද හිත් වලට

    ReplyDelete
  12. සුපුරුදු විදිහටම සංවේදි කතාවක්...........

    ReplyDelete
  13. අගෙයි, බොහොම ලස්සනට ලියලා තියනවා. ඒ ළමයට ගහන්න එහෙම එපා හරිද?

    ReplyDelete
    Replies
    1. මං නිතරම ගහන්නෙ නෑ
      හැබැයි දඬුවම් දෙන අවස්ථා තියෙනවා ඉතිං..
      හැබැයි ගැහුවා කියලා ඒ දරුවො තරහත් නෑ.
      මොකද මං ඊළඟ විනාඩියේ ඒ දරුුවාට ආදරෙන් කතා කරනවා.
      හොඳම උදාහරණය තමයි මේ ගුරු දිනය.
      මං ප්‍රේම සම්බන්ධතාවයක් නිසා ගැහැනු දරුවෙක්ට හොදටම බැන්නා. මොකද මගෙ ඇස් දෙකටම අහුවුනා ස්කුල් කට් කරලා..
      මං බැන්නෙ උපරිම නරකෙන්.
      හැබැයි තනියෙන්
      ගැණු දරුවෙකුට වෙන්න පුළුවන් දේවල් කියලා.
      හැබැයි ඉස්කොලෙ වන කලෙ නැ
      මං හිතුවේ මං එක්ක ආපහු දරුවා කතා කරන එකක් නැ කියලා.ඒත් ගුරු දින මට පෑනක් ගෙනල්ලා කෙල්ල වදිනවා. ටීච කීවේ ඇත්ත. ටීච බැන්න විදිහට මං කරන වැඩේ වැරදියි කියලා තේරුණාකිව්වා .. එ් කොල්ලා මං කියපු දේවල් වලට බල කරපු හැටි මතක් වුනා කිව්වා..
      ඉතිං දඬුවමත් එක එක විදිහට දරුවන්ට බලපානවා

      Delete
  14. මෙන්න පොල්ලෙන් ගහල
    ෂොක් වුනා
    සිරාවටම
    ඇත්තටම එදා පිස්සු වගෙ තියෙන්ට ඇති නේ

    ReplyDelete
  15. මම අනාථ දරුවෝ තුන්සීයක් වගේ ඉන්න පාසලක ස්වෙච්ඡාවෙන් ඉගැන්නුවා.කොට්ටේ තියෙන ළමා සංවර්ධන මධ්‍යස්ථානයකටයි ඒක අයිති.කවදාවත් අම්මා තාත්තා දැකලා නැති දරුවෝ ඒකේ ඉන්නවා.ඒ දරුවොත් එක්ක ජීවත්වුන කාලේදි ගොඩක් සංවේදි අත්දැකීම් වලට මුහුන දෙන්න වුනා.මට මේ කතාවෙදි ඒක මතක් වුනා....

    ReplyDelete
    Replies
    1. ප්‍රින්සිපල් අනෝමා මිස් ද?

      Delete
    2. මම සම්බන්ධවෙලා හිටිය පැරනි ආයතන ගැන සමහර තොරතුරු මේ වගේ තැනකදි හෙලිකරන්න මම එච්චර කැමති නෑ.ඒ නිසා ඒ ආයතනය හෝ පාලකයන් ගැන වෙන යමක් නොකියා ඉන්න එක වඩා සුදුසුයි කියලා හිතෙනව.
      මම ඒ අයාතනයට සම්බන්ධ වෙන්නේ විදුහල්පති හරහා නෙවෙයි.එම ආයතනය බාර වෙනත් කෙනෙකුට.මම ඉතා කෙටිකලක් එහි හිටියත් කාලයක්ම නිතර නිතර ගියා.පසුව යන්නම බැරි වුනා.

      ඔබ කෝට්ටෙද,සමහර විට ඔබ මොන ප්රදේශයේද කීවොත් මට හදුනාගන්න පුලුවන් වෙයි දන්න කෙනෙක් නම්.

      Delete
  16. හොඳ රචනා විලාශයක් වගේම හොඳ කතාවක් . ජය !

    ReplyDelete
  17. Maathalan suggest karana post mama kiyawanne sunday night. Mokada 7pm indala 7am wenakam mage rassawa peya 12k wadi wela inna. Ithin ee peya 12ma aluth blog ekak sampurnayenma kiyawanawa. Ada iwara karanne miss ge blog eka.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තුතියි සහොදරයා

      Delete
  18. හිතා ගන්න බෑ මොනවා කියන්නද කියලා.

    ReplyDelete
  19. අනේ මන්දා....
    පපුව හෝස් ගාල ගියා...

    ReplyDelete
  20. සංවේදීයි, ලස්සනයි එක දිගට පොස්ට් ඔක්කොම කියෙව්ව.
    ගොඩක් ස්කුකියි මීස්...

    ReplyDelete
  21. මේ බ්ලොග් එක කියවන්න දෙන්න ඕන වරප්‍රසාද ලබන ඉස්කෝලවල දරුවන්ට.. ඒ දරුවන්ට මනුස්සකම උගන්වන්න වෙනම විෂයක් නැති නිසා මේ බ්ලොග් එක ළමයින්ට කියවන්න දිය යුතුයි..

    ReplyDelete
    Replies
    1. ඇත්ත කතාවක් අම්බලන්ගොඩ

      Delete
  22. teacherta mata kiyanna deyak thiyenawa .mama mage kathawa kiyannam . mama me kathawa ekka awurudu ganak jeewath una. thawama jeewath wenawa. demawpiya adaraya ahimi wunu daruwekuta guruwariyakage adarya labenawa. anthimedi ohu guruwariyage sahodaraya bavata pathwenawa. a mage kathawa. meka kata hari kiwwahama mama nikamma gona wenawa, eth mama me kathawath ekka hamadama jewath wenawa. adatath ehemaie. hariyata mega teledrama ekak wage. eth aththatama pudumaie mage katawa lankawe punchi iskoleka habaawatama siddha wela thiyenawa. puthe kiyala katha karana adaraneeya teacherla dan hari aduie. aththamai mama mista aadarei.

    ReplyDelete